🌹💕මදුවිත 🌷💕
බස් එකේ පිටිපස්සෙ ශීට් එකේ කෙලවරේ වාඩි වුනේ වෙනද පුරුදු විදියටමයි..පුරුදු විදිහටම මල් සිංදුවක් අහන්න කන් දෙකේ අැබ ගහගෙන මනනෝ පාරක් ගහගෙන ජනේලයක් අයිනෙ යන එක…එේ ෆීලිං එක ගැන කියල වැඩක් නෑ..බස් එක වාහන එක එක පාස් කරන ගමන් මූනට වදින හුලං පාර මද සිහියෙන් හිටපු මාව තව තවත් අසිහියට පත් කරපු බව විතරක් යාන්තම් මතකයි..
අතීතෙ වැලලිලා ගියාවෙ බස් එකට කොහොම අාවද කොහොම නැග්ගද නෑ නෑ එේව වැඩක්ම නෑ..කං දෙකට අැහෙන්නෙ කෑ ගහල අඩන ගායකයෙක්ගෙ කට හඩ විතරයි..එේ හඩත් එක්ක මට මතක් වෙන්නෙ..උබ.විතරයි..උබව..විතරමයි..උබට මං නොකීව දේවල් උබ වෙනුවෙන් මවපු හීන එේ ඔක්කොම මට විතරක්..මටම විතරක් සීමා වුනා කියල සමහර විට උබ දන්නව අැති සමහරවිට නොදන්නව අැති..වැඩක් නෑ තවත් එේ ගැන කතා..මොකටද..😔
එහා පැත්තෙ ඉදගෙන කෑ ගගහ ගියපු ඉස්කෝලෙ යන සූටි වුන් ටික බැහැල ගියාට පස්සෙ හිස් වුන තැන වාඩි වුනේ ගෑනු ලමයෙක් කියල මතකයි..හිනාවෙලා එතන වාඩි වුනා විතරයි මතක අක්ක කෙනෙක් ද නංගි කෙනෙක් ද… නෑ නෑ මතක නෑ ලගින් වාඩි වුනාට මොකද මම මගේම ලෝකෙක තනි වෙලා හිටිය නිසා මට වැඩක් නෑ..හැබැයි ටික වෙලාවකින් මං ලගින් ටිකක් අෑතට වෙනව විතරක් මතකයි..
මගේ හුස්ම පහලට හෙලනවත් එක්කම එන එේ සුවද මං දන්නව එේක එච්චර පිවිතුරු නැතුව අැති එේක පිළිකුල් වෙන්න අැති..මදුවිත සුවද සුවදක් වුනේ තැවුනු වැටුනු මිනිසුසුන්ට මිසක් වටේ බලන් හිටපු මිනිස්සුන්ට නෙවේ..එේ මිනිස්සුන්ට එේක පිළිකුල්… මම හිතින් හේතුඵල සම්බන්දෙ ගොඩනගා ගත්ත..අායෙත් පරණ මතක ගොඩ අවුස්ස අවුස්ස විදවන එකට මම අැබ්බැහි වෙලා ඔව්…
මදුවිත වුනත් පැණි රසයි උබව රිද්දපු වාර වලදි මට මාවම වලල ගන්න..ඔව් මදුවිත මාව උගුරෙ ඉදන් පුච්චගෙන පල්ලම් බහිද්දි අැස් වලින් බේරෙන කදුලු ලියවිලා තිබ්බෙ උබේ නමින්..උබ නොදන්නව අැති..දාහක් දෙනා කතා කරත් හිනා වුනත් මට උබේ හිනාව තරම් උබේ කතාව තරම් වටින් නෑ පිළිගනින්..
ඒ වගේම උබට රිදෙන රිද්දන ගානට මම ඊට වැඩියෙන් විදවන බවත් පිළිගනින්..එේත් වෙනද වගේම තව එක පාරක් හම්බ වෙලා හිනා වෙලා පලයං මට එේ අැති..එේ හිනාව මතකෙ තියාගෙන මං ජීවත් වෙන්නම් මැරෙනකම්..මොකද මට තව එච්චර දුර යන්න නෑ උබට රිදෙන වාරයක් වාරයක් ගානෙ මගේ අකවුව්ට් එකේ ශේෂය අඩු වෙනව..පිලිගනිම් වෙනද වගේම පිටින් හිනා වෙලා අැතුලෙන් පිච්චෙන මම තාමත් උබේ හොද යාලුවෙක් විතරක් බව..
~~~~~නිමි~~~~~
චමිත් මදුරංඟ
" කෙටිකථා නිවහන දැන් ඇන්ඩ්‍රොයි ඇප් ඵකක් ලෙසින්.
https://goo.gl/uFcBWq "
No comments:
Post a Comment