සිත නුඹට මුලා වූ දා ඉදලා ...?
හිතේ තිබුන දේ අකුරු කලා
මගේ නම රුවී. වයස අවුරුදු 21 . එයගේ නම මම G කියල කියන්නන්කො. එයව මට හම්බවෙන්නෙ මගේ හොදම යාලුවගේ මර්ගෙන් . මගේ යාලුවා යලු වෙලා හිටපු කෙනාගේ යලුවා.යාලුවා දවසක් මට කිවුවා මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා විස්තර ටික .ම්ං කිවුවා සිරා නම් බෑ jok එකට යාලු වෙලා බලමු කියලා. පස්සෙ මම fb එකෙන් එයට request එකක් දැම්මා. පස්සේ G Request එක accept කලා. පස්සේ එයයි මමයි ගොඩාක් chat කලා හැම දවසකම . එයයි මමයි ගොඩාක් ලං උනා.මුලින් යාලුවෝ වගේ chat කලත් පස්සෙ ඒ යාලුකම කටත් වඩා එහාට ගියා. මං jok එකට යාලුවෙන්න හිතන් උන්නත් පස්සේ එයා ගැන මට ඇත්තමටම ආදරේ හිතුනා.
දවසක් එයා
G : නංගි මට දෙයක් කියන්න තියනවා.
මම : ම්ම් කියන්න.
G : මෙහෙම බෑ .අපි හම්බවෙමු .එතකොට කියන්නම්.
මුලින් කියන්න අමතක උනානේ එයා අනුරාධපුරේ තමයි හිටියේ.
කොහොම හරි අපි කතාවෙල දවසක් එයා මාව හම්බවෙන්න ගම්පහට ආවා. Photo වලින් දැකලා තිබුනත් එයාව ඉස්සෙල්ලම දැක්කෙ මං එදා තමයි . දැක්ක මුල් දවසෙම එයා ගැන අඩහසක් මගේ හිතෙත් ඇති උනා. මෙයාව මගේ කරගන්න තියෙනවනන් කියලා.
G : hi කොහොමද ඉතින් ..?
මම : හොදයි...හිහිහි
මම : එක නෙමෙයි මොකක්ද එදා කියන්න ටියනව කිවුවේ. ?
ම්ම්ම්ම් එදා එයා මගෙන් යාලුවෙන්න ඇහුවා..?
මගේ හිතෙත් කැමතක් ඒ වෙද්දිත් තිබ්බා .. මන් ටික දවසක් දෙන්න කිවුවා ..උත්තරයක් දෙන්න .
පස්සේ දවසක් massage කරද්දි එයා ඇහුවා මගෙන් අයෙත් ඒ ගැන එදා ම්ං එයාට කැමතී කියලා කිවුවා.
එයා කිවුවා කවදාවත් එයා මාව දාලා යන් නෑ කියලා.
ඔහොම කාලය ගෙවිලා ගියා .. මගේ ජීවිතේ ලස්සනම දවස් ටික තමයි ඒ
දැන් අපි දෙන්නට අපි දෙන්නා නැතුවම බෑ..
එයා හැම වෙලේමා call කරලා massage කරලා මගේ දුක සැප අහනවා ,,මමත් එහෙමයි ...
ඔහොම කාලය ගෙවිලා ගියා...
ඒත් කාලයත් එක්ක එයා වෙනස් වෙනවා වගේ කියලා මට දැනුනා ..
මොකද වෙනදා වගේ නෙමෙයි එයා massage කලත් අන්තිමට ඒක ඉවර වෙන්නෙ රන්ඩුවකින් . ... හිත් රිදවීම්නම් ගොඩක් සිද්ද උනා ..ඒත් ඒ හැම දෙයක්ම මම ඉවසගෙන හිටියා .. මොකද මන් එයට ඇත්තටම ආදරේ නිසාත් , ඒක තමයි මගේ හිතට දැනුනම ආදරේ..
ඇත්තම කිවුවොත් එයාට මන් මුලා වෙලා හිට්ටියේ...
දවසක් අපි රන්ඩු වෙලා තරහා උනා ... call වත් massage වත් කලේ නෑ ටික දවසක් ....
මට එයාගේ මේ වෙනස හිතා ගන්න බැරුවයි හිටියේ ...
ඒත් දවසක් මට දැනගන්න ලැබුනා එයාට වෙන සම්බන්දයක් තිබිලා තියෙනවා කියලා ... එයා මට ආදරේ කරලා තියෙන්නේ බොරුවට ... මාත් එක්ක යාලුවෙන්න කලින් ඉදන්ම එයා වෙන ගෑනු ලමයෙක් එක්ක යාලු වේලා ඉදලා තියෙනවා ...ඒ ගෑනු ලමයගේ නමත් මගේ නමමලු...
අද ඒ දෙන්නා කසාද බදිනවලු...😐😐
මගේ හිතේනන් තරහක් නෑ එයා එක්ක මොකද එයා මට බොරුවට ආදරේ කලත් මම එයාට ආදරේ කලේ ඇත්තටමයි.
මගේ ජීවිතේ ලස්සන කරපු කෙනාම අද මගේ හිතට දුකක් ඉතිරි කරලා අද වෙන කෙනෙක්ගේ අත ගන්නවා...
මට අදටත් හිතාගන්න බැරි කොහොමද මිනිස්සු බොරුවට අදරේ කරලා කෙනෙක්ව රවට්ටන්න හිත හදාගන්නෙ කියලා...
කොහොම උනත් දැන් හැමදේම වෙලා ඉවරයි....
මට මොනවා උනත් මන් ඒ දෙන්නගේ අනාගතේට එක හිතින්ම සුභ පතනවා ....!
කතාව : රුවී
උපුටා ගැනීමකි
No comments:
Post a Comment