#කෙටි_කතාව
#අාදරය
#ලියන්නේ_සංසාරා
"අක්කෙ පොඩි උදව්වක් කරනවකො"
"මොනාද....සල්ලි නැතුව ඕන දෙයක් කියපන් "
"අපෝ මොනාද හලෝ කට අැරිය ගමන් නැති බනේමනෙ"
"උඹයි මමයි දෙන්නම ගන්නෙ එකම පඩිය නේද.......උඹ ලග නැත්නම් මට විතරක් ඉතුරැ වෙනවද උඹ තනිකඩය වෙලත් නැහැ අපි පවුල් කාරයො"
"මේ විහිලු නෙමෙ බන් අක්කෙ කාගෙන් හරි ඉල්ලල දියන්කො පඩි අරගෙන දෙන්නම්"
"මම කිව්ව කියන්න එපා...තුෂාරිගෙන් ඉල්ලපන් දෙයි"
"එ්කි ලග තියෙයිද...මාත් එක්ක පිට්එකක් නැහැනෙ චාටර් වෙන්න වෙයිද"
"මම එ්කිගෙන් සල්ලි වගයක් අරන් තියනව තාම දුන්නෙ නැහැ...උඹ අහපන් නොදී ඉන්න එකක් නැහැ..."
මම කාන්ති අක්කගෙන් සල්ලි අැහැව්වෙ කොල්ලො ටික ටිපක් සෙට් කරන් තියනව යන්න පඩි ගන්නකම් අතේ ශතේ නැහැ...අා...කියන්න අමතක උනානෙ මම සමීර..මම වැඩ කරන්නෙ...ප්ලාස්ටික් කම්ෆැනිඑකක එ්කෙ ගෑණු ලමයි තමයි වැඩියෙන්ම ඉන්නෙ එ්ත් අපි හැමෝම විනෝදෙන් වැඩ කරන්නෙ...
මට කොහොම හරි කාගෙන් හරි ලෝන් එකක් ගහගන්නම වෙනව...තුෂාරි කියන්නෙ ලගදි අාපු කෙනෙක් මාත් එක්ක වැඩිය හිතවත් නැහැ එකපාරම ණයට ඉල්ලන්න මොනාද වගේ..
"මොකෝ බන් උඩ බලාගෙන කල්පනා කරන්නෙ"
මගෙ පිටට තට්ටුවක් දාන ගමන් එහෙම අැහැව්වෙ ඩිලානි
"උඹනම් දෙයියෙක් ඩිලානි..වෙලාවට අාවෙ"
"මොකෝ මේ බටර් පාර...මටනම් අැල්ලුවෙ නැහැ"
"පොඩි උදව්වක් කරපන්කො"
"කියපන් ඉතින් පුලුවන් දෙයක්නම් කරනව"
"අපි අනිද්ද පොඩි ටිපක් යනව බන්..අතේ සල්ලි නැහැ...."
"මගෙ ලග නැහැ බන්"
"උඹේ ලග නැහැ කියල මම දන්නව...උඹේ යාලුවගෙන් ඉල්ලල දියන්කො"
"කාගෙන්ද"
"තුෂාරි අක්කගෙන් බන්"
ඩිලානි මාවත් එක්කන් ගියා තුෂාරි ලගට කොහොම හරි වැඩේ කරගන්න පුලුවන් වෙයි නැත්නම් වෙන ඉල්ල ගන්න තැනකුත් නැහැ.
"මගෙ ලග දැන් සල්ලි නැහැ..හෙට තමයි දෙන්න වෙන්නෙ"
"කමක් නැහැ අක්කෙ හෙට ගත්තම අැති"
"මොකටද හදිස්සියෙ සල්ලි පඩි දෙන්නත් ලගයිනෙ"
"අපි උනවටුනෙ යනව අනිද්ද"
"අරක්කු බොන්නද එහෙනම් දෙන්නෙ නැහැ"
"එ් ඩිලානි. මේකි බලකො නිකන් දෙනව වගේ..."
"එහෙනම් නිකන් ඉන්නව මට මොකෝ"
"අනේ අක්කෙ විහිලුවට බන් කිව්වෙ පිං සිද්දවෙයි හෙට ගෙනත් දෙනව හොදේ"
"හරි හරි හෙට එද්දි ගෙනත් දෙන්නම්...පිං ඕනෙ නැහැ...පඩි අරගෙන දෙනව එ් අැති"
"අක්කෙ සල්ලි ගේද්දි තිබ්බොත් සුදු රෙදි කෑල්ලකුත් අරන් වරෙන්"
"එ් මොකටද"
"යන ගමන් කලුතර බෝධියෙ ගැට ගහල යන්න....ඔය සල්ලි වලින් බොන්න හොද නෑනෙ"
මම තුෂාරිට විහිලුවකුත් කරගෙන අාවෙ...අක්ක කිව්වට තුෂාරි මට වැඩිය මාස හයයි වැඩිමල් මුලින්ම අක්කෙ කියපු නිසා මම අක්කෙ කියලම තමා කතා කරන්නෙ...
"ඩිලානි තුෂාරි ගාව සල්ලි තියද බන්...එ්කි බැදලද"
"අැයි උඹ බදින්නද"
"නෑ බොල උඹගෙ යාලුව හින්ද අැහැව්වෙ..."
"මමත් වැඩි විස්තර දන්නෙ නැහැ...කොල්ලෙක් නම් ඉන්නව...."
"අපොයි එහෙමද....."
"අැයි මොකෝ"
"නෑ ඉතින් මොකෙක් උනත් පිං කරයෙක් වෙන්න අැති"
"එ් මොකද"
"අැයි බොල ලස්සන බලකො අනික උඹලට වඩා හිතත් හොදයි හදිස්සියට ඉල්ල ගන්න සල්ලිත් තියනව.මදිද"
එක කිව්වා විතරයි ඩිලානි මටත් ඔරෝගෙන ගියා .මගේ ඔළුවේ තිබ්බේ අනිද්දා යන ගමන ගැන විතරයි.තුෂාරි මට අනිවාර්යෙන්ම සල්ලි දෙනවා මේ මාසේ පඩිය ඉනුත් අතර ඉතුරු වෙන්න දෙයක් නෑ වටේටම ණය කොහොමත් ඉතින් මට ලොකු වියදමක් නෑ ගෙදරින් කන්න දෙනවා මම හම්බ කරන එක මගේ වියදමට විතරයි
පහුවදා උදේ මම වැඩට ආවේ වැඩකරන්න උවමනාවකට නං නෙමේ ණයට ඉල්ලපු සල්ලි අරගෙන යන්න ඕන හින්ද වැඩට ඇවිල්ල බලං ඉන්නවා ඉන්නවා ඒත් තුෂාරි වැඩට ආවෙ නෑ
"ඩිලානි තුෂාරි ඇයි බන් එන්නෙ නැත්ද"
"කිව්වෙ නෑනෙ බං එන්නෑ නැහැ කියලා"
"ඒ බලපං බන් සල්ලි හම්බ උනේ නැත්නම් මට යන්න වෙන්නෑ බං "
"යන ගමන් බෝඩිමට පලයන් "
මම වැඩ ඇරිලා යන ගමන ගියේ තුෂාරිගෙ බෝඩිමට සල්ලි අද කොහොමහරි ඉල්ල ගන්න ඕන හින්දා
"තුෂාරි අක්කෙ ...."
මම බෝඩිම ලගට ගිහිල්ලා කතා කතාකරහම තුෂාරි අක්කා ආවා සල්ලිත් අරගෙන මයි ආවේ
"අද එන්න උනේ නෑ පොඩි වැඩකට යන්න උනා හදිසියේ...මම දන්නවනේ සල්ලි ගන්න කොහොමත් එනවයි කියලා ඒකයි හිටියේ"
"අනේ අක්කෙ ලොකු උදව්වක් පඩි ගත්තු ගමන් මන් දෙන්න "
"හරි හරි එන කොට අපිටත් මොනවා හරි ගේනවා "
මම ට්‍රිප් එකට ගිහිල්ලා ආවා පඩි ගත්තු ගමන් ම තුෂාරි අක්කා ගෙ සල්ලි දුන්නා.ඊට පස්සේ තුෂාරි අක්කා මට හුඟාක් හිතවත් වුණා ඒ හැමදාම අතමාරුවට කීයක් හරි ගත්තෙ එයාගේ ම තමා දවසක් තුෂාරි අක්කා මගෙන් උදව්වක් ඉල්ලුවා එයත් එක්ක පොඩි ගමනක් යන්න එන්න පුළුවන් ද කියල.මට කොහොමත් අවුලක් නැති නිසා මම හා කිව්වා තුෂාරි අක්කා කිව්වේ නම් කාටවත් කියන්න එපයි කියලා මමත් කාටවත් කියන්න ගියේ නෑ සතිය දවසක් දාගෙන තිබ්බ නිසා මම වේලපහ ම නිවාඩු ඉල්ලන තිබ්බේ එදා උදේම මම ටවුන් එකට ආවෙ තුෂාරි අක්කා එන්න කියපු වෙලාවට මම ඇවිත් ටික වෙලාවකට පස්සෙ තුෂාරි අක්කා ආව
"පොඩි ගමනක් යන්න තියෙන්නෙ යන ගමන් මම විස්තරේ කියන්නම් "
"ඕන දෙයක් මට නම් අවුලක් නෑ කියන දෙයක් කරන්නම්"
බස් එකට නැගලා ටික දුරක් යද්දී තුෂාරි අක්කා මට කිව්වා වෙන්න ඕන දේ
"අපි කෙනෙක්ව හම්බ වෙන්න යන්නේ ඔයා කියන්න ඔයයි මාව බඳින්න ඉන්නේ කියලා හැමදේම මම කතා කර ගන්නම් ඔයාට තියෙන්නේ ඒ විදියට ඉන්න විතරයි "
"මොකක්ද බං අක්කෙ ඒ මරාලේ"
"බය වෙන්න දෙයක් නෑ "
"මටනම් පෙනෙනෙ ගුටි කෑමක් වගෙයි "
"බයවෙන්න එපා හලො එහෙම මොකුත් වෙන්නෙ නැහැ "
"අවුලක් නැහැ ගුටි කෑවත් හවසට කීයක් හරි දෙනව ඇගපත අමාරැවට බෙහෙත් ටිකක් බොන්න "
"ආ ඇත්තද එහෙම උනොත් මම යනගමන් බෙහෙත් අරන් දෙනේනම්"
තුෂාරි අක්ක ගියෙ එයා යාළුවෙලා හිටපු බෝයිව හම්බ වෙන්න. එයාල අතර පොඩි කතා බහක් උනා මාව පෙන්නල එයාට කිව්ව ලගදි අපි බදිනව එ්ක නිසා අායෙ කතා කරන්න එපා කියල. මටනම් කතා කරන්න දෙයක් තිබුනෙ නැහැ. ප්‍රශ්නෙ විසදෙනගෙන එනින් ගමන් තුෂාරි අක්ක කල්පනාවක අාවෙ මමත් මොකුත් අහන්න ගියෙ නැහැ. ටික වෙලාවකින් එයාම කතා කරා.
"සමීර ඔයාට පරක්කු වෙනවද"
"මට මොනාද හලෝ තියන වැඩ මම ඉතින් නිදහස් කුරැල්ලෙක්නෙ....අැයි තවත් ඩියුටියක් තියද කන්න බොන්න දෙනවනම් ඕන තැනක යන්"
"මට ටික වෙලාවක් නිදහසෙ ඉන්න ඕනෙ...මුහුදට ටිකක් යමුද"
"යමු යමු.....හැබැයි පොඩි දෙයක් ඕනෙ"
"එ් මොනාද.."
"ඔයා මුහුද දිහෑ බලාගෙන හිත නිදහස් කරගන්නකම් මට උඩ බලන් ඉන්නද....සිකරට් දෙකක් වත් අරන් දෙනව...අතේ සල්ලි නැහැ හලෝ"
එ්ක කිව්වාම මගෙ දිහෑ ඔරෝල බලල මොකුත් නොකිය හිටිය.... අපි මුහුදු වෙරල ලග ත්‍රීවීල් එකකින් ගිහින් බැස්ස..සතියෙ දවසක් නිසා වැඩිය කට්ටිය හිටියෙ නැහැ....හයර් එකේ සල්ලි දීල මටත් පන්සියක් දුන්න මොනව හරි අරන් එන්න කියල....මම එතනම තිබුන කඩේකින් බීම බෝතලෙකුත් අරන් සිකරට් එකකුත් පත්තු කරන් අාව තුෂාරි ලොකු කල්පනාවක.
"අා අක්කෙ ඉතුරැ සල්ලි"
"එ්ක ඔයා තියා ගන්න සමීර මදිනම් කියන්න තව කීයක් හරි දෙන්නම්"
"උඹට පිස්සුද අක්කෙ..මම කුලියට නෙමෙ අාවෙ උදව්වක් ඉල්ලපු නිසා...උදව්වක් කරාම එ්කට පඩි ගෙවන්න එපා බන්"
"එ්කට නෙමෙ මෝඩයො අතේ සල්ලි නැහැ කිව්ව නිසයි කිව්වෙ"
"එ්කත් නරක නැහැ.....පඩි දවසට මගෙ පඩියම දෙන්න වෙන සයිස් එකක් තියෙන්නෙ මේ පාර ණයත් වැඩියි"
මම විහිලුවට එහෙම කියල තුෂාරිට බීම බෝතලේ දෙන ගමන් මමත් එතනින්ම ඉදගත්ත
"අක්කෙ ප්‍රශ්නයක් තියනවනම් කියපන් මගෙ ලග උත්තරනම් නැතුව අැති එ්ත්...මට පුලුවන් අහන් ඉදල දුක බෙදා ගන්න"
"මට මේ ජීවිතේ තිත්ත වෙලා සමීර තියෙන්නෙ....වෙලාවකට හිතෙනව මට මැරෙන්න"
"උත්තර නැති ප්‍රශ්න නැහැ අක්කෙ ඕනම දේකට උත්තර තියනව.....හුගක් වෙලාවට අපි උත්තර ලග තියාගෙන දුරින් හොයන්න යනව එ්කයි පරක්කු වෙන්නෙ"
"මට තියෙන්නෙ උත්තර නැති දේවල් මම ජීවිත කාලෙම කරේ උත්තර හොයපු එක...එ්ත් උත්තර කියල එකතු කරගත්තෙ ප්‍රශ්නමයි....උත්තර වෙනුවට උත්තර නැති ප්‍රශ්න ගොඩක් විතරයි ඉතුරැ උනේ"
"ජීවිතේ ගැන මහ ලොකු දේවල්නම් මම දන්නෙ නැහැ...එ්ත් මට පුලුවන් අහගෙන ඉන්න සමහර විට හිත ටිකක් සැහැල්ලු කර ගන්න හරි පුලුවන් වෙයි"
"මගේ ජිවීතේ රහස් ගොඩකින් පිරිල තියෙන්නෙ සමීර....ඔයා උනත් මාව වැරදියට තේරැම් ගනියි....එ්කයි මම කාටවත් කියන්නෙ නැත්තෙ"
"අක්කෙ කිව්වට අපි දෙන්න එකම අවුරැද්දෙ ඉතින් මට පුලුවන් තේරැම් ගන්න කැමතිනම් කියන්න...මම අහගෙන ඉන්නම් සමහර විට මගෙ ලගත් උත්තරයක් තියෙන්න පුලුවන්"
තුෂාරි ලොකු හුස්මක් අරන් මුහුද දිහෑ බලාගෙන ඉදල ටික වෙලාවකින් අායෙ කතා කරන්න ගත්ත
"මගෙ හැම දෙයක්ම මම කියන්නම් පුලුවන්නම් මාව තේරැම් ගන්න උත්සහ කරන්න....මගෙ ගැන වැරදියට හිතුවත් මේ කතාව කාටවත් කියන්න එපා"
"මම පොරොන්දු වෙනව අක්කෙ කාටවත්ම කියන්නෙ නැහැ කියල"
"මගෙ ජීවිතෙත් පටන් ගත්තෙ අනිත් කෙල්ලන්ගෙ ජීවිත වගේම හීන ගොඩක් එක්ක....මම මිහින්තලේ ලස්සන ගමක ජීවත් උනේ අපේ තාත්ත වසයි එ් වගේම හුගක් බොනව එයාට තියන බය නිසාම මම කිසිම කෙනෙකුට අාදරේ කරේ නැහැ...අාදරයක් විදින්න ලොකු අාසවක් හිතේ තිබුන...මගෙ යාලුවො අාදරේ ගැන කතා කරද්දි මගෙ හිතෙත් හීන කුමාරයෙක් හිටිය..කවද හරි මාව අරන් යයි කියල"
කතාව අහගෙන ඉන්න ගමන් මම බීමටිකක් බීල එ්ක තුෂාරිට දීල මම තව සිකරට් එකක් පත්තු කරගත්ත තුෂාරි බීම එකෙන් උගුරැ දෙකක් විතර බීල අායෙ කතාව පටන් ගත්ත....
"තාත්ත එක්ක වැඩ කරන කෙනෙක් තාත්ත බලන්න ගෙදර අාපු වෙලාවක මාව දැකල...ටික දවසකින් තාත්තට මං ගැන යෝජනා කරල තිබ්බ......දවසක ගෙදර අයත් එක්ක අපේ ගෙදර අාව....හැමෝම කැමති උන නිසා...මට එයා බදින්න සිද්ද උනා...එ්ත්"
"එ්ත් කිව්වෙ අැයි ඊට පස්සෙ මොකද උනේ...."
"ඊට පස්සෙ තමා මගෙ ජීවිතේට කණකොකා හඩන්න ගත්තෙ"
"එ් කිව්වෙ එයා හොද කෙනෙක් නෙමෙයිද...අැයි ඔයාට බොරැවක්ද කරල තිබ්බෙ"
"එහෙම නෙමෙ...එයත් හුගක් බොන කෙනෙක්...මම ලස්සන හින්ද සැකෙන්මයි ජීවත් උනේ...මම කාගෙ දිහෑ හරි බැලුවත් එයාට වැරදියි..මම ගුටි නොකාපු දවසක් නැති තරන්... බැරිම තැන මම ගෙදර අාව.....එ්ත් තාත්ත එයාට එන්න කියල මාව අාපහු යැව්ව...එදා ඉදල මම ගෙදර හිරකාරියෙක් උනා මට ගහද්දි මාව බේර ගන්නවත් කෙනෙක් හිටියෙ නැහැ...එයාටම අැති වෙලා නවත්තනකම් මට ගුටි කන්න උනා...මට ජීවිතේ එපා උන වාර අනන්තයි"
එ් ටික අහගෙන ඉද්දි මගෙ හිතට පුදුම තරම් දුකක් අාවෙ අැත්තටම මෙහෙම තිරිසන්නුත් ජීවත් වෙනවද...තුෂාරි මුහුද දිහෑ බලාගෙනම එයාගෙ කතා කරා
"බැරිම තැන මම ගෙදරින් පැනල ගියා...එ් අපේ නෑදෑ වෙන අක්ක කෙනෙක් කටුනායක වැඩ කරා එයාගෙ උදව්වෙන් මම කාටත් හොරෙන් එහෙ අැවිත් ගාමන්ට් එකක වැඩ කරා....ටික දවසක් යද්දි කෙනෙක් මගෙන් අාදරේ ඉල්ලන් අාව...මගෙ ජීවිතේට අාදරයක් විදල නැති නිසා මම එ් අාදරේට ලෝබ උනා...එ්ක මට මහ මෙරක් වගේ පෙනුනෙ...මම එයාට මගෙ හැම දෙයක්ම කිව්ව මම හුගක් විශ්වාස කරා....එ්ත් එයත් මට බොරැ කරා"
"එ් කිවිවෙ එයා දාල ගියාද"
"බැදපු ගෑණියෙක්ට අැත්තට අාදරේ කරන අය නැහැ....සමීර....මගෙ ගැන වැරදියට හිතන්න එපා අැත්තම දේනම් මට ලස්සන ජීවිතයක් ඕන උනේ...අනිත් අය වගේ සතුටින් ඉන්න...එ්ත් වැරදෙන්න වැරදෙන්න මම ජීවිතේ හෙව්ව එ් මගෙ නරක කමකට නෙමෙ ජීවිතේ එක තැනක නවතින්න ඕන නිසා...එ්ත් මට ලං උන හැම කෙනාම බැලුවෙ මගෙන් ප්‍රයෝජනයක් ගන්න විතරයි...පස්සෙ මගෙ ජීවිතේ ගැන මමම හිතල බලද්දි මම හැමෝටම සෙල්ලම් බඩුවක් උන එක විතරයි උනේ.....මට දැන් ජීවිතේ එපා වෙලා තියෙන්නෙ සමීර..."
"මට තේරේනව අක්කෙ මිනිස්සුන්ගෙ හිත්වලින් මනුස්ස කම අෑත් වෙලා දැන් ගොඩක් කල්....එ්ත් ඔයාව තේරැම් ගන්න පුලුවන් කෙනෙක් ඔයාට ලැබෙයි...එතකම් බලන් ඉන්න"
"නැහැ සමීර ජීවිතේ වැරදුන ගෑණියෙක්ට අායෙ ජීවිතේ හදා ගන්න බැහැ...හැම පිරිමයම බලන්නෙ තමන්ගෙ අාසාවන් ඉස්ට කරගන්න විතරයි ජීවිතේ හොයන්න ගිහින් හැමදාම උනේ ජීවිතේ විනාස කරගත්තු එකයි"
"නැහැ අක්කෙ....අජාසත්තල අතරම තමා බෝසත්වරැ ඉපදෙන්නෙත් ඉතින් මට විශ්වාසයි ඔයාට හොද කෙනෙක් ලැබෙයි"
එදා ගෙදර අාවට පස්සෙත් මට හිතට හුගක් වද දුන්න තුෂාරිගෙ කතාව අැත්තටම බෝඩිමකට වෙලා මේ තරම් දුකක් තද කරගෙන ජීවත් වෙනව කියන්නෙ..
කොහොම හරි අපි දෙන්නගෙ හිතවත් කම හුගක් වැඩි උනා එයා යන හැම තැනකටම මට යන්න අඩ ගැහැව්වෙ සමහරැ හිතුව මම එයත් එක්ක යාලුයි කියල..අැත්තටම මට තුෂාරි අක්ක ගැන අාදරයක් අැති උනා..දවසක් මම කෙලින්ම එයාගෙන් මේ ගැන අැහැව්ව
"මම ඔයාට අාදරෙයි...එ්ක නිකම්ම අාදරයක් නෙමෙ මම කැමතියි ඔයාව බදින්න අැත්තමයි..."
"පිස්සුද සමීර...ඔයා කොල්ලෙක්...මම බැදපු ගෑණියෙක් අැරත් මගෙ හැම දෙයක්ම ඔයාට කියල තියෙන්නෙ ඔයාට මාව ගැලපෙන්නෙ නැහැ..."
"මට ගැලපෙන හින්ද තමයි මම අැහැව්වෙ ඔයාගෙ පරණ දේවල් මට වැඩක් නැහැ....අපි බදිමු ඔයාට නැති උන ජීවිතේ මම ඔයාට දෙනව එ්ක මගෙ පොරොන්දුවක්....මගෙ අන්තිම හුස්ම ටික යනකම් මම ඔයාව බලා ගන්නව සත්තයි..."
"මම වගේ කෙනක් ඔයාගෙ ජීවිතේට ලංකරන් ඔයාගෙ ජීවිතේ විනාස කරගන්න එපා...ඔයාට හොද කෙල්ලෙක් බදින්න පුලුවන්.."
"කසාද බදිද්දි එකට ජිවත් වෙන්න පුලුවන් කෙනෙකුයි ඕනෙ තේරැම් ගන්න පුලුවන් හොද හදවතක් තිබ්බොත් අැති මට හරියන කෙනා ඔයා....මම ඔයාව බදිනව එච්චරයි"
අපි දෙන්න හුගක් අාදරෙන් හිටිය...කසාද බදින්න..හැම දෙයක්ම පෑලෑන් කරගෙන හැමෝටම ඉරිසිය හිතෙන තරමට අාදරේ කරා...තුෂාරි මට ගොඩක් අාදරෙයි....තුෂාරිගෙ පරණ දේවල් කිසි කෙනෙක් දන්නෙ නැති නිසා...හැමෝම අපිට උදව් කරා..මම කොහොම හරි ගෙදරින් කැමැත්ත ගත්ත..ගෙදරට කිව්වෙ නැහැ එයා බැදපු කෙනෙක් කියල හැමෝටම කිව්වෙ එයාගෙ අම්ම තාත්ත නැහැ නැන්ද කෙනෙක් ලග හැදුනෙ කියල..බොරැ නැන්ද කෙනෙකුත් මම යාලුවෙක්ගෙ මාර්ගෙන් ලෑස්ති කරල තිබ්බෙ කාලයක් ගියාට පස්සෙ අැත්ත දැන ගත්තත් අවුලක් නැහැ...එතකොට බැදල ඉවරනෙ..
එ්ත් දවසක් නොහිතපු දෙයක් උනා...ඩිලානි හදිස්සියෙ මාව හොයාගෙන අාව...එදා නිවාඩු දවසක් මම යාලුවො එක්ක පිට්ටනියෙ හිටියෙ..ඩිලානි එතනට අැවිත් මට කතා කරා
"උඹල දෙන්න අතර මොකුත් ප්‍රශ්නයක් උනාද...අැත්ත කියපන්"
"මොකුත් අවුලක් උනේ නෑ බන්...බය කරන්නෙ නැතුව මොකද උනේ කියපන්"
"කලබල වෙන්න එපා පොඩි කරදරයක්"
"ඩිලානි මාව අවුල් නොකර මොකද උනේ කියපන්...අැයි තුෂාරිට මොකද"
මම හයියෙන් කතා කරද්දි යාලුවො ටිකත් එතනට අාව...
"තූෂාරි ඉයියෙ රෑ වහ බීල...බෝඩිමෙ කට්ටිය හොස්පිටල් ගිහින් දාල මට උදේ පනිවිඩේ හම්බුනේ...ඉක්මනට යමන් මාත් එනව"
"ගයාන් මට බයික් එක දියන් "
"සමීරය යන ගමන් අපේ ගෙදරින් හෙල්මට් දෙක අරන් පලයන්..අපි සෙට් එක හොස්පිටල් එකට එන්නම් පරිසමින්"
මම බයික් එකේ ඩිලානි එක්ක ඉක්මනට හොස්පිටල් එකට ගියා වාට්ටුවට යන්න දුන්නෙ නැහැ එ්ත් කතා කරල කොහොම හරි වාට්ටුවට ගියා...තුෂාරිව දැක්ක ගමන් මම දුවල ගිහින් එයාගෙ අතින් අල්ල ගත්තෙ..අැදේ තුෂාරි ඉන්න හැටි දැක්කාම මට පපුව වාවන්නෙ නැතුව ගියා...
"අැයි රත්තරං ඔයා මෙහෙම දෙයක් කරගත්තෙ මම මොනාද ඔයාට කරපු වරද"
"ඔයා නෙමෙයි මමයි වැරද්දක් කලේ මට සමාව දෙන්න"
"මොකද උනේ ඔයාට මට කියන්න..අැයි මෙහෙම දෙයක් කර ගත්තෙ...මම ඉන්නවනෙ ඔයාට ඔයා හැදුවෙ මාව දාල යන්නද.."
"මම ඔයාට නොකියපු එක දෙයක් තියනව සමීර එ්ක මට හැම වෙලාවෙම වද දුන්න ඔයා දන්නවද මම මැරි මැරි ජීවත් උනේ"
"සමීර උඹ කතාකරපන් මම ගිහින් ඩොක්ට හම්බෙලා එන්නම්"
"කියන්න තුෂාරි මට මොකද උනේ මොකක්ද ඔයට තියන ප්‍රශ්නෙ මොන ප්‍රශ්නෙ තිබුනත් මම ඔයාව දාල යන්නෙ නැහැ කිව්වනෙ"
"මමට සමා වෙන්න සමීර....මම ගෙදරින් පැනල අාවට පස්සෙ..මම විශ්වාස කරපු මිනිහ මට ලෙඩක් බෝකරල ගියෙ....එදා ඉදන් මම පිරිමි සංහතියටම වෛයිර කරා..මම පිරිමින්ගෙන් පලිගත්ත...ගෑණුන්ගෙන් අාසාවල් පිරිමහගන්න ගෑණු රවට්ටන පිරිමින්ට මම මේ ලෙඩේ දුන්න...මම හිතුවෙ හැම පිරිමියම එ්වගේ කියල..එ්ත්...ඔයා ඔප්පු කරල පෙන්නුව සමීර අජාසත්තල අතර බෝසත් වරැ ඉන්නව කියල...මට ඔයාගෙ අාදරේ ටික දවසක් හරි විදින්න ඕන උනා...මම එ්කාලෙ දැක්ක..හීන කුමාරය මට හම්බ උනා එ් ඔයා....එ්ත් මට හිමි කරගන්න පිනක් නැහැ..උපදින හැම අාත්මෙකම ඔයා මගේම වෙනවද මම ඔයා එනකම් ඉන්නව"
"පිස්සු කියවන්න එපා තුෂාරි....ඔයාට මොකුත් වෙන්නෙ නැහැ...මොනදේ තිබ්බත් මම ඔයාගෙ අතින් අල්ල ගත්තෙ අතඅරින්න නෙමෙ...හැම දේකටම බෙහෙත් තියනව මම ඔයාව දාල යන්නෙ නැහැ...අැත්තමයි..."
"මට ජීවත් වෙන්න අාසයි සමීර ඔයත් එක්ක..මාව මැරෙන්න දෙන්න එපා..මාව බේරගන්න...මට ඔයා දාල යන්න බැහැ"
"ඔයා බය වෙන්න එපා...ඔයාට මොකුත් වෙන්නෙ නැහැ...මම ඉන්නව ඔයාට මම අාදරෙයි රත්තරං බය නැතුව ඉන්න දැන් අඩන්න එපා.."
අපි හොස්පිටල් එකෙන් අාවෙ.....පිටින් ගෙන්න කියපු බෙහෙත් තුන්ඩුවකුත් අරන් එ්ක හවසට එද්දි ගේන්න කිව්ව ඩොක්ටල කියපු විදිහට ටිකක් අමාරැයි ටික දවසක් හොස්පිටල් ඉන්න වෙයි කිව්ව...එ්ත් බයවෙන්න එපා කිව්ව
හවස මම බෙහෙත් ටිකත් අරගෙන හොස්පිටල් ගියෙ යාලුවෙක් එක්ක.ඩිලානිට හවස එන්න වෙන්නෙ නැහැ කිව්ව...වාටුවට යද්දි අැදේ තුෂාරි හිටියෙ නැහැ අමාරැ වෙලාද දන්නෙ නැහැ හිතට ලොකු බයක් දැනුනෙ
"මිසී මේ අැදේ හිටපු ලෙඩා මාරැ කරාද"
"ඔයා කවුද පේසන්ට්ගෙ.."
"මම එයා බදින්න ඉන්න කෙනා..අැයි මිස් එයාට අමාරැද"
"සොරි...දැන් ටිකකට ඉස්සෙල්ල එයා නැති උනා"
මම තුෂාරි හිටපු අැද අල්ලන් වාඩි උනේ හැම දෙයක්ම කලුවර වෙලා යනව මගේ දැනුන.
##නිමි##
#සංසාරා෴
උපුටා ගැනීමකි
No comments:
Post a Comment