දෙව්ලියේ

..දෙව්ලියේ...  (කෙටි කතාව .)

  ඒයි මැට්ටියේ මේ නෝට් ටික ලියලා දෙනවකෝ..

   ඇයි තමුසෙගේ කිරිල්ලි ඉන්නේ ..ගිහින් ලියවා ගන්නවකෝ මට වද දෙන්නැතුව..

   හ්ම් හරි..

  ඒයි මිනිඳු ඔහොම ඉන්නවා ලියලා දෙන්නම්..

    මා දෙව්ලිගේ හඬ නෑසුණා සේ ඇයව මගහැර ආවේ මා සිත සත්‍ය වශයෙන්ම රිදුම් කෑ නිසාවෙනි .ඈ කීවා සබෑවක් ය.මා හට පෙම්වතියක් සිටියදී දෙව්ලි හට මාගේ සෑම වැඩක්ම බාරදීම මා අැයට කරනා වදයක් විය හැකි නමුදු මා ඇයට මාගේ වගකීම් පවරන්නේ මා හිත ඇතුළේ පැසවනා අමුතුම සුන්දර හැගීමක් නිසාවෙන් නොවේ ද? යන සිතුවිල්ල මා හදවත වෙළා ගත්තේ මා තව තවත් අසරණ කරවමිනි .

          මම මිනිඳු සත්සර..මාගේ හොඳම යෙහෙළිය හෙවත් මා වදදෙන ඒ මැට්ටි දෙව්ලි සෙහන්සා.මා පිළිබඳව වැඩි අවධානයක් නොදක්වන නමට පමණක් මාගේ පෙම්වතිය වී සිටින ඇය නිකේෂි අනුත්තරා .උසස් පෙළ පන්තියේ කලා අංශයේ ඉගෙනුම ලබන අප තිදෙනා එකම පන්තියේ සිටියත් මා නෙත නිතරම ඇඳුණේ දෙව්ලි දෙස මිසක් නිකේෂි වෙත නොවේ.

   මිනිඳු ..

   ම් මොකෝ ..

   තරහ ද...

   හ්ම් ඔව් යනවා යන්න මෙතනින් වද නොදී.

   අනේ මැට්ටෝ මේ අහනවකෝ.

   මොකක් ද..

   විහිළුවක්නේ කරේ අප්පා..සොලි ඉතින්.යන් කැන්ටිමට.කන්න මොනාහරි අරන් දෙන්නම් .

   අන්න එහෙම එනවා එළදෙන.යන්..

    මා දෙව්ලිගේ කොණ්ඩ කරලකින් ඇඳ ඇයට රිදුවා ඇයත් සමග කැන්ටිමට ගියේ තවත් ඇයව රිදවන්න බැරි හින්දමයි.මමයි දෙව්ලි කැන්ටිමට ඇතුළු වෙනකොටම දැක්කේ නිකේෂි හා ඇයගේ යෙහෙළියන් කැන්ටිමේ බිත්තියකට උරදී බීම බොමින් සිටි අයුරුයි.

   ආන් නිකේෂි ප්‍රේම කුරුල්ලා ඇවිත් ...හැබැයි වැදිරියක් එක්ක.

   නිකේෂිගේ යහළුවන් මා හා දෙව්ලිට ඇසීමට හඬනගා පැවසුවේ දෙව්ලිගේ හදවත රිදවීමට බව මා දනිමි.මා දෙව්ලි දෙස බලන විට ඈ බිම බලාගෙන විශාල ලා දුඹුරු දෑස් දෙකෙහි කදුළු පුරවාගෙන සිටිනු දුටු මා හට දැණුනේ දැඩි කළකිරීමකි.වැදිරියක් යැයි පැවසුවත් සැබැවින්ම දෙව්ලි සුන්දර ය. ලා රෝස පැහැති පැහැයකට හුරු ඈ කම්මුල් වළ ගැසෙන ක්රේල් ඉන ළඟට යනකම් දිග කේශ කලාපයත් ඇගේ විශාල දෑස් දෙකත් සැබැවින්ම මා හිත වසඟ කලේ මා හිත හිරිවට්ටමිනි.නිකේෂි ද සුන්දර වූ නමුත් ඇගේ හිත අසුන්දර බව මා හට වැටහුණේ ඇයත් සමග ප්‍රේම සම්බන්ධතාවය පටන් ගැනීමෙන් අනතුරුවයි.

     මා දෙව්ලිගේ අත් දෙක අල්ලා ගත්තේ මන්දැයි කියා මාවත් නොදනිමි .බිම බලාගෙන සිටි ඈ ද පුදුමයෙන් මෙන් මා දෙස දෑස් විශාල කර බැලුවේ ඒ හුරතල් මූණ කිසිදා මා හදෙන් නොමැකෙන පරිදි ය.

   චටාස්...

   නිකේෂි දිවැවිත් දෙව්ලිගේ කම්මුලට ගැහුවේ මා හටවත් කිසිවක් සිතා ගැනීමට ඉඩක් නොතබා.වටපිට බලන විට මා දුටුවේ පාසලේ ළමුන් අප දෙස පුදුමයෙන් හා අප්‍රසාදයෙන් බලා සිටින අයුරුයි .එකවර මා හට දැණුනේ මාස ගණනක සිටන් මා වෙහෙසන හිසේ රුදාව දැන් ද මා ග්‍රහණයට නතු කරගෙන මා සිහිමූර්ඡා කරන අයුරුයි .

    මිනිඳු අනේ ඇස් අරින්න..

   මා හට සිහිනෙන් මෙන් ඇසුණේ දෙව්ලිගේ ශෝකි කටහඬයි.මා අමාරුවෙන් දෑස් හැර බලන විට දුටුවේ මා රෝහලක සයනයක් මත සිටින අයුරුයි .දෙව්ලිත් මාගේ අම්මත් තාත්තාත් සිටියේ දැඩි දුකකින් බව තේරුම් ගැනීමට තරම් මා නොදරුවෙකු නොවුණෙමි.

   ඇයි අම්මා අඬන්නේ.දැන් හොදයිනේ මට.

   ඇයි දරුවෝ මේ ඔළුවේ කැක්කුම ගැන කලින් නොකීවේ.

   නිකන් අම්මා.දැන් ඇති ඇඬුවා .ගෙදර යන්කෝ.

   මා දෙව්ලිගේ දෑස් මගහැර ඇසුවේ ඇයගේ කදුළු දෙස බැලීමට තරම් ශක්තියක් මා හට නොතිබුණු නිසාවෙනි .

   තව ටික දවසක් ඉන්න වෙයි පුතා.ටෙස්ට් වගයක් කරන්න තියෙයි කීවා.අපි දැන් යන්නම්.මේ දරුවා තාම ඉස්කෝලේ ඇඳුම් පිටින්.හවස එන්නම් මගේ රත්තරන්ව බලන්න .

   හා අම්මා ..ඒ ගොන් හරකියේ පරිස්සමින් යනවා.හවස එනකොට කන්න ගේනවා මොනවාහරි .

   වෙනදා මාත් තෙක්ක එකට එක කියන කෙල්ල අද අඬ අඬා රෝහල් කාමරායන් දිවගියේ මන්දැයි මා නොදනිමි .අම්මයි තාත්තයිද කදුළු සලමින් ගියේ මාව තව තවත් අසරණ කරවමිනි.නිකේෂි කිසි දිනක මා බලන්න මෙහි නොපැමිණෙන බව මා දනිමි.
෴෴෴෴෴෴෴෴෴෴
මාස දෙකකට පසුව..

   මේ අහන්න දෙව්ලි තවත් මට කාලයක් නෑ .දැන් යන්න වෙලාව හරි.ඒක මට දැනෙනවා.

   අනේ දෙයියනේ මිනිඳු මොනවද මේ කියවන්නේ.මාව මැරෙයි දෙයියනේ .

   මට සමාවෙන්න දෙව්ලි හැමදාම ඔයාට රිද්දුවට විහිලු කරාට.

  අනේ මිනිඳු මන් දන්නවා ඔයා ඒ දේවල් කරේ තරහට නෙමෙයි කියලා.මට හැමදාම මැට්ටි කියන්න ඉන්නේ ඔයා විතරයි .

   අවුරුදු ගාණක ඉදන් කියන්න හිතන් හිටපු දෙයක් දැන් කියන්නම් දෙව්ලි .මං ඔයාට ආදරේ කරා ගොඩක් .මන් ආදරෙයි .මට ආදරෙයි ද.

   ඔව් ඔව් ගොඩාක් ආදරෙයි මගේ මහත්තයෝ ගොඩක් .

   ඒ වුණාට මම කැත වෙලානේ දැන්.කොණ්ඩේ ගිහිල්ලා කලු වෙලා කෙට්ටු වෙලා.මට තවත් කාලයක් නෑ දෙව්ලි .ඔයා හැමදාම සතුටින් ඉන්න මට පොරොන්දු වෙන්න.

  අනේ ...

   පොරොන්දු වෙන්න ඉතින්.

ප්රොමිස් දෙයියෝ ..

   දෙව්ලි මා හිස සිපගත්තේ ලිව්කේමියා රෝගයෙන් පීඩා විඳ මාගේ අවසන් හුස්ම ද මා ශරීරයෙන් ඉවත්ව යන මොහොතේදී යි.දෙව්ලිට තවත් කියන්න දේවල් ගොඩක් තිබුණත් මා ශරීරය සීතල කරමින් මාගේ ප්‍රාණය ඉගිලී යන්නට ගියේ දෙව්ලිව දැඩි වේදනාවක ගිල්වමිනුයි.

    මේ ආත්මයේ මන් ඔයාගෙන් ඈත් වුණාට මතු උපදින එක ආත්මයකදී වත් ඔයාගෙන් ඈත් වෙන්නැ දෙව්ලි .පොරොන්දු වෙන්නම්.උපදින උපදින හැම භවයකදී ම මගේම වෙන්න .ආදරෙයි ගොඩක් ..

ඉතින් සමුගමි දෙව්ලි‍යේ..
මිටින් හැරලමි දෙව්ලියේ..
බලාගනු මැන හැරී නොබලා..
සිතින් මගේ ඉගිල්ලී..දෙව්ලියේ ..

     නිමි...

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment