ලස්ස්න කතාවක්

අහිංසක ලස්සන කෙටි කතාවක් මගේ යාළුවනේ ........

"අ..නේ....මට ආ...මාරුයි ල..හි..රු...."

මහේෂි ආමාරුවෙන් වචන ගලපගෙන මගෙ අතින් අල්ල ගත්තේ ඇටෙන්ඩන් කෙනෙක් ට්‍රොලිය යේ තියාගෙන මහේෂි ව ලෙබර් රූම් එකට අරන් යද්දි....

හිතා ගන්න බෑ මටවත් එකපාරටම මොකද උනේ කියලා....මහේෂි බාත් රූම් එකෙන් ලෙස්සිලා වැටුනා කියලා අමාලි අක්කා මට කොල් කරලා කියද්දිත් මගෙ කකුල් දෙකම පන නැති වෙලා ගියේ මහේෂිට බාබා හම්බවෙන්න දින ඔන්න මෙන්න තියෙනවා කියලා මතක් වෙනගමන්.දරුවයි මහේෂි මගේ පන වගේ....ඒ දෙන්නාට මොනවා හරි උනොත් මට ඉදලා වැඩක් තියෙනවාද...

වැඩ පලෙන් නිවඩු අරගෙන මං කෙලින්ම හොස්පිටල් එකට දුව ගෙන ආවේ...මහේෂිව ලේබර් රූම් ගන්න හදන වේලාවෙමයී....

"මගේ රත්තරන්...."මං මහේෂිව අල්ල ගත්තේ...මහේෂි  අමාරුවෙන් මට කතාකරන්න වචන ගලපගද්දි...

"මට ආමරුයි ලහි...රු...මං...මැ..රෙයි...ද....ල..හි..රු..."

"ඔයාට මොකුත් වෙන්නෙ නැ රත්තරන්..."මං හිතේ දුක හංගගෙනම මහේෂිව සැනසුවේ...මේ වෙලාවේ ඇය ඉන්නේ..දරුවා ගැන කලබලයෙන් නිසායි...

"මගේ දරුවා......ල..හිරු...අපේ දරුවා...."
මහේෂි මගේ අත අල්ලන් ඇඩුවේ මගේ හදවතම පිච්චිලා යද්දි...

"දරුවටවත් ඔයාටවත් මොකුත් වෙන්නේ නෑ.මගෙ මැනික....."මං එහෙම කියලා මහේෂි ගේ කදුළු පිහිදැම්මේ....අනේ දෙවියනේ මගේ පන ආරක්ෂා කරන්න කියලා ප්‍රර්ථනා කරමින්...

මහේෂිට මොනවා හරි උනෝත් දරු පැටියාව හොදට බලාගන්න කියලා ආවසාන වචන ටික විතරක් මහේෂි මට කියලා යද්දී....ස්වාමියෙක් විදියට මං මගේ බිරිදව හරියට බලාගත්තාද කියලා මට අනන්තවාරයක් හිතට දැනුනා.....

මහේෂි මගේ ලොකයම වේලා..එයා නැති ජිවිතයක් මට ජිවිතයක් නෙමෙයි කියලා මට දැනුනේ මං මහේෂිව දැකපු පලවෙනි දවසේයි...
මහේෂිගේ හිනාව කතාව...එ බැල්ම මට කවදාවත් අමතක කරන්න බෑ....එයා තරම් ලස්සන කෙල්ලෙක් මං කවදාවත් දැකලා තිබුනේ නැති තරම්....

මගේ ලොකේ දෙවනි පාරටත් අදුරු වුනා කියලා මට දැනුනේ මහේෂි බාත් රූම් එකෙන් ලිස්සලා වැටුනා කියලා ආරංචි වුනු වේලාවෙයී....

මහේෂිව මට ඉස්සෙල්ලාම මිට් උනේ අපි දෙන්නාම වැඩ කලේ එකම වැඩපලේ නිසා...මහේෂිව දකින්න කලින් ආදරේ කියන වචනේටත් වෛර කරා උනත් දෙවනි පාරටත් ආදරේ නිසා ජිවත් වෙන්න කියලා දුන්නේ මටත් හොරා මං මහේෂිට ආදරෙ කරන්න පටන් ගත්ත නිසා....

ඒ උනත් මං පරක්කු වැඩි කියලා දැනගත්තේ අපේ වැඩපළේම කොල්ලෙක් එක්ක මහේෂි යාළුයි කියලා දැනගත්තාමයි....ජිවිතේම එපා කියලා අයිත් මට හිතුනාත් මහේෂි මගේ යාළුවෙක් විදියට හරි ලගින් ඉන්න හදපු වේලාවේ මං ඒ අරාධනාව පිලිගත්තේ කවදා හරි මහේෂි මගේම වෙයි කියලා බලාපොරොත්තු ඇතිව....

අවුරුද්දකටත් කිට්ටු වෙන්න මං මගේ ආදරේ හංගගෙනම මහේෂි ව ආශ්‍රය කලේ යළුවෙක් විදියට...චතුරංගයි මහේෂි අතරේ රණ්ඩුවක් උනත් මහේෂි දුක කියලා හිත හදාගත්තේ මට කියලා..

ඇත්තටම ඔයා මගේ උනා නම් මං කවදාවත් ඔයාට දුකක් දෙන්නෙ නෑ මගෙ මැනික කියලා මං මගේ හිතින් අනන්වාරයක් ඒ වේලාවට හිතලා ඇති...චතුරංගට වඩා මං එයාට ආදරේ කියලා තේරුම් කරලා දෙන්න තරම් මට හයියක් නොවුනේ මහේෂිගේ හිත රිද්දලා ආදරයක් ගන්න මට බැරි වුනු නිසායි..

කොහොම කොහොම හරි චතුරංග කලේ බොරු ආදරයක් කියලා මහේෂි  දැනගන්න කොට මහේෂි පරක්කු වැඩි කියලා දැනගත්තේ ඒ වෙන කොටත් චතුරංග නිසා මහේෂි අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගද්දී...

මහේෂි ට ඒ වෙලාවේ උදව් ඉල්ලන හිටියේ මං විතරක් උනාට ඇයට දෙන්න හැකි එකම උදව්ව දරුවාවත් එයාවත් හොදින් බලාගන්න එක විතරක් කියලා මං කියද්දි මහේෂි පලවෙනි දෙවනි තුන්වෙනි පාරවල් බෑ කියලාම කිව්වේ එයා නිසා මගේ ලස්සන ජිවිතේ නාස්ති කරගන්න එපා කියලා....

තව දුරටත් හැමෝගෙන්නම මහෙෂි ගේ දරුවා ගැන හංගගෙන ඉන්න බැරි නිසමත් දරුවාට පියෙක් ඔනි කියන කරුන නිසාමත් මහේෂි මගෙ තිරනයට කැමති උනේ.. වෙන මගක් නොමැති නිසාමය...

කෙසේ උවත් මට අවශ්‍ය උනේ මහේෂි ව මගේ කරගන්නට පමණිය...

ගෙවල් වල කැමැත්තෙන් හෝ අකමැත්තෙන් උවද නිතීයෙන් මහේෂි ව මගේ බිරිද විදියට කැන්දගෙන ආවේ...මගේ හැම බලාපොරොත්තුවක්ම මල්පල ගැන්වෙමින් තිබිද්දී......

දරුවා නිසාම මාව බැන්දා උනත් කලක් යද්දි මහේෂි මට ලං වෙන්න ආදරේ කරන්න පටන් ගත්තේ මගේ ආදරේ සෙනෙහස රැකවරණය චතුරංග ගේ හැම මතකයක්ම මහේෂි ගේ හිතින් මැකිලා යද්දිම කියලා මට දැනුනා....කොහොම උනත් මහෙෂි දැන් සදහටම මගේ කියලා මට දැනේද්දී මට ඇති වෙන්නේ පුදුමාකාර සතුටක්......

මං වැඩට යන වේලාවට මහේෂි ගේ උදව්වට කියලා මං අපේ ගේ ගාව අක්කා කෙනෙක් තියලා යන්නේ මහේෂි ගේ ආරක්ෂාව ගැනත් හිතලා....දරුවාව පෙන්නන්න ඩොක්ටර් ලගට යන හැමවේලාවෙම ඩොක්ටර් කියන්නේ මහේෂි ගේ විටමින් අඩුනිසා එයාව හැමවේලාවේම හොදින් බලාගන්න කියලායි....

"ඔයා අද ගෙදර ඉන්නකෝ....ලහිරු...."ගෙයින් එලියට බහිද්දිම බත් එක අතේ තියාගෙනම මහේෂි මගේ පිටිපස්සෙන්ම ආවේ..මං වැඩට යන්න බයික් එකට නගින්න යද්දි....

"මැෂින් එකේ වැඩ ගොඩයි රත්තරන්...අනික දැන් නිවාඩු ගත්තොත්..ඔයාට දරුවාව ලැබෙන්න දින ලං වෙද්දි මට නිවාඩු ගන්න බැරි වෙයි රන්...."මං එහෙම කියලා මහේෂි මට දවල්ට කන්න ලැහැස්ති කරලා දුන්න් බත් එක බැග් එකට දාගෙන ඇගේ නලලතට හාදුවක් දුන්නේ...මහේෂි හුරතල් මුන ඇඹුල් කරගද්දී.. .

ඇයව දාලා යන්න මටත් දුක උනත් රාජකාරියද මගහැරදැමිමට නොහැකි නිසාම...එහා ගෙදර අක්කා එනකම් පරිස්සමට ඉන්න කියලා ආයිත් මං මහේෂිව තුරුළු කරගෙන ඇයට හාදුවක් දුන්නේ මගේ මුළු ජිවිතේම ඇය නිසායි....

මොන කරුමයක් පරිසන් දුන්නාද කියලා මට හිතුනේ ඇයි මහේෂි මට නවතින්න කියද්දිත් මං වැඩට ගියේ කියලා හිතට වද දෙද්දි....

අමාලි අක්කා අපේ ගෙදරට යන කොටත් මහේෂි බාත්‍ රූම් එක ලග වැටිලා කෑගහන සද්දෙට වටේම ඉන්න මිනිස්සු ගෙදරට දුව ගෙන ඇවිත්.....

අ...නේ... දෙ..යි..යනේ.....මං මොන තරම් කාලකන්නි මිනිහෙක්ද කියලා...මට ආයිත් ආයිත් දැනුනේ....පැය කිහිපයකට පස්සේ ලෙබර් රූම් එකෙ ඉදලා මහේෂිව චේක් කරපු ඩොක්ටර්....

"අපිට සමාවෙන්න....මිස්ටර් ලහිරු.....අපිට ඔයාගේ වයිෆ්ව බෙරගන්න බැරිවුනා......"කියද්දී....

අනේ.......මේ මොකද්ද දෙයියනේ මට උනේ.....කකුල් දෙකම පන නැති වෙලා මාව පුටුවේ ඉද වුනේ මගේ ජිවිතේම ආයි ආයිත් අදුරට කඩා හැලෙද්දී.....
මගේ හැමෝම මාව වට කරගෙන මොන මොනවද කියෙව්වේ මට වගෙම ඒ හැමොටමද දුක දිලා මහේෂි මේ ලොකෙන්ම යන්න ගියපු නිසායි.....මං කෑගහලා අඩන්න හැදුවත් මට කැගහා ගන්න තරම් වත් පනක් නැ....මං මහේෂි ගේ ලොවේ අතරමං වේලා....

"ඇයි රත්තරන්.......ඔයා..මාව..දාලා ගියේ...."මං  දැතින්ම ඔළුව බදාගෙන ඇඩුවේ....ලෙබර් රූම් එකේ ඉදලා නර්ස් කෙනෙක් සුදු රෙද්දක ඔතාගෙන මගේයි මහේෂි ගේයි දරුපැටියා අරගෙන ඇවිත් මට දෙන්න හදද්දී.....

"වෙච්ච දේට අපිටත් දුකයි මිස්ටර් ලහිරු....ඔයාගේ වයිෆ් එයා වගේම ලස්සන දූවෙක් ඔයාට දිලායි යන්න ගියේ...." නර්ස් එහෙම කියලා අපේ දුවව මගේ අතට දුන්නේ...මහේෂිගේ ඒ හිනාව ඒ කතාව ඒ බැල්ම දූ ගෙනුත් මට මැවි මැවි පෙනෙද්දී......පැනල් එකට ගුලි වේලා නිදාගෙන ඉන්න දු පැටියාව මං මගේ පපුවට තුරුළු කරගත්තේ අද උදෙත් මහේෂි මගේ පපුවට තුරුළු වෙලා හිටියා නේද කියලා මතක් කරගෙනයි.......

💔💔💔ආදරය නිසා අවලස්සනව තිබු මගේ ලෝකය......ඔබ දෙව් දුවක් ලෙස ඇවිත් ලස්සන කරා......අද මාවත් අපේ පුංචි දූ වත් තනිකර දා ඔබ අපගෙන් සමුගෙන සදහටම යන්න ගියා ........💔💔💔💔💔

මහේෂිගේ අවසන් කටයුතු කරලා...මගේම නොවුනත් මගේම දරුපැටියා එක්ක මං තනිවම ජිවත් වෙන්න තිරණය කලේ හැමදාමත් මං ආදරේ කලේ මහේෂිට විතරක් නිසා......💔💔💔💔💔💔💔

ඇගේ එක සිනහාවක් මගේ මුළු ජිවිතයම වුනා.....💔💔💔
ඇගේ එක බැල්මක් මගේ මුළු ආදරයම වුනා... ..💔💔💔💔

💔💔💔💔💔💔සමාප්තායි💔💔💔💔💔

<b>Achi Wijesundara
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment