❣️💛 හුස්ම උඹනෙ මගේ💛❣

       චබී ඔහොම නවතිනවා.

මං ක්ලාස් ගිහින් ආව විතරයි.
මොකද මේ චූටි අය්යා අද මකරෙක් වගේ ගිනි පිඹින්නේ,,
කෙල්ලෙක් වත් බූට් එක තියලා වගේ .
තරහ මගේ පිටින් යවන්නද කොහෙද හදන්නේ..

අද සිංහල ක්ලාස්..

මම හෙන සද්දෙන් කිව්වේ.

තමුසෙට අද ක්ලාස් තිබ්බේ විහාර මහා දේවි පාක් එකේද?

අම්මට සිරි ඉවරයි..
කවුරු හරි චීත්තයක් ඇඳළා වගේ..

මොකක්..

මම නිකන් බබා වගේ කිව්වේ..

මොකක් නෙමෙයි අද තමුසෙ පාක් එකට වෙළා රංඟනට තුරුල් වෙළා ඉඳළා නෙමෙයිද ආවේ?

ආ...

මම අද උඹව කෝටු මස් කරනවා.

චූටි අය්යා මගේ පස්සෙන් එලවන් ආවා.

අම්මා...

මම දුවලා ගිහින් අම්මගෙ  පිටට මුවා වුනා.

ඇයි චූටි පුතා නංඟි එක්ක රංඩු කරන්නේ?
කෙල්ල ක්ලාස් ගිහින් ආව විතරනෙ.

අය්යට දැන් ඉතින් සොරි තමයි.
අම්මා ලඟ ඉද්දි
අය්යලාට අතක්වත් තියන්න දෙන්නෙ නෑ .
අම්මා මට ඒ තරම් ආදරෙයිනේ.
අම්මා එහෙට මෙහෙට වෙනකම් ඉඳළා අය්යලා මට ටොක්කක් දෙකක් අනින වෙලාවලුත් තිබුනා.
කොහොම වුනත් ඉතින් සේරමගෙ පණ තමා මම...

      ලොකු අය්යා ඉන්නේ ඉතාලිවල.
එයා හාව හඳ දකිනව වගේ ගෙදර එන්නේ අවුරුද්දකට එක පාරයි.
ඒකටත් එක්ක හරියන්න චූටි අය්යා මාව කෝටු මස් කරන්නමයි ට්‍රයි එක.
      
          අප්පච්චී ටිකක් නෙමෙයි ගොඩාක් සැරයි.
එයා ඒ වුනාට අම්මට බයයි.
නෑ නෑ බය නෙමෙයි මං හිතන්නේ ආදරේද කොහෙද..
අම්මා රිලවෙක් පෙන්නලා කොටියෙක් කිව්වොත් ආයේ ඉතින් ඌ කොටියම තමා.
ඒත් අප්පච්චී මට සැරයි .
මහා ගොඩාක් ආදරෙයි.

           රංඟන අය්යා කිව්වේ අපේ ලොකු අය්යගේ හොඳ යාළුවෙක්.
රංඟන අය්යව ඉස්සරලාම දැක්කේ
මම චංඩියෙක් වෙළා පාටිය දවසේ.
කොහෙද වෙනදා අය්යලාගේ යාළුවො ආවම මට කාමරෙන් එලියට ඒම සපුරා තහනම්.
බැරි වෙලාවත් එහෙම  ආවොත් ඒ යාළුවො ගිය ගමන් අය්යලා මාව මරාගෙන කන්න හදනවනේ.

       පාටිය දවසේ අය්යගේ යාළුවෝ ගොඩාක් ඇවිල්ලා හිටියා.
මට ලැජ්ජයිත් එක්ක.
මම ඉතින් ඇඹරි ඇඹරි ඉස්සරහට වෙළා හිටියේ.
රංඟන අය්යා මගේ දිහාම බලාගෙන හිටියා.
මම හිතුවෙ පුළුන් ගවුමක් වගේ ලොකූ ගවුමක් ඇඳන් ඉන්න මාව ජෝක් එකක් වගේ පේනව ඇති කියළා.
රංඟන අය්යා ගෙදර  යන්න හදළා මගේ අතට ලිවුම් කවරයක් දුන්නා
ඒක ඇතුලේ රුපියල් දෙදහක් තිබුනේ.
මට දුකත් හිතුනා..
රංඟන අය්යට හිටියේ අම්මා විතරයි.
රංඟන අය්යගේ තාත්තා කළේ අපේ ගමේ පොල් කඩපු එක.
එහෙම පොල් කඩන්න ගිය වෙලාවක පොල් ගහකින් වැටිලා රංඟන අය්යගේ තාත්තා නැති වුනා.
රංඟන අය්යගේ අම්මා තමා දුක් විඳලා රංඟන අය්යට ඉගැන්නුවේ.
හැබැයි රංඟන අය්යත් හොඳට ඉගන ගත්තා.
මං හිතන්නේ රංඟන අය්යා ගණිත සර් කෙනෙක්ද කොහෙද
අනුරාධපුර පැත්තේ ස්කූල් එහෙක..
      එතකොට මම දහය වසරේ.
එදා ඉඳළා රංඟන අය්යා ගමේ ආපු හැම දවසකම මම ස්කෝලේ ගිහින් එනකම් පාර ලඟ බලන් ඉන්නවා.
එයා ලඟ තිබුන උසට උස බයික් එකේ වාඩි වෙළා ..
මොකද්ද ඒ බයික් එකට කියන්නේ..
ම්ම්ම්ම්.
ආ ට්‍රේල..
අන්න ඒකෙ උඩ වාඩි වෙළා බාවනාවක් කරනව වගේ මගේ දිහාම බලාගෙන ඉන්නවා.
උදේට පොඩි අය්යා මාව ස්කෝලෙට ගිහින් දැම්මට ස්කෝලේ ඇරුනම මම යාළුවො එක්ක පයින් ආවේ.
රංඟන අය්යා කලු වුනාට ලස්සන ලුක් එකක් තිබුනේ..
නපුරු කම එක්ක එකතු වුන අහිංසක මූනක් තිබුනේ..
මට හිතුනා රංඟන අය්යා ආඩම්බර ,සැර කොල්ලෙක් වෙන්න ඇති කියළා.
මොකද මගේ දිහා බලන් ඉඳියට රංඟන අය්යා කවදාවත් මං එක්ක හිනා වුනේ නැති නිසා.
මම එකොලහ වසරට ගිහින් සාමාන්‍ය පෙළ ඉවර වෙනකම්ම රංඟන අය්යා ගමේ ආපු හැමදවසකම කළේ මගේ දිහා බලන් ඉඳපු එක.

            ----*****------

             ඕලෙවල් ඉවර වෙළා සතියකට විතර පස්සේ.
ආපු වෙසක් පෝයට අපි ගමේ යාළුවො එකතු වෙළා නෙලුම් මල් දන්සලක් දුන්නා.

     කෝ අපිට මල් දෙන්නෙ නැද්ද?.

මම එක පාරටම හැරිලා බැලුවේ කවුද කියළා.
රංඟන අය්යා සුදු සරමක් ඇඳළා සුදු ෂර්ට් එකක් ඇඳළා හරිම පිං පාටයි.
මගේ දිගා බලන් ඉන්නවා.

මම හිනාවෙළා ගිහින් නෙළුම්මල් මිටක් අතට දුන්නා.

නංඟි...

ම්ම්...

නෙළුම් මල් ටික දීළා  හැරිලා ආපු මට රංඟන අය්යා කතා කළා.
ඉස්සරහට ගත්ත අඩිය මම එහෙමම පස්සට තිබ්බා.

මේ මල් පූජා කරළා මම ඉල්ලන්නේ ඔයාව රං.
අවුරුදු දෙකක් බලන් හිටියේ මේක කියන්න.
විභාගේ අවුල් කර ගනී කියළා බය හිතුනා.
මම ඔයාට ගොඩාක් ආදරෙයි රං.
ඔයා හිතනවටත් වඩා..

මට මොකුත් හිතා ගන්න බැරි වුනා.
මම ගල් ගිල්ල වගේ රංඟන අය්යගෙ දිහා බලන් හිටියා.

            ------*****------

       මගේ ඕලෙවල්ස් රිසාල්ට් වලින් පස්සේ මම ඒලෙවල් ක්ලාස් ආවා.
රංඟන අය්යා හතේ කනුව ලඟ ඉන්නවා.
මම බස් එකෙන් බැස්සා විතරයි.

        රං මට ඔයා එක්ක කතා කරන්න ඕන.

මම එහෙමම නතර වුනා.
මගේ හිතේ ගැස්මකුත් එක්ක.

රං අවුරුදු දෙකක් ඉවසුවා හොඳටම ඇති.
මට අද උත්ත‍රයක් ඕන.

මම ඔලුව උස්සලා රංඟන අය්යගේ ඇස් දෙක දිහා බැලුවා.
ඒ ඇස් දිලිසෙනවා.
මට හිතුනා ඒ ආදරේට වෙන්න ඇති කියළා.

රං කෝ ඉතින්...

රංඟන අය්යා මගේ මූණට එබුනා.
මම රංඟන අය්යට වඩා පොඩී..
රංඟන අය්යා මූනට එබුනම මට බයත් හිතුනා.
ඒත් මගේ හිතටත් මොන මොනවදෝ ගොඩාක් දැනිලයි තිබුනේ.
රංඟන අය්යගේ සුවඳ මට තව ලඟින් දැනුනා.

චබී..

දෙවියනේ පොඩි අය්යා..

රංඟන තමුසේ..

අය්යා රංඟන අය්යට මොකුත් කියන්න ඉඩ දුන්නෙ නෑ.
ගහගෙන ගහගෙන ගියා.
රංඟන අය්යා බිම වැටුනා.

අනේ චූටි අය්යේ එපා...

උඹ අහකට වෙයන්.

අය්යා මාවත් තල්ලු කරළා දැම්මා.

මම උඹට අත ඉස්සුවෙ නැත්තේ කවදහරි උඹට මස්සිනා කියන්න ඕන නිසා මතක තියා ගනින්.
විදුර.

රංඟන අය්යා පැලිලා ලේ ගලන තොල අතින් පිහිදාන ගමන් කිව්වේ.

ඒව කොහෙද අඩෝ මං ඉන්නකම්.

පොඩි අය්යා ආයේම රංඟන අය්යට ගහන්න පැන්නා.

අනේ චූටි අය්යේ එපා.
අපි ගෙදර යමු.

මම චූටි අය්යගේ ඇඟේ එල්ලුනා.

          -------****------

ගෙදර ඇවිත් චූටි අය්යා මට හොඳටම ගැහුවා.
චූටි අය්යා මට ගහපු කේන්තියටත් එක්ක මම රංඟන අය්යට ආදරේ කරන්න පටන් ගත්තා.

    මම වෙනද වගේම ක්ලාස් ඇරිලා ඇවිත් පහේ කනුව ලඟ නතර වෙළා වට පිට බැලුවා.
රංඟන අය්යා ඉන්නවද කියළ.
අනේ ඒත් රංඟන අය්යා පේන්න හිටියේ නෑ.
මම දවස් ගානක් බලන් හිටියත් රංඟන අය්යා ආයේ මාව බලන්න පාරට ආවේ නෑ.
මට රංඟන අය්යා ගැන හොයන්න ක්‍රමයක් තිබුනෙ නෑ.
දවස් ගානක් මම රංඟන අය්යව මතක් කර කර ඇඬුවා..

           ------*****-----

    කාලෙත් එක්ක රංඟන අය්යාගේ මතකේ ටික ටික මගේ හිතේ යටපත් වුනා.
මට ඕන වුනේ කොහේ හරි රටකට යන්න.
මට පුදුම පිස්සුවක් තිබුනේ මැලේසියාවට යන්න.
හිතුවටත් වඩා ඕලෙවල්ස් ගොඩ ගිය නිසා අප්පච්චී සල්ලි වියදම් කළා මට මැලේසියාවට යන්න.

පොඩි අය්යගේ,අප්පච්චිගේ අම්මගේ හිනා කඳුළු මැද කටුනායකින් මැලේසියාවෙ නැෂනල් යුනිවර්සිටි එකට ආවා.
ලංකාවෙන් හිටියේ රුවිනි කියළා එක ගෑණු ළමයෙක් විතරයි.
ඒකිත් මම වගේම පිස්සු කෝච්චියක්.
මගේ නම නෙතුලි වුනාට ඒකි කතා කළෙත් චබී කියළා.

            -----****----

මොකද චබියා මනෝ ගහන්..

මගේ කල්පනාව බිඳුනේ රුවිනිගේ හඬින්..

අහ් රුවී.
හිත ලංකාවට ගියා බං.

උඹේ නෙමෙයි බං මගෙත් මේ හිටියා මේ ගෙදර දුවලා එනවා.
හිත චංචලයි චබී එහේ මෙහේ දුවනවා...

ම්ම්ම්ම්ම්....

මේ අද නිවාඩු දවසේ යමුද ෂොපින් පාරක් දාන්න.

සල්ලි නෑ මැණිකේ..

අනේ මේ චබී උඹ ලඟ සල්ලි නැත්නම් බැංකුවෙත් සල්ලි නෑ.

ගෙදරින් සල්ලි එවනව කියළා දන්න නිසා රුවිනි එහෙම කිව්වේ.

යමන් යමන් ටාර් ග ජේන්ජ් එකක් දා ගන්නම් හිටපන්..

       -------*****------

මේ උඹ ඔතනට වෙළා ඉඳපන්.
මන් ටාර් ගාලා අර ඇඳුම් තියෙන සයිඩ් එක පැත්තට දුවලා එන්නම්..

රුවිනි එහෙම කියළා ගියා..
මම ඉතින් කැලෙන් පැනපු වඳුර වගේ වට පිට බල බළා හිටියා..

රං ඔයා මෙහේ?

මම ගැස්සිලා ගියා..
විෂ්වාස කරන්න රංඟන අය්යා මගේ ඉස්සරහා..
හිටියටත් වඩා ලස්සන වෙළා.
මගේ දිහා හිනාවෙළා බලන් ඉන්නවා.

මට කියා ගන්න බැරි තරම් සතුටුයි..

කවද්ද රං මෙහේ ආවේ?

මාස හයක් විතර වෙනවා..

රංඟන අය්යා කවද්ද ආවේ?.

අවුරුද්දයි මාස අටයි දවස් විසි එකයි..

රංඟන අය්යා හිනාවෙළා කිව්වේ.
මගේ හිතේ අහන්න ප්‍රශ්න ගොඩාක් පිරිලා.
කොහෙන් පටන් ගන්නද කියළා හිතා ගන්න බෑ..

කෙල්ල තව ලස්සන වෙළා ..

මම රංඟන අය්යගේ මූන දිහා බැලුවා.

තාම ඇස් වලින් කතා කරන්නේ නේද?

ඔව් ඉතින් කැලේ මාරු වුනාට කොටියගේ පුල්ලි වෙනස් වෙන්නෙ නැහැනේ..

කෙල්ල දැන් පංඩිත ආච්චියෙක් වෙලානේ..

ඔව් මං දැන් ලොකුයිනේ...

රංඟන අය්යා ආදරේ පිරිච්ච ඇස් වලින් මගේ දිහා බලන් ඉන්නවා.
රංඟන අය්ය කිව්ව වගේම මට තිබුනේ බෝනික්කෙක්ගේ වගේ ලස්සන ලා නිල් පාට ඇස් දෙකක්.

චබී මේ??

රුවිනි මම ලඟට ඇවිත් බය වෙළා වගේ නතර වුනා.

වෙයාරා යූ ප්‍රොරොම්?

රංඟන අය්යා හිනාවෙළා රුවිනිගෙන් ඇහුවේ?

මූ ලංකාවේ එකෙක් නෙමේද බං.
පෙනුමනම් ඉන්ඩියා වගේ..

රුවිනි මගේ කනට ලං වෙළා කියනවා..

අයිම්
ප්‍රොරොම් ශ්‍රී ලංකා.

රුවිනි හිනාවෙළා කියනවා.
මට හිනාවෙලා උස්මත් හිර වුනා..

මොකෝ බං උඹ හිනාවෙන්නේ?
මගේ ඉංග්‍රීසි අවුල්ද?

නෑ නෑ.

නෑ බං කෙල්ලේ මාත් ලංකාවේ..

රුවිනිට පොලව පලන් යටට යන්න හිතෙන්න ඇති.

ලංකාවේ ගර්ල්ස්ල දැක්කම සතුටුයි.
ඒකයි නතර වුනේ .

ලංකාවේ කෙල්ලොද නැත්නම් අපි වගේ ලස්සන කෙල්ලොද?
කෙල්ලෝ දෙන්නෙක් දැක්කම නතර වෙන්න හිතුනද?

රුවිනි හිනාවෙළා අහනවා..

ම්ම්ම්ම්ම්ම්...
ඔව් සමහර විට..

අපු යමු නේද රුවිනි පරක්කු වෙනවනේ..

මේ ඔයාලා දෙන්න නතර වෙළා ඉන්නේ කොහෙද ?

මේ ලඟ .

මම කලබලෙන් කිව්වේ.
මට ඕන වුනේ අපි ඉන්න තැන රංඟන අය්යට නොකියා ඉන්න.

ලඟ කිව්වේ,
බස් හෝල්ට් එකේද නැත්නම් සුපර් මාකට් එකේද?

රංඟන අය්යා ඒක අහපු විදියට මටත් හිනා .

නෑ අනේ නැෂනල් යුනිවර්සිටි එකේ.
හොස්ටල් වල..

රුවිනි සේරම කියළා ඉවරයි..

මාත් ඒ කිට්ටුව තමා නතර වෙළා ඉන්නේ.
උදව්වක් ඕන වුනොත් කියන්න.

ම්ම්ම්ම්ම්.

මේ ඔයාලගේ කන්ටෑක් නෝ එකක් ප්ලීස්...

රංඟන අය්යා මගේ මූණ දිහා බලන ගම්න් කිව්වේ.
මට හිතුනා රංඟන අය්යට දැන් ගර්ල් කෙනෙක් ඇති කියළ.
මෙච්චර ලස්සන කොල්ලෙක්ට කෙල්ලෙක් නෑ කියන්නේ බොරුවක්නේ.

ඇයි බෑ බෑ වගේද...

නෑ නෑ අය්යා ඔන්න ඩයල් කර ගන්නකෝ...
සීරෝ පෝ සෙවන්..

රුවිනි මට කලින් එයාගේ නෝ එක රංඟන අය්යට දුන්නා..

            ----*****-------

මේ අර එදා මීට් වුන කොල්ලා පට්ට බං.

මොන..

මට තේරුනා මේ රුවිනි කියන්නේ රංඟන අය්යා ගැන කියලා.
මම නොතේරුනා වගේ ඇහුවේ..

එදා බං සුපර් මාකට් එක ලඟදි..

ආ.
ඇයි උඹේ නෝ අරන් ගියානේ ඌ.
කෝල් කළේ නැද්ද?

නෑ බං ඌ මගේ දිහා නෙමෙයි උඹ දිහා බැලුවේ උඹ ලස්සනයිනේ...

අනේ පිස්සී.
යමන් යමන් හොස්ටල් එකට...

මං රුවිනි එක්ක ලයිබ්‍රියෙ ඉඳළා හොස්ටල් එකට ආවා..

      නිදා ගන්න ඇඳට ආවා අදනම් මාරම මහන්සියි.
රුවිනි යට ඇඳේ මම උඩ ඇඳේ..
දන්නවනේ ඉතින් හොස්ටල් වල තට්ටු ඇඳන් ගැන.
අපේ රූම් ඒකේ මායි රුවිනියි තව නේපාල් ගෑණු ළමයි දෙන්නෙකුයි
හිටියේ..

             ------****-----

චබී මේ උඹට කෝල් එකක්.

මොකක්..

මට උඩ ගිහින් වගේ ඇහැරුනේ.

මම ෆෝන් එක අරන් බැලුවේ මගේ ෆෝන් එක ඕෆ් වෙලාවත්ද  කියල.
අම්මා සමහර වෙලාවට මගේ ෆෝන් එක ඕෆ් වුන වෙලාවට රුවිනිගේ ෆෝන් එකට කෝල් ගන්න නිසා.
හත්වලාමයි රෑ දොළහයි වෙලාව.
මේ යක්කු ගස් නඟින වෙලාවේ කවුද කියලා හිතන ගමන් මම පහල ඇඳට පාත් වෙළා රුවිනිගේ ෆෝන් එක ගත්තේ එක ඇහැක් ඇරන්.
කට කපලා නිදිමතේ හිටිය නිසා..

හෙලෝ...

රං හැපී බර්ඩේ මගේ කුක්කු....

මගේ අනිත් ඇහැ ඇරුන විතරක් නෙමෙයි ඇඳ වාඩි කෙර වුනා..

මොකද බං උඹ උඩ ඇඳේ ඩාන්ස් කරනවද?
උඹ උඩ ඇඳේ නටද්දි,
මට බය හිතෙනව බං උඹ ඇඳ කඩන් යටට වැටිල මම සෙත්ත පෝච්චි වෙයිද කියළත්..

පොඩ්ඩක් කෑ නොගහා ඉඳින්කෝ.
මේ කෝල් එක ඉවර වෙනකම්...

හෙලෝ රංඟන අය්යා..

ම්ම්ම්ම් රං..

කොහොමද මගේ බර්ත්ඩේ එක මතක තිබුනෙ?

මට හැමදේම මතකයි රං.

අවුරුදු පහක් කියන්න පොඩි කාලයක් නෙමෙයිනේ කුක්කූ.
හැමදාම මතක් වුනා.
ඉස්සර වගේම ආදරෙයි රං.

මට හීන් දාඩියත් දාළා.

රං

ම්ම්..

හෙට හත වෙද්දි
"වෙන්දෙ ලුමැටික් පාක් එකට එන්න යාළුවා එක්ක පුංචි පාටියක් තියෙයි..

රංඟන අය්යා..

ම්ම් කුක්කු කියන්න රං..

මට කියාගන්න බැරි තරම් සතුටුයි ඇස් වල කඳුළුත් එක්ක.

රං කෝ අර හුරතලෙන් කියවන කට..
ආ...

මං එන්නම්...

              ------****-----

අඩෝ රුචිනි හෙට රෑ පාටියක්..

මොකක්

රුවිනි ඇස් දෙක ලොකු කරන් නැගිට්ටේ..

අඩෝ මොන පාටියක්ද?

මම මේ ලෝකෙට සෙන්ටිමේටල් උන දවස..

මොකක්..

යකෝ මගේ බර්ඩේ එක හෙට..

අම්මට සිරි වෙලාව දොළහ පැන්න නේද?

හැපි බර්ඩේ බොක්ක..

හරි හරි උඹ ඕක කියන්න උඩ ඇඳට බඩ ගාන්න ඕන නෑ.
ලයිට් එක ඕෆ් කරල නිදා ගනින්.
තාම දොළහයි කාලයි...

කවුද කෝල් කලේ බං?

හෙට උඹම බලාගනින්කෝ..

              ----****----

මමයි රුවිනියි පාක් එකට ආවා.
රංඟන අය්යා පේන්න හිටියේ නෑ.
ලඟ තිබුන බංකුවක වාඩි වෙළා රුවිනියි මායි චැට් එකක් දාන් හිටියා..

රං..

රංඟන අය්යා තව යාළුවො හතර දෙනෙක් එක්ක ඇවිත්..

අතේ ලොකූ පාර්සලයක්..

පාර්සලේ තිබුන බෑග් එකෙන් ගත්තේ ඉටිපන්ඳම් ගහපු බර්ඩේ කේක් එකක්.

හැපි බර්ඩේ රං...

මම කේක් එක කපලා හැමෝටම කැව්වා..

රංඟන අය්යා මගේ ලඟම...

ඒ අස්සේ රුවිනිටත්
රංඟන අය්යා එක්ක ආපු අය්ය කෙනෙක් ලයින් දානවා.
ඒකත් ජයසිරි මංඟලම් කිව්වලු...

රං මේ අහන්න කුක්කු..

රංඟන අය්යත් ආදරේට මරු වචන කියන්නේ කුක්කූ ,නැත්නම් රං කියළා කතා කළේ.

කෝ අත දික්කරන්න..

රංඟන අය්යගේ යාළුවො හැමෝම ඉද්දිම රංඟන අය්යා මගේ මැඳ ඇඟිල්ලට ලස්සන පුංචි මුද්දක් දැම්මා.
මගේ ඇස් වල කඳුළු..

රං ඇයි මේ..

රංඟන අය්යා හැමෝම ඉද්දි මගේ නලලට උම්මා එකක් දුන්නා...

රංඟන අය්යා...

මම ඇස් වල කඳුළු පුරෝගෙන රංඟන අය්යගේ පපුවට තුරුල් වුනා..

පිස්සී..

රංඟන අය්යා මාව තුරුල් කරන් කොන්ඩේ අවුල් කර කර කියනව...
ඒ ඇස් වලත් කඳුළු ඇති කියළා මට හිතුනා..

           -----****------

උඹනම් මාර ලකී චබී..

ඉරිද උදේ රංඟන අය්යා මීට් වෙන්න යන්න ලෑස්ති වෙද්දි රුවිනි මගේ අතින් අල්ලලා කියනවා.

ඇයි උඹ එහෙම කියන්නේ..

රංඟන අය්ය වගේ රත්තරං කොල්ලෝ මේ කාලේ නෑ බං.
අපිටත් ඉරිසියා හිතෙන තරම් ආදරයක් ඌ උඹට දෙන්නේ...

රංඟන අය්යගෙන් කෝල් එකක්.
හොස්ටල් එක ලඟට ඇවිත් වෙන්න ඇති.
මං ගිහින් එන්නම්..

හරි මැණිකේ, බුදුසරණයි.

            -----****------

කුක්කූ

ම්ම්..

ඇයි කතා නැත්තේ..

මම හිටියේ රංඟන අය්යා එක්ක වර්ල්ඩ් වෝට පාක් එකේ බංකුවක වාඩි වෙළා.

ඉස්සර දවස් මතක් වුනා..

ඔයා ඇයි එකපාරටම මාව බලන්න ආවේ නැත්තේ?

රංඟන අය්යා හය්යෙන් හුස්මක් දාලා මගේ ඔලුව එයාගේ උරහිසට තියළා අතින් අල්ල ගත්තා..

රං ඔයාට අය්යා ගැහුව කියළා මට ආරංචි වුනා.
මම නිසා ඔයා ගුටි කද්දි මම ඉවසන් ඉන්නේ කොහොමද ?

ඊටත් වඩා  පොඩි අය්යා මාව මීට් වෙන්න ආවා.

මොකක්..

ඔව්..
අර සිද්දිය වෙළා දවස් දෙකකට පස්සේ.
ඇවිත් කිව්වා ඔයාට පේන්න ආයේ ආවොත් ඔයාට ඒලෙවල් කරන්න තියා ගෙයින් එලියට යන්න දෙන්නෙ නෑ කියළා.
මට බය හිතුනා.
ඔයා හැමදාම දුක් විඳී කියළා.
ලංකාවෙ හිටියනම් ඔයාව බලන්න එන්න හිතෙන නිසා මම සේරම දාළා මෙහේ ආවා..

දුක හිතුනෙ නැද්ද ?

දුක හිතුනා.
කියා ගන්න බැරි තරම්.
ඒත් කොල්ලෝ අපිට අඬන්න බෑ කෑ ගහලා.
සේරම දරාගෙන,
කාලෙට සේරම බාර දීළා මෙහේ ආවා.
ඒත් හැමදාම ඔයා මගේ හිතේ හිටියේ...

      රං ඇයි මගේ කුක්කූ මේ ඇස් වල කඳුළු..

අඬන මාව රංඟන අය්යා උකුලෙ හාන්සි කරව ගත්තා..

කෝ කඳුළු බෑ.
මම දැන් ලඟ ඉන්නවනේ...

ඉස්සරහට ගොඩාක් ප්‍රශ්න ඒවි රංඟන අය්යා...

මම දන්නවා රං.
ඒත් ඒ හැමදේටම මූණ දෙන්න මට ශක්තිය තියෙනව මට ඔයාව විතරයි ඕන.

රංඟන අය්යගේ ඇඟිලි මගේ කෙස් අතර එහෙට මෙහෙට ගියා.
හරි සනීපෙට.
මම ඇස් දෙක පියා ගත්තා..
හදවත ආදරෙන් පිරෙද්දි..

රං..
මේ අහන්න කුක්කූ..

ම්ම්ම්ම්..

මං ඇස් දෙක පියාගෙනමයි කතා කළේ..

ලංකාවට යමු ඉක්මනට .

ගිහින්..

අපිට වෙඩින් ගන්න බැරි වෙයි.
යාළුවන්ට විතරක් කියළා පුංචි පාටියක් අරන් මැරි කරමු...

මැරි කරලා..

ම්ම්ම්ම්ම්...

හිතුව එක තමා...

මැට්ටා...

රංඟන අය්යා මගේ මූණට පාත් වෙළා
රංඟන අය්යගේ තොල් දෙක මගේ තොල් දෙකට තියලා හීනියට හැපුවා...

නුපුරුදු හැඟුම් ගොඩාක් හිතේ ගලාගෙන යද්දී මම රංඟන අය්යගේ බෙල්ල බදා ගත්තා...

              -----*****----

රං කුක්කූ කොහෙද ඉන්නේ?

හොස්ටල් එකට දැන් ආවේ..

මට හොඳටම උන.

මම එන්නද?
ඉඳුවර අය්යා රූම් එකේ ඉන්නවද?

නෑ ඌ වැඩට ගියා..

මම ට්‍රෂෝ එකක රංඟන අය්යගේ රූම් එකට ආවා.
කොල්ලා හොඳටම පොරවන් නිදි..

අප්පච්චි ..

මම රංඟන අය්යගේ නලලට අත තියලා කතා කළේ..

කුක්කූ දැන්ඳ ආවේ?

රංඟන අය්යා අමාරුවෙන් කතා කළේ.

මට බය හිතුනා..
මම අඬ අඬාම රංඟන අය්යට තුරුල් වුනා..

කුක්කූ ඇයි රං මේ..

කෝ ඔලුව උස්සන්න..

රංඟන අය්යා හාන්සි වෙළා ඉඳියේ.
මම ඇඳේ බිම වාඩි වෙළා රංඟන අය්යගේ පපුවට මූන තියන් ඉඳියේ..

මම ඉකිබිඳින සද්දෙ රංඟන අය්යට දරාගන්න බැරිවෙළාද කොහෙද.
මාවත් ඇඳට ඇදලා ගත්තා.

අනේ බං උන හැදුනට මැරෙන්නෙ නෑ මම...
බය නොවී ඉඳින්...

රංඟන අය්යා මගේ පපුවට මූන තියන් කියනවා..

අපි යමු බෙහෙත් ගේන්න..

දැන්නම් සනීපයි වගේ...

රංඟන අය්යා මගේ බ්ලව්ස් එක චුට්ටක් ඈත් කරලා ආයේ පපුවට මූන තියන් කියනවා..

මට බයයි..

මොකටද?

මේ ආදරේ මට නැති වෙයි කියළා මහත්තයො ..

මම මැරුනොත් තමා රං..
මගේ හුස්මනේ උඹ..

රංඟන අය්යගෙ ආදරේ.
දරාගන්නත් බැරි තරම්...

රං..
ම්ම්ම්..

ඊටත් ටික වෙලාවකට පස්සේ මම රංඟන අය්යගේ පපුවට හාන්සි වෙළා ඉඳියේ.
රංඟන අය්යා ඇඳේ විට්ටමට කොට්ටයක් තියන් හාන්සි වෙළා හිටියේ..

රං අපි ලංකාවට යමු.

ම්ම්..

ඔව් ඔයා නැතුව ආයේ මට ඉන්න බැරි වෙයි.
කෙල්ලෙක් මගේ තුරුල්ලේ මේ හිටියමයි.
අවුරුදු පහක් දුක් වින්ඳ එකට පසු තැවීමක් නෑ රං.
මගේ ජීවත් දැන් මගේ ලඟ.
අපි ලබන සතියේ යමු කුක්කු ලංකාවට...

          -------***------

කටුනායක එයාර්පෝර්ට් එකට එනකම් මම රංඟන අය්යගේ පපුවෙ මූණ තියන් සනීපෙට නිඳන් ආවේ.
අපේ ගෙදර කවුරුත් දැනන් ඉඳියේ නෑ මම ලංකාවට එනව කියළා.
එනව කිව්වනම් මට කවදාවත් මෙහෙම රංඟන අය්ය එක්ක එන්න ලැබෙන්නෙත් නෑ.
මම ගෙදර ගියේ නෑ. රංඟන අය්යගේ ගෙදර ආවා..
රංඟන අය්යගේ අම්මා විතරයි ගෙදර හිටියේ...

දෙවියනේ මේ බංඩාර මුදලාලිගේ කෙල්ල නේද? අනේ රත්තරං පුතේ මේ කෙල්ල ගිහින් බාර දීපන්.
මේ මැණික උඹට අයිති නෑ.
බංඩාර මුදලාලි දැනගත්තොත් උඹ මරයි මගේ පුතේ...

රංඟන අය්යගේ අම්මා මාව දැකළා බය වෙලා අඬ අඬා කිව්වේ..
 
අම්මා බය වෙන්න එපා.
කවුරුත් දන්නෙ නෑ.
කෙල්ල ලංකාවට ආවා කියළා.

ඒත් පුතේ ආරංචි වෙයි.
මට උඹ නැති වෙයි රත්තරනේ...

ඔන්න ඉතින් අම්මා බය වෙලානේ..

රංඟන අය්ය අම්මගෙ ඔලුව අත ගා ගා කියනවා..

              -----****-----
රං
ම්ම්..

අනිද්දා අපි මැරි කරමු.

ම්ම්ම්ම්....

මම හිටියේ රංඟන අය්යගේ පපුව උඩ..
ඇස් දෙක පියන්..

රං..
ම්ම්..

කෝ නිදිද?

නෑ මහන්සි පැය ගානක් ඇවිත්...
ඔයාට මාව බරයිද?

නෑ මගේ කුක්කූ ඔහොම දොය්යන්න....
මම රංඟන අය්යගේ පපුව බදා ගත්තා..
ෂර්ට් එකක් නැතුව ඉඳපු රංඟන අය්යගේ පපුවෙ උනුසුම මට හොඳටම දැනුනා...
මම සනීපෙට ඇස් පියා ගත්තා...

             -----****------

එක පාරටම මම ඇහැරුනා.
රෑට මට බඩ ගිනි වෙළා ඇහැරෙනව.

මම දඟලනව  දැනිලද කොහෙද රංඟන අය්යා මට කතා කළා..

ඇයි මගේ අම්මී දඟලන්නේ?

බඩගිනි මහත්තයො..

අනේ..
ඉන්න මං බත් චුට්ටක් බෙදන් ඇවිත් කවන්න..

බත් එපා කිරි එකක් ඕන..

ඉන්න මං හදන් එන්නම්..

රංඟන අය්යාගේ පපුව උඩ නිදන් හිටපු මාව ඇඳෙන් තියපු රංඟන අය්යා කුස්සියට ගියා..

පව්..

මට දුකත් හිතුනා..

පුතා මොකෝ මේ රෑ ඇහැරිලා.

කෙල්ල ඇහැරිලා බඩගිනිලු..

ඒකනේ පුතේ මම උඹට කියන්නේ,
ඔය සැපට හැදිච්ච කෙල්ල උඹට බලා ගන්න බෑ කියළා.

ඒත් අම්මා මං රං නැතුව කොහොම ඉන්නද?

රහසින් වගේ කතා කලත් මට රංඟන අය්යයි අම්මයි කතා කරපු සේරම ඇහුනා..

මම බොරුවට නිදි වගේ හිටියෙ.

කෝ කුක්කූ අවදි වෙන්න.

රංඟන අය්යා කිරි එක හදන් ඇවිත් මට කතා කළා..
මම නැගිටලා ඇඳෙන් වාඩි වුනා..
රංඟන අය්යා මාව අරන් උකුලෙන් වාඩි කරව ගත්තා..

චුට්ටක් රස්නෙයි රං..

මාව වදයක්ද මහත්තයො ..

රං ඇයි මගෙ අම්මි මේ...

මම රංඟන අය්යගේ පපුවෙ මූන හංඟ ගත්තා..

වදයක් නෑ රං.
මට බලාගන්න පුළුවන් නිසානේ අරන් ආවේ..
ම්ම්ම්...

කෝ මේ කිරි එක බොන්න....

කවුද එක පාරටම දොරට ගහනවා ඇහුනා..

පුතේ පුතේ

රංඟන අය්යගේ අම්මා හොඳටම බය වෙළා රංඟන අය්යට කතා කළේ.

අම්මා ඉන්න මං දොර අරින්නම්.
මගේ රං ඔයා එන්න එපා එලියට ඔහොම ඉන්න...

එකපාරටම දොර ඇරන් ආවේ පොඩි අය්යයි කොල්ලෝ සෙට් එකකුයි..

වුනේ මොකද්ද කියලවත් හිතා ගන්න බෑ.

රංඟන උඹ මගේ නංඟි රවට්ටලා අරන් ආව එහෙනම්..

චබී ඉන්න තැනකින් වරෙන් එලියට
මම රංඟනය ඉවරයක් කරන්න කලින්..

මට ඒක ඇහුනම ආයේ කාමරේට වෙලා කොහොම ඉවසන් ඉන්නද?

මම බයෙන් බයෙන් ගිහින් රංඟන අය්යගෙ පිටට මුවා වුනා.

යමන් ගෙදර .

පොඩි අය්යා මගේ අතින් ඇදලා ගත්තා..

මට බෑ මට රංඟන අය්ය නැතුව ඉන්න බෑ.

මම රංඟන අය්යගේ අතේ එල්ලුනා.

රංඟන අය්යත් මාව ඇදලා අරන් පපුව ලඟට ගත්තා..

ඕකව අල්ලගනින් කල්ප..

අය්යගේ යාළුවො දෙන්නෙක් පැනලා රංඟන අය්යගෙ අත් දෙකෙන් අල්ලා ගත්තා.

අතෑරපන් මගේ කෙල්ල..

පොඩි අය්යා මාව ඇදන් යද්දී රංඟන අය්යා කෑ ගැහුවා..

අනේ මට බෑ යන්න...

පොඩි අය්යා මාව බලෙන් ඇදන් ඇවිත් වාහනේට දැම්මා..

මගේ කෙල්ල අරන් යන්න එපා.
රං මගෙ උස්ම ටික..

රංඟන අය්යා ඇස් වල කඳුළු පුරවන් කෑ ගැහුවට පොඩි අය්යට දුක හිතුනෙ නෑ.

           -------****-----

හෙට මගේ වෙඩින් එක. අප්පච්චිගේ යාළුවෙකුගේ පුතෙකුට මාව බන්ඳලා දෙන්න සේරම ප්ලෑන් කරළා ගෙදර අය.
මම හිරකාරියක් වගේ.

කෙල්ලගේ වෙඩින් සාරි ටික බලන්න එක්ක යන්නද?

අප්පච්චිගෙන් අහලා ලොකු නැන්දා මාව සැලෝන් එකට  එක්කරගෙන ආවා.

ඒ ඇවිත් ලොකු නැන්දා බඩු වගයක් ගන්න කඩේකට ගිය අතරේ,
මම වෙල් වලට ගහන තෙල් තියෙන කඩේට ඇවිත් කෘමිනාශක බෝතලයක් අරගත්තා ..

රංඟන අයියා නැතුව මට මොන ජීවිතයක්ද,
මම හොඳටම දන්නවා රංඟන අය්යත් මම නැතුව මැරි මැරී ජීවත් වෙනව ඇති කියළා.

මම රංගන අයියට ලියුමක් ලිව්වා.

ලබන ආත්මේ දුප්පත් පවුලක ඉපදිලා මම ඔයාගෙම වෙන්නම් මහත්තයො.
 
මීට ඔයාගේ රං.

කෘමිනාශක බෝතලය එක කටට හලාගෙන මම ඇඳේ හාන්සි වුනා..

             -----****----

චබී චබී..

පොඩි අය්යා කාමරේට එනව මට යාන්තමට වගේ මතකයි.

අම්මා චබී වස බීලා..

ගෙදර අය මාව හොස්පිටල් අරන් ඇවිත් තිබුනා..
 
          -------****--------

ලෙඩා ගෙනෙද්දි හොඳටම පරක්කු වෙළා..

ඩොක්ටර්ස්ල ගෙදර අයට කියද්දි එයාලා ඇඬුව විතරයි..

තේරුමක් නෑ ඔක්සිජන් දීළා.
සොරි මිස්ට බංඩාර..

අනේ  මගේ කෙල්ල..

අප්පච්චි අඬන්න පටන් ගත්තා.

රංඟන අය්යට ආරංචි වෙළා මං වස බීලා හොස්පිටල් කියළා.

රංඟන අය්යා පිස්සුවෙන් වගේ අඬ අඬා හොස්පිටල් එකට දුවන් ආවේ..

මගේ රං..
අනේ එයාට මොකද වුනේ..

පොඩි අය්යා අසරණ විදියට රංඟන අය්යගේ
මූණ දිහා බැලුවේ.
එයා පසු පසුතැවෙතැවෙන්න අැති කරපු මෝඩ වැඩේ ගැන.

විදුර කෝ මගේ කෙල්ල..

මට සමාවෙයන් මචං පොඩි අය්යා රංඟන අය්යව බදා ගත්තා..

චබී අපි දාළා ගියා..

නෑ නෑ මගේ කෙල්ලට බෑ මාව දාළා යන්න..

මගේ රං...

රංඟන අය්යා මම ලඟට දුවගෙන ආවා..
ඔක්සිජන් හයි කරළා මළමිනියක් වගේ ඉන්න මාව දැක්කම රංඟන අය්යට මොනව හිතෙන්න ඇද්ද...

හිත හදා ගන්න පුතා..

මාව බදන් අඬන රංඟන අය්යට ඩොක්ට කෙනෙක් ලඟට ඇවිත් කිව්වේ ..

නෑ නෑ මගේ කෙල්ලට එහෙම මාව දාළා යන්න බෑ..

ඩොක්ටත් ඇස් වල කඳුළු පිහිදා පිහිදා ගියේ...

අපිට සමාවෙන්න පුතා අම්මයි අප්පච්චී රංඟන අය්යා ලඟට ඇවිත්..

මගේ පණ කතා කරන්න රං..
කෝ මගේ කුක්කූ ඔයාගේ මහත්තයා ආවා.
මේ බලන්න රං එයාල හැමෝම අපිට ආශිර්වාද කරනව.
රං නැගිටින්න මගේ අම්මී..

රංඟන අය්යා මාව ඉඹින ගමන් අඬ අඬා කියනවා ..

රං උඹට බෑ මාව දාල යන්න.
උඹ නිසා මගේ පපුවට කිරි එරුනෙ නැති ටික විතරයි.
උඹ දන්නව මං ආදරේ තරම්...
කතා කරපං කුක්කූ...

මගේ ඇස් හිමිහිට ඇරුනේ එතකොට....

මහත්තයො ....

මගේ රං..
මගේ අම්මී....
රංඟන අය්යා මාව බදා ගත්තා.....

මාව දාල යන්න එපා රං..
උස්ම උඹනෙ මගේ....

මම අමාරුවෙන් හිනාවුනේ..

අම්මයි අප්පච්චී පොඩි අය්යයි පැත්තක ඉඳන් අඬනවා.
එයාලටත් ගොඩාක් සතුටුයි.

මගේ රං...

ම්ම්ම්....

උඹ මාව බය කළා..

දාළා යන්නේ නෑ මහත්තයො කවදාවත් ....

රංඟන අය්යා මගේ නලලා ඉඹලා තුරුල් කර ගනිද්දි,
මම ඒ ආදරේට, උනුසුමට ගුලිවෙළා සනීපෙට ඇස් පියා ගත්තා...

                -------*****-----
                        නිමි.

     මම Admin- දෝණි සුදූ👧.

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment