දෛවය


🌷💕දෛවය💕.

👦Hello how are you darling👦
👧මං හොඳින් පැටියෝ.👧👦අද මොකද කරන්නේ ඔයා.👦👧අද නම් මං free එකේ ඉන්නෙ බබා.👧👦ඇත්තද එහෙනම් අපි අද යමුද පොඩි රවුමක්.👦👧යමු යමු පැටියෝ ඔයා කතාකරන්න නම් මැරෙන්න උනත් මේ කෙල්ල ලෑස්තියි.👧

>>>>{ ඒ තමයි ශාක්‍ය සූරියවංශ.හා ඔහුගේ පෙම්වතිය ආශා වික්‍රමසිංහ.ඔවුන් අතර පැවතියේ අවංක උත්තරීතර ආදරයක් ද නැතිනම් ඊටත් එහා ගිය සෙල්ලක්කාර රාගික ආශාවන්ගෙන් පිරුණු තාවකාලික ආදරයක් ද.>>>>>> සිතන්න>>>>>. }

👧ශ්‍යක්‍ය අපි කොහෙද යන්නෙ darling..👧
👦ආශා අපි ඉස්සෙල්ලාම shopping යමු..ඊට පස්සේ peaza hut යමු.. ඊටත් පස්සෙ අපි දෙන්නට ටිකක් නිදහසේ ඉන්න පුළුවන් තැනකට යමු.. එහෙම හොඳයි නේද පැටියෝ..,👦>>>>>{ ඒ තමයි ගැහැනුන්ගේ දුර්වල කම.}<<<<<

👧ආනේ ඔයා කොච්චර හොඳද ශාක්‍ය.. යමු යමු ඉක්මනට යමු..👧>>>>>{ මුදලට කෑදරව තම ජීවිතයේ වටිනාම දේ පවා බිල්ලට දීමට ආශා ඉක්මන් වූවා වැඩියිදෝ සිතෙයි.}<<<<👧අනේ ශාක්‍ය මං pregnant වෙලා.👧👦මොනවද තමුසෙ මේ කියන්නේ.තමුසෙට ඒකෙන්වත් පරිස්සම් වෙන්න බැරි උනා ද.👦

>>>{ එතනදි ගැහැනිය විතරද වැරදි.. ඔව් ඇගිල්ල දිගු වෙන්නේ ඒ දෙසට  පමණයි..}>>>>👧මොකද්ද ශාක්‍ය අපි දැන් මේකට කරන්නේ..👧👦මොනව කරන්නද ගෑනියේ ඔය කාලකන්නියව නැති කරල දානව ඇරෙන්න…ඔය කාලකන්නිය ඉපදුනොත් මගේ තත්වෙට මොකද වෙන්නේ.මං මේ ලෝකෙට මූණ දෙන්නේ කොහොමද…👦

🕴මිස්ටර් ශාක්‍ය ඔයාල පරක්කු වැඩියි.. දැන් ළමයව නැති කරන්න අමාරුයි..🕴
👦ශිට්. දැන් කී පාරක් ට්‍රයි කරාද.මේ කාලකන්නියව නැති කරන්න..මං කියන්නද තමුසෙ මේ හොටෙල් එකේ නැවතිලාම ඉන්නවා.තමුසෙට උවමනා හැම දේම මං ලගටම ගෙනත් දෙන්නම්.. කාමරෙන් එළියට වත් බහින්නෙපා..👦>>{ සල්ලි වලට මොනවද කරන්න බැරි.. එයාලා එහෙමයි හිතුවේ.}>>>මාස නවයක් කුසේ තියාගෙන හිටපු ඒ කිරි කැටියා මහ පාරේ දමල ශ්‍යක්‍යයි ආශයි නිදහස් උනා..>>>> වසර 20 කට පසු>>>>👰ශාක්‍ය අනේ අපිට දරුවෙක්වත් හිටියනං, දැන් අපිව බලාකියාගෙන සතුටින් ඉන්න තිබුණා නේද..👰

>> ඒ තමයි ශාක්‍ය සූරියවංශගෙ බිරිඳ දිලිනි ඒකනායක.. ඔව් ඒ දෙන්නට ළමයි නෑ..වරද ශාක්‍යගෙ…දිලිනි සිතන, අද එයාලට නොලැබුණු වාසනාව එදා ශාක්‍යට ලැබීම, අවාසනාවක් උනා කියල ඇය දන්නේ නෑ..>>🕴මිස්ටර් ශාක්‍ය ඔයා හොඳ වෙලාවට හොස්පිට්ල් එකට අරගෙන ආවේ.ඔයාට සිහිය නැතුව පාරෙ වැටිලා ඉදලා.මේ සර් තමයි ඔයාව එක්කගෙන ආවේ.
මිස්ටර් ශාක්‍ය ඔයාට කාත් කවුරුවත් නැද්ද.👦නෑ ඩොක්ටර්.මගේ වයිෆ් ලගදී නැති උනා.මං තනියම ඉන්නෙ.👦

🕴ඔයාගෙ වකුගඩු වල ලොකු අව්ලක් තියනවා.ඔයාට ගැලපෙන එක වකුගඩුවක් හරි ලැබුනොත් ඔයාට ජීවත් වෙන්න පුළුවන්..🕴👦සල්ලි වලට ගන්න නැද්ද ඩොක්ටර්..👦🕴නෑ මිස්ටර්ශා ක්‍ය.ඉක්මනටම ලැබුනොත් ඔයාගෙ වාසනාව තමයි..🕴>>> දින කිහිපයකට පසු>>🕴ඔයාට දැන් හොඳටම හොඳයි මිස්ටර් ශාක්‍ය.🕴👦කොහොමද ඩොක්ටර් මට වකුගඩුවක් හොයා ගත්තෙ..👦🕴ඔයාගෙ වාසනාවට එදා ඔයාව හොස්පිට්ල් ඇඩ්මීට් කරපු තරුණයගෙ වකුගඩු ඔයාට ගොඩාක් ගැලපුනා.. ඉතින් එයා තමයි ඔයාට වකුගඩු දුන්නේ.🕴

👦මට එයාව බලන්න පුළුවන් ද ඩොක්ටර්..👦🕴ඔයා පරක්කු වැඩියි මිස්ටර් ශාක්‍ය.ඒ තරුණයා පුදුම කැපකිරීමක් කරේ.. හැබැයි ඔයාට සනීප උනාම මෙන්න මේක ඔයාට දෙන්න කියලා දුන්නා.🕴👤>>>{{ඔයා හිතන්න ඇති ජීවිතේ කියන්නේ සල්ලි, බලය, විනෝදය රාගය, ආශාව, විතරයි කියලා.ඔයාට පුළුවන් උනාද ඔයාගෙ ජීවිතේවත් සල්ලිවලට ගන්න.බෑ ඒකත් ඔයාට දුන්නෙ මම අම්ම තාත්ත කියන වචනය කියාගන්න බැරුව මං විඳෙව්වා, තවත් විදෙව්ව මහ පාරක තනිවුණු මේ ගොළු කොල්ලට කෝ අම්මෙක් තාත්තෙක්.

අම්මගෙ තාත්තාගේ වැරදි නිසාමයි මං සදහටම ගොළු වුනේ මහ පාරක ඉඳලම තමයි ඔයා මට හමුවුනේ ඒ මගේ තාත්තා කියලා දැනගත්තම ඔව් මට හිතුණා මං ඉපදෙන්නත් කලින් ඔයාගේ තත්වෙට බාධාවක් වුණු ඒ කාලකන්නි කොල්ල මම නේද කියල ඔව්දහස් වාරයක් හිතුනා, ඔබ වගේ පුද්ගලයෙක් නිසා මට ලැබුණු මේ ජීවිතයෙන් පලක් නෑ කියලා, ඒකයි මම ඔයාටම ඔයාගේ ජීවිතේ දීලා මේ ජීවිතේ සමු ගන්න හිතුවේ ඔයාට ජීවිතය ලැබෙනකොට මම මේ ජීවිතේ සදහටම යන්න ගිහින් ඔයාට ජීවත් වෙන්න අවස්ථාවක් ලැබුණේ මේ පව්කාර සමාජයේ ඔයාට ගෙවන්න තව පෙර පව් තිබෙන නිසා.මතක් කර ගන්න ඔයාගේ අතීතය එදා මහ පාරේ දාලා ගියපු ඒ කාලකණ්ණියා ඔයාට ජීවිතය ගෙනාව නේද කියලා…..}}>>>👤

👦 අනේ මගේ පුතේ…….මට සමාවෙයන් මගේ පුතේ……👦සිතන්න ස්වභාවධර්මයම ඔහුට පිළිතුරු දුන් විදිය..මුදලට, රාගයට, ලොල් වෙලා ජීවිතය විනාශ කර නොගත්තා නම් අද ඔහුට දරුවන් හා ආදරේ පිරුණු කැදැල්ලක් හිමි වී තිබෙන්නට අවස්ථාව තිබුණි..

>>සියල්ල වැටහෙන විට සියල්ල සිදු වී අවසන්ය…>>>>>>>සියල්ල සිදුවීමට පෙර සියල්ල වටහා ගන්න උත්සාහ දරන්න..>>>>.

ෂෙරීන් දේවින්ද්‍රගේ
" කෙටිකථා නිවහන දැන් ඇන්ඩ්‍රොයි ඇප් ඵකක් ලෙසින්.
https://goo.gl/uFcBWq "

 

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment