මුහුණු පොතේ ප්‍රේමය...
කෙටි කතාව..
ඇය සමිධි..සමිධි සදිත්මා.පොහොසත් පවුලක එකම දියණිය වෙලා හිටිය සමිධිට අම්මගෙ තාත්තගෙ ආදරේ ලැබුනෙම නැති තරම්.සමිධිගෙ අම්ම තාත්තා ජීවත් උනේ එයාලට වෙන්වෙලා තිබුන බිස්නස් ලෝක දෙකක.උදේ පාන්දරින් ගෙදරින් යන අම්ම තාත්තා ආයෙත් ගෙදර එන්නෙ මහ රෑ වෙලා.සමිධිගෙ තනියට පුංචි කාලෙ ඉදලා හිටියෙ මැණිකා.ඒ සමිධිගෙ ආයා අම්මා.ඇය අම්ම තාත්තව දැක්කෙ කලාතුරකින් දවසකට විතරයි.තාත්තා කොහොම උනත් අම්මටවත් ඕනෙ උනේ නෑ සමිධිට හොද අම්ම කෙනෙක් වෙන්න.සල්ලි ජීවිතේ කියලයි එයාලා හිතුවෙ.සමිධිට කිසිම අඩුවක් තිබුනෙ නෑ.අම්මගෙ තාත්තගේ ආදරේ ආරක්ෂාව හැර ඉල්ලන අනිත් හැමදේම සමිධිට ඉල්ලන පරක්කුවට එයාලගෙන් ලැබුනා.ඒත් දුවෙක්ට ඕනෙම දේ තමන්ගෙ අම්මගෙ ආදරය ආරක්ෂාව කියන දේ.ඒක සමිධිගෙ අම්මට තේරුම් ගන්න බැරි උනා.අම්ම කෙනෙක් දුවෙක්ට හොද යාලුවෙක් වෙන්න ඕනෙ.එහෙම උනාම දියණියන්ට වරදින්න තියෙන අවස්තා අඩු වෙනවා.
සමිධි කියන්නෙ දගකාර චරිතයක්.උසස් පෙල ලියලා ගෙදර ඉන්න සමිධිට තනියට තිබුනෙ ජංගම දුරකතනය විතරයි.ගෙදරට වෙලා ඉන්න පාලු නිසාම ඇය හොදම යෙහෙලිය තරින්දි සමග පරිගණක පාඨමාලාවක් හදාරන්න අම්මගෙන් අවසර ඉල්ලුවා.ඒත් අම්මා තාත්තා අකමැති උනා සමිධි ගෙදරින් එලියට යනවට.ඒ නිසා සමිධිගෙ නිදහස ගෙදර බිත්ති හතරට කොටු උනා.
සමිධිටත් අනිත් යහලු යෙහෙළියන්ට වගේ ෆේස්බුක් ගිණුමක් තිබුනා.පාසලේ යාලුවෝ වගේම නාදුනන මිතුරු මිතුරියන් ගොඩක් සමිදිට හිටියා.ඒ අතරින් ඇයට විශේශ කෙනෙක් හිටියා..ඒ ගිහාන්..ගිහාන් සාරංග.සමිධිට කිව්ව විස්තර සහ එව්ව පොටෝ අනුව නම් ගිහාන් කියන්නෙ අවුරුදු 26ක කඩවසම් පොහොසත් තරුණයෙක්.මුහුණු පොතේ දහස් ගානක් යාලුවො අතරින් ගිහාන් ඇයට විශේශ උනා.හරියටම කිව්වොත් ඇය ඔහුට ආදරේ කලා.හිතේ තියෙන පාලුව තනිකම නිසාම සමිධි ඔහුට ගොඩක් ලං වුනා.
යාලුකමකින් පටන් ගත්ත මේ බැදීම ආදරයකට පෙරෙලෙන්න වැඩි කාලයක් ගියේ නෑ.
"සමිධි මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.." එහෙමයි ගිහාන් කතාව පටන් ගත්තෙ.
"කියන්න ගිහාන් අයියෙ..මං අහගෙන ඉන්නෙ.." සමිධිගෙ හිතට ගිහාන්ගෙ ඒ වචන සතුටක් ගෙනාවා.මොකද ඇය දැනගෙන හිටියා ගිහාන් අහන්න යන දේ.
"නංගි මං ඔයාට කියන්න හිටියෙ මේ..මං ඔයාට කැමතියි.." ගිහාන් හිතේ තියෙන දේ අමාරුවෙන් වචන කලා.ඒ වචන වලින් සමිධිගෙ ඉහේ මලක් පිපුනා වගේ.සතුට වැඩිකමට වචන පිටවුනෙත් නෑ.
"කියන්න සමිධි ඔයා මට කැමතිද?..නැත්නම් කමක් නෑ අපි මේ හිටියා වගේ යාලුවෝ වෙලා ඉමු.." ගිහාන්ට ඕනෙ උනේ කොහොමහරි සමිධිට ලං වෙන්න.ඒ ආදරයක්ම නෙමෙයි.සමිධිගෙ සල්ලි වලට සහ රූපෙට තිබුන කෑදරකමට.මේ මොකුත් නොදැන හිටිය සමිධිට දැනුනෙ අම්ම තාත්තා තනිකරලා දාපු ජීවිතේට අලුත් එලියක් වැටුනා කියලා.
"අහ් න්..නෑ..නෑ ගිහාන් අයියේ..මේ මේ..මාත් ඔයාට කැමති.." සමිධි කීවෙ අවංකවම.ඒ වචන වලින් ගිහාන්ට නම් ලැබුනෙ කුරිරු සතුටක්.
කාලය ගෙවිලා ගියා.සමිදිට ගිහාන්ව නැතුවම බැරි උනා.ගිහාන් සමිධිගෙන් සල්ලි ඉල්ලද්දි දෙපාරක් හිතන්නෙ නැතුව සල්ලි යවන්නත් ඇය පුරුදු උනා.ගිහාන් කිසිම වෙනසක් නැතුව ඇය එක්ක කතා කලා.ඒත් එක දවසක් ගිහාන් ගෙනාපු එක යෝජනාවක් නිසා සමිධි ගැස්සුනා..
"සමි බබා මොකද කරන්නෙ.." ගිහාන් ඇහුවෙ ගොඩක් ආදරෙන්.
"ම්ම් දැනුයි මේ වොෂ් දාලා නිදාගන්න ආවෙ අයියෙ.." සමිදි කීවා.
"එහෙනම් මං දෙයක් කියන්න කරනවද.." සමිධිගෙ ඒ වචන එක්ක ගිහාන් තමන්ට ඕනෙ තැනට ආවා.
"මට ඔයාගෙ පොටෝ එවන්න දැන්.." සමිධිගෙන් උත්තරයක් ලැබෙන්නත් කලින් ඔහු කීවා.
"දැන් බෑ අයියේ..හෙට උදේ එවන්නම්.." සමිධි කීවෙ නිදන ඇදුම පිටින් චායාරූප යවන්න බැරි නිසා.ඒත් ගිහාන්ට ඕනෙ උනෙත් ඒකමයි.
"දැන් බැරි නම් මට හෙට උදේ වැඩක් නෑ හලෝ..තියාගන්නවා පොටෝ තමුසෙගෙ..මට එපා.." ගිහාන් එහෙම කියලා ඇමතුම විසන්දි කලා.සමිධිට ගොඩක් දුක හිතුනා.මොකද කවදාවත් ගිහාන් ඇයට එහෙම තරහෙන් කතා කරලා නෑ.කොච්චර මැසේජ් කෝල් ගත්තත් ගිහාන් ඒවට උත්තර දුන්නෙත් නෑ.ඔහුව යාලුකරගන්න තියෙන එකම ක්‍රමය ඔහු කිව්ව දේට කැමති වීම නිසා සමිධි ගිහාන්ට ඇගේ චායාරූප කිහිපයක් යැව්වා.සමිධි හිතුවා වගේම ගිහාන් ඊට පස්සෙ ආයෙත් කතා කලා.
එදා ඉදන් ගිහාන් ඉල්ලන වෙලාවට පොටෝ යවන්න සමිධි දෙපාරක් හිතුවෙ නෑ.පස්සෙ ගිහාන් ඉල්ලන ඉල්ලන වෙලාවට නිරුවත් චායාරූප සහ වීඩියෝ යවන්නත් සමිධි පුරුදු උනා.මුලින් ඒවට අකමැති වෙද්දි එදා වගේ ගිහාන් තරහ උනාම සමිදි ඒවට පැකිලුනේ නෑ.
දවසින් දවස මේ බැදීම වැඩි උනා.එක දවසක් ගිහාන් කීවා සමිධිට ඔහුව මුණගැහෙන්න එන්න කියලා.සමිධි ගෙදරට හොරෙන් ගිහාන්ව මුණගැහෙන්න ගියා.පොටෝ වලින් දැකලා තිබුන නිසා එයාලට එයාලව අදුනගන්න අමාරු උනේ නෑ.ගිහාන් ඇයව එක්ක ගියේ අද අඩියෙන් අඩිය බිහි වී තියෙන ලැගුම්හලකට.මේ ලැගුම්හල් ඇතුලට යන ගොඩක් යුවතියන් එලියට එන්නෙ තමන්ගෙ ජීවිතේ වටිනම දේ පූජා කරලා.සමිධි ගිහාන්ව ගොඩක් විශ්වාස කලා.ඒකෙ ප්‍රතිපලය උනේ අවුරුදු 20ක් පුරාවට රැකගෙන හිටපු සමිධිගෙ පිරිසිදුකම ගිහාන් උදුරා ගත්ත එක.සමිදි ඇඩුවා.ඒත් ගිහාන් කීවෙ ඉක්මන්ටම ඇයගෙ අම්මා තාත්තා එක්ක ඇවිත් කතා කරනවා කියලා.
සමිදිගෙ හීන මාලිගා ඔක්කොම කඩාගෙන වැටුනෙ හිතුවෙ නැති මොහොතක.ඒත් ඒ වෙද්දි සමිධි පරක්කු වැඩි.සමිදි උදේ ඇහැරුනේ ආපු කෝල් එකට.නමවත් බලන්නෙ නැතුව ඇය පෝන් එක කනේ තියාගත්තා.ඒ කතා කලේ තරින්දි.සමිධිගෙ හොදම යෙහෙලිය.
" හෙලෝ.."
"හෙලෝ තමයි උබ තාම නිදිද..අන්න උබේ වීඩියෝ වගයක් ෆ්බී දාලා..ගිහින් බලපන්.." තරින්දි කීවෙ සමිධි ගැන දුකෙන් වගේම තරහින්.
"මේ මගේ.."
" නැතුව මගේද හරකියේ..මං දැනගත්තා උබ ගෙට වෙලා ඉදගෙන ලෙඩක් දාගනී කියලා.." තරින්දි කීවෙ තමන්ගෙ මිතුරිය ගැන දුකෙන්.සමිධි එහෙම්ම තමන්ගෙ ගිණුමට ගිහින් බැලුවා.දැකපු දෙයින් ඇය ගල් උනා.කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරි උනා.ඇය ගිහාන්ට යැව්ව ඇගේ නිරුවත් චායාරූප වගේම වීඩියෝ ඔහු සියල්ලම එහි තිබුනා.
සමිධි අඩ අඩම ගිහාන්ට කෝල් එකක් ගත්තා.සමිධිට එහා පැත්තෙන් උත්තර දුන්නෙ තරුණියක්.චූටි බබෙක් අඩනවත් සමිධිට ඇහුනා.
"හෙලෝ..කව්ද මේ කතා කරන්නෙ.."ඒ කටහඩින් සමිධි ටික වෙලාවක් ගොලු උනා.
"ම..මට..ගිහාන් අයියට කතා කරන්න පුලුවන්ද ටිකක්.." සමිදි වචන අහුලගෙන කතා කලා.
"කව්ද මේ කතා කරන්නෙ.." ඒ තරුණිය ඇහුවා.සමිධිගෙන් උත්තරයක් නැති නිසාම එහා පැත්තෙන් ඇමතුම විසන්ධි කලා.ඇය ආයෙත් ගත්තා.ඒ වෙලාවෙනම් උත්තර දුන්නෙ ගිහාන්.
"ගිහාන් අයියේ.කව්ද ඉස්සෙල්ලා ආන්ස්වර් කලේ.එත්කොට ඔයා මොකක්ද මගෙ ජීවිතේට කලේ.මං ඔයාට ආදරේ කරපු නිසාද මෙහෙම කලේ.මං දැන් කොහොමද මිනිස්සුන් අහන ඒවට උත්තර දෙන්නෙ.." සමිදි අඩ අඩම නොනැවතිල්ලෙ කතා කලා.
"සමිදි මොනවද තමුසෙ අහන්නෙ.උනේ මොකක්ද කියලා දන්නවා නම් අහන්නෙ මොන මගුලටද?..අනික මං උත්තර දෙන්න බැදිලා නෑ.උබ උඩ පැන්නොත් මං උබේ අනිත් වීඩියෝ ඔක්කොමත් ෆ්බි දානව.ඒ නිසා මට තවත් උබ කෝල් කරන්නත් එපා.ආ මේ අර ඉස්සෙල්ලා කතා කලේ කව්ද ඇහුවනෙ.ඒ මගේ වයිෆ්.දැන් හරිනෙ.එහෙනම් බායි.." ගිහාන් හිතක් නැති මනුස්සයෙක් වගේ හිනා වෙවිම එහෙම කියාගෙන ගියා.උනේ මොකක්ද කියලා සමිදිට හිතාගන්න බැරි උනා.හිතේ දුක නැති වෙන්නවෙත් උන වැරදි හදාගන්නවත් ආයෙ බෑ කියලා දැන දැන සමිධි ඇඩුවා.ඒ වෙද්දිත් සමිදිට ගොඩක් අයගෙන් කෝල් ආවා.ඒ හැම කෝල් එකක්ම ආවෙ ෆ්බි එකේ සැරිසරන සමිධිගෙ නිරුවත් චායාරූප සහ වීඩියෝ ගැන අහලා.අඩලා අඩලා හෙම්බත් වෙලා හිටිය සමිධි ජීවිතේ ගැන ලොකු තීරණයක් ගත්තා.උන ලැජ්ජාව නැති කරගන්න විදියක් නෑ කියලා ඇය තේරුම් ගත්තා.ඒත් සමිධි ඒ තීරනේ ගැන දෙපාරක් හිතුවා නම්..,
කාමරේ සිවිලින් ෆෑන් එකේ සාරියක් ගැටගහලා සමිධි බෙල්ල වැලලා ගත්තා..ෆේස්බුක් හරහා අවංක ආදරයක්,පෙම්වතෙක් හොයන්න ගිය තවත් එක තරුණියක් සමිධි.ඉතිං වැරදි සමිධිට ආදරයක් ආරක්ෂාවක් නොදී සල්ලි ජීවිතේ කරගත්ත ඇගේ දෙමාපියන්ද?..බොරු ආදරයක් පෙන්වලා සමිධිගෙ ජීවිතේ විනාශ කරපු ගිහාන්ද?..එහෙමත් නැත්නම් පාලුව තනිකම නැතිකරගන්න මුහුණු පොතෙන් අවංක ආදරයක් හොයපු සමිධිද?..
* * * * * * * *
ජීවිතයට යමක්..
මුහුණු පොත කියන්නෙ අද වෙනකොට යාලුවන් අදුනගන්න තියෙන හොද තෝතැන්නක්.හැබයි හොද මිනිස්සු වගේම මිනිස් වෙස් ගත්ත අමනුස්සයෝ ඕනෙ තරම් මුහුණු පොතේ ඉන්නවා.විශේෂයෙන්ම ගැහැණු ලමයි මුහුණු පොතෙන් ආදරවන්තයන් හොයන්න ගියොත් ජීවිතේ අවසානෙ ගොඩක් වෙලාවට සමිධිගෙ ජීවිතේ වගෙ වෙන්න පුලුවන්.
දෙමාපියන් තමන්ගෙ ජීවිතේ උපරිම සහ පලවෙනි තැන දරුවන්ට දෙන්න ඕනෙ.එයාලට ඇහුම්කන් දෙන්න ඕනෙ.එයාලා ලගින් ඉන්න ඕනෙ.විශේෂයෙන් අම්මා.මොන දේ දරුවන්ට දුන්නත් වැඩක් නෑ එයාලට ඕනෙ ආදරේ නැතුව.කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව ගෙදර දාලා යන දරුවගෙ ජීවිතේ සමිදිගෙ වගේ වෙන්න පුලුවන්.ගෙදරින් නොලැබුණු ආදරය සමිධි හෙව්වෙ මුහුණු පොත හරහා..
කොල්ලෙක් උනාම කෙල්ලෙක්ට එහෙම වැරැද්දක් කරන්න කලින් දෙපාරක් හිතන්න තමන්ටත් සහෝදරියො ඉන්නවා කියලා.ඒ සහෝදරියකට එහෙම දෙයක් උනොත් තමන්ට කොච්චර දුකක් දැනෙයිද?..ගිහාන් එක මොහොතක් එහෙම හිතුවනම් සමිධිගෙ තරුණ ජීවිතේ අකාලයේ සමුගන්නෙ නෑ.ගිහාන් වගේ චරිත මුහුණු පොතේ ඕනෙ තරම් ඇති.තමන්ගෙ චායාරූප වෙන කෙනෙක්ට යැවීමේදී දෙපාරක් හිතන්න.අද ලෝකෙ තාක්ෂණය ගොඩක් දියුණුයි.ඒ නිසා පරිස්සමින්..
නිමි..
උපුටාගැනීමකි
No comments:
Post a Comment