🌹💕පෝරකය අභියස💕🌹
අයිසෙ …දහම්….
අන්න තමුන්ට ජේලර් මහත්තය ඔෆිස් එකට,කතා,කරනව….ගිහින් බලනව මොකද කියල…තමන්ට උරුම වූ සිර මැදිරියේ බිත්ති හතර මැද නිදහස්…සාමකාමී ජීවිතයක් ගෙවූ දහම් වැලිකඩ බන්ධනාගාරයේ සිටි විනීතම සිරකරවා විය..මදක් තිගැස්සුණු සිතැතිව ජේලර් මහතාගේ කාර්‍යාලය වෙත පියවර තැබු දහම් ගෙ සිත.දියෙන් ගොඩ දැමූ මාලුවකු සේ ගැහෙන්නට විය..කරපු වරදක් නම් සිහියට නොනැගුණු දහම්ගේ මතකය…සුලු අත් වැරදීමක් වත් උනාදෝ සැකයෙන් යුතුව කාර්යාලය ඇතුලට පිවිසීමේ දොරටුව ලගට විත් සීනුව නාද කලේය…
රාජකාරී අසුන මත හිද කුමන හෝ රාජකාරි වැඩක යෙදී සිටි ජේලර් මහතා..හිස ඔසවා දහම් දෙස බලා … “ආ දහම් එනව…එනවා….” මම මේ තමුන් එනකම් බලන් හිටියෙ..තමුන් දන්නව නේ තමුන්ට ලැබුන නඩු තීන්දුව ගැන…තමුසෙ මහ මෝඩයෙක් අයිසේ….දැන දැනම පෝරකේට යනව…තමුසෙට ඒ තරම්ම ජීවිතේ එපා වෙලාද…තමුසෙගෙ හැසිරීම දිහා බැලුවම කවදාවත් තමුසෙට මිනිහෙක් මරන්න පුලුවන් වෙයි කියල හිතා ගන්න බෑ අයිසේ…
සියල්ල අසා සිටි දහම් පිටත පෙනුමින් මිනිස්සු මනින්න බෑ නේද සර්..ලෙස යටහත් පහත් ලෙස බිම බලාගෙනම පැවසීය…මට නම් හිතාගන්න බෑ දහම්…තමුන් වගේ හොද කොල්ලෙක්ට මේ වගේ දෙයක් වුණේ කෝමද කියල….මම හිර කාරයින් එක්ක ලොකු සම්බන්ධතා නෑ…ඒත් තමුසෙ මගෙ හිත දිනාගත්ත දහම්..මට කියනව තමුන් මේ තැනට වැටෙන්න වුන හේතුව..
කියමින් ජේලර් තුමා දහම්ගේ මූණ දෙස බැලීය…අඳුරු වළාකුලු රැසකින් නිල් අහස් තලයම වැසුනාක් මෙන් එක වරම දහම් ගේ මුහුණේ ඉරියව් සැනෙකින් වෙනස් වී මුහුණ අවපැහැ ගැනිණි…තම ජීවිතයේ සිදුවූ සියලුම අමිහිරි අත්දැකීම් යළිත් දිග හරින්නට සිදු වීම ගැන යටි සිතේ උපන් ශෝකයෙන් යුතුව දහම් නෙතු යුගල බිමට හරවා සෙමින් හිස ඔසවා…ජේලර් මහතාගේ මුහුණ දෙස බැලීය…
දහම් හොද හුස්මක් ගෙන …
සර්….මම පොඩි කාලෙ ඉදලම හැදුනෙ වැඩුනෙ අනාථ මඩමක…මට කියල කවුරුවත්ම උන්නෙ නෑ….තාත්තා නැති වුනා…අම්ම වෙන කෙනෙක් එක්ක ගියා….මම තනි වුනා…සර්…..
කදුලු පිරුන දෑසින් යුතුව දහම් ජේලර් මහතාට පැවසීය..පස්සෙ ගමේ එක එක ගෙවල් වලින් මට කන්න බොන්න දුන්න..අපේ නෑදෑයො කවුරුවත් මාව සත පහකට ගනන් ගත්තෙ නෑ. .. අම්මා පවා මං ගැන හෙව්වෙ නෑ..පස්සෙ ගමේ අය තමා මම අනාථ නිවාසෙට බාර දීල තියෙන්නෙ…
එතනින් පස්සෙ මගෙ ජීවිතේ ගොඩක් වෙනස් උනා සර්…මම එතනදි ඉගන ගත්ත….හොද මිනිහෙක් වෙන්න…ඒත් මගේ හිතේ මේ මුලු සමාජෙ එක්කම වෛරය කවදාවත් නැති උනෙ නෑ සර්….තාත්තා නැතිවෙද්දි හැමදේම මගෙ නමට ලියල තිබ්බෙ …අම්ම උනන්දු වුණේ මගෙන් ඒව ගන්න මිසක් මට ආදරෙන් සලකන්න නෙමි…..මට ගොඩක් වද දුන්න සර් අම්ම වෙලත්….මගෙ පොඩි වයසට දරාගන්න බැරි තරමට බර පැටෙව්ව….
පස්සෙ මම හොද මනුස්සයෙක් විදිහට සමාජෙට ආවට…එයාල මට ඉන්න දුන්නෙ නෑ සර්….ඉන්න දුන්නෙ නෑ….කියමින් දහම් දිගු සුසුමක් වා තලයට මුදාහැරීය…
දිගින් දිගටම දේපළ වලට ප්‍රශ්න ….මට මොකවත් ඕන නෑ සර්..මට ඕන හිතේ නිදහස….දවසක් කවුදෝ කට්ටියක් මාව අරන් ගිහින් හොදටම ගැහුව සර්….පස්සෙ දැන ගත්තෙ දේපළ ලියා ගන්න මාව බය කරන්න කියල….
මම දවසක් දෙකෙන් එකක් බේර ගන්න..ගියා ඒ ගෙදරට….මේ දුක් හැමදාම විදින්න බැරි නිසා….එතනදි දිගින් දිගටම වුණ කෙළවරක් නැති කතා නිසා…මගේ සීමාව පැන්න සර්….පස්සෙ එයාල මාව මරන්න හැදුව..ඒත් එයාලට කලින් මම ඉස්සර වුණා ..මේ අත් දෙකෙන් ඒ දෙන්නම යන්න ඕන තැනට යැවුව මම …..
කවදාවත් හීනෙකින්වත් හිතන් ඉදපු දෙයක් නෙමි සර්….ඒත් ඒ දේවල් එහෙම වෙන්න මගෙ නළලෙ කෙටිල තියෙන්න ඇති…
පස්සෙ මම පොලිසියට ඇවිත් බාර උනා …උසාවියෙදි මගෙ වරද පිලි ගත්ත…මම වැරදිකරු වුණා ….මට ලැබුන දඬුවම මරණය… මම බය නෑ සර්….මට මේ මිනිස්සු එක්ක ඉන්න බෑ….මට යන්න ඕන සර්…මට යන්න ඕන…. කියමින් වැරෙන් මේසය මතට පහරක් ගැසීය…
හරි හරි දහම් කලබල වෙන්න එපා…යයි ජේලර් මහතාගෙ කට හඬින් මා නැවත පියවි සිහියට එලඹුණි…ආවේගයෙන් කුමක් පැවසුවාදැයි මටම හරි හැටි මතකයක් නොවිණි….දහම් දැන් යන්න ….මම පස්සෙ දහම් ට කතා කරන්නම්……ජේලර් මහතා පැවසූයේ මාගේ හිත් වේදනාව තේරුම් ගෙන යයි මට සිතුණි……
නැවත මාගෙ සිර කුටියට පැමිනුණ මා කල්පනාවට වැටුනේ මාගේ කාලකණ්ණි ජීවිතය ගැනය…අම්මා තාත්තා නැතිව ගෙවූ අමිහිරි මතකයන් ගැනය…සතෙකුට උවත් තම පැටියා මැණිකකි…එහෙත් මගෙ අම්මාට එසේ නොවිණි…ඒ උණුහුම ආදරේ ලබන්නට මං පින් කර නැති නමුත් ඉපදෙන ඉපදෙන ආත්මයක් පාසා ගෙවා නිමකර නොහැකි පාප කර්මයකට ඇය මට මග පාදා දුණි…මට මාවම පිළිකුල් සහගත හැඟීමක් දැණේ…..
බොර පැහැ ගැන්වුන දිය කඩිත්තක් සේ තම ජීවිතය අපැහැදිලිය….වෙනසක් නැත..
මටද ජීවිතයේ සිහින තිබුනද…ලගා කර ගැනීමට තරම් දුරක මා අද නැත…කරුමයද දෛවයද සමාජයද මට හරස් වී හමාරය…විවාහයක් ….හොද බිරිදක්….දරු පැටවු හැම හීනයක් ම බොදවී ගොස් කම්බි කූරු මැද තටු ගිලිහී ගිය කුරුල්ලෙකු සේ මා දෑසින් නොහඩා සිතින් හැඩූ වාර ගනන නිමක් නැති තරමට තිබුනි..
කරුමය උරුමය කරගෙන විදවනාවට වඩා වැඩි යමක් දැන් මට නැත….දහම් කාගේ වත් හිතක ඇලී ගැලි නැත…දහම් උබන් කාගෙන් වත් වැඩක් නැත ..මම මාහට කියා ගතිමි….ආදරයක් සෙනෙහසක් ලැබීමට මාගෙ ලේ තැවරුන දෑත් දෙක කවමදාවත් මේ සමාජයේ මට ඉඩක් තනන්නේ ද නැත…
සමාජයට මා වැරදි කරුවෙකි…
මිනීරුවෙකි…..දිනෙන් දිනම මාගේ අවසානය ලංවීම මාගෙ හිතට මහත් අස්වැසිල්ලකි…
මා දින ගනිමින් බලා උන් ඒ දිනය උදාවිය…උදේම නා පිරිසිදු වූ මා හට පොල් සම්බෝල හා රතු කැකුලු හාලෙ බත් ලැබිනි…..උදෑසන ආහාරය ගත් මා බුදුන් වැද….මාගෙ ජීවිතේ මා බලාපොරොත්තු වූ අවසානය කරා යෑමට සූදානම් විය…
මුලු සිර ගෙදරම පාලු වී ගියාක් සේ මට දැනේ….අනෙක් සිර කරුවන් ගේ මුහුනු මැලවී ගොසිනි……
ජේලර් මහතා …මා අසලට පැමින….දහම් …..මට මනුස්සයෙක් විදිහට මේක දරාගන්න බෑ දහම්…….අපරාදෙ මේ තරුන ජීවිතේ විනාස උනෙ…ඉන්න තැනක හොදින් ඉන්න මම දහම් වෙනුවෙන් පින් අනුමෝදනා කරන්නම් දහම්…..කියා කදුලු පිරි දෙනෙතින් මා දෙස බැලිය…
ම ඔහු දෙස බලා සිනාසුනේ මගෙ එඩිතර කම පෙන්වීමටය…නමුත් මට පලමු වරට මරණ බිය හා ජීවත් වීමේ ආසාව එම මොහොතේ දැනුනි….දැන් සියල්ල් සිදු වී හමාරය…..කිසිවක් දැන් නැවත ආපසු හැරවිය නොහැක…වදකයා මා එන තුරු බලා හිදි….
නියමිත වේලාව එලබුනි….මා පෝරකයට නැගුනු පසු…..මාගෙ දෑත් දෙපසට කොට මුහුන ආවරනය කෙරුනි..මාගෙ ගෙල සිරවන සේ තොන්ඩුව යෙදූ වදකයා….ඔහුගේ රාජකාරිය මැනවින් ඉටුකලේය….මාගෙ අවසාන ඉල්ලිම වූයේ….පිරිත් ඇසීමය….පසෙකින් ඇසෙන පිරිත් හඩ සමග මා සැමට මෛත්‍රී කලෙමි..අම්මාටද මෛත්‍රී කලෙමි……කුරා කුහුබුවකුට පවා මාගෙන් වරදක් වී නම් මම සමාව අයැද සිටියෙමි…ආයෙ කිසිවකුට වැරදි කිරීමට හෝ සමාවක් අයැදීමට මා සුදුස්සකු නොවන නිසාය…
මුවට සිනහව සිනහවක් නගා ගත් මා….දෑස් තදින් පියා ගතිමි…..කලුවර අන්ධකාරෙටම හුරු වූ ලොවක් මට දිස් උනේ කවදාවත් නැතිහිතේ,කැලබීමකිනි..මා මගෙන් ම පලි ගත්තා නොවෙද….කෙතරම් හිත හයිය වුවද මේ මාගේ ජීව්තයේ මා හුස්ම ගන්නා අවසාන තත්පර කීපය වනවා ඇත…මා පැතූ අවාසනාවන්ත ජිවිතේ මේ අයුරින් නිමා විමට සියල්ල සූදානම්ය..එක වරම පෝරකයේ දොරගුලු විවර විය….මා එකවරම පහලට ඇද වැටි පැද්දෙන්නට විය…මුලු ඇගම රත් වී පන නැතිවනසේ දැනුනි…..මාගෙ ගෙල ටිකෙන් ටික සිර වනවා දැනුනි…..
අනේ මට ජීවිත ය දෙන්න….
මමත් ජීවත් වෙන්න ආසයි ….කෑගැසීමට උත්සාහ කලද මරුවා මා රැගෙන යාමට පැමින හමාරය..මාගෙ දැගලිල්ල මා වේගයෙන් මරු තුරුලට රැගෙන ගියේ ගෙල තව තවත් හිර වූ නිසා වෙනි…..
ඇස් ගොබ කදුලු කැට මැද නිලංකාර විය…අමුතුම ලොකයකින් මට අත වනනවා සේ දැනුනි…..කදුලු බිදු එකින් එක දෑසින් රූරා.. දැස් පිය වුනි…
දහම්ගේ ජීවිත කතාව මින් නිමා විය….ඔහුගෙ නිසල සිරුර පෝරකයේ ඒ මේ අත පැද්දෙමින් තිබුනි…..සමාජයට වෛර කල දහම්ගේ කතාව නිමා විය..
~~~~~නිමි~~~~~
අෂාන් සිල්වාගේ කෙටිකතා නිර්මාණයයි
උපුටා ගැනීමකි
No comments:
Post a Comment