ආදරය

ආදරය..........

" ආ අද වැලන්ටයින් සැමරුවෙ නැද්ද? කෝ චොකලට් ? රෙඩ් රෝසස් ගොඩක් හම්බෙන්න ඇති "

ජාලියගේ හැකර කට ඔෆිස් එකට ඇතුලු වෙත්ම මට ඇසුනි.නෑසූ කන්ව මගේ මේසය ළගට විත්,පුටුවෙන් වාඩිවූයේ පුදුමාකාර තෙහෙට්ටුවකිනි.

"තිලිනි,අපිටත් දීල කාපන්කෝ චොකලට්,මොනාද බන්.තනියම කෑවොත් දියවැඩියාව හැදෙයි"

කන ළගින්ම ඇසුනු ජාලියගේ කටහඩින් මන් තිගැස්සිනි.

" මට වැලන්ටයින් නෑ"

" ඔය බොරු,මෙච්චර ලස්සන කෙල්ලෙක්ට නැත්නම් බැදල ළමයි ඉන්න අපිටයැ වැලන්ටයින් ? බොරු අගේ එපා"

" අපෝ කටවහපන්කො බන් ,තිලිනිට වැඩක් කරගන්න දීලා.කඩෙන් අරන් කාපන්කො චොකලට් මේකිට වද දෙන්නෙ? රසිකා මගේ සහයට ආවාය.

" උබට කවුද බුලත් දුන්නෙ.උබෙන් ඇහුවෙ නෑනෙ.ණයට කහින් නැතුව ඉදින්"

" අනේ මේ මන් උබට බය නෑ.ලොකු සර් ට කියනවා උබ වැඩ කරන්න දෙන්නෙ නෑ කියල වැඩිය කෑ ගැහුවොත්"

" කේලමී" ජාලියගේ කට නවතින පාටක් නැත.

" හරි මම අරන් දෙන්නම් ලන්ච් එකේදි "

" දැක්කනේ රසිකා" පොඩි එකෙක් වගේ රසිකාට කට ඇද කරමින් ජාලිය තම මේසය වෙත ගියේය.

ක්‍රීං ක්‍රීං ක්‍රීං

හදිසියේ මගේ ජංගමය මොරදුනි.

"හෙලෝ. ම්ම්ම්ම් හරි අම්මා මන් එන්නම් ඉක්මනටම.කලබල නොවී ඉන්න.හරි හරි"  තුන් සිතම ගිනි ඇව්ලිනි.කලබලයෙන් ඔෆිස් එකෙන් පිටත් වීමට සූදානම් වූ මට ,

" මොකෝ කොල්ල කලින් එන්න කීවද? ඕවනම් වානා නංගි.මගෙ චොකලට් දීපන්."

තිලිනිගේ ඇස් වලින් කදුලු කඩා වැටුනේ වක්කඩක් කැඩුවා මෙනි.සත්තකින්ම ඇයට පුදුම අසරණකමක් දැනුනි.

" ඇයි තිලිනි,අපෝ උබේ චොකලට් එපා මට"

ඒ කතාවට රසිකා මා දෙස හිස ඔසවා බැලූ අතර විගසින් මා අසලට ආවාය.

" ඇයි කෙල්ලේ" කෙටියෙන් සියල්ලම පැවසූ මම නිවාඩු ලබා ගැනීමට පිටත් වුනෙමි.

" මොකෝ රසිකා මංඩලේ කචල්ද? වලිද? "

"දැන්වත් කටවහපන් ජාලිය.උබ මොනාද ඒ අහිංසකී ගැන දන්නේ? "

ඉබේම ජාලියගේ කට වැහුනත්, හිතේ නැගි කුකුසනම් නතර නොවුනි.හෙට නිවාඩුනෙ පොඩ්ඩක් තිලිනි ඉන්නව කීව පැත්තෙ කරක් ගහන්නොනි.
පසුදාට පහන් විය.ජාලිය ඕපාදූප හොයන ගමේ ගැහැණියක් මෙන් තිලිනි ගැන හොයන්න නික්මුනි.

" අඩෝ ජාලිය,උබ මොකෝ මේ පැත්තෙ? " පිටට පහරක් එල්ල කර චානක ඇසූවිට,ජාලිය තිගැස්සිනි .

"මචං චානක,අඩෝ උබ මෙහෙද? "

" යකෝ, මේක මගේ වැයික්කිය.මොකෝ මොකෝ මේ පැත්තෙ? "

" නිකං බන් ,මේ ළගට ආව.අපේ ඔෆිස් එකේ තිලිනි ඉන්නෙත් මේ පැත්තෙ කීවා.කෝල් පාරක් දාන්නද කියල හිත හිතා උන්නෙ"

" මචං මේ තිලිනි ජයසුන්දරද"

" ඔව් බන්,ගෙදර ගියානම් ඊයෙ වැලන්ටයින් පාටි ඉල්ලගන්න තිබ්බා. හිකිස්"

" යකෝ ඒකිට ඕව කියන්නෙපා.උබ හිතන ටයිප් එකේ එකියක් නෙමේ බන් තිලිනි නංගි"

" ඇයි මොකෝ කේස් එක?"

" කේස් නෑ බන්,ඒකි හරි පව්.අහිංසක මාරම හොද කෙල්ලෙක්.අපේ එකෙක් ඒකි ගැන ජරා විදියට හිතන්නෙ නෑ.පුදුමාකාර අදහන්න වටින කෙල්ලෙක්.මන් මේ යන්නෙත් තිලිනි නංගිගෙ දිහා අංකල්ට බේත් බැදලා බලන්න."

" මොකක්ද බන් තේරෙන්න කියහන්කෝ"

" මේකයි තිලිනි නංගිගෙ අම්මයි,අප්පච්චි නෑ.ඒකි පොඩි කාලෙම ඇක්සිඩන්ට් එකකින් මැරිලා.මේ දැන් ඉන්න නැන්දා තමා ඒකිව උස් මහත් කලේ.නැන්දගේ එකම කොල්ල සාරංග.තිලිනි,සාරංග යි පණට පණ බන්.සාරංග ආමි කැප්ටන්.ෆයිනල් ඇටෑක් එකේදි සාරංග ට වෙඩි වැදුනා.දවස් ගානක් ICU  ඉදල ඌ මැරුනා.තිලිනි නංගි එදා ඉදන් සාරංග ගේ අම්මයි අප්පච්චි බලාගෙන තාමත් තනිකඩව ඉන්නෙ.ඒකි අදහන්න වටිනව කීවෙ ඒකයි.ඊයෙ සාරංග ගේ අප්පච්චි ලිස්සල වැටිලා කකුල කැඩිලා.ඒකි ඔෆිස් ගිහින් ඒ ඩිංගට දුවන් ආවනේ.මමත් මේ අංකල් බලන්න යන්න.ඇයි උබලට කීවෙ නැද්ද?"

" නෑ මචං"
ජාලියගේ හිතට වරදකාරී හැගීමක් දැනෙන්නට විය.

" මන් යන්නම් බන්"

" වරෙන් ඉතින් තිලිනි නංගිගෙ දිහා යන්න.ඔන්න කියද්දිම නංගි එනවා.කොහෙද ගියෙ නංගි?"

" චානක අයියේ  මන් මේ අප්පච්චිගෙ බේත් ටික ගේන්න ගියා.ජාලිය මෙහෙ,රසිකා කීවද?"

" නෑ තිලිනි.මන් මේ ළගට ආව ගමන්"

" එන්න අපේ ගෙවල් ළග තියෙන්නේ .තේ එකක් බීල යමු"
" බෑ තිලිනි ඉක්මනට යන්නොනි හදිසි වැඩකට යන්න.මන් අනිවාර්යයෙන් එන්නම් අංකල් බලලා යන්න" බිදුනු කටහඩින් කී ජාලිය යන්නට ගොස්, නැවත පැමිණ ,

"තිලිනි මට සමාවෙන්න " කීවේ මුලු හදවතින්මය.

ඕ අහිංසකව සිනාසී " කමක් නෑ ජාලිය.ඒක අමතක කරන්න.තෙරුවන් සරණයි " කීවාය

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment