ආයෙමත් වරක් ලැබේනම් ඔබ..
දසුන්.... මොකද කරන්නේ...
දවස් ගානකින් හම්බ උනෙත් නැහැනේ ඉතින්..
මේ ටිකේම මමත් බිසී වෙලා හිටියේ.
ශානු... ඕකට මට මොනවත් කියන්න එපා.
මම හැමදාම ඔයාට කියනවානේ ඔය රස්සාවට යන්න ඕනා නෑ කියලා
ගෙදර ඉන්න කියලා...
මොනවද දසුන්...... මම මේක කරන්නේ ආසාවෙන්නේ..
මම ආසයි මේ ජොබ් එකට
පොඩි කාලේ ඉදන් මගේ හීනයක් උනේ මේක..
ඔයාට කියන දෙයක් ඔයා තේරුම් ගන්නේ නෑ
ශානු.. හැමදාම ඉතින් ඔය කතාවමනේ.
කවදාවත් ඔය කතාවට විසදුමක් නෑ
ඔයාට ඕකෙන් තොර ජිවිතයක් නැහැනේ.
දසුන්...... තේරුම් ගන්නකො..
කෙල්ලෙක් උනාට මටත් කැමති ආස හිතෙන ජිවිතයක් තියනවා.
මට ඔයාව ඕනා... එහෙම කියලා ඉතින්
මට හැමදේම මෙහෙම අත අරින්න කියන්න එපා..
ඔයා ජිවත් වෙනවා නම් ශානු මාත් එක්ක
ඔයා ජිවත් වෙන්න ඕනා මට ඕනා විදිහට..
එහෙම නැතිනම් ඔයා ඔයාට ඕනා විදිහට
ජිවිත් වෙන්න ඕනා නම්
තනියම ඉන්න.
මොකද ඉතින් මට ඔය විදිහ හරියන්නේ නෑ
ඔහොම කතා කියන්න එපා දසුන්.....
ඔයා හින්දා මම කොයි තරම් දේවල් කැප කරලා තියනවාද?
ඔයා කිව හින්දාම කැම්පස් යන එකත් නතර කළා.
මේ රස්සාව නැති කරගන්න කියලා කියන්න එපා..
ඔයා එක්ක යාලුවෙනකොට මම ඔයාට කීවානේ මේක මගේ හීනයක් කියලා
එතකොට ඔයා මොනවද කිවේ..
හරි ඉතින් එතකොට කිවා තමා ඔයා කැමති දේවල් වලට මම නීති දාන්නේ නෑ කියලා
එත් එහෙම කියලා ඕක හැමදාම කරන්න ඕනා කියලා එකක් නැහැනේ.
දැන් ඔය මදිද ඔය ආසාව
මොනවද දසුන්.... මේකෙන් වෙන්නේ අපි හැමදාම රන්ඩු වෙන එක.
දැන් මම ඔයාට කිවොත් ඔයාට ඔය යාළුවො ආශ්‍රය කරන්න එපා කියලා
ඔයා ඔය ගමන් බිමන් යන්න එපා කියලා
ඔයා අහනවද?
නෑ නේද?
මම මොකටද එහෙම අහන්නේ..
මම මොනවත් වැරද්දක් කරන්නේ නැහැනේ
මොකද වෙන්නේ යාලුවේ ආශ්‍රය කාලාට.
පොඩ්ඩක් යාළුවො සෙට් උනහම ඩ්‍රින්ක්ස් ගන්නවා තමා එහෙම කියලා මොනවත්
අඩුපාඩුවක් කරලා තියනවද?
අනෙක් අතට ඇවිදින්න යන එක මගේ හොබී එක.
යාළුවො එක්ක ඇවිද්දා කියලා මොනවත් මගේ අඩුපාඩුවක් වෙන්නේ නැහැනේ..
එත්....
මොකද දසුන්.... ඇයි එත් කියන්නේ,
මම මොනවද එහෙමනම් ඔය දේවල් කලාට වෙන වැරැද්ද...
වැරැද්ද ඔයා ඔය රස්සාව එක්ක නයිට් අවුට් යනවා.
තනියම නෙමේ තමා.
තව කට්ටිය ඉන්නවා තමා.
එහෙම කියලා ඉතින්
මම කැමති නෑ එකට.
මට ඕනා නෑ එහෙම ඔයා යන එකට හා කියන්න..
දසන්.. මම ගියා කියලා කාත් එක්කවත් මොනවත් කරන්න යනවා නෙමේ
එක මේ රස්සාවේ හැටි..
මෙහෙම දේවල් කරන්න වෙනවා.
එක ඔයා තේරුම් ගන්න..
ප්ලීස්...
රස්සාවට මගේ ඔලුව හොදට තියෙන්න ඕනා.
මම දෙයක් කරන්න යනකොටම ඔයා කතා කරලා කෑ ගහනකොට
මම බොහොම අමාරුවෙන් හිත හයිය කරගෙන ඉන්නේ.
අනිත් අයට හොරෙන් මම අඩන තරම් ඔයා දන්නේ නෑ,
මට ඇත්තටම එක ඔලුවට බරක්..
මාත් ආසයි ඔයා එක්ක ආදරෙන් ඉන්න.
ඔයා එක්ක හුරතල් වෙන්න.
එත් ..
එත් ඔයා ඔයාගේ ජිවිතේ හැමදේම තීරණය කරනවා වගේ මටත්
මම කැමති දේවල් ටිකක් කරන්න ඉඩ දෙන්න
එහෙම නැතිනම්..
ඇයි මොකද එහෙම නැතිනම්..
මොනවා කරන්නද?
ඔයා හිතන්නේ දැන් ඔය ශානු ඔයා කියන දේවල් අහලා මම
ඔයාට ඔය දේවල් වලට ඉඩ දෙන්න ඕනා කියලාද?
එහෙම බලනකොට අර තුෂාරි කොයි තරම් හොදද?
කවුද තුෂාරි..
මොකක්ද මෙතන තියන එයාගේ සම්බන්දෙ..
තුෂාරි කියන්නේ මගේ කම්පැනි එකේ ඉන්න කෙල්ලෙක්.
හැබැයි ඉතින් ඔයා වගේ ඔයනම් නෑ ඉතින්.
දැන් මම වගේ නෑ කියන්න එයා ඔයාගේ කවුද?
මොකක්ද එයාට තියන අයිතිය.
මොනවත් අයිතියක් නැ
හැබැයි එහෙම වගේ කෙල්ලෙක් වෙනවට තමා මම කැමති ඔයාත්
දසුන්....
මොකද ඔයා මග අරින්නේ දැන් මාව..
ඔයාට මට වඩා හොද සල්ලි තියන රස්සාවක් තියනවා කියලා දන්නවා.
එහෙම උනා කියලා මාව ඔහොම කෙයා නොකර ඉන්න එපා.
මම ඔයාගේ සල්ලි හින්දා මම ඔයා එක්ක යාලු උනේ නෑ කියලා ඔයා දන්නවනේ
අදත් උදේම පටන් ගත්තාද?
මොකක්ද අනේ.. ඔයා කරන්නේ ඔයාට ඕනා දේ.
ඉතින් මමත් මට ඕනා දේ කරනවා.
ප්ලීස් වදයක් වෙන්න එපා..
ආදරේ කියලා කියන්න එන්නත් එපා..
ආදරෙයි නම් මම කියන ඒවා ප්‍රශ්න කරන්නේ නැතිව අහන්න ඕනා.
මොකද මම කැමති නෑ ප්‍රශ්න වලට උත්තර දිදී ආදරේ කරන්න..
මිනිහා කියන දේ අහන්න බැරි නම් ඒ ගැනිගෙන් ඇති වැඩක් නෑ
ඒ කියන්නේ දැන් ඔයාට මාව එපා කියලද දසුන්..
මෙච්චර කල් ආදරෙයි කියලා ඔයා කලේ මේක කියන්නද?
මම ඔයා කියන දේවල් මුකුත් නොකරම ඉදලා තියනවද?
එකම දේ මම ආස කරන රස්සාව කරන එක විතරයි ඔයා අකමැති දෙයකට කරනවනම් කලේ
එකත් එතකොට කාටවත් බරක් නොවී ජිවත් වෙන්න පුළුවන් හින්දා.
මට ඔය දේවල් වැඩක් නැ ශානු..
කෙල්ලෙක් . කොයිම වෙලාවක හරි කොල්ලා කියන දෙයක් අහන්නේ නැද්ද..
ඒ වෙලාවේ ඉදන් කෙල්ලගෙන් ඇති වැඩක් නෑ කොල්ලට.
ප්ලීස් ඔයා කැමති දෙයක් කරගෙන පාඩුවේ ඉන්න
මගේ ජීවිතේට ඔයා ඕනා නෑ
මම කැමති විදිහට මම ජිවත් වෙන්නම්..
ජිවිතේ හැමදෙයක්ම කැප කලේ මගේ ආදරේ වෙනුවෙන්, රස්සාව අත නොහැර කරන්න හිතපු එක විතරයි කරපු එකම දේ. මොකද දවසෙන් දවස මම ආදරේ කරපු මට ආදරේ කරපු දසුන් වෙනස් වෙනකොට මට සිද්ද උනා මගේ ජිවිතේ අනාගතේ හදාගන්න. අමාරු උනත් හිත හදාගන්න. මගේ අම්මා තාත්තා ගැන හිතලා මට ජිවිතේ ට මුහුණ දෙන්න සිද්ද උනා.
හැමදෙයක්ම නැතිවෙනකොට. නෑදෑයෝ යාළුවො ඔයා කෝ කියලා අහනකොට මට දෙන්න උත්තර තිබුනේ නැහැ මහත්තයෝ... ටික දවසකට පස්සේ ඔයා තුෂාරි කියන කෙනා බැන්දා කියනකොට මාව වැටෙන්න පුළුවන් හොදටම වැටුනා..
ශානු.... ඔයා මෙහෙ...
මොකද කරන්නේ...
මාව අදුනගන්න නම් බැරිව ඇති...
දසුන් මොකද මේ... මොකද ඔයාට මේ වෙලා තියන්නේ..
ඇයි මේ.... මොනවද ඔයාට උනේ..
ඔයා කසාද බැන්දා කියන එක ආරංචි උනා...
එත් මොකද මේ වෙලා තියන්නේ..
ඇත්ත ඔයාට කරපු දේවල් වලට මට දඩුවම් ලැබුනා
ශානු..
මම තුෂාරි ට ලංවෙන්න ඕනා නිසා ඔයාගේ හැමදේම වැරදියට දකින්න
පුරුදු උනා.. එත් ඇත්තටම මම තුශාරිව කසාද බැන්දේ නැ. කාලයක් ආශ්‍රය කරනකොට තුෂාරි මට කිවා රස්සාවෙන් අයින් වෙන්න කියලා. මොකද කියපු විදිහට ගොඩාක් දේපල තුෂාරිට තියනවා වගේ තමා මාත් එක්ක හැසිරුනේ.. රස්සාවෙන් අයින් වෙලා ඒවා බලාගෙන ඉමු කියලා මට කියපු නිසා මමත් එකට කැමති උනා.
ඔය අතරේ මට තිබුන මගේ දේපල වගයකුත් බෑන්ක් ලෝන් වගයක් බිස්නස් වැඩ වලට ගන්න කියලා එයාගේ නමට ලියන්න කියලා මම ඒ ටිකත් ලීවා..අන්තිමේ මට මොනවත් ලැබුනේ නෑ.. මම ගොඩක් ආදරේ කරපු ඔයාත් මට නැති උනා..මගේ හැමදෙයක්ම මට නැති උනා.. දැන් ජිවත් වෙන්නත් විදිහක් නැතිව ඉන්නේ.. ඇත්තටම ආදරේ කියන්නේ මොකක්ද කියලා මම හරියට තේරුම් අරගෙන තිබුනේ නෑ කියලා හිතෙනවා එත් මට අද වැරදි හදාගන්න බැරි විදිහටම මම අසරණ වෙලා..
මගේ රස්සාව තියනවනේ මහත්තයෝ.. ඔයා ඇරෙන්න මගේ ජිවිතේ වෙන කාටවත් ඉඩක් නෑ.. මගේ රස්සාව ඇති අපිට ජිවත් වෙන්න... ඔයා එපා කීවාට අන්තිමේ අපිට එකෙන් ජිවත් වෙන්න පුළුවන් වෙයි රත්තරන්..
අනේ එහෙම කරන්නේ කොහොමද ?
මම එපා කියපු දෙයක් ඔයාට කරන්න කියලා එහෙම ඔයාගෙන් යැපෙන්න බැහැනේ මට..
ඔහොම කියන්න එපා රත්තරන්. අපි එන විදිහකට බලමු.. අපි ටික ටික බලමුකෝ.. පුළුවන් විදිහට අපි අපේ දේවල් කරගමු..
හෙලෝ.... ගෙදර කවුද?
ඉන්නවද? කවුරුවත්...
කවුද ඔයා...
මිට කලින් අපි හම්බවෙලා නම් නෑ වගේ..
හ්ම්ම් ඔව් ඔයා ශානු නේද?
මම තුෂාරි.. මිට කලින් මුණ ගැහිලා නෑ.. එත් ඇත්තටම මම ඔයා ගැන ගොඩාක් දේවල් දන්නවා..
හරි මමත් ඔයා ගැන දන්නවා. එත් ඔයා මොකටද මෙහෙට ආවේ.. කාවවත් ඔයා මුණ ගැහෙන්න ඕනා කියලා හිතන්නේ නෑ. අපෙන් ගන්න ඕනා හැමදේම දැන් අරගෙන තව මොනවා ගන්නද ආවේ..
ප්ලීස් අපිට පාඩුවේ ඉන්න දීලා යන්න... වදින්නම්..
කවුද මැණික....
තුෂාරි තමුසේ... තමුසේ මොකටද මෙහෙට ආවේ..
තියන හැමදේම තමුන් උදුරා ගත්තානේ..
තව මොනවා ගන්නද ආවේ...
යන තැනකට යනවකෝ....
හ්ම්ම් ඇත්තටම මම ආවේ ගත්ත හැමදේම දීලා යන්න.
මට සතුටුයි ඔය දෙන්න සතුටින් ඉන්න එක ගැන.
මේ දේවල් මම කලේ ඇත්තටම ඔය දෙන්නා එකතු කරන්න ඕනා නිසා.
මොකද මට ඔෆිස් එකේ ඉන්නකොට තේරිලා තිබුනා ශානු රස්සාව කරනවට කැමති නෑ කියලා
ඒ හින්දාම තමයි මේ හැමදේම කලේ..
රස්සාව නැති උනත් ශානු ගේ ආදරේ වෙනස් වෙන්නේ නැති නම් ඊට වඩා හොද කෙල්ලෙක් ඔයාට කවදාවත් හම්බවෙන්නේ නෑ.. එක මතක තියාගෙන වැඩ කරන්න.
හෙට ඉදන් වැඩට එන්න පුළුවන්..
ඇත්තටම කම්පැනි එක මගේ තාත්තාගේ.. වැඩක් නැතිව ගෙදර ඉන්න බැරි හින්දා මම එතන වැඩට ආවේ..
සතුටින් ඉන්න..ආදරේ කියන්නේ කාවවත් පාලනය කරගෙන ජිවත් වෙන එක නෙමේ.. ගැහැණු කියලා පිරිමි කියලා ආදරේ වැඩි අයිතියක් කාටවත් නැ.. ආදරේ විදින්න හැමෝටම අයිතියක් තියනවා.. තමන් කැමති හැමදේම කැප කරනවට වඩා හොදම දෙන්නම කැමති දේවල් එකතු වෙලා කරන එක
#දේව්
Devaka Sadaruwan
උපුටා ගැනීමකි
No comments:
Post a Comment