අනේ සර්


🌹💕අනේ සර්💕🌹

ගුරුවරයෙක් ප්‍රශ්නයක් ඇහුවම නැගිටල උත්තර දෙන්න දන්නෙ නැද්ද? සාලින්ඳ සර් ඇහුවේ සැරෙන්..හිත කීරි ගැහිළා නලියන කඳුළු කැට බෝල වෙළා බිමට වැටුනේ වෙන මොකුත් නිසා නෙමෙයි ළමයි අසරණ විදියට මගේ දිහා බලන් ඉන්නවා දැකපු නිසා…

සර් හසිංකට ඇවිදින්න බෑ..මගේ ලඟ වාඩි වෙළා ඉඳපු පාරමී කිව්වේ හරි සද්දෙට …කෑ ගහළා අඬන්න තරම් ආපු වේදනාව දරා ගත්තේ බොහොම අමාරුවෙන් …සර් මගේ දිහා බැලුවේ තප්පරේට හැටේ මීටරේට…පංතියෙන් ඉන්න බැරි මොකද්දෝ ලොකු වේදනාවකින් වගේ පොත් ට්කත් අරන් සර් යන්න ගියේ හරි ඉක්මනට ..

අලුත් පොලිටිකල් කාරයගෙන් ලේසි නෑ වගේ නේද..මං ලඟට දුවන් ආපු තරිඳු කිව්වේ බිම බලාගෙන…මම කියන්න මොකුත් නෑ වගේ ඔලුව වැනුවේ දෙපැත්තට..ගනන් ගන්න එපා හසිංකා අපි ඉන්නවනේ යාළුවො එකතු වුනේ හරි ඉක්මනට….පරන පොලිටිකල් සර් මාරු වුනේ මගේ කරුමෙටම.ගෙදර ආපු මට කල්පනා වුනේම එහෙම..ළමයි ඉස්සරහා සර් මට දාපු සද්දෙමයි මට මතක් වුනේ නිතරම..දවස් ගානක් ගත වුනත් මතක් වුනේ නපුරු මූණමයි සර්ගේ…මොකද්දෝ ලොකූ අමුත්තක් හිතේ දුවළා යද්දී හිනා වුනේ මං තනියම හිස් අහසට..

කාලය ගෙවිළා ගියේ හරි ඉක්මනට..අලුත් සර් ගොඩාක් ලස්සනයි ඇවිදින්න බැරි මගේ හිත හොරෙන් අරන් ගියේ හරි අපූරුවට..පංතියට උගන්වන්න ආපු හැම වෙලාවකම සර් මට ආදරෙයි කියන්න වගේ ඉඟිබිඟි කළේ හොරෙන්..මුවින් නොකී දාහක් දේවල් අපි කතා කළේ ඇස් වලින්ඳ කොහෙද…..ඇවිදින්න බැරි වුනත් පුංචි සුරංඟනාවියක් වගේ ලස්සනක් දෙවියෝ දීළා තිබුනේ මට තෑග්ගක් විදියටද කොහෙද..

දවසක් ඔව් ලඟදි දවසක් ඉන්ටවල් වෙලාවක සර් පංතියට ආවේ එක පිම්මට හසිංකට මට දෙයක් කියන්න තියෙයි වට පිට බලන ගමන් සර් කිව්ව කලබලේට..මොකද්ද කියළා අහන්න වගේ මාත් ඒ ඇස් වලට එබුනෙ හිතුවෙ වත් නැති විදියට..ආදරෙයි හසිංක හැමදේකටම වඩා. මට ඔයාව ඕන හසිංකා මුලු ජීවිත කාලෙටම…සර් කියාගෙන ගියේ එක හුස්මටම..ඇවිදින්න බැරි මට ඇයි ආදරේ කරන්නෙ? අහන්න හිතුනත් එක පිම්මට දරාගෙන හිටියේ මම වෙන කරන්න දෙයක් නැති කමට…ගෙදර ඇව්ත් සටන් කළේ මම මගේ හිතත් එක්ක..වරදක් කරන්න තරම් ආවේ නෑ ශක්තියක් මගේ හිතට..හිතේ කොනක ඉපදුනු ආදරේ හිතේම මරලා දාන්න කියලමයි හිත කිව්වේ මට…ගුරුවරු ළමයි ආදරේ කළේ කවදද??

ඊට දවස් ගානකට පසේ ආයේත් සුපුරුදු හිනාවත් අරන් සර් ආවා මගේ ලඟට…අදවත් උත්තරයක් දෙනවද මැණික දිලිහෙන ඇස් වලින් මගේ ඇස් අල්ලන ගමන් සර් ඇහුවේ ලතාවකට…උත්තරයක් නැති ප්‍රශ්නයක් වගේ හැසිරුනේ මම බිම බලාගෙන…පස්සේ කියන්නම් ටික වෙලාවකින් කිව්වේ මම බැරිම තැන…සර් යන්න ගියේ දුකින් වගේ බිම බලාගෙන.
සර්ට වඩා අසරණ වුනේ මම ඇවිදින්න බැරි නිසා මට…කාගෙවත් ජීවිතයක් මම නිසා අසරණ වෙනවා බලන් ඉන්න බැරි වුනා මට….

කල්පනා කරා මම රෑ නිදි වරාගෙන..ගත්තේ තීරණයක් හිත හදාගෙන..නතර කළා මම ස්කෝලේ යන එක…කාලයක් ගත වුනේ මටත් රහසෙම.. ආරංචි වුනා මට සර් මාරුවක් අරන් ගියාලු දුර පලාතකට..හැඬුවා වැලපුනා මම හැමෝටම රහසෙම..කියා ගන්න බැරි වුනු ආදරේ මරළා දැම්මනේ මම හිත ඇතුලෙම..

කාලයක් ගතවුනා වියපත් වුනා මම..දැන් වයස අසූවයි මට..මරණය අත වනන තුරු බලා ඉන්න මට අදටත් සිහිවෙනවා සර්ගේ ආලය…සර් කොහේ ඇද්ද අහනවා මගේ හිත හොර රහසේම..සර් සමහර විට වෙන කෙල්ලෙක්ගේ සැමියා වෙන්න ඇති කියලමයි මගේ හිත කියන්නෙම..ඒත් අදටත් සර් දන්නෙ නැතුව ඇති තනිවුනේ මම සර්ගේ ආදරේ නමට…

~~~~නිමි~~~~~

මලීෂාගේ කෙටිකතා නිර්මාණයය
උපුටා ගැනිමකි

 

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment