ආදරෙයිද මෙතරම්

කෙටි කතාවක්🌹🌹🌹🌹🌹🌹🌹

" අනූෂී මෙහේ වරෙන්කො ඉක්මනට හදිසියක්" ඔය කතා කරේ මගේ මල්ලී අනේ අම්මපල් මුන් මාව කන්ඩම ඉපදිලාද කොහෙද

" ඇයි යකෝ බෙරිහන් දෙන්නේ මට නිදහසේ ඉන්න දෙන්නැද්ද අදවත්" මම බැනගෙන මලයගේ කාමරයට යද්දී මේන් මේකා මූණ හතරැස් කරගෙන පොත දිහා බලාගෙන ඉන්නවා. ඒ පාර මේකට මොනා උනේ

මල්ලි ලගට ගිහින් බලද්දී පොත පුරා පොඩි එකාවගේ ඉරි ඇදලා ඇයි දෙයියනේ මට මේ වගේ සූකිරි වැඩ කරන මල්ලි කෙනෙක් දුන්නේ

" අනූෂී මේ ගාන කියලා දෙනවකෝ පැය ගානක් හැදුවත් හැදෙන්නෑ" මේකා ඉතින් මාව අතාරින එකක් නෑ කියලා හිතාගෙන ගානත් කියලා දීලා ලෑස්ති උනේ මගේ පැටියව හම්බවෙන්න පැටිය කිව්වම පොඩි එකෙක් කියලා හිතන්නෙපා මගේ ප්‍රථම හා අවසාන ප්‍රේමවන්තයා. සතියෙකින් පස්සේ මේ මීට් වෙන්න යන්නේ වෙලාවට ගියේ නැත්තම් මාව කයි

මගේ ආදරයට දැන් අවුරුදු අටක් වෙනවා. මම ඒලෙවල් කරන කාලේ තමයි ධනුකට ආදරේ කරන්න පටන් ගත්තේ. මම දැන් ටීචර් කෙනෙක්. ධනුක එයාගේ තාත්තාගේ බිස්නස් බලා ගන්නවා. කොච්චර කාලය ගත වෙලා තිබ්බත් මගෙයි ධනුකගෙයි ආදරය දශමයක්වත් වෙනස් වෙලා නෑ. ගොඩාක් අයට අණ දීලා වැඩ කරවන ධනුක මං ලග පොඩි එකා වගේ. අපේ ආදරය හැමෝම දන්න රහසක් අපේ ගෙවල් දෙකෙන්ම අපේ ආදරයට විරුද්ධ උනේම නැති නිසා මම හිතන්නේ අපි දෙන්නා වගේ වාසනාවන්තයෝ නෑ කියලා .

මගේ කල්පනා ලෝකය බිදුනේ ෆෝන් එක රින්ග් වෙද්දී

" අනේ මගේ පැටියා කෝල් කරනවා. අනූ ඉක්මනට පලයන් නැත්තම් අදත් පනිෂ්මන්ට් එකට කිස් දහයක් දෙන්න වෙයි" මම මටම කියාගෙන සාලයට එද්දී අම්මා ටීවී බල බලා හිනාවෙනවා. අපේ අම්මටත් ඉතින් නාට්‍ය පිස්සුවනේ තියෙන්නේ.

" අශෝකා මම යනවෝ" මම හිනාවෙලා අම්මට කියාගෙන එලියට එද්දී පව් අප්පා මෙච්චර වෙලා හිනාවෙවී හිටිය මූණ නිකන් කරන්ට් ගියා වගේ නිමිලා ගියා. ඒ වෙන මොකටවත් නෙමෙයි මම එයාගේ නම කියලා කතා කරාට ඇයි ආය නමක් තියෙන්නේ කතා කරන්න මිසක් වෙන මොකටද

අම්මාව ගානකටවත් ගන්නැතුව ස්කූටියේ නැගලා මම ආවේ හැමදාම මායි ධනුකයි මීට් වෙන පාර්ක් එකට. මං එද්දී මගේ පැටියා කම්බුලටත් අත තියාගෙන පොඩි එකා වගේ බලාගෙන ඉද්දී දුවලා ගිහින් උම්මා එකක් දෙන්න හිතුනත් පොදු ස්ථානයක හොදින් හැසිරෙන්න එපැයි කියලා මම හිමින් සැරේ ධනුක ලගට ගියා.

" මගේ පැටියෝ" එහෙම කියාගෙන ධනුක ලගට ගියත් මේ යකා මං දිහා බලන්නැතුව ඔරලෝසුව දිහා බලනවා.

" විනාඩි දෙකක් පරක්කුයි අනූ ඔයා අදනම් පනිෂ්මන්ට් එක අනිවාර්යෙන් තියනවා" ඕන් ඉතින් ම ගේ පැටියා කිව්වා කතාවක් හා ඉතින් මගෙන් කිස් එකක් ගන්න තියෙන ආසාවනේ

" ඔය පනිෂ්මන්ට් ගැන පස්සේ කතා කරමූ මගේ පැටියව සතියකින් පස්සේ දැක්කේ කෝ බලන්න මූණ මාව දකින්නැතුව කෙට්ටු වෙලාද කියලා" එහෙම කියාගෙන ධනුකගෙ මූණ හරවලා බලද්දී මොන කෙට්ටු වීමක්ද මේකා තව ටිකක් තඩිවෙලා.

" අහ්හ්හ්හ්හ් මං හිතුවා මාව දකින්නැතුව කන්නේ නැතුව ඉදලා කෙට්ටු වෙලා ඇති කියලා බලද්දී මං නැතුව සතුටින් ඉදලානේ" මං බොරු තරහක් මවාගෙන කිව්වේ කටත් ඇදකරගෙන

" නැතුව කොච්චර සතුටින් හිටියද කියනවනම් දවසකට වේල් හතරක්ම කෑවා" අනේ අම්මපල් මටමයි අප්පා එහෙම පාප ප්‍රේමවන්තයෙක් ලැබිලා තියෙන්නේ

බොරුවට ඔරවාගෙන ඉන්න මං ලගට තව ටිකක් කිට්ටු උන ධනුක මගේ මූණ අත්දෙකින්ම අල්ලගත්තා .

" මගේ මැණිකව දකින්නැතුව මං වින්ද දුක මං විතරයි දන්නේ මැණික නැතුව මම තත්පරයක් වත් ජීවත් වෙන්නෑ" ධනුක මගේ ඇස් වලට එබිලා කියද්දි ඒ ඇස්වල කියා ගන්න බැරි තරම් ආදරයක් තිබුනා

" එහෙනම් මම මැරුනොත් මොනාද කරන්නේ" ඒ වචන ටික සම්පූර්ණ කරන්නවත් දෙන්නැතුව ධනුක එයාගේ අතෙන් මගේ කට වැහුවා

" ඔයාව ජීවත් කරවලා මං මැරෙනවා මිසක් ඔයාට මැරෙන්න දෙන්නේ නෑ මගේ මැණික" ධනුක ආදරයෙන් කියද්දි මම ධනුකට තුරුල් උනේ ඇස්වල කදුළුත් පුරවගෙන

" අපි දෙන්නා අවුරුදු සීයක් මේ වගේ රණ්ඩු වෙවී හිනා වෙවී පිස්සු වැඩ කර කර ජීවත් වෙන්න ඕනී මගේ පැටියා" මම එහෙම කියද්දි ධනුක මගේ නළලේ එයාගේ දෙතොල් තිබ්බේ ගොඩාක් ආදරයෙන්

උදේ නවයට ආපු මම දැන් වෙලාව හතරයි තාම ධනුකත් එක්ක කතා කර කර ඉන්නවා.

" මැණික දැන් යන්න හවස් උනොත් ඔයාට ස්කූටියෙන් යන්න අමාරුයිනේ" ධනුක  එහෙම කියද්දි මම ධනුකට තවත් තුරුලු උනේ එයාගෙන් අයින් වෙන්න ලෝබ හිතෙන නිසා.

ධනුකගෙ පෙරැත්ත දරා ගන්න බැරි තැන මම ධනුකගෙන් අයින් වෙලා ධනුකත් එක්කම ස්කූටිය ලගට ආවා

" පරිස්සමෙන් යන්න මැණික" ධනුක කියද්දි මම ධනුකට දගකාර හිනාවක් දාලා ඉස්සරහ ඇවිත් ආයෙත් හැරුනේ ධනුකව බලන්න. ඒත් එක්කම මගේ ඉස්සරහින් ආපූ ලොරියකට මගේ ස්කූටිය වැදුන පාර මම උඩට විසික් වෙලා බිමට වැටෙද්දී ධනුක මගේ මැණික කියලා කෑගහන සද්දෙ විතරක් මට අහුනා
...................................

" මිස් අනූෂී මාව ඇහෙනවද ඔයාට" කවුදෝ මගේ කම්බුල තට්ටු කරලා අහද්දී මම ඇස් ඇරියේ බොහොම අමාරුවෙන්

ඇස් ඇරියත් ඉන්න කිසිම කෙනෙක් හරියට පෙනුනේ නෑ ඔක්කොම බොදවෙලා පෙනෙද්දී ටික වෙලාවකින් මගේ වටේට ඩොක්ටර්ස්ලා ටික දෙනෙක් හිනාවෙලා මං දිහා බලාගෙන හිටියා.

" ආයු ඕකේ නව්" ඩොක්ටර් කෙනෙක් එහෙම අහද්දී මම ඔව් කියන්න ඔළුව හෙල්ලුවා
" ගුඩ් දැන් මාස තුනක් මේ බෙඩ් එකේම හිටියත් අද තමයි ඇස් ඇරියේ" ඩොක්ටර් එහෙම කියද්දි මගේ ඇස් නළලට ගියා. අනේ අම්මා මම මාස තුනක් මේ ඇදේමද හිටියේ මටම පුදුමයි. මගේ පැටියා මාස තුනක් මගේ කරච්චලේ නැතුව ඉන්න ඇතී

මම හිත හිතා ඉන්නකොට අපේ අම්මා මං ලගට ආවා කදුළුත් ඇස්වල පුරවගෙන. පව් මෙයාට මං නිසා නාට්‍යයත් බලන්න නැතුව ඇති

" මොකෝ අශෝකා මේ අඩන්නේ බොරුවට. නාට්‍ය බලන්න උන්නැති එක නිසාද අඩන්නේ" මම හිනාවෙලා කියද්දි අම්මා මගේ නළලට හාද්දක් දීලා මං දිහා දුකෙන් බලාගෙන හිටියා

මලයාත් මං ලගට ඇවිල්ලා හිටගෙන හිටියේ දුකෙන්

" මොකෝ මේ කතා පෙට්ටිය ගෙදර තියලද ආවේ හා" මම කටත් ඇදකරලා ඇහුවා

" නෑ අක්කා" මේන් යකෝ මේකා මට අක්කලු මේක ඉපදුනාට පස්සේ අදද කොහෙද මට අක්කා කියලා කතා කරේ. අනේ අම්මපා මුන්ට මොනා වෙලාද.

ධනුකගෙ ගෙදර අයත් ඇවිල්ලා මාව බලලා ගියාට ධනුක තාම මාව බලන්න ආවේ නෑ. මේ යකා ආපුදෙන්කො කරන්නම් වැඩක්. මම ධනුක ගැන හිත හිත ඉද්දී මල්ලී ඇතුලට ආවා

" අඩෝ මෙහේ වර" මං කතා කරද්දී මලයා මං ලගට ආවා

" උබේ මස්සිනා කෝ" මම අහද්දී මල්ලිගේ මූණ දුකෙන් පිරිලා බිම බලාගත්තා

" කියපන් බං මගේ යකා අවුස්සන්නැතුව " මම එහෙම කිව්වට පස්සේ මල්ලි එයාගේ සාක්කුවෙන් කොළ කෑල්ලක් අරගෙන මගේ අතට දුන්නා

මගේ මැණික,

   මැණික ඔයා වෙනුවෙන් තමයි මේ මගේ ජීවිතේ. ඔයා නැතුව මට තත්පරයක් වත් ඉන්න බෑ.මැණික ගොඩාක් සතුටින් ඉන්න ඕනී. මං නෑ කියලා දුක් වෙන්නෙපා හැමදාමත් මං ඔයාගේ හදවත  වෙලා ඔයාගේ හුස්මත් එක්ක එක්වෙලයි ඉන්නේ.

                   මීට ඔයාගේ
                        පැටියා

" මොකක්ද මේ මල්ලී ධනුක කෝ මට ධනුකව බලන්න ඕනී" මම අඩ අඩා කියද්දි මගේ සද්දෙට අම්මා දුවගෙන ආවා

" පුතේ අඩන්නෙපා ඔයාට අඩන්න හොද නෑ" අම්මා මාව තුරුලු කරන් කිව්වා

" අම්මා ධනුක කෝ අම්මා මට මගේ පැටියාව බලන්න ඕන" මම අඩ අඩ අහද්දී අම්මා කදුළු පිරුණු ඇස්වලින් මං දිහා බලාගෙන ඉන්න්වා

" ධනුක පුතා කොහේවත් ගියේ නෑ ඔයාත් එක්කම ඉන්නවා" අම්මා එහෙම කියාගෙන මගේ පපුව උඩ අත තියද්දී මං මොකුත් තේරුම් ගන්න බැරුව අම්මා දිහා බලාගෙන හිටියා

" ඔයා ඇක්සිඩන්ට් වෙලා ඔයාගේ හාට් එක ඩැමේජ් වෙලා තිබ්බා ඩොක්ටර්ස්ලා ඔයාව බේර ගන්න බෑ කියද්දි ධනුක පුතා එයාගේ හදවත ඔයාට දීලා එයා..." අම්මාගේ ඒ වචන ටික ඇහුනේ හී නෙන් වගේ. මගේ ඇස් නීලංකාර වෙලා මම ඇදගෙන වැටුනා.
.....................................

මම දැන් වාඩිවෙලා ඉන්නේ මායි ධනුකයි හැමදාම හම්බවෙලා හුරතල් වෙන පාර්ක් එකේ. ධනුක මාව දාලා ගිහිල්ලා දැන් අවුරුදු විස්සයි මං වෙනුවෙන් එයාගේ හදවත මට දීලා එයා මේ ලෝකේ අතහැර දාලා ගියත් එයා මාත් එක්ක තාමත් ජීවත් වෙනවා. ධනුක මාව දාලා ගිය මොහොතේ මාත් මේ ලෝකේ අතහැරලා යන්න කියලා හිතුවත් මගේ පැටියගේ හදවත ජීවත් කරවන්න ඕනී නිසායී මම තාත්තා ජීවතුන් අතර ඉන්නේ..........

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment