ජන්මයෙන් ජන්මයේ ...පතිනියයි මා ඔබේ

#ජන්මයෙන්_ජන්මයේ.....
#පතිනියයි_මා_ඔබේ....

බාත්රූම් එකේ වතුර වැටෙන සද්දෙට නයනතාරා ගැස්සිලා ඇහැරුනා.කෙල්ල ඉක්මන්ට නැගිට්ටා.නිදාගත්තු කොට්ටෙ අතට අරගෙන බිම එලලා තිබුනු ශීට් එක හතරට පහට නැව්වා.පස්සෙ ඒක පුටුව උඩින් තියලා ඇඳ හදන්න ගත්තා.කොල්ලා පෙරවපු ශීට් එකේ බාගයක් බිම.අනිත් බාගෙ ඇද උඩ.කෙල්ල ඒකත් නවලා රැලි නැතිවෙන්න ලස්සනට ඇද හැදුවා..
ඊලගට කෙල්ල නයිටියට උඩින් හවුස්කෝට් එක දාගත්තා..කණ්නාඩියෙන් බලලා අවුල් උන කොණ්ඩෙ චුට්ටක් හදාගත්තා..
කොල්ලා නානවා..කෙල්ල හෙමින් ඇද උඩින් වාඩි උනා...පස්සෙ ඇදට එලලා තිබුනු ඇතිරිල්ල අතගෑවා.ඒත් එක්කම ඇස් වලට හෝ ගාලා කදුලු උනන්න ගත්තා.
කලින් දවසෙ රාත්‍රියේ සිද්ධ උනු දේවල් එකින් එක කෙල්ලට මතක් උනා..

🤔🤔🤔🤔🤔🌙⭐️🌙⭐️🌙⭐️🌙⭐️
කෙල්ල හිටියෙ ඇද උඩ වාඩි වෙලා.තවමත් රන් වන් පැහැ මගුල් සාරිය පිටින්ම..ශවින් ඇවිත් කෙල්ල ලගින් ඇද උඩින් වාඩි උනා..කෙල්ල ලැජ්ජාවෙන් බිම බලාගත්තා...අවුරුදු 22ක් පරිස්සම් කරගත්තු හැමදේම අද මේ කොල්ලට දෙන්න යනවා නේද කියලා ලැජ්ජාවක් එක්කම සියුම් බියක් කෙල්ලගෙ හිතට ආවා..
"මේ අහන්න නයනතාරා .. මම් ඔයාව මැරිකලේ අපේ තාත්තාගෙ කීමට.නැතුව මට උවමනාවකට නෙමෙයි.මට කොහොමටවත් දැන්ම මැරේජ් ලයිෆ් එකක් ගැන හිතන්න පුලුවන් කමක් නෑ..මගෙ හිතේ ටාගට් ගොඩාක් තියෙනවා...ඒවා සේරම සම්පූර්ණ කරගන්න ඕන..
ඒ අතරෙදි තමයි තාත්ති ඔයාව මැරිකරන්න මට බල කලෙ.මම් අසරණ කමට කරපු මැරේජ් එකක් මේක..ප්ලීස් ඒ නිසා මාව චුට්ටක් තේරුම් ගන්න..
මගේ ලයිෆ් එකේ නිදහස කියන්නෙ අංක එක..මම් කැමති නෑ මගේ වැඩ වලට ඇගිලි ගහනවට.ඒ නිසා ප්ලීස් ඔයා මගෙන් ඈත් වෙලා ඉන්න.."

කොල්ලා කියන්න පටන් ගත්තෙ කෙල්ල හීනෙකින්වත් හිතපු දේවල් නෙමෙයි..කෙල්ලඇස් ලොකු කරන් කොල්ලා දිහා බැලුවා.ඇස් දෙකින් කදුලු ගැලුවත් කෙල්ල ඒවා පිහිදන්න ගියේ නැහැ..

"ඔයා හිතන්න එපා මට වෙන ගර්ල් කෙනෙක් ඉන්නවා ඇති,ඒ නිසයි මම් මෙහෙම ඔයාගෙන් බේරෙන්න හදන්නෙ කියලා.
ඇත්තටම මට එහෙම ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ....හැබැයි ඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා නම් කියන්න.මම් ඔය දෙන්නව එකතු කරන්නම්..."

කොල්ලා කියවගෙන කියවගෙන යනවා.....
දහසක් බලාපොරොත්තු තියාගෙන කුලුදුලේ කරගත්තු විවාහයෙ කිසීම තේරුමක් නැතිවේගෙන යනවා කියලා කෙල්ලට තේරුනා.කෙල්ලෙක්ට විවාහයක් කියන්නෙ මුලු ජීවිතේම..කෙල්ලෙක් විවාහයක් ගැන පෙරුම් පුරන්නෙ අවුරුදු 16,18 ඉදලා..
නයනතාරා අහින්සකයි.ලස්සනයි.ඒත් කෙල්ලට කොල්ලෙක් හිටියෙ නෑ...

"කියන්න නයනතාරා .ඔයාට එහෙම කෙනෙක් ඉන්නවද?"
"නෑ අයියෙ..."
"හ්ම්.....එහෙනම් මොනා කරන්නද..ඔයා කැමති දවසක මගෙන් අයින් වෙන්න අවසර තියෙනවා.කොහොමත් මේම ජීවත්වෙන එක තේරුමක් නෑනෙ....."
"හ්ම්..."
කෙල්ලට එහෙම කරන්න බෑ...
පොතේ අත්සනක් දාලා විවාහා උනත් පෝරුව උඩදි රන් නූලෙන් අතැගිලි බදින්නෙ මුලු ජීවිතකාලෙම එකට ඉන්නවා කියලා පොරොන්දු පිට..ඒ රන් නූලෙන් බදින්නෙ අතැගිලි විතරක්ම නෙමි,විවාහා වෙන දෙන්නගෙ හදවත් දෙක...
"දැන් ඔයා වොශ් එකක් දාගන්න.මේ ගෙදර ඉන්නෙ අපි දෙන්නා විතරනෙ.ඒ නිසා ඔයා කැමති විදියට ඉන්න පුලුවන්.ඕකේ..මම් ඔයාට එහා කාමරේ ඇරේන්ජ් කලා.ඔයා ඒකට යන්න.."
එහෙම කියලා කොල්ලා නැගිටලා ගියා..

කෙල්ල ටික වෙලාවක් එහෙමම වාඩිවෙලා කල්පනා කලා..
මොනවා උනත් ඒ තමන්ගෙ ස්වාමිපුරුෂයා ... තමන්ගෙ පණ... ආපහු ගෙදර ගිහින් අහින්සක අම්මගෙයි තාත්තාගෙයි හිත් රිදවන්න කෙල්ලට උවමනාවක් නෑ..ඒ නිසා කෙල්ල හිත හදාගත්‍තා..
කවදාහරි කොල්ලා යන්න කියනකම් එයා එක්කම ඉන්නවා කියලා..."
ගෙනාපු බැගේජ් එකත් අරගෙන කෙල්ල එහා කාමරේට ගියා.ගිහින් වොශ් එකක් දාගෙන ආවා.. කෙල්ල අදින්න ආසාවෙන් ගතපු රතු පාට ගවුම ඇන්දා...

"මේක ඇදලා කොල්ලා ගාවට ගියාම ඌ උඹව හපලා හපලා කාවි ලස්සන ඉවසගන්න බැරුව..ඊට පස්සෙ ඉතින් එතන..කොටු කොටු කොටු....😄😄😄😂😂😂😂😂😂"
වසූන්දරා එක්ක ගිහින් මේ ගවුම ගත්‍ත දවසෙ ඒකි කියපු කතාවක් මතක්වෙලා ආයෙත් කෙල්ලට ඇඩුනා..

පුංචි බඩගින්නක් ආපු නිසා කෙල්ල හෙමි හෙමින් පඩි බැහැගෙන කුස්සියට ගියා..
කොල්ලා කුස්සියෙ උයනවා..
කෙල්ල එනව දැකල කොල්ලා කරපු වැඩේ මොහොතකට නවත්තලා කෙල්ල දිහා බලාගෙන හිටියා..
*ලස්සනයි ...ශවින්ගෙ හිත කිව්වා..

"ම්ම්...මම් මේ බිත්තර ඔම්ලට් එකක් දැම්මා ටෝස්ට් පාන් එක්ක කන්න..ඔයාගෙ අකමැත්තක් නැතුව ඇතිනෙ මේවට.."
කෙල්ල ඔලුව වැනුවා..
"ගුඩ්..."
කොල්ලා පිගන් දෙකකට ටෝස්ඩ් පානුයි ඔම්ලටුයි වෙන වෙනම දැම්මා.
"කන්න..."
"තෑන්ක්ස්...ම්ම්...මේ...මට කිව්වානම් මම් හදලා දෙනවනෙ.
කෙල්ල කිව්වා.කොල්ලා කෙල්ල දිහා බලලා හිනා උනා..
"සුදු කිරි බොනවද.."
"හ්ම්..."
කෙල්ල කිව්වෙ පාන් කනගමන්.
කොල්ලා සුදු කිරි දෙකකුත් හැදුවා.එක වීදුරුවක් කෙල්ලට දීලා කොල්ලා එයාගෙ පිගානත් අරන් උඩට ගියා.

කෙල්ල තනියම කෑම කෑවා.
දැන් වෙලාව 10යි.ඔරලෝසුවෙ දහය වැදුනෙ මහා හයියෙන්..
ටං ටං ටං ටං....
කෙල්ල උඩ ගියා..ඔන්න දැන් කෙල්ලට බයයි තනියම උඩට යන්න.කෙල්ල කොල්ලාට කතා කලා..
"අයියේ....අයියේ...."
ඇස් කරකවකව හතරවටේ බල බල කෙල්ල කොල්ලට අඩගැහුවා..
"අනේ අයියේ......"
කොල්ලා උඩ ඉදන් බීරලු වැටෙන් එබිලා බැලුවා..
"චුට්ටක් පහලට එනවද.."
"ඇයි?"
"මට බයයි තනියම උඩට එන්න.."
කොල්ලට හිනහත් ගියා..ඒත් ඒ බව නොපෙන්වාම පහලට ආවා..
"යමු.."
කෙල්ල කුස්සියෙ ඉදිද්දි කොල්ල ලයිට් එක ඕෆ් කලා..
"අනේ..."
කෙල්ල දුවලා ඇවිත් කොල්ලගෙ අතේ එල්ලුනා..
කොල්ලා කෙල්ලගෙ මූන බැලුවා.හොදටම බයවෙලා වෙව්ලනවා..පව් කියලත් හිතුනා.
"යමු.."
කෙල්ල ශවින්ගෙ අත අතෑරියෙ නෑ උඩට යනකම්ම..
"තෑන්ක්ස්..."
"හ්ම්..නිදාගන්න දැන්..මාත් නිදාගන්න යනවා.."
කෙල්ලව කාමරෙන් ඇරලවලා කොල්ලා එයාගෙ කාමරේට ගියා.
කෙල්ල බයෙන් බයෙන් කාමරේ අතුලට ගියා..

"අයියෙ..."
කොල්ලා හිටියෙ ඇද උඩ ලැප් එකත් තියාගෙන වාඩිවෙලා .
කොල්ලා බලනකොට කොට්ටෙකුත් තුරලුකරන් කෙල්ල දොර ලග..
"ඇයි?"
"මට තනියම නිදාගන්න බයයි..අනේ මම් මේ කාමරේ නිදියනද..මම් ඔතන බිම නිදියන්නම්.හද..."
කෙල්ල අහපු විදියට ශවින් ට දුක හිතුනා...
"හා..එන්න.."
නයනතාරා පොඩි එකෙක් වගේ දුවගෙන ආවා.ඇවිත් ඇද ලග ශීට් එකක් බිම එලලා කොට්ටෙත් දාලා එතන හාන්සි උනා.
"මම් අද වෙනකම්ම නිදාගත්තෙ අම්මි එක්ක.ඒ නිසා මට තනියම නිදියන්න බයයි..තෑන්ක්ස් මට මෙතන ඉන්න දුන්නට.ඔයාට කරදරයක් උනා නම් සොරි...ගුඩ්නයිට්.."
කෙල්ල රෙද්දක් ඔලුවෙ ඉදලා පොරවගෙන නිදාගත්තා.

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඔන්න ඔය ටික තමයි කෙල්ල ඇද උඩ වාඩිවෙලා උදේ පාන්දරම කල්පනා කලේ..
කොල්ලා නාගෙන තුවාය පිටින් එලියට ආවා..
කොල්ලව දැක්ක පාර කෙල්ලට ලැජ්ජා හිතුනා.ශර්ට් එකක් නැතුව කොල්ලව දැක්ක පලවෙනි පාර.කෙල්ල ඉක්මන්ට බිම බලාගෙන හෙමින් කම්මුල් වල තිබුනු කදුලු පිහිදගත්තා.

"මම් අද ඔෆිස් යනවා.ඔයා මොනවාහරි උයාගෙන කාලා ගෙදරට වෙලා ඉන්න.ඕකේ.."
"ඕකේ.."
කෙල්ල තාමත් ඉන්නෙ බිම බලාගෙන..
"මම් යනවා..."
කොල්ලා යන්න ගියා.කෙල්ලට දුකයි.දන්න කාලෙ ඉදන් කෙල්ල බලාපොරොත්තු උනේ මේ වගේ විවාහා ජීවිතයක් නෙම්යි..

උදේට නැගිටලා කෙල්ලව බදාගෙන ඉදලා,උම්මා ගොඩාක්දීලා පස්සෙ වැඩට යනකොටත් නලල ඉබලා තුරුල් කරන් ඉදලා යන හස්බන් කෙනෙක්ව..

පැය බාගයක් විතර සිතුවිලිඑක්ක ඔහේ හිටපු කෙල්ල හෙමි හෙමින් පහල ආවා.මුලු ගේම අතුගාලා පිරිසිදු කලා.පස්සෙ මිදුලට බැස්සා.මිදුලෙ අයිනකට වෙන්න ලොවි ගහක් තිබුනා.කෙල්ල දුවගෙන ගිහින් ලොවි ගෙඩි 5,6ක් කෑවා..පස්සෙ මිදුලත් අතුගෑවා..
ඊලගට ගෙට ගිහින් වොශ් එකක් දාගත්තා...

💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

දැන් කෙල්ල විවාහා වෙලා මාසයක් වෙනවා..කොල්ලා තාමත් එච්චර කෙල්ල එක්ක කතා බහ කරන්නෙ නෑ.
වැඩ ඇරිලා එනකොට කොල්ලා බියර් 🍺 බෝතලයක් ගෙනල්ලා .ඒක කෙල්ලට පේන්න සාලෙ ස්ටූල් එක උඩින් තියලා වොශ් එකක් දාගන්න බාත්රූම් ගියා.කෙල්ල හිටියෙ ටීවී බල බල.කොල්ලා එනකොට කෙල්ල කකුල් දෙකත් උඩ තියාගෙන කාටූන් බලනවා...මහ හයියෙන් හිනා වෙවී.පොඩි එකෙක් වගේ..

කොල්ලත් පිටිපස්සෙන් ඇවිත් ටීවී එකට එබිලා බැලුවා...
"රොබින්හූඩ්"
කෙල්ල බැලුවෙ ඒක.
කොල්ලා එහෙම්ම කුස්සියට ගිහින් වීදුරුවක් අරන් ආවා.ඇවිත් කෙල්ල ඉස්සරහින්ම වාඩි වෙලා බියර් බෝතලේ කඩලා කෝප්පෙට දාගත්තා.
ඒක දැකපු කෙල්ල එතනින් නැගිටලා ගියා..
*මේ දේවල් නිසාවත් නයනතාරාට මාව එපා වෙනවානම්..    කොල්ලා හිතුවා.
විනාඩි 10 ක් යනකොට කෙල්ල ආපහුආවා..ඒ ආවෙ නිකම් නෙමෙයි....
කෙල්ල ප්ලේට් එකක් කොල්ලා බොන තැනින් තිව්වා..
ඉස්සො ඩෙවල් හදලා 🍤🍤🍤🍤..බයිට් එකට..
කොල්ලට පුදුමයි...
කෙල්ල ආයෙත් ටීවී බලනවා..

දවසක්...,

"මම් රෑට පාටි එකකට යනවා."
කෙල්ල එයාගෙ කාමරේ ඉන්නකොට කොල්ලා එබිලා කිව්වා.
"හා..."
කෙල්ල කිව්වා..
කොල්ලා හිතුවෙ එපා කියයි කියලා..ඒත්...මේ කෙල්ල මහ අමුතුම කෙල්ලෙක්....

ශවින් වොශ් එකක් දාගන්න බාත්රූම් ගිහින් ආවා..
එනකොට ලස්සනය අයන් කරපු මෙරූන් ශර්ට් එකකුයි ඩාක් බ්‍රවුන් ට්‍රවුසර් එකකුයි ඇද උඩ..හොදට ශයින් වෙන්නම පොලිශ් කරපු ශූස් දෙකක් ඇද ලග බිම..
කොල්ලා පුදුමයෙන් මේවා ඇදගෙන එලියට ආවා.
"පරිස්සමෙන් ගිහින් එන්න."
සාලෙ හිටපු කෙල්ල කිව්වා.
කොල්ලා මුකුත් නොකියාම කාරයෙන් යන්නට ගියා.

පාටියට ගිහින් එනකොට රෑ 11පහු උනා.කොල්ලට මතක නැති උනා කෙල්ල කලුවරට,තනියම ඉන්න බයයි කියලා..
ගෙදර යනකොට ලයිට් වත් දාලා තිබුනෙ නෑ..කොල්ලා දොරට ගැහුවට දොර ඇරියෙත් නෑ..පස්සෙ එයා ලග තිබුනු අනිත් කී එකෙන් දොර ඇරලා ලයිට් දැම්මා..ලයිට් ගිහිල්ලා..ශවින් වේගෙන් ගේ ඇතුලට දුවගෙන ගියා..
කෙල්ලගෙ කාමරෙත් කලුවරයි.කොල්ලා ෆෝන් එකේ ටෝච් එක ගහලා බැලුවා.කෙල්ල කාමරේ නෑ..ඊලගට කොල්ලා ගියේ එයාගෙ කාමරේට..

ටෝච් එක ගහලා බලනකොට දැක්කෙ කෙල්ල එයාගෙ ඇද උඩ වැටිලා ඉන්නවා..
කොල්ලා කෙල්ල ලගට දුවලා ගියා..
තමන්ගෙ ශර්ට් එකකුත් ඇදගෙන කෙල්ල ඇදේ වැටිලා ඉන්නවා..
"නයනතාරා....නයනතාරා ...
නංගී...අනේ...කතාකරන්නකෝ."
ශවින් කෙල්ලගෙ මූණට ගහහා කතාකලා.කෙල්ලට සිහිය නෑ...

ඊලගට ශවින් කෙල්ලව වඩාගෙන ඉක්මන්ට හොස්පිටල් අරන් ගියා..

"ඩොක්ටර්...එයාට කොහොමද..?"
"බයවෙන්න දෙයක් නෑ..එයා චුට්ටක් ශොක් වෙලා ඉදලා..දැන් සිහිය ආවා...පැයකට විතර පස්සෙ එක්ක යන්න පුලුවන්."
"මම් එයාව බලන්න යන්නද..."
"ඕකේ.."
"තෑන්ක්ස් ඩොක්ටර් .."
කොල්ලා ඇතුලට ගියා.
නයනතාරා  කොට්ටෙ ඇදවිට්ටමට තියාගෙන හේත්තු වෙලයි හිටියෙ.කොල්ලව දැක්කා විතරයි කෙල්ලට ඇඩුනා..
"නංගී..."
කොල්ලට කතාකරන්න හම්බුනේ නෑ...කෙල්ල කොල්ලව බදාගෙන අඩන්න ගත්තා...

"ම්..මාව මතක් උනේම නැද්ද?ආ....දන්නවා නේද මම්  කලුවරට බයයි කියලා..ඇයි දාලා ගියේ.....ඇයි අයියෙ..."
😭😭😭😢😭😢😭😭😢😢😭😢😭
"මට සමාවෙන්න නංගි...ප්ලීස්...මට සමාවෙන්න..."
"මම් හිතුවා මම් මැරෙයි කියලා...".
කොල්ලගෙ පපුව හෝගාලා රිදෙන්න ගත්තා...
"හ්ම්ම්...තව ටිකකින් යන්න පුලුවන්.අපි යමුකො..."

💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

"හෙට මට උඩවලව යන්න වෙනවා ෆොටෝස් වගයක් ගන්න ලයිෆ් මැගසින් එකට..හෙටම එන්න වෙන්නෙ නෑ...ඔයත් කැමතිනම් යමු.නැත්තම් මම් ඔයාව ගෙදරට ඇරලවලා යන්නම්."
කොල්ලා කලේ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි.ලංකාවෙ ප්‍රසිද්ධ මැගසින් වලට එයා ඒවා දානවා.ඒ වගේම එයාගෙ මේන් ටාගට් එක තමයි එයාගෙ ෆොටෝස් ඉන්ටර්නැෂනල් වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කම්පිටිශන් එකට ඉදිරිපත් කරන එක..මේ ඒකෙ  පලවෙනි පියවර.
කෙල්ල හිටියෙ පඩිපෙලේ උඩම පඩියෙ වාඩි වෙලා කකුලෙ නියපොතු වල කියුටෙක්ස් ගගා..
කොල්ලා කියපු දේ අහගෙන ඉදලා කෙල්ල ඉන්න ඉරියව්වෙන්ම ඔලුව ඉස්සුවා.කෙල්ල ඇදගෙන හිටියෙ ස්කිනි එකකුයි ශෝට් එකකුයි.කෙල්ල පහත් වෙලා හිටපු නිසා ඔලුව උස්සපු ගමන්ම කෙල්ලගෙ පපුවෙන් බාගයක්ම කොල්ලට පෙනුනා.කොල්ලාගෙ ඇස් ගැස්සිලා ගියා.පස්සෙ අහක බලාගත්තා..
කෙල්ලටත් චුට්ට වෙලාවක් ගිහිනුයි වැඩේ තේරුනේ.ඉක්මන්ට ඇදුම හදාගෙන නැගිට්ටා..
"මම් ගෙදර යන්නම් අයියෙ.."
"හ්ම්..ඔයාගෙ ඇදුම් ලේස්තිකරගන්න එහෙනම්.."
"හා...දවස් කීයකටද.."
"දෙකකට."
"හා.."

කොල්ලා වැඩට ගියා.කෙල්ල මුලු දවසෙම තනියම හිටියෙ.. හවස ශවින් එනකොට කෙල්ල ලොවි ගහෙන් ලොවි ටිකක් කඩාගෙන තලලා මිරිස්,ලුනු,සීනි දාලා අච්චාරුවක් හදාගෙන කකුලුත් උඩ තියාගෙන කකා හිටියෙ.
"ආ...."
ඇතුලට ආපු ශවින්ට කෙල්ල ප්ලේට් එක දික්කලා..
"මොනාද.."
"අච්චාරු.."
අත් වල දූවිලි කියලා පෙන්නන්න කොල්ලා අත් දෙක දික්කලා..
"ඉන්න.."
කෙල්ල නැගිටලා ඇවිත් ලොවි චුට්ටක් ඇගිලි දෙකෙන් අල්ලලා ශවින්ගෙ කටෙන් තිබ්බා..
පස්සෙ ඒ ඇගිලි දෙක එයාම කටේ දාලා සූප්පු කලා.
කොල්ලා බලන් හිටියෙන්කෙල්ල කරපු දේ..
"අප්පිරිය නැද්ද?"
"මොනාද..ලොවිද?"
"නෑ..දැන් කටේ දාගත්තෙ මගෙ කෙල ගෑවුනු ඇගිලි දෙකනෙ.."
"ඉතින්...ඔයාගෙ කෙලනෙ.ඔයා මගෙ මහත්තයානෙ.."
කොල්ලගෙ පපුව ඇතුලෙන් සියුම් රිදුමක් ඇති උනා..
එයා එහෙමම කාමරේට ගියා..
**"ඉතින් ඔයාගෙ කෙලනෙ..ඔයා මගෙ මහත්තයානෙ..."**
කෙල්ල කියපුවා කොල්ලගෙ කන් වල දෝන්කාර දෙනවා වගේ....

⛈🌩🌧🌩⛈🌧⛈🌩⛈🌧⛈⛈
රෑ හොදටම ගොරව ගොරව වහිනවා.කලින්ම කාලා ඉවර වෙලා දෙන්නත් එක්කම කාමරේට ආවා.
කෙල්ල ශීට් එක බිම දාලා හාන්සිවෙන්න හැදුවා..
"උඩට එන්න.අද බිම ඉන්න එපා.අකුණු ගහනවනෙ..."
කෙල්ලත් ඇද උඩට ආවා.ඇවිත් අයිනටම වෙලා අනිත් පැත්ත හැරිලා නිදාගත්තා...

ඇත්තටම කෙල්ල ජීවත් උනේ කොල්ලට කිසීම කරදරයක් නොවෙන විදියට..නිදහසට බධාවක් නොවෙන විදියට.කොල්ලට කෙල්ල ගැන දුකත් හිතුනා..
රෑ වෙනකොට වැස්ස සැර වැඩියි..ගේ දෙදරන්න අකුනු ගහනවා..ඇද අයිනෙ හිටපු කෙල්ල ටික ටික කොල්ලා ලගටම ඇවිත් ..

ලොකු අකුණකට කොල්ලා ගැස්සිලා ඇහැරුනා..එයාට ඉබේම බැලුනෙ කෙල්ල දිහා..හතරට පහට වකුටුවෙලා රෙද්දත් බෙල්ල ලගටම පෙරවගෙනේඑත් කෙල්ල වෙව්ලනවා...
කොල්ලා ලන්වෙලා බැලුවා..
අනේ..කෙල්ල අඩනවා...
"අනේ ඇයි අඩන්නෙ?"
"බයයි මහත්තයෝ..."
කෙල්ල වෙව්ල වෙව්ල කිව්වා..
කොල්ලා ඉක්මන්ට කෙල්ලව බදාගත්තා..

ශවින්ගෙ හිත කෙල්ල අරගෙන ඉවරයි..ඔව්...කොල්ලා නොදැනුවත්වම කෙල්ලට ආදරේ කරන්න පටන් අරගෙන..

"මෙහෙම ඉන්න.."
කොල්ලා තවත් කෙල්ලව බදාගෙන කිව්වා..කෙල්ලත් ශවින්ට තුරුලු උනේ හරියට පූස් පැටියෙක් එයාගෙ අම්මාට තුරුලුවෙනවා වගේ...ශවින්ට දුකයි...කොල්ලාගෙ ඇස් වලට පුංචි කදුලකුත් ඉනුවා...

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

උදෙම්ම ඇහැරුනේ කෙල්ලට..ශවින් කෙල්ලගෙ පපුව උඩ නිදි..කෙල්ලට ඇහැරවන්න ලෝබ හිතුනා..ඒත්....උඩවලව යනවා කියපු නිසා දුකින් උනත් ඇහැරෙව්වා..
"අයියේ....අයියේ..."
කෙල්ලගෙ ඇග වටා දාලා තියෙන වම් අත හොල්ලලා කෙල්ල කතා කලා..
"අයියෙ..."
"ම්ම්..."
"පහමාරයි..නැගිටින්න.."
"තව චුට්ටක්..."
කොල්ලා ආයෙත් කෙල්ලව තදට බදාගත්තා..
"පරක්කු වෙනවනෙ.නැගිටින්නකො මහත්තයො.."
කොල්ලා ගැස්සිලා නැගිට්ටා.එතකොටයි දැක්කෙ එයා හිටියෙ කෙල්ලගෙ පපුව උඩ ඔලුව තියාගෙන කියලා..
"සොරි.."
"කමක්නෑ..."
කෙල්ල හිනා උනා..ඇත්තටම ඒ වෙලාවෙ හිතිනා කොල්ලට ඒ රෝස තොල් ඉඹින්න..ඒත් ඒ හැගීම අමාරුවෙන් යටපත් කරගෙන කොල්ලා නැගිටලා බාත්රූම් ගියා..

කෙල්ල කිරි හදාගෙන එනකොට කොල්ලා ලේස්තිවෙනවා.
"ඔයත් නාගන්න ඉක්මන්ට.."
කොල්ලා කිරි එකත් අරන් පහලට ගියා.

නයනතාරා නාගෙන ට්‍රවුසර් එකකුයි ටීශර්ට් එකකුයි ඇදගත්තා.පිට මැදට තියෙන කොන්ඩෙ උඩින් චුට්ටක් අල්ලලා හාෆ්ටේල් දැම්මා.

පහලට යනකොට කොල්ලා කා එක ඇරගෙන ඉන්නවා..
කෙල්ල දොර වහලා දුවලා ගිහින් කාරයට නැග්ගා..
"යමු.."
කෙල්ලගෙ ගෙදරට යනකම් දෙන්නම කිසි කතාබහක් කලේ නෑ.දෙන්නම හිත හිත ගියේ ඊයෙ රෑ උනු සිදුවීම...

"ඔයා පරිස්සමෙන් යන්න අයියෙ.බුදුසරණයි.මතක් උනොත් මට කෝල් එකක් දෙන්න"
කෙල්ලට ඒටික කියනකොටනම් ඇඩෙන්න ආවා..
දැනට මේ දෙන්නා විවාහා වෙලා මාස 6ක්..විවාහා උනාට පස්සෙම දෙන්නම මේ විදියට වෙන් වෙලා ඉන්නෙ පලවෙනි වතාවට.
කොල්ලාටත් කෙල්ලව දාලා යන්න බැරුව ලතැවුනා...
"යන්න ඉතින්න්.."
"හ්ම්..පරිස්සමින් ඉන්න..බුදුසරණයි"
කොල්ලා ගියේනම් හිතකින් නෙම්යි...

💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

මේ දවස් දෙක ගෙවුනෙ කොහොමද කියලාවත් කෙල්ලට හිතාගන්න බැරිඋනා.
කොල්ලා නොදැක බොහොම අමාරුවෙන් කෙල්ල මේ දවස් දෙක ගෙව්වෙ.ඒත් කොල්ලා එකම පාරක් වත් කෝල් කලේ නෑ..ඒ නිසා කෙල්ලගෙ හිත රිදිලා තිබුනෙ.6ට විතර ශවින් ආවා.

"යමු..."
කෙල්ලත් එක්ක ආපහු ගෙදර එන්න ආවා..
කෙල්ල ඉන්නෙ දුකින්..ඒ ඇයි කියලා කොල්ලා දන්නවා..
"චුට්ටක් බිසී උනා..ඒකයි මට...."
"කමක්නෑ...."
නයනතාරා කොල්ලා කියලා ඉවර වෙන්නත් කලින්ම කිව්වා..
ආයෙත් පොඩි වැස්සක් පටන්ගත්තා..

"හෝව් හෝව් නවත්තන්ම.."
කොල්ලා ඉක්මන්ට බ්‍රේක් කලා..කෙල්ල වැස්සෙම කාර් එකෙන් බැහැලා එලියට දිව්වා..කෙල්ල පාර මැද මොකක්දෝ කරනවා.කොල්ලත් ඉක්මන්ට කාර් එකෙන් බැස්සා..
අනේ...පාර මැද හිටපු චූටි උණ හපුලු පැටියෙක්කෙල්ල වඩාගෙන..ඔලුවත් අතගානවා..
කෙල්ල දැක්කෙ නැත්තම් අනිවාරෙන් ඌ හැප්පෙනවා..
කොල්ලා ඉක්මන්ට කාර් එක ඇතුලෙ තිබුනු කැමරාව අරගෙන ෆොටෝ කීපයක් ගත්තා.එනගමන් වනජීවී එකට උණහපුලුවාව බාරදීලා ගෙදරට ආවා..
ආපු ගමන් කොල්ලා කලේ තෙත පිටින්ම කාමරේට දුවලා අර ෆොටෝ වලින් හොදම එක මේල් කරපු එක...
"කෝ...ඔයා මෙතනද..වොශ් දාගෙන එන්න..මේ ඇදත් තෙමලා.පිස්සුද අනේ..."
එතකොටයි කොල්ලාට මතක් උනේ තෙත් පිටින්ම ඇදෙත් වාඩි වෙලා කියලා...
පස්සෙ ඔලුවත් කස කසම කොල්ලා නැගිටලා යන්න ගියා..

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

හවසට අපිට ෆන්ශන් එකකට යන්න තියෙනවා.තව චුට්ටකින් ලේස්තිවෙන්න ශොපින් කරන්න යන්න.."
කොල්ලා උදෙන්ම කෙල්ලට කිව්වා..
පස්සෙ දෙන්නම 10ට විතර ශොපින් ගියා..
කෙල්ලට ලස්සන ගෝල්ඩ් කලර් සාරි එකක් ගත්තා.කොල්ලත් පපල් කලර් කෝට් සූට් එකකුයි වයිට් ශර්ට් එකකුයි ගත්තා..

හවස කෙල්ලව සැලුන් එකට අරගෙම ආවෙ බලෙන්මයි..ලස්සන නෝමල් හෙයා ස්ටයිල් එකක් කෙල්ලට දැම්මෙව්වා..චූටි මේකප් එකකුත් දාගෙනම දෙන්නා ෆන්ශන්එකට ගියා.

"අම්මෝ.....මේ සේරම ලොකු ලොකු කට්ටියනෙ.."
කෙල්ල බයටම කොල්ලගෙ අතේ එල්ලුනා.කොල්ලා එක්ක ආපු පලවෙනි ෆන්ශන් එක මේක.."
"හෙලෝ මිස්ටර් ශවින්..මේ ඔයාගෙ වයිෆ්ද..?වෝව්...වෙරි කියුට්"
කෙල්ල හිනා උනා..
ඇවිත් හිටපු හැමෝටම වගේ කොල්ලා තමන්ව අදුන්නලා දුන්නා.කෙල්ලට පුදුමයි...

"ඇටෙන්ශන් එවුරිවන්....අද මේ අපි පවත්වන්නෙ අපේ රටේ චායාරූපය ක්ෂේත්‍රයේ ඉහලම සම්මාන රාත්‍රි ය..මේ උසස් සම්මානය ලැබෙන පුද්ගලයාට පුලුවන් වෙනවා ඉන්ටර්නැෂනල් වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කම්පිටිශන්  එකට ඉදිරිපත් වෙන්න..
ඔව්....අපි බලමු නොමිනේට් වෙලා තියෙන චායාරූප කීපය..

කෙල කටත් ඇරගෙන බලාගෙන හිටියා..
ස්ක්‍රීන් එකක ලස්සන ෆොටෝ කීපයක් ගියා..ඒත් එක්කම...

"අයියෙ..මේ...ම්..මම..."
කෙල්ලගෙ එදා ගත්තු ෆොටෝ එකත් තිබුනා..
"මේක කොයි වෙලාවෙද ගත්තෙ?".
කොල්ලා හිනා උනා විතරයි...

"මේ චායාරූප අතරින් පලමු තැන හිමිකරගන්නේ..............
මිස්ටර් ශවින් නානායක්කාර..."

කෙල්ලට ඇඩුනා..
කියාගන්න බැරි සතුටක් ඇති උනා..කොල්ලා කෙල්ල දිහා බලලා හිනා වෙලා ස්ටේජ් එකට ගියා..
සම්මානෙ ගන්නකොට හයියෙන්ම අත්පුඩි ගැහුවෙ කෙල්ල...

"පුංචි දෙයක් කියන්න ඕනෙ...ගොඩ කාලයක් මම් මගේ තනි මහන්සියෙන් මේ තැනට ආවා.නමුත් දැන් මට අත්වැලක් තියෙනවා.ඉතාමත් ශක්තිමත් අත්වැලක්..මේ ජයග්‍රහණය පිටිපස්සෙ ඉන්නෙත් එයා...

ඒ...මගේ ආදරණීය බිරිඳ ...
නයනතාරා ....

එයා නොහිටින්න මම් අද මේ ස්ටේජ් එක උඩ නැහැ...තැන්ක් යූ නයනතාරා ..."
කෙල්ල හොටු  පෙර පෙර අඩනවා....

"ඒ වගේම තවදෙයක්..මම් ඔයාට ආදරෙයි....ගොඩාක් ආදරෙයි..මේ විදියටම මම් මැරෙනකම්ම ඔයාගෙ උදව් බලාපොරොත්තු වෙනවා..මට උදව් කරනවා නේද?"
කෙල්ල අඩ අඩම ඔලුව වැනුවා..

සේරමලා නැගිටලා ඇයට අත්පුඩි ගැහුවා...කෙල්ලට දරාගන්න බෑ...
කොල්ලා කෙල්ල ලගට ආපු ගමන්ම ඉන්නෙ කොහෙද කියලවත් මතක නැතුව කෙල්ල කොල්ලගෙ බෙල්ලෙ එල්ලිලා බදාගත්තා...
"ඒයි...පිස්සී.මෙතන මිනිස්සු ඉන්නවා....."
"ඉතින්..මට මොකෝ...මම් බදන් ඉන්නෙ මගෙ මහත්තයාවනෙ..."
කෙල්ල කිව්වෙ තවත් කොල්ලව බදාගෙන..
"ආදරෙයි මැණික...."
"කවදද මම් ගැන ආදරේ හිතුනෙ.."?
"අනේ මන්දා...සමහරවිට අපි මැරි කරපු දවසෙම වෙන්න ඇති.."
"එහෙනම් මාව ඈත් කරලා තිබ්බෙ?".
"සමාවෙන්න ඉතින්න්"
"හ්ම්...."

ගෙදර ආපු ගමන් කොල්ලා කලේ කෙල්ලව තදින් බදාගත්තුඑක..
"මට ආදරෙයි නේද වස්තු"
"හ්ම්..."
"කොච්චරක්.."
"මෙච්චරක්..."
කෙල්ල පෙන්නුවෙ අත් දෙක පුලුවන් තරම් දික්කරලා..
"අපි අලුතින්ම අපේ ජීවිතේ පටන්ගමු..".
"හ්ම්...."
"ඒයි අඩනවද...?"
"හ්ම්...සතුටට.."
කොල්ලා කෙල්ලගෙ මූණ අත් දෙකින්ම අල්ලගත්තා..
"ආයෙ කවමදාවත් දුකක් දෙන්නෙ නෑ මම් මැණිකට..."
"හ්ම්ම්.."
"පොරොන්දුවෙන්න හැම ආත්මෙකම මගේම නෝනා වෙනවා කියලා..."
"පොරොන්දුවෙනවා..උපදින හැම ආත්මෙකම ඔයාගෙම #පතිනිය වෙනවා කියලා..."

රත්තරං හීනයේ...
සත්තකයි ඔබ උන්නා..
ආත්මයෙන් ආත්මයේ...
රත්තරං මා ඔබේ....
සත්‍ය පරමාදරේ....
සත් පියුම් සුපිපුනා...
#ජන්මයෙන්_ජන්මයේ....
#පතිනියයි_මා_ඔබේ....

        නිමි...

*************එශ්*************

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment