💕🌹මාලතී නුඹයි🌹
මාමෙ මාමෙ අනේ දෙන්නකෝ මට කිරි අයිස් පැකට් එකක්……….ආ..බන් කෙල්ලෙ උබට හැමදාම අයිස් කන්න කෙහෙන්ද සල්ලි,,,අයියෝ…….ඕකනි බැලි ඉතිම්,,මට ඉනටවල් එකට කෑම ගන්න දෙන සල්ලි වලින් ඉතුරු වෙන රුපියල් 5ට අයිස් එකක් ගන්න ආවම මාමා මෙතන නඩු විබාග කලනවනේ,,,,,
…………………………………………..යකෝ මේකිගෙ කටේ ගනන්,, හා…. හා….හා..අරන් යමන්..උබෙ අම්මට දැන් පොලිස් රාලහාමිලානෙ මාසෙ පඩිය දෙන්නෙ…………………………..😤😤😤මාමෙ මේන් අයිස මට ඕන ඇති අයිසක් නෑ…හ්ම්ම්…😤😤……………… පුහ්හ්හ් මේකිටත් පොලෝසියෙ උශ්නෙ ගහලා,,,,,,,,,, , පහේ කාසිය අතට ගත්ත ගමන් පාර දිගේ දුවන් ඇවිත් ලොකු මාර ගහ යට නතර උනේ මහන්සියටමත් නෙවෙයි ,,😢😢 අනේ ඇයි ඒ මාමා මට අර විදියෙ කතාවක් කිව්වේ .😢😢තාත්ති එවන රට සල්ලි තියෙද්දි මොකටද පොලිසියෙ මාමලාගෙ සල්ලි,,,,,,,,,
ඒ එක්කම මට මගේ තාත්තිව මතක් උනා,,,😢 ඇයි මගෙ තාත්ති ඔයා ලංකාවට එන්නෙ නැත්තෙ,, ඇයි ඔයාගෙ සුදු දෝනිට කතා කරන්නෙ නැත්තෙ ,,😢 තාත්ති මට ආදරේ නැද්ද කියන්න ,, මගෙ සුදු තාත්ති ඔයාගෙ සුදු දෝනි තව මාසෙකින් ශිෂ්‍යත්ව විබාගෙ ලියනවනේ ,,මන් පාස් උනොත් තාත්ති එනවද මාව බලන්න… 😟😟😟ගෙදරට ආවෙ කොහොමද කියලවත් මට මතක නෑ 😟 මතක තිබුන එකම දේ කඩේ මාමා කීව දේයි 😤 ,,තාත්තිවයි විතරයි 😢😢ඇහ්හ්හ් ,,,කවදාවත් නැතුව ඇයි මේ අම්ම ගෙදර දොර වහන් ඉන්නෙ
😰😰අම්මී……කෝ අනී..මේ,අම්මියා,,,අයියෝ අම්මි මේ දොර අරින්නකෝ,,යකෙක් කන්න බඩගිනී අයියෝ,,😩😩😩 ම්හ්හ්හ්හ් …. හැහ්හ්හ් ජනෙලුත් වහල දාලා 😨😨අම්මි කොහෙ හරි ගිහින්වත්ද😟😟😟 සදමාලි ඇන්ටී…ඇන්…. ආ…..මේ පැංචිනෙ☺️☺️ඇයි දුව මොකෝ මේ ගෙදර දුවන්නැතුව මෙහෙ ආවෙ?? නෑ,, මේ,,ඇන්ටියෝ අපේ අම්මා කොහෙ හරි යනව කිව්වද??? අනේ නෑ දුව ඇයි අම්මා ගෙදර නැද්ද ……..😓😓 ඒ ,,ඒ කියන්නෙ අම්ම ඇන්ටිටවත් නොකියා කොහෙද ගියේ,,,,,,කවදාවත් මගේ අම්මි මෙහෙම කරලා
නෑනේ……………………………..අනේ ඇන්ටි විහිලු නොකර කියන්නකෝ අපේ අම්ම කොහෙ හරි යන දවසට මාව මෙහෙ තියාගන්න කියලනේ යන්නෙ,,☺️☺️☺සදමාලි 😤😤ඔය කෙල්ලට ගෙදර යන්න කියනවා😤😤 කුනු නාම ඔක්කොම අපිටත් ගාවගන්න වෙයි,,,තමුසෙත් මහ ගෙදර යන්න ලෑස්ති වෙනවා…….. 😢😢😢😢 ජේසු තාත්ති අනේ.. මගෙ අම්ම කෝ කියන්න,, මට එයාගෙන් අහන්න ගොඩක් දේවල් තියෙනවා ,
,😟😟 ඉක්මනට අම්මිව ගෙදර එවන්න,,මන් බඩගිනී කියලා කරදර නොකර දොර ලගට වෙලා ඉදන් ඉන්නම්😢😢😢😢 වෙව්ලන පුංචි කම්මුල් දිගේ කදුලු බේරි බේරි වැටෙද්දිවත් කුමාර මාමට මන් ගැන දුක හිතුනෙ නෑ😰 සදමාලී ඇන්ටිත් බය වෙලා බලන් ඉද්දි 😨😨 මං ආපහු අපේ ගෙදර දුවන් ආවා ……. දොර ලගම වැටිල ඉදන් ගේට්ටුව දිහාම බලන් උන්නෙ අම්මි දැන් දැන් ඒවි කියලා හිතාගෙන😟😟……… කලුවර වැටීගෙනත් එනවා,,ඒත්, තාම අම්මි ආවෙ නැත්තෙ ඇයි???????? අහ්හ්හ් ගේට්ටුව ,,,,,,
ඇරෙන සද්දෙ ඇහෙනවත් එක්කම මන් දුවගෙන ගියේ අම්මි ආව සතුටට☺️☺️☺️☺️☺️ ඕහ්හ්හ් ඇන්ටි 😟 පැංචි ඔයා තාම මෙතනද දූ,,,,,,,,,,,😢😢අනේ ඇන්ටි මන් මග බලන් උන්නෙ අම්මි එනකල් කෝ මගෙ අම්මි ඒ එයාට කරදරයක්වත්ද කියන්නකෝ අනේ😢😢😢 පොඩ්ඩක් ඉන්නකෝ පැංචි අම්මට කරදරයක් නැතුව ඇතී,,,මාමාට කෝල් කරල දැන්ම එන්න කියමුකෝ හාද?? අපි චුට්ටක් කලබල නොවී හොයල බලමු,,,,,,,,,,,, ට්‍රිං ……ට්‍රිං …..☎ කියන්න සදා,,,
☺️☺️ කුමාර මේ……… මේ….. අය්යෝ සදා මේ මගෙ යකා අව්ස්සන්නැතුව කියන්න ගත්ත මගුලක් කියනවා😤 මේ…සේපාලි තාම ගෙදර ඇවිත් නෑ පැංචි තාම ගෙයි දොර කොඩ පව් පුංචි කෙල්ල හොදටම බය වෙලා ඉන්නෙ කුමා,,,,බඩගිනිත් ඇති කෙල්ලට…..😢😢😢😢 මේ මොනාද වෙන්න සදා??? දවල් අර සේපාලි හාද වෙලා උන්නු පොලිසියෙ ඕ අයි සී මහත්තයගේ නෝනා ඇවිත් ගමටම ඇහෙනන කෑගහපු එකේ ලැජ්ජාවට මේ ගෑනි නපුරක්වත් කරගෙනද????😱😱😱😱😱😱😱😱😱😱 හනේ මන්දා කුමා මේ වෙන්න යන්නෙ මොනවද කියල මට තේරෙන්නෙත් නෑ
එන්නකෝ ඉක්මනට ගෙදර 😟😟😟😟😟😟😟😟😟😟 හ්හ්හ්හ් මේ මේ මොනව ගැනද මෙයාලා මෙච්චර කතා කරන්නෙ ෆෝන් එකෙන් ,,,, ඇයි ඇන්ටි බය වෙලා වගේ ඉන්නෙ ,, . මොනවද සදා ඇන්ටි කල්පනා කරන්නෙ? කුමාර මාමා මොනාද කිව්වෙ?????…………………………………………..ආ,,, අහ්හ්,,මොනාද මගෙ දූ ඇහුවෙ ?
තව ටිකකින් මාමා එයි එන්නකෝ අපි ගිහින් බති චුට්ටක් කාලා ඇගපත සෝදන් නිදාගමු හොදද මගෙ දූ,,, අම්මි ආවම ඔයාට ඇහැරවන්නම්කෝ හා….යමු දැන්………………….. ටක් ,,,,,,ටක්……ඔයා ආවද??? කෝ පැංචි සදා?? දැන් තමයි නිදා ගත්තෙ………..අපි දැන් මොකද කරන්නෙ කුමා මේ වෙලාවෙ උදව්වක්
ඉල්ලන්නවත් කෙනෙක් නෑනේ…. ඉන්නකො හංදියෙ ගැංසි ගැහෙන වසවර්තියන්ගෙන් හරි උදව්වක් ගන්න……….වෙන කරන්න දේකුත් නෑනෙ,,, මං ගිහින් එනකල් දොර වහන් ගෙට වෙලා ඉන්න,,,,,,,,,,,,,,,,,,,,,,,,, ඒ……..රනා…..ටික්කො පොඩ්ඩක් වරෙල්ලකො ,,,,,,,, ආ…….කුමා අයියා මොකෝ අද මේ පැත්තෙ ….. ගත සිත සලිත වෙලා යන්නත් එක්ක දුම්පාරක් දාමුද ?????? නෑ නෑ පොඩි උදව්වක් ඕන උබලගෙන්..
සේපාලි ගෙදර නෑ ආගිය තොරතුරක් නෑ දවල් ඉදලා…පොඩි එකිත් අපේ උන්දා එක්ක දාලා මේ ආවෙ… උබ මේ මගුලක් කතා කරනවද අයියෙ ඔය ගෑනි කොහෙ හරි ගුබ්බෑයමක රිංගන් ඇති…බලහන්කෝ උදේ වෙද්දි චිංචිමානිකාව නලව නලව එන්නෙ නැද්ද කියලා…………😏😏😏😏😏 මට නම් හිතට මහ අමුත්තක් දැනෙනව බන් මේකි දවල් සිද්දිය නිසා නුහුගුනයක්වත් කරන්ද කියලා…..
ඒකිගෙ ගේ පැත්තෙ සෝදිසි පාරක් දාලා එමු කොල්ලනේ මොකටත්,,,,😟😟😟 ජනා ..කස්ස ඔහොම පොඩ්ඩක් ඉදිල්ල අපි මේ ලගට ගිහින් එන්නම්….යමන් අයිය එහෙනම් …………………………… වැඩක් නෑ බන් උදේට බලමු ගෙයි ඇතුලෙන් එලියක් නැතුව කිසිම දෙයක් පේන්නෑ…😦😦😦😦 ඒ රනා මේ බලපන් මේ ජනේලෙ උඩ හරිය බිදිලා ,,,,,, නගහන් මගෙ කරට……ටෝච් එක ගහලා බලහන් ටිකක්
…………………හයියෙන් අල්ල ගනිංකො බන් වනන්නැතුව 😠😠 ඒ……..ඒ….😱😱😱 මේ…මේ…..කු..කුමා..ටික්කා මොකද යකූ තොට රෙන්ඩ බරයිද???? කියන මකබාවක් තටමන්නැතුව කියපන්කො රෙද්ද 😠😠😠 මාව බස්සපන් අයියේ අහ්හ්හ්……හරි දැන්වත් කියහන් උබ මේ යකා ගැහුව වගේ වෙව්ලන්නෙ ඇයි කියලා,,,,,,අයි..යේ කෙරවලේ කාමරේක මොනව හරි දෙයක් එල්ලිලා තියෙනවා …..අයියෝ බන් ඒ සේපාලිකා අක්කවත්ද???
අපි දොර කඩල බලමුද බන් .😰😰😰😰😰😰😰😰😰😰 ඒක එච්චර ඇගට ගුන නෑ බං..අපි පොලිසියෙ මහත්තුන්ට කියලා එයාලගෙ අනුදැනුම පිට කරන දෙයක් කරමු වරෙල්ල යන්න ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,(පොලිස් පරික්ෂකවරු දෙදෙනෙකුගේද සහය ඇතිව දොර අගුල් බිද ගෙට ඇතුල් වූ පිරිසට දැක ගන්නට ලැබුනේ ගෙල වැලලාගෙන මිය ගොස් සිටි සේපාලිකාගෙ සිරුරයි……….😢😢😢😢😢😢😢😢😢😢 පැංචි …පුතේ …දැන් ඔය අඩ අඩා නොකා නොබී මුරන්ඩු උනා ඇති මයෙ දෝනි ………..
.😏😏 අම්මි හෙට සදා ඇන්ටි ඒ ආවම කනවා…☺️☺️ අම්මි තාත්තිව එක්කන් එන්න ගිහින්,,,,,,😀😀 ඕන් බලන්නකො මට ගොඩාක් සෙල්ලම් බඩු ගෙනෙයි…ඔයාටත් චොකෝ එකක් දෙන්නම්කෝ මන් ඉතිම😉😉😉😉😉😉😉 සේපාලි නැති වෙලා මාසයක් වෙන්නත් කිට්ටුයි මේ දරුවා කාපු දෙයක් නැති තරං,,,රෑ ජාමෙට නින්දෙන් විකාර කියවනව ,,,,,,,,,,දවල්ට කිසිම කතාවක් බහක් නෑ😶😶 හවස් වෙද්දි විලාප දිදී අඩනවා මෙහෙම ගියොත් මේ දරුව ලෙඩ වෙයි කුමා
…😢😢 සංජය රටකට ගියා ගියාමයි සේපාලිගෙ මරනෙ දන්වල ඇරලවත් දරුව බලලා යන්නවත් ආවද😡😡 මේ දරු පැටියව බාර ගන්න නෑදෑයෙක්වත් ඉන්නව කියලද?????? හ්ම්ම්ම්ම් බලන් උන්න ඇති සදා අපි දොස්තර කෙනෙකුටවත් දුවව පෙන්නමු,,,,කෙල්ල තවම ඉන්නෙ හොඳ සිහිකල්පනාවක නෙවෙයි ,,,පව් ,,,, දෙමව්පියෝ උනාම මීට වඩා දරුවගෙ පත්තෙන් හිතලා කටයුතු කෙරුව නම් අද පැංචිට මෙහෙම වෙන්නෙ නෑ.මේ එක දරුවෙක් විතරයි තව කොච්චර නම් දරුවො ඇත්ද දෙමාපියෝ නිසා මානසික හින්සනයන්ට ගොදුරු වෙච්ච😦😦😦 “යුගයෙන් යුගයට නොමියන දහනක දිවියක පදනම මතුවෙද්දි නොපෙනෙන ඈතට ඈ ගෙන යනවා සියුමැලි කැකුලක් මැලවෙද්දී………………………..
~~~~~~නිමි~~~~~
Sudakshmi shamina
උපුටා ගැනීමක
No comments:
Post a Comment