ජීවිතය දිනුවේ ඇයයි

❤️❤️ජීවිතය දිනුවේ ඇයයී❤️❤️ 
                   කෙටි කතාව ..

           " නිවාඩු දවසෙවත් පාඩූවේ ඉන්න දෙනවා රශ්මී.. මොන මල කරදරයක්ද මේක "


හැමදාමත් වගේ සුපුන්ගේ වචනත් එක්ක රශ්මිගේ ඇස් වලට කදුලු පිරිණී ..
ඒත් ඒ කඳුළු වල වේදනාව සුපුන්ට නොදැනෙන බවත් රශ්මි දන්නවා.
සුපුන් මේ බනින්න පටන් ගත්තේ රශ්මි උදේ අම්මලාගේ ගෙදර ගිහින් එමු කීවට පස්සෙයී. අවුරුදු පහක් ආදරෙ කරලයී සුපුනුයි රශ්මි බැන්දේ . බැඳලා දැන් අවුරුදු දෙකක් . දෙන්නා ගොඩාක් ආදරෙන් හිටියේ. ඒත් දැන් ලගකදී ඉදලා සුපුන් ගොඩාක් වෙනස් වෙලා කියලා රශ්මිට තේරුනා. පුංචි දේත් ලොකු කරන් හැමවෙලාවකම රශ්මිත් එක්ක රංඩූ කලා.
ඒත් ඒ හැමදේම රශ්මි තනියෙන් ව්ද දරාගත්තා. ඒත් එන්න එන්නම සුපුන් රශ්මිට සලකන විදිහෙන් රශ්මිට කසාද ජීවිතේ කලකිරිලයී තිබුණේ.. වෙනදා නිවාඩු දවසක් එනකල් රශ්මි වගේම සුපුනුත් ඇගිලි ගැන්නා.. ඒ කොහේ හරි ඇවිදින්න යන්න. ඒත් දැන් මාස ගාණකින් රශ්මි සුපුන් එක්ක ටවුමටවත් ගිහින් නෑ ..

දැන් නිවාඩු දවසටත් සුපුන් ඔෆිස් එකේ වැඩ කියලා යනවා. සමහර දවස්වලට දවස් දෙක තුන ගෙදර එන්නෙත් නෑ .. ඒ හුගක් දවස්වලට රශ්මිත් ඇඩූ කදුලින් රැය පහන් කලා. ජීවිතේ කොතනක හරි වැරදුණා කියලා රශ්මිට හිතුණා..

එක දවසක් සුපුන් පෝය දවසේත් ඔෆිස් ගියේ හදිසි වැඩ වගයක් තියෙන බව පවසමින්.. ගෙදර උයන්නත් කිසිම දෙයක් නොතිබුණ නිසා රශ්මිත් ටවුමට ගියේ අවශ්‍ය බඩු වගයක් අරන් එන්නයී ..

බඩු ගේන්න ගිය රශ්මි දැක්කෙ ජිවිතේ කවදාවත් දකින්න ප්‍රාර්ථනා නොකරපු දේකුයී.. සුපුන්ගේ බයික් එකේ හිටියේ කෙල්ලෙක් . ඒ කෙල්ලත් සුපුන්ව බදාගෙන හිටියේ දෙන්න හිනාවෙවී යන දිහා බලන් හිටපූ රශ්මි ඇස් වල කදුලුත් එක්ක ගෙදර ආවේ ගෙදරට බඩුවත් නොගෙනමයී..

ගෙදර ආපූ රශ්මි පුලුවන් තරම් හයියෙන් කෑ ගහ ගහ ඇඩුවේ මෙච්චර දවස් හිතේ කෑකැරුණූ වේදනාවත් එක්කයී.කොච්චර ඇඩුවත් තුනී නොවුණූ හිතත් එක්ක පන්සල් ගියපූ රශ්මි බෝධිය ලග සුදු මලුවේ වැටිලා හොදටම ඇඩුවා..

තෝන්තුවෙන් වගේ ගෙදර ආපූ රශ්මි කල්පනා කලේ මොකද කරන්නේ කියලා .. ඒත් ඇයට කිසි දෙයක් හිතාගන්න බැරි වුණා..

එදා රැට උයන්න තරම්වත් හිතක් නොතිබුණු නිසාම ලයිට් එකක් වත් නොදා කළුවරේම සාලේ පුටුවකට වෙලා රශ්මි ඔහේ හිටියා..
සුපුන්ගේ බයික් එකේ ශබ්දේ ඇහුනත් ඇය සිටි විදිහටම හිටියා..
බයික් එක නතර කරපූ සුපුන් ගෙට එනවත් ඇය අහගෙන ...

ගෙට ආපූ සුපුන් සාලේ ලයිට් එකක් දැම්මේ වටපිට බලමින්මයී. මොකද කවදාවත් ඔහු එනවිට ගෙදර මේ තරම් කළුවරේ තිබිලා නෑ . ලයිට් එක දාපු සුපුන් දකිනවා ඔහේ බලාගත් අත බලන් ඉන්න රශ්මිව...

            " තමුසෙට මොනවා වෙලාද රශ්මි ආ... ගෙදර ලයිට් එකක් වත් නොදා"

සුපුන් කෑගැසුවද රශ්මිය සෙලවුණේවත් නැත.

         
              " මොකද ගෑනියේ වෙලා තියෙන්නේ ආඅ"

රශ්මි ලගටම පැමිණි සුපුන් ඇයව සොලවා අසද්දිත් ඇය එලෙසම සිට් අතර ඇයට සුපුන් අර කෙල්ලත් සමග දහවල් සීනා සිසි ගිය අයුරු ඇයට මැවි පෙනෙන්නට විය...

          " ඩ්වෝස් එක ඔනා කවදටද"

සිටි ඉරියව්වෙන්ම සිට ඔහු දෙසවත් නොබලා රශ්මි පවසද්දී විසල් කරගත් දෙනෙතින් යුතුව සුපුන් රශ්මි දෙස බැලුවේය.

        " මොකක්ද  ..  මොකක්ද කිව්වේ"

           " ඔව් මම හැමදේම දන්නවා "

හඩ හඩාම රශ්මි දහවල් දුටු හැමදෙම සුපුන්ට පැවසුවාය . ඒ වෙලාවේ නම් සුපුන්ට රශ්මි ගැන දුක හිතුණා .
 
      ඉතිං එදා සුපුන් රශ්මිට පොරොන්දු වුණේ මේ හැමදේම නතර කරන බවයී.  රශ්මිත් සුපුන්ව විශ්වාස කලා. නමුත් ඒ සතුටට ටික කාලයක් පමණයී උරුම වුණේ.. නැවතත් ඒ සම්බන්ධය තියෙන්න බව දැන ගන්න රශ්මි මොන තරම් දුකක් ඇති වුණත් සුපුන්ගෙන් දික්කසාද වෙන්නේ තවත් මේ බැඳීමට වට්නාකමක් නැති නිසයී...

ආපහු ගෙදර ආපූ තම එකම දියණිය දෙස බල බල රශ්මිගේ මවත් පියාත් ජීවත් වුණේ ඇඩූ කදුලින්..
තම මවටත් පියාටත් දුක් දෙන්න බැරි නිසා රශ්මි ජීවිතේ නැගිටින්නට උත්සාහ දරනවා...
පාඨමාලා කිහිපයකටම සහභාගි වෙන රශ්මි අවසානයේ තීරණය කරන්නේ ලමා ඇදුම් මැසීමටයී.. දෙමව්පියන්ගේන් දෙදෙනාගේ ආශිර්වාදය මතයි ඇය මේ පුංචි ව්‍යාපාරය ආරම්භ කලේ .. ලදරු ඇදුම් වලට වෙලද පොලේ හොද ඉල්ලුමක් තිබුණ . ඉතිං ඇය බලාගෙන ඉද්දී දියුණු වුණා. ඇය ගොඩාක් ආසාවෙන් හිටපු මෝටර් රථයක්ද ඇය මිලදී ගත්තා. නමුත් ඇය තාමත් ඉස්සර රශ්මිමයී.  ඒ නිහතමානී ගතී තාමත් ඇය ලග ..

දවසක් හවස් වරුවක ඇය  ඇගේ නවීන පන්නයේ මොටර් රථයෙන් පන්සල් ගියා .. හදුන්කූරු පැකට් එකක්  ගැනීමට හදුන්කූරු විකුණන මිනිසා ලගට ගිය රශ්මි හදුන්කූරු එකක් ගෙන සල්ලී දී ඔහු දෙස බැලුවෙ නිකමටය ...
ඒ වෙන කව්රුත්ම නෙවේ සුපුනුයි..
මුහුණ පුරා තිබු රැවුල් ගසුත් නොකැපූ කොණ්ඩයත් ඇයට දහසක් දේ කියද්දී ඇය කිසිවක් නොපවසාම පන්සල් බිමට ඇතුලු විය..
බුදු හාමුදුරුවෝ ලග වැටි රශ්මි ඉල්ලුවේ එකම එක දෙයයී .. ඒ ආයෙත් කවදාවත් සුපුන් වෙනුවෙන් ඇගේ සිත උණුවීමට ඉඩ නොදෙන ලෙසයී.. හුගක් වෙලා අරන් වැදපූ රශ්මි පහල මලුවට ආවේ ඇගේ සිතට ලොකු සැනසීමක් ගෙන දෙද්දියී... මොටර් රථය පන්සල් බිමෙන් එලියට ගද්දී ඇය නිකමට මෙන් සුපුන් හදුන්කූරු විකුණමින් වුන් දෙස බැලුවද ... ඔහු පෙනෙන්නට නොසිටියේය........

      ❣️නිමාව❣️

❤️👉 සඳුනි 👈❤️
උපුටා ගැනීමකි

 

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment