නොනිමි කඳුළ - Nonimikandhula
සුදු නංගි
අද ටිකක් වේලාසන ඕෆ් කළේ වැඩ අඩු නිසාද කොහෙද..අපේ සජත් වෙලාවකට පිස්සු තමා කරන්නේ හිටපු ගමන් රෑ දහය වෙනකම් තියන් ඉන්නවනේ තේරුමක් නැතුවම..මහන්සියට ආපු ගමන් එහෙමම ඇඳවුඩින් වාඩු වුනේ..දොරට ගහනව ඇහිළා එලියට ආවේ…සුදු නංඟී මගේ කෙල්ල හිනා වෙවී දොර ගාව…මේකිට නම් ඉව තියෙනවද කොහෙද මං ඕෆ් වෙන වෙලාවල් දැන ගන්න..එහෙම හිතන ගමන් කෙල්ලගේ අතින් අල්ලා කාමරේ ඇතුලට ගත්තේ…ඕන නෑ බටර් පාර ගාන්න අල්ලන්න එපා මාව එහෙම කියළා කෙල්ල මගේ අත ගසලා දාලා එහෙමම ඇතුලට ආවේ..මොකද මගේ කෙල්ල මේ…මම හරි ආදරෙන් ඇහුවේ…මොකද අහන්නේ මාව නිකන්වත් මතක් වෙන්නෙ නෑ..ඕන නෑ…ආ…පිස්සී කෝ ඉතින් මම වැඩනේ කෝල් කරන්නෙ කොහොමද?ම්ම්…අනේ ඔව් ඔව් ඇවිත් ගොඩාක් වෙළා නේද? ඔන්න ඉතින් මූන අඳුරු කරන් ආයේ කියනවන….නෑ සුදු නංඟී ඔයාගේ මේ සුදු අයියා ආවා විතරයි ඕෆ් වෙළා..ම්ම්…මං එහෙම කියළා කෙල්ලව අරන් පපුවට හේත්තු කරළා රිදෙන තරමට උම්මා එකක් දුන්නේ..මම් දන්නව සුදු නංඟිට කොච්චර කේන්ති ගියත් රිදෙන්න උම්මා එකක් දුන්නම කෙල්ල ෂේප්..මගේ කොච්චි කරල…
මේ කොහොමද මෙච්චර සීතලේ ආවේ…ආ..හොස්ටල් එකේ ඉඩ නැද්ද බබා..ම්ම්ම්…මම එහෙම කියළා කෙල්ලව ඇඳට තල්ලු කළේ..ආ මොකොද්ද කිව්වේ මම ආපු එක වැරදිනේ මම යන්නම්..කෙල්ලට හොඳටම කේන්ති ගිහින් බෑග් එකත් අරන් දොර ගාවට දුවලා ගියා..හිටපන් කෙල්ල ..පිස්සු නැතුව විහුලුවක්නෙ කළේ…මම කෙල්ලව උස්සන් ඇවිත් උකුලෙන් වාඩි කරව ගත්තා…පිස්සී මොකද අද මේ පන්ඳම අතින් අරන් ආ…මම කෙල්ලගෙ මූන මගේ පපුවට තද කරළා තියා ගන්න ගමන් කිව්වේ….
සුදු අය්යා මට ආදරේ පොඩ්ඩයිනෙ දැන්…..කෙල්ල හරි දුකින් කිව්වේ..අනේ බබා..කෝ ඔන්න ඉතින් බොරුවට දුක් වෙනවනේ..ම්ම්..ආදරේ නිසානේ මෙහෙට ගත්තේ..ම්ම්..ඕන නෑ …මොනාද..ම්ම්…මම එහෙම කියළා රිදෙන තරමට කෙල්ලගේ තොල් දෙක හැපුවේ..කෙල්ලට ඔක්කොම තරහා අමතකයි මගේ තුරුලට වෙළා ගුලි වෙලා ඉන්නවා…
සුදු නංඟී මට හමුවුනේ මීට අවුරුදු තුනකට කලින් ලංකාවෙදී..එතකොට මං කොළඹ පොඩි ජොබ් එකක් කළා..නිවාඩුවක් ලැබිලා ගමේ යන්න බස් එකට නැග්ගා…මගේ එහා පැත්තේ වාඩි වෙළා හිටියේ සුදු නංඟී..ඒ ඇස් දෙක දැක්කම මගේ හිත ගැස්සිලා ගියේ හිතුවෙ නැති විදියට..අඬන පොඩි ළමයෙක්ගේ වගේ කඳුළු පිරිච්ච ඒ ඇස් වලට මම පුදුම තරම් ආදරේ කළා…නහය ලඟයි තොල උඩයි තිබුන පුංචි ලපේ නිසා කෙල්ලගේ මූනෙ තිබුනේ අමුතු ලස්සනක්…
මොකද මගේ මූණ දිහා බලන් ඉන්නේ ආ…කෙල්ලගෙ කතාවෙන් මම ගැස්සිලා ගියේ…නෑ මොකුත් නෑ..ලස්සනයි..මම එකපාරටම කිව්වා..කිව්වා නෙමෙයි මට කියවුනාද කොහෙද..කෙල්ල හිනාවුනා…ලෝබ හිතෙන තරම් හිනාවක්. හිනා වෙද්දී තවත් ලස්සනයි..මගේ මූනෙ පෙරහැරක් යනවා කියළා හිතුවද ආ?කෙල්ල හැඩකාර වගේම කට කාරයි කියළා මට හිතුනා..මැට්ටී….ලස්සන දේට ලස්සනයි කියන්නෙ නැතුව කැතයි කියන්නද ආ..මමත් හරි සද්දෙට කිව්වේ..කෙල්ල බය වෙළා වගේ බිම බලා ගත්තේ..හිනාව බලන් ඉද්දී නැති වුනේ ..ඇයි මේ..ම්ම්…මම සද්දෙට කතා කරද්දී බයයි අය්යේ..කෙල්ල එහෙම කිව්වේ කට උල් කර කර..මැට්ටී..මම නිකන් කිව්වේ…ඒ විදියට කතා කර කර ගිහින් බහින්න ලං වුනාම මට දැනුනේ පුදුම දුකක්..
සුදු නංඟී..කොහේ තිබුන ආදරයක්ද මන්ඳා,මම කෙල්ලගේ අතින් ඇල්ලුවා…පිස්සුද හලෝ මිනිස්සු බලන් ඉන්නවා..කෙල්ල අත ගසලා දාලා බස් එකෙන් බැස්සේ…මමත් බස් එකෙන් බැහැලා කෙල්ලගේ පස්සෙන්ම ආවා…මිනිස්සු ඉඳියට මට මොකද ආ මේ මගේ නෝ එක ගෙදර ගිය ගමන් කෝල් එකක් දෙන්න ඕන..කතා නොකලොත් රෑට ඇවිත් උස්සන් ගිහින් බලෙන් ඔක්කොම කරනවා..මම කෙල්ලගේ අතට මගේ නම්බරේ බලෙන් දීළා ආපු බස් එකට ගොඩ වුනා..කෙල්ල ගල් ගැහිලා වගේ තාම බලන් ඉන්නවා..මට පව් කියලත් හිතුනා…
රෑ අටත් පහු වුනා එක දිගටම පෝන් එක රින්ග් වෙනවා..මම හිතුව වගේම කතා කළේ කෙල්ල…අහ් සුදු නංඟී…කෙල්ල අඬ අඬා කතා කලේ..අනේ ඇයි මේ? මම බය වුනා අය්යා..අනේ ඇයි?ඔයා මගේ අතට බලෙන් නෝ එක දීළා ගියාම කතා නොකලොත් මාව උස්සන් යයි කියළා…කෙල්ල ඉකි ගහනවා..අය්යෝ මැට්ටී එහෙම කිව්වට කරන්නෙ නෑ බබා..කතා කළේ නැතොත් කියළා බයට කිව්වේ පැටියෝ..ඕන නෑ..මොනාද ම්ම්…මං හිනා වෙළා ඇහුවේ…කෙල්ල මොකුත් කිව්වේ නෑ..කෝ මේ කෙල්ල..ම්ම්…ඕන නෑ…කෙල්ල ආයෙම කියනවා. මොනවද බබා ඕන නැත්තේ….කියන්නකෝ…කෙල්ල ඒ පාර හිනා වෙවී පෝන් එක කට් කළා…මට තේරුනා කෙල්ලත් මට ආදරේයි කියළා .
ඊට දවස් දෙකකට පස්සේ මට කොරියන් එන්න ඇග්‍රිමන්ට් එක ආවේ..අනේ එදා සතුටු හිතුනෙවත් දුක හිතුනෙවත් නෑ..මොකද කරන්නෙ කියළා කල්පනා කලේ…කෙල්ලව දාළා යන්න බැරි ලොකූ දුකක් හිතේ තිබුනේ…මම දන්නවා පුංචි පුංචි දේත් මහා ලොකු දේවල් කරන් අඬන මගේ කෙල්ලට මම යන එක දරා ගන්න බැරි වෙයි කියළා …
ඒත් අමාරුවෙන් හරි කෙල්ලගේ හිත හදන්න වෙනවා ..අපි දෙන්නම වෙනුවෙන්නේ මේ හැමදේම..මම කෙල්ලව බලන්න කෙල්ලගේ ක්ලාස් ඇරෙන වෙලාවට ආවා .මාව දැක්ක කෙල්ලගේ මූන එලිය වැටුනේ හඳක් වගේ.සුදු අය්යේ…ම්ම්..මං කෙල්ලගේ අතින් අල්ලා ගත්තා .අනේ අතාරින්නකෝ මිනිස්සු බලන් ඉන්නවනේ..ඉතින් මට මොකෝ මගේ ගෑනිගේ නැතුව වෙන ගෑනියෙක්ගේ අල්ලන්නද ආ..හරි හරි…යමු….
මම කෙල්ලත් එක්ක බීච් එකට ආවා..මට ඕන වුනේ කෙල්ල එක්ක නිදහසේ කතා කරන්න..මැනික…මම කෙල්ලව ලඟට කර ගන්න ගමන් කතා කළේ..මම නැතුව ඔයාට ඉන්න පුළුවන්ඳ..මොකක්..කෙල්ල බය වෙළා වගේ මගේ දිහා බැලුවේ..ම්ම්..කියන්න…මොනවද සුදු අය්යා මේ කියවන්නේ…අහන්න බබා..මට රට යන්න චාන්ස් එකක් ඇවිත්…මම යන්නද?ම්ම්..කෙල්ල ඇස් වල කඳුළු පුරවන් මගේ පපුවට මූන ඔබා ගත්තේ..ඔන්න ඉතින් අඬනවනේ..අනේ මට බෑ.එපා යන්න…එපා….කෙල්ල ඉකි ගහද්දී කොහොම ඉවසන්නද?හරි හරි කෝ අඬන්න එපා මං නොහිගින් ඉන්නම්කො..හැබැයි ඔන්න ලඟට ආවම ඉන්න වෙන්නේ අය්යලා එක්ක….මට මේ ජොබ් එකෙන් ගෙයක් දොරක් හදා ගන්න තරම් පඩියක් ලැබෙන්නෙ නෑ කෙල්ලෙ….අනේ….සුදු නංඟී කඳුළු පිහිදන් මට කතා කළේ.එහෙනම් යන්න… ඉක්මනට එන්න..හාද?..මං ගිහින් මගේ කෙල්ලව මං ලඟට ගන්නම් …මම ඒ ඇස් වලට එබිලා කිව්වේ හරි ආදරෙන්..මම යන්න හිත හදා ගත්තත් කෙල්ල නැතුව මටත් ඉන්න බැරි තරම් මම කෙල්ලට ආදරේ කළා…..
අමාරුවෙන් හිත හදන් කෙල්ලව ලංකාවේ දාළා ආවේ….කතා කරන හැම සැරේකම කෙල්ල ඇඬුවේ මාව ඉල්ල ඉල්ලා. සුදු නංඟිට සුදු අය්යා ඕන.. දවස් ගානක් නෙමෙයි හරියටම අවුරුද්දක් කෙල්ල ඇඬුවා…පුදුම තරම් ආදරයක් අපි ලඟ තිබුනේ..මම අවුරුද්දකට පස්සේ ලංකාවට ආවා වැකේෂන් එකකට මගේ හුස්ම ඩිංඟ බලන්න…මාව දැක්ක ගමන් ඒ මූනට ආවේ පුදුම තරම් එලියක්..ආයේ නම් සුදු අය්යට යන්න දෙන්නෙ නෑ නෑ මයි…කෙල්ල මගේ පපුවට ගහ ගහා කියනවා..හරි හරි ඇති ඇති කෝ..එන්න රිදෙන්නම සුවඳ එකක් දෙන්න..කෙල්ල සුවඳ එකක් කිව්වේ උම්මා වලට..කෙල්ල ලඟ හරි ලස්සන වචන තිබුනේ…මම සුවඳ නැතුව හරි පාලුවෙන් හිටියේ….මම එහෙම කියළා කෙල්ලව ලඟට ගත්තේ…
ලස්සන ලස්සන මහා ගොඩාක් දෙවල් එක්ක නිවාඩු මාසේ ගෙවිලා ගියේ හරිම ඉක්මනට..මැණික..ඔන්න සුදු අය්යා හෙට යනවා. බෑ බෑ..කෙල්ල ඇඬුව තරම්…මට තේරුනා මං නැතුව කෙල්ලට ඉන්න බෑ කියළා ..ඒ පාර කෙල්ලවත් අරන් කොරියාවට එන්න ක්‍රමයක් හෙව්වේ…වාසනාවට වගේ ස්ටුඩන්ට් වීසා එකක් අරන් කෙල්ලවත් කොරියාවට එක්ක එන්න පුළුවන් වුනේ..කෙල්ලගේ අම්මා තාත්තා මට මගින් මගට කිව්වේ ඇහැක් වගේ කෙල්ලව පරිස්සන් කර ගන්න කියල විතරයි….මගේ මැණික පරිස්සන් කර ගන්න ඕන නිසානේ මම මේ අරන් යන්නේ..මම එහෙම කියද්දී අපේ අම්මා තාත්තාගෙත් ඇස් වලත් කඳුළු..
මැණික ම්ම්..සතුටින්ඳ..ම්ම්..ගොඩාක් …කෙල්ල කොරියාවට එනකම්ම මගේ පපුවෙන් ඔලුව ගත්තෙම නෑ..පව් අහිංසකී..මම නැතුව අවුරුද්දක් ඉඳපු එකේ රිටර්න් එකද කොහෙද මේ ගන්නේ…..
කෙල්ලව කැම්පස් එකේ හොස්ටල් එකේ නතර කළා..කෙල්ල තාම පුංචි නිසා දැන්ම ලඟට ගන්න මට ලෝබ හිතුනා…මට බෑ හොස්ටල් ඉන්න…මැට්ටී ඇයි..මට ඕන සුදු අය්යාගේ තුරුලෙ ඉන්නා..
හරි ඉතින් වැඩි දුර නැහැනේ ඕන වෙලාවක යන්න එන්න පුළුවන්නෙ මගේ කෙල්ලට..ම්ම්…අනේ…අහන්නකෝ පැටියා..ඔයා තාම පුංචි. චන්ඩි වැඩ කරන්න හැදුවට නිදහසේ ඉන්න ඕන කාලේ නිදහසේ ඉන්න ඕන තේරුනාද?.මැරි කලාම දන්නවනේ…මොනාද ආ…කෙල්ල හිනාවෙළා ඇහුවේ..හිතුව එක තමා …එක දිගටම හැම වෙලාවෙම..මැට්ටා.මැට්ටා….කෙල්ල මගේ අත අරන් හැපුවා…ආව් මැණික කෝ රිදෙනවනේ..එපා..මේ චුට්ටක් ඔය තොල උඩ ලපේ හපන්නද..ඕන නෑ..ඕන නෑ..උඹට මම….මගේ තුරුලේ හිර වෙද්දී හැමදාම වගේ අදත් කෙල්ල ගොලු වෙළා…
කෙල්ල කැම්පස් ඉවර වුන ගමන් දුවගෙන ආවෙ මාව හොයාගෙන..මගේ ලඟට වෙලා දැවටි දැවටී ඉන්න එක තරම් කෙල්ලට සතුටක් තිබුනෙ නෑ…සුදු ආය්යා මං අද මෙහේ ඉන්නද?..ඇයි ම්ම්…සුදු අය්යගේ තුරුලට වෙළා දොයි ගන්න..ඇයි මේ ඉන්නව මදිද? ම්ම්..නෑ ඉතින් ඔයා රෑ වුනාම ආයේ හොස්ටල් එකට මාව ගිහින් දානවනේ…
ඔන්න ඉතින් ආයෙම මූන ලොකූ කර ගත්තනේ මගේ කෙල්ල..ඕන නෑ..මං යන්නම්…හිටපිය මැරුම් නොකා…මම කෙල්ලව ලඟට ගත්තා..සුවඳ ගොඩාක් ඕන අප්පච්චී….උඹ නම් මහා වල් කෙල්ලෙක්..මට මැරි කළාම නිදහසක් නැති වෙයි වගේ…ඒත් උඹ ලඟ මහා ගොඩාක් ආදරේ තියෙයි..මම එහෙම කියළා කෙල්ලගේ තොල් දෙක මගේ තොල් වලින් අල්ලා ගත්තේ….ඒ විදියට කොච්චර වෙලාවක් ඉඳියද කියලවත් මට මතක නෑ…අපි ආදරේ කළේ පිස්සුවෙන් වගේ…
මගේ හැමදේම වුනේ සුදු නංඟී..එක දවසක් නොදැක ඉන්න බැරි තරම් මම ඒ කෙල්ලට ආදරේ කළා..
වැඩ ඇරිලා ආවා ..කෙල්ල ආවේ නෑ මට පුදුමත් හිතුනා..මම එනකොටම දුවන් එන කෙල්ල අද කෝ කියළා ..පෝන් එකත් වැඩ නෑ..කවදාවත් නැති තරම් හිත ගැස්සිලා අවුල් වෙළා තිබුනේ..මගේ කෙල්ල…මම වැඩ ඇඳුම පිටින්ම කෙල්ලගෙ හොස්ටල් එකට ආවා….
කෝ නංඟී දිලිනි…මම හොස්ටල් එකේ පාර ලඟ ඉඳපු කෙල්ලගේ යාලුවෙක්ගෙන් ඇහුවේ…ආ අය්යා දන්නෙ නැද්ද අන්න එයා බාත්රූම් එකේ ලිස්සලා වැට්ලා කකුල තුවාල වෙලා ඇවිදින්නවත් බෑ..නිදි…අනේ දෙවියනේ මගේ පන..මම එහෙමම කෙල්ලගේ හොස්ටල් එක ඇතුලට ආවා..කෙල්ලගේ හොස්ටල් එක බලා ගන්න සොන්සෙන්නිම් ගෙන් අවසර අරන් කෙල්ලගේ කාමරේට ආවේ .අනේ මගේ කෙල්ල නිදි…මම එහෙමම කෙල්ලගේ ඇඳ ලඟ බිම වාඩි වුනා..මගේ අම්මී අනේ ඇයි දෙය්යෝ මේ…කෙල්ල අමාරුවෙන් ඇස් ඇරියේ…අනේ මං වැටුනනේ..මගේ ඇස් වල කඳුළු…යමු මගේ කාමරේට ..මම කෙල්ලව එක්කන් ආවා….
ඔයාට වදේ නේද සුදු අය්යේ. මම කෙල්ලව උස්සන් ඇවිත් ඇඳෙ හාන්සි කලා..මොන වදයක්ද මගේ මැණික..උඹට මොනවා හරි වුනොත් මගේ උස්ම ටික යාවි බං පරිස්සන් වෙයන්…..මම කෙල්ල ලඟට ඇවිත් කිව්වේ.චුට්ටක් තුරුල් වෙන්න ඕන මට..අහ්..මේකිට බොරු ලෙඩනෙ..ම්ම්..අනේ.මේ මම වැඩ ඇරිලා ආවේ සුදු නංඟෝ..ඉන්න මං ටග් ගාලා වොෂ් එකක් දාන් එන්නම්…අනේ බෑ බෑ..එන්න එන්න..උඹ පොඩි බබෙක් වගේ හුරතල් වෙද්දී කොහොම හිත හදන් යන්නද..මම එහෙමම ඇඳේ හාන්සි වුනා…
උඹ මගේ සර්ට් එකේ උස බොත්තන් දෙක තුනක් ගලවලා දාඩිය දාළා තිබුන මගේ පපුවට තොල් දෙක තියා ගත්තා…මෙන්න මේව තමයි මට දරා ගන්න බැරි මේකිගේ ලෝබ හිතෙන වැඩ..අනේ රත්තරං අප්පච්චිට හොඳටම දාඩියනේ කෝ ඔය තොල් වල ගෑවෙනවනේ…කමක් නෑ මගේනේ….
සතියක් විතර කෙල්ල හිටියේ මගේ තුරුල්ලේ…ඒත් මලක් වගේ පරිස්සමට මම කෙල්ලව පරිස්සන් කළා..මට ඕන වුනේ නෑ මගේම කර ගන්න කම් කෙල්ලගෙ හැමදේම උදුර ගන්න .මට ඕන වුනේ ආදරේ කරන්න..””ලස්සන දේවල් මැරි කර දවසට හනිමුන් එකේදි..කෙල්ල මට තුරුල් වෙවී කියනවා..මේකි හරියට පැහිලනේ..ආ…ඔව් ඔව් පැහිලා ඉදිලා තියෙන්නේ..ආ ඇත්තද පංඩිත ආච්චි..ම්ම්ම්..
කෙල්ල සනීප වෙළා ආයේ හොස්ටල් එකට ගියාම මට දැනුනේ පුදුම පාලුවක්..හැම රෑකම ලැබුන ඒ උනුසුමට මම ලෝබ වෙළා කියළා මට තේරුනා..ඒත් කෙල්ලට තාම විසි එකයි තව පොඩි කාලයක් නිදහසේ ඉන්න දෙන්න ඕන කියලමයි මගේ හිත කිව්වේ..
මට දැනුන පාලුව නිසා මම ෆේස්බුක් එකක් හැදුවේ..සුදු නංඟී මට, මම සුදු නංඟිට කවදාවත් නීති දැම්මෙ නෑ..අපි ආදරේ කළේ නිදහසේ. සුදු නංඟි තරම් සුදු නැතත් මගේ ලඟත් අමුතු ලස්සනක් තිබුනේ.ෆෙස්බුක් එක හදළා පැයක් ගියේ නෑ..රික්වෙස්ට් බර ගානක්…ඒ අතරින් අරුන්දතී මනම්පේරි…කියන නමට මගේ හිත ගියේ මොන කරුමෙකටද කියළා මට අදත් හිතෙනවා…හායි කියළා පටන් ගත්ත චැට් එක නතර වුනේ ෆෝන් නම්බර් මාරු කරන්..විෂ්වාස කරන්න දෙවියනේ මම මගේ සුදු නංඟිට කළේ ලොකු වරදක් ..මට පන වගේ ආදරේ කරළා මගේ මත්තෙම නැහීගෙන ඉන්න මගේ කෙල්ලට මම වංචාවක් කලා..මම සුදු නංඟිට හොරා අරුන්ඳතීට කතා කළා…සුදු නංඟී ආවම යනකම් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ අරුන්ඳතීට කතා කරන්න..
දවසක් කෙල්ල හොස්ටල් යන්න ගිහින් ආයෙම හැරිළා දුවලා ආවා..සුදු අය්යට සාදු කියළා යන්න අමතක වුනානේ..කෙල්ල ආපු හැමදවසකම ගියේ මගේ කකුල් දෙක අල්ලලා වැඳළා ..කෙල්ල ඒකට කියන්නේ සාදු කියනව කියළා..මම බය වෙළා වගේ ෆෝන් එක කොට්ටේ යටට විසික් කළේ…අප්පච්චී ..ම්ම්..මගේ කෙල්ල….ඔයා බය වෙළා ..කෙල්ල මගේ දසමෙක වෙනස තේරුම් ගත්තේ ඒ විදියට…නෑ බබා….ඉන්න බලන්න..කෙල්ල එහෙම කියළා මගේ උකුලෙන් වාඩි වෙළා පපුවට කන තියා ගත්තා..ඔව් බය වෙලා මේ පපුව ගැහෙනවා…කාටද අප්පච්චී බය වුනේ..
උඹ මගේ උකලට වෙලා හුරතල් වෙද්දී මම කොහොම දරා ගන්නද..ඇඬෙන්න තරම් වේදනාවක් එක්ක මම උඹව එහෙමම ඇඳේ පෙරලන් පපුවට මූණ තියා ගත්තේ ..ඇයි අප්පච්චී මේ….මොකුත් නෑ මට මෙහෙම ඉන්න දෙන්න.මම එහෙම කියළා කෙල්ලගේ පපුවේ මූණ තියන් ඇස් දෙක පියාගත්තා…මගේ මැනික පව්..මම මේ කරන වැරදි වලට දෙවියෝ කවදාවත් මට සමාවක් නම් දෙන එකක් නෑ කියළා මට නොහිතුනා නෙමෙයි ..කෙල්ල යද්දි රෑ දොළහත් පහු වුනා…
කොච්චර හිතුවත් අර්න්ඳතීට කතා නොකර ඉන්න ඕන කියළා මටත් නොදැනීම අරුන්ඳතීට කෝල් එකක් ගියේ…හෙලෝ…තමුසෙ කොහෙද මෙච්චර වෙළා හිටියේ ආ…අරුන්ඳතී මට සැරෙන් කතා කළේ..සුදු නංඟි ලඟ තිබුන අහිංසක කමට වඩා මම අරුන්ඳතීගේ සැර ගතියට ආසා කළා..ආදරේ කළා.මට ඕන වුනේ සුදු නංඟිගෙන් ටික ටික ඈත් වෙන්න. මම ඒකට කොච්චර වැරදි හෙව්වත් අහිංසක කෙල්ල ලඟ කිසි වැරැද්දක් තිබුනෙ නෑ…
ඒත් එකම එක දවසක්..එදා මං ඒ විදියට හැසිරුනේ ඇයි කියළා මම අදටත් කල්පනා කරනවා…මම වැඩ ඇරිළා ආවා විතරයි ..කෙල්ල දුවන් ආවා කාමරේට…අප්පච්චී ..කෙල්ල මගේ උකුලෙන් වාඩි වුනා..මොන වදයක්ද ඕයි මේ…වැඩ කරළා ඇවිත් නිදහසේ ඉන්න නැහැනේ..තමුසෙ ලඟ තියෙන්නේ වල්කම විතරයි ..ආදරේ නෙමෙයි …මම එක දිගටම කිටවද්දී සුදු නංඟී ඇස් වල කඳුළු පුරවන් දුවලා ගියා.
ඊට පස්සේ කවදාවත් සුදු නංඟී මගේ කාමරේට ආවෙ නෑ…මටත් දැනුනේ පුදුම සතුටක්. අරුන්ඳතී එක්ක නිදහසේ කතා කරන්න විතරයි මට ඕන වුනේ..සුදු නංඟී කෝ කියළාවත් හොයන්න ඕන කමක් නැති වෙන තරමට ෆේස්බුක් එකෙන් හමුවුනු අරුන්ඳතී මගේ හිත අයිති කරන් තිබුනා… ..
කාලය ගෙවිළා ගියේ හරිම ඉක්මනට …සුදු නංඟී නොදැක අවුරුදු දෙකයි….මට පාලුවක් දැනුනේ නෑ අරුන්ඳතී හැම වෙලාවෙම කෝල් කල නිසා….මම වැඩ ඇරිලා ආවා විතරයි සුදු නංඟී දොර ගාවට වෙළා බලන් ඉන්නවා.. ඇයි ආවේ?? මම ගානක් නෑ වගේ ඇහුවේ…කෙල්ල හොඳටම ඇදිළා ගිහිල්ල කියළා මට හිතුනා..ඒත් මට දුක හිතුනෙ නෑ..හිතේ හැම තැනම හිටියේ අරුන්ඳතී නිසා.. ..
මම හෙට ලංකාවට යනවා මගේ වීසා ඉවරයි …ආ එහෙමද මම ගානක් නෑ වගේ කිව්වේ…සුභ ගමන්…මම එහෙම කියළා දොර වැහුවේ සුදු නංඟී දොර ලඟ හිටන් ඉද්දීමයි…සීතලේ, රෑම කෙල්ල ඈතට යනවා මම බලන් හිටියේ ජනේලයෙන්…
සුදු නංඟී ලංකාවට ගියාම මම සිම් එක මාරු කලා.මම නිදහස් වුනා වගේ හැඟීමක් මට දැනුනේ…ඒ කරුමෙත් ඉවරයි…මම එහෙමයි හිතුවේ..අරුන්ඳතීගේ මගේ ආදරේට අවුරුදු දෙකයි …සුදු අය්යේ අප්පච්චී කිය කියා හුරතත් වෙන සුදු නංඟිට වඩා තමුසේ..ඕයි කියලා කතා කරද්දී අරුන්ඳතීට මම තවත් තවත් ආදරේ වුනා.මම දන්නෙ නෑ මම හරිද වැරදිද කියළානම්..සුදු නංඟී තරම් ලස්සන නැතත් මම ආසා කලේ අරුන්ඳතීගේ ඒ සැර ගතියට..
වැඩ ඇරිලා ඇවිත් මම අරුන්ඳතීට කෝල් එකක් ගත්තා..කතා කළේ කොල්ලෙක්…හෙලෝ කවුද මේ?? මම බයවෙලා වගේ ඇහුවේ…තමුසෙ කවුද ..එහා පැත්තෙන් කතා කල කොල්ලා මට කතා කලේ සැරෙන්..මම මොකුත් කිව්වේ නෑ..කෝ අරුන්ඳතී…ඊටත් පස්සේ මම හරි සන්සුන් විදියට ඇහුවේ . ..තමුසෙ කවුද ඕයි මගේ ගෑනි ගැන අහන්න….ඒ වචන ටික මට ඇහුනේ හීනෙන් වගේ…
දෙවියනේ මම ඊට පස්සේ දැන ගත්තේ අරුන්ඳතී බැඳපු කෙනෙක් කියළා ..එයාගේ මහත්තයා ඩුබායි ඉඳළා තියෙන්නෙ…මට සුදු නංඟිගේ වටිනකම තේරුනා..මගේ රත්තරං කෙල්ල..මගේ ලඟ දැවටී දැවටී ඉඳපු..කොල්ලෙක් වෙච්ච මම එදා කෑ ගහලා ඇඬුවා..අනේ මගේ අහිංසක කෙල්ල මම නැති කර ගත්ත නේද කියළා මම මටම සාප කර ගත්තා..
මට වීසා ඉවර වෙන්න මාස හයයි තිබුනේ..මට ඕන වුනේ සල්ලි නෙමෙයි මගේ සුදු නංඟීව මගේ රත්තරං කෙල්ලව..ඒ ආදරේ, උනුසුම..මම එහෙම ලංකාවට ආවා සේරම දාළා මගේ කෙල්ලගේ කකුල් දෙක අල්ලලා වැඳළා සමාව ගන්න හිතාගෙන.මට මතක් වුනේම ඒ අහිංසක මූණ ..මගේ ලඟට වෙළා කියපු හුරතක් කතා ….මම ආපු ගමන් ගියේ මගේ කෙල්ලගේ ගෙදර ..ඔව් මේ හරියටම අවුරුදු දෙකයි මාස හයකට පස්සේ….කෙල්ල බලන්න ආපු…
සුදු නංඟී..මම කලබලෙන් දොර ලඟට ඇවිත් කතා කළේ..මගේ හිත කිව්වෙම මගේ කෙල්ල මූනේ හිනාවක් පුරවන් දැන් දැන් ඒවි කියලමයි..ඒත් එලියට ආවේ සුදු නංඟිගේ තාත්තා..අංකල් කෝ සුදු නංඟී…..මං කලබලෙන් ඇහුවේ….නෝනා..මෙහේ පොඩ්ඩක් ආවනම්….සුදු නංඟිගේ අම්මත් ආවා එලියට…ආ..මේ විදුර පුතානේ…කවද්ද පුතේ ලංකාවට ආවේ…මේ දැන් ආවේ නැන්ඳේ … කෝ මගේ කෙල්ල ..කෙල්ල බලන්න ආවේ…..
සුදු නංඟිගේ අම්මයි තාත්තායි ටිකක් වෙළා මගේ දිහා බලන් හිටියා…කෝ එන්නකෝ පුතේ පොඩ්ඩක් ඇතුලට…මම එයාලගේ පස්සේ ගියේ..මේ කොහෙද මාව එක්ක යන්නේ කියළා හිතන ගමන්..වහළා තිබුන දොරක් ඇරපු සුදු නංඟිගේ තාත්තා මට ඈතට අත දිගු කලා පුතේ අර මගේ අහිංසක කෙල්ල..
දෙවියනේ….සුදු නංඟිගේ පොටෝ එකක් සුදු මල් මාලයක් දාළා . කෙල්ල මේ ලෝකෙන් සදහටම යන්න ගිහින්..අනේ මගේ අම්මී ..මගේ රත්තරං අම්මී..මම කෙල්ලගෙ පොටෝ එක අත ගගා ඉකි ගහ ගහා කතා ඇඬුවා….
මගේ කෙල්ලට මොකද වුනේ නැන්ඳේ…කෙල්ල ලංකාවට එද්දි ආවේත් අඬ අඬා…කල්පනා කර කර ඉඳපු එකමයි වැඩේ..කෑවෙ බිව්වේ නෑ..අපි අරන් නොගිය ස්පිරිතාලයක් නැතුව ඇති මගේ පුතේ..කෙල්ල ඇවිදින්න ගත්තා …එක දවසක් අපේ ඇස් වලට මගෑරිලා ගිගින් වාහනේක හැපිලා මගේ කෙල්ල යන්නම ගියා පුතේ..සුදු නංඟීගේ අම්මයි තාත්තයි අඬනවා…
මගේ කෙල්ල ..මගේ රත්තරං කෙල්ල ආයේ කවදාවත් මට මේ ආත්මේ හමුවෙන්නෙ නෑ අනේ දෙවියනේ මම කොහොම හිත හදා ගන්නද…මට සමාවෙයන් මගේ රත්තරනේ සමාවෙයන්..මම කෙල්ලගේ පොටෝ එක පපුවට තියා ගත්තා…අප්පච්චිට සමාව දීපන් මගේ සුදු නංඟී මම නිසයි මේ හැමදේම ..උඹව නැති කර ගත්තේ මම. උඹ මගේ මැණික සුදු නංඟී මගේ පන..අනේ එක පාරක් සුවඳ එකක් දීල යන්න වරෙන් මගේ මැණික …මම කෑ ගහලා ඇඬුවා ..ඊලඟ ආත්මේ මගේ වෙලා ඉපදියන් රත්තරං සුදු නංඟී මම ඉරහඳ හේදෙන්න කඳුළු හෙලුවා…..
~~~~~නිමි~~~~
Keti katha app eke denata kiyawapu lassanama kathawa..
ReplyDeleteලස්සනම කතාවක්
ReplyDeleteලස්සනම කතාවක්
ReplyDelete