විසිරුණු මල් පෙති
කෙටිකතාව
"අම්මා....අම්මා...මට බෑ ඉස්කෝලෙ යන්න මොනාද මේ මිනිස්සු කියන කතා....." ප්‍රසංගා නිවසට ආවෙ අඬාගෙනම....තාමත් දහය වසරෙ ඉගනගන්න පුංචි කෙල්ලට බෑ අම්මට කෙලින්ම මූණ දීලා ඉස්කෝලෙ යාලුවො කියන කතා අම්මත් එක්ක කියන්න .
"ප්‍රසංගගෙ අම්ම වෙන අංකල් කෙනෙක් එක්ක සම්බන්ධයක් තියනව.වරුණිලගෙ අක්ක කොල්ලත් එක්ක බීච් ගිහින් ඉද්දි ඇස් දෙකටම දැකල කුඩයක් අස්සෙ ඉන්නව දෙන්න..."
කැන්ටින් එකේ ඉඳල පන්තියට එනකොට තමන් එතනින් එනව කියල නොදැන යාලුවො එහෙම කතා බහකරමින් හිටියා....තාත්තා මාලු බිස්නස් වලට යන තුරු ඉඳලා අම්මා නිතරම කාත් සමඟ හෝ දොඩමලු වෙනවත් ප්‍රසංගට ඇහිලා නොතිබුණා නෙවෙයි ....
යාලුවො ඉස්සරහ ලැජ්ජ වෙන්න බැරි නිසා ජීවිතේ නැති කරගන්න හිතුණත් තාත්තාත් ගෙදර එන්නෙ කලාතුරකින් වගේම මල්ලිත් තමනුත් ගැන තාත්තා සොයා නොබලපු නිසා ප්‍රසංගා හිතුවෙ එයත් නැතුව මල්ලිට යන කලදසාව මොකක්ද කියල ...
මේ අතරෙදි තමයි පාසලේ 12 වසරෙ විතර ඉන්නකාලෙ යෞවනයේ දොරකඩ ගාවම හිටපු ප්‍රසංගගෙ ජීවිතේට ආදරේ අත වනන්න පටන් ගත්තේ....ඒ ප්‍රසංගලාගෙ නිවසට ඉස්සර නිවසේ හිටපු නිවුන් සහෝදරයෝ දෙන්නම.ඔව්...පුදුමයකට වගේ එ දෙන්නටම ප්‍රසංගා ගැන ආදරයක් ඇති වෙලා තිබුණා.....
නමුත් ප්‍රසංගාගේ හිත ගියේ ලොකු සහෝදරයා ඉන්දික පිළිබඳව.ගමේ බොහෝ දෙනෙකුට ලොකු සහෝදරයා ගැන පැහැදීමක් තිබුණේ නෑ..පොඩි සහෝදරයාත් නිතර තමන්ගෙ අයියා ගැන අනතුරු ඇඟවීම් කරත් ප්‍රසංගා ඒව කනකට නොගත්තේ තමාව අහිමි වුණා නිසා ඔහු ඉරිසියාවට කියන කතා කියල හිතලා ....
දෙන්නගේ සම්බන්ධය සාමාන්‍ය විදියට මුණගැහුණ හිත් වලින් බැඳුණ සම්බන්ධයකට වඩා දුරදිග ගිහින් නොතිබුණත් දවසක් එක අවාසනාවන්ත සිදුවීමක් ප්‍රසංගගේ මුළු ජීවිතේ ම වෙනස් කරන්න සමත් වුණා.
"මොකක්ද උඹ මේ කරලා තියනව කියල අර ඉන්දික ගම හැමතැනම කිය කිය යන්නේ..." වේගවත් කම්මුල් පහරක් දුන්න අම්මා ප්‍රසංගාව ගේ ඇතුළට තල්ලු කරමින් ඇහුවා... අම්මා කළ කී දේවල් අච්චර ඉවසන් හිටපු තමන්ට නොකළ දේකට අම්ම සලකන හැටි ගැන ප්‍රසංගට ඇති වුණේ තමන් ගැනම ආත්ම අනුකම්පාවක්....ප්‍රසංගා අවසානයේදී සුළු කම්පනයකදී පවා සිහිසුන්ව වැටෙන තත්වයකට පත් වුණා.
එදයින් පස්සේ අමතර පන්ති යෑම් සියල්ලම තහනම් වුණ ප්‍රසංගා කෙසේ හෝ උසස්පෙළ විභාගයට මුහුණ දුන්නා..... විභාගයට තොරතුරු තාක්ෂණය විෂය හැදෑරූ නිසා ඇයට අන්තර්ජාල සම්බන්ධතා සහිතවම ලැප්ටොප් පරිගණකයක් තිබුණා....ප්‍රසංගාගේ පුරුද්ද වුණේ විභාගයෙන් පස්සෙ ගෙදරට වෙලා චිත්‍රපට නැරඹීම හා ෆේස්බුක් යෑම.එදා වුණ සිද්ධියෙන් පස්සෙ ඇයට ගම් වැසියන්ට මුහුණ දීමට නොහැකි වුණා වගේම ගොඩක් පිරිමි ළමයි ඇය පිළිබඳව පැහැදීමකින් නොසිටි නිසා වටපිටාවෙ ඇවිදීමටවත් උවමනාවක් වුණේ නැහැ.
*******************************************
"ඔයාට ගොඩක් පින් ගගන මාව මෙහෙම බලා ගන්නවට..." ඒ හැබැහින් සිදුවුණ දෙයක් නම් නෙවෙයි ....ෆේස්බුක් එකෙන් ප්‍රසංගා සමඟ මිතුරු වුණ හොඳම යාලුවා තමයි ගගන..ප්‍රසංගාගෙ අසනීප තත්වයත් එක්ක එයාව සතුටින් තියන්න බොහෝ විට ඉදිරිපත් වුණේ ගගන.ඔහුත් සමග ජීවිතේ බෙදාහදා ගැනීම ඇයට ලොකු අස්වැසිල්ලක් වුණා.....
එත් කාලයත් සමඟ ඇය හිතටත් හොරාම ගගනට පෙම් කරන්න පටන්ගෙන හිටියා..නමුත් ගගනත් ඉස්සර වෙන බවක් පේන්න නැති නිසා ප්‍රංසංගා හිතුවා හැමදාම ෆේස්බුක් එකෙන් කතා කරන කෙනෙක් නෙවෙයි ඇත්තටම ළඟ ඉඳන් බලා ගන්න කෙනෙක් සොයාගතයුතු කාලය ඇවිල්ලා කියල .. සමහර විට ගගනට වෙන ගෑණු ළමෙක් ඉන්නව වෙන්නත් බැරි නැති බවත් ඇයට සිතුණා.
ඒ නිසා තමන්ට හිත ගිය පිරිමි ළමෙක් ඉන්නවා කියල ප්‍රසංගා ගගනට සමු දුන්නා ..හැබැයි හිතකින් නෙවෙයි ....
*************************************
"අනේ ගගන අයියේ ..මං ප්‍රසංගා අක්කලගෙ අල්ලපු ගෙදර නංගි...එහෙ පාඩම් කරන්න යන කාලේ මං ඔය දෙන්න ගැන දන්නවා..නම්බර් එකත් ගත්තෙ සින්දු අහන්න කියල බොරුවට ලැප් එක ඉල්ලගෙන.එයාට ඔයාට මූණ දෙන්න බෑ...."
"මොකක්ද නංගි කියන්න හදිස්සියක්ද..."
ගගනත් හිටියෙ තමන් ආදරේ කරපු කෙල්ල වෙන කොල්ලෙක් ට කැමති කියල කිව්ව එක අදහගන්න බැරුව..ඒත් ප්‍රසංගා දැනන් හිටියෙ නෑ ගගනත් තමන්ට ආදරේ බව..
"අක්ක ආයෙම සැරින් සැරේ අසනීප වෙනවා.අර යාලු වෙලා ඉන්න බුද්ධි අයියා නිතරම එයා එක්ක රණ්ඩු කරනව..අක්කව මරාගන්න ආව එකෙක් ද කොහෙද ..."
ගගන හිටියෙ ලොකු ප්‍රශ්න කන්දරාවක් මැද්දෙ වුණත් ප්‍රසංගා නැතුව ඉන්න බැරි වුණා....ගගන අනුරාධපුරයට ආසන්න හද්දා ඈත පිරිසර ගමක පිරිමි ළමෙක්..ප්‍රසංගා මීගමුවෙ......
ගගනට තිබුණ ලොකුම ගැටළුව වුණේ තමන්ගේ අක්කා සැමියගෙන් වෙන් වෙලා නැවත ඇවිල්ලා තිබුණ එක..නමුත් අවාසනාවන්ත විදියට ටික කාලයක් යනකොට ඇය සිය එකම දරුවව ගගන ගාව තනිකරලා වෙන කෙනෙක් සමඟ පැනල ගිහින් තිබුණා......ගගනගේ මවත් පියත් දෙදෙනාම ජීවතුන් අතර හිටියේ නැහැ.....
ප්‍රසංගා දුක් විඳින ආකාරයත් ඇගේ ජීවිතේ තියන අවධානම් තත්වයත් අවබෝධය කරගත්ත ගගන එක් දිනක කෙසේ හෝ ඇයව ඇගේ නිවැසියන්ට හොරෙන් තමන්ගෙ නිවසට කැඳවාගෙන ආවා.
"ඇයි මහත්තයෝ මට ඕක කලින් නොකිව්වේ..බුද්ධි කියන්නෙ මහ තිරිසනෙක්...එයාගෙ පහත් ආසාවල් ඉෂ්ට කරගන්න මාව පාවිච්චි කරා විතරක් නෙවෙයි මාව තව ටිකක් අසනීපෙ පැත්තටම තල්ලු වෙන්න වැඩ කරා..."
ප්‍රසංගා ගගනගෙ ඇඟට වාරු වෙලා ඇති තරමට ඇඬුවා.ගගනත් ඇගේ දුක සැහැල්ලු වෙනකන් ඒ කඳුලු වලට ගලාගෙන යන්න ඉඩ දුන්නා.....
"මං මෙයාව බලා ගන්නම්... ඔයා බය නැතුව ගිහින් එන්න මහත්තයෝ.." ප්‍රසංගා ගගනගේ අක්කගෙ දරුවාව වඩා ගෙන ඉන්න ගමන්ම ගගනගෙ නළල සිපගෙන කිව්වා..
කොහොම හරි ගගන රැකියාවකට ගිහින් මේ දෙදෙනාව නඩත්තු කරන අතරේ ප්‍රසංගාත් ඉගෙනීම් කටයුතු නතර කරේ නැහැ.ඇය නිවසේ සිට පාඩම් කරලා අවසානයේදී විශ්ව විද්‍යාල වරම් දිනා ගත්තා...ගගන රැකියා ස්ථානයේ ඉහළටම ගිහින් අක්කගේ දරුවාව දිවාසුරැකුම් මධ්‍යස්ථානයකට ඇතුල් කරල රැකබලා ගත්තා.ප්‍රසංගා විශ්ව විද්‍යාලයෙන් පිටවී රැකියාව ලබාගත් විගසම ඔවුන් විවාහ වුණා.
ප්‍රසංගගේ අසනීප තත්වය නිසා ඇයට දරුවන් පිළිබඳව බලාපොරොත්තු අතහැර ගන්නට වුණත් ගගනගේ සහෝදරියගේ දරුවා හැමදාම ඇයට ඇගේම දරුවෙක් බවට පත් වුණා.
අවසානයි.
******************************
උපුටා ගැනීමකි
No comments:
Post a Comment