දෑවැද්ද

#දෑවැද්ද
(කෙටි කතාව)

" මගේ සුදු බෝලේ..

කුක්කු පැට්යා..

මැටි මොලි..

මේකෝ මේ වෙලා තියෙන්නෙ ඔයාට..
පොඩි එකෙක් වගේ මොකද හුරතල් වෙන්නේ...

නිකන් ඉතින්..එපාද...

මම එපා කිව්වද මැට්ටෝ..

හම්...අදවත් කියනවද..

මොනවද

ඔයාගේ තාත්තා ගැන ලමයෝ...

හම්..."

ඇ සුසුමක් හෙලුවාය...

"බැරිනම් එපා..
තාත්තා ගෙදර නැති නිසා ඇහුවේ මොනව වෙලාද නැති උනේ කියලා..

හරි මට අදාල නෑ ඒවා..
සොරි...

නැ ඉමේශ් ඔයා දැන ගන්න ඕනේ හැමදේම..
මම කියන්නම් ඔයාට හැමදේම...
මේක අහලා ඔයා තිරනයක් ගන්න..."

.......................................................

අපිට තිබුනේ ලස්සන ගෙයක් නෙමේ..හැබැයි ආදරය පිරැනු ගෙයක්..ඒ ගෙදර සල්ලි වලින් පෝසත් නැතත් සතුටෙන් පෝසත් වෙලා තිබුනේ...
මේ දේ උනේ මිට අවුරැදු හතකට කලින්..
මගේ අක්කා හම්බුනේ මට අවුරැදු දහහතරකට කලින්..
මේ කතාව වෙනකොට අක්කට 27 ම⁣ට 13...
එදා හරිම මුසල දවසක්..

" එ්යි අර කොල්ලා අපේ එකිගෙන් දැවද්දක් ඉල්ලන⁣ව කියන්නේ..

ඉතින් හාමිනේ අපි මේ කෙල්ලව දැවැද්දක් නැතුව යවන් නෑ⁣නේ..
අපිට පුලුවන් ඇහකට අපි මේ කෙල්ලට දේවල් දෙනවා..
අනික අපි කියලත් ලොකු සල්ලි කාරයොද බං...

දුවේ මෙහෙ වරෙන්..

ඇයි තාත්තේ..

මොකද දැන් උඹ යාලු වෙලා ඉන්න කොල්ලා කියන්නේ...

නෑ තාත්⁣තේ මොකවත් නෑ...

කියපන් කෙල්ලේ..උඹලා ප්‍රශ්න හිතේ හිර කරන් ඉන්නවා විතරයි..කියපන් ඌ මොකද්ද කියන්නේ..

ලක්ශ 20ක් දැවැද්ද ඉල්ලනවලු එයාගේ අම්මල..

ලක්ශ 20ක් කියන්නේ ලොකු ගානක් දුවේ..මම කොහොමද එච්චර සල්ලියක් හොයන්නේ...

තාත්තලාට තමා මගේ සතුට ගැන හිතන්න බැරි මගේ යාලුවෝ ඔක්කොම ලොකු දැවැදි එක්ක බැන්දා..මම හැමදාම ගෙදරට නාකි වෙන්න ඕන.."

තාත්තා නිහඩ විය..කවදාවත් නොදුටු දෙයක් ඔහුගේ ඇස් වල විය..ඒ කදුලු වලින් ඔහුගේ දෙනෙත් තෙමි ගියේය...

" කටවහපන් කෙල්ලේ...තාත්තා උඹල වෙනුවෙන් තමා මේ මහන්සි වෙන්නේ...

දැන් මොකද කියන්නේ ලක්ශ 20 දුන් නැත්තම් අරැ බදින්න බැ කියනවද "

එවර හඩ අවදි කරේ අම්මා..

" එයා නෙමේ එයාලගේ අම්මල තමා ඉල්ලන්නේ...

ඌ බබානේ..අනේ මේ කෙල්ලේ..

එයා හොදය් එයාට මොකවත් කියන්න එපා...

හොදයි නම් අපේ තත්වේ තේරැම් ගන්න ඕනෙන බං..

දැවැද්දක් දෙන එක ඕනම කෙල්ලෙක් ඉන්න පවුලක වගකිමක්..අම්මලට අපි ගැන කිසිම ගානක් නෑනේ.."

අපේ අක්කා කියන්නේ කවදාවත් අම්මලට මෙහෙම කතා කරපු කෙනෙක් නෙමේ..ඒත් කවදාවත් නොදැකපු පැත්තක් අක්කගෙන් අද දැක්කා..අක්කා යාලු වෙලා හිටිය පිරිමි ලමයට ගොඩක් ආදරේ කරා..එයාව බදින්න නම් ලක්ශ 20 දැවද්දක් ඕනේ කිව්වාම තමා මේ හැම ප්‍රශ්නයක්ම පටන් ගත්තේ...

"උඹ පලයන් දැන් කටවහන් කාමරේට"

නැවතත් තාත්තා සංවාදයට මුල පිරිය

"ඔව් මම කට වහගන්නම්..
ඒකනේ හැමදේටම ඕනේ.."

එවර කිවේ අක්කාය..

"තොට මම..."

අම්මා ගැසුමට ගිය පහර වැලැක්කුවේ තාත්තාය...

"ලතා දුවට ගහල වැඩක් නෑ..
මගෙයි වරද..
මට හිතන්න තිබුනා මේ දේට කවදා හරි මුන දෙනවා කියලා..

කවදටද සල්ලි ඕනේ දුවේ..."

ඒ තාත්තාගේ හඩයි..

" සල්ලි ගස් වලින් කඩන්න පුලුවන් කියල හිතුවද සරත්...
අපිට තව දුවෙක් ඉන්නවා කියලා අමතක කරන්න එපා...

ඒ දුවට කලින් අපි අපේ ලොකු එකි ගැන හිතන්න ඕනෙ..

හරි දැන් කොහෙන්ද සල්ලි හොයන්න යන්නේ..

මම දන් නෑ ලතා...
මම දන්නේ නෑ..."

තාත්තා පිට කරේ දිග සුසුමක්..
මේ දේවල් වෙලා ටික කාලයක් ගත වුනා..
මායි අම්මයි හිටියේ කුස්සියට වෙලා..අපි උයන ගමන් හිටියේ..එකපාරම අක්කා කෑගහගෙන ආවා..

" අම්මේ බලන්නකෝ අපේ ටවුමේ සුපර් මාකට් එකට හොරෙක් ඇවිත් පිහියක් පෙන්නලා සල්ලි මන් කොල්ල කන්න ගිහින්..
අන්න ඌව අල්ලලා..ටිවි එකේ ඔක්කොම පෙන්නනවා.."

එදා ඒ හොරාට අපි තුන්දෙනාම බැන්නා ශාප කරා.
අම්මනම් කිව්වේ හයි හත්තිය තියන් හොරකන් කරන්නේ පව් කාරයෝ කියලා.

එක පාර⁣ට ගෙදරට හොයන් ආවේ පොලිසියෙන්...

"මේ සරත්ගේ ගෙදරද...

ඔව්..
ඇයි මහත්තයා.."

අම්මා බිය වි ඇසුවාය..

"අන්න මිනිහා හොරකන් කරන්න ගිහින් අහු වෙලා පොලිසියේ ඉන්නවා..."

.....

අපේ මුලු ලෝකෙම කඩන් වැටුනා ඉමේශ්..
අපේ තාත්තා රජයේ ලිපිකාරයෙක්..කවදාවත් පැනක දෙයක් හොරකන් කරපු කෙනෙක් නෙමේ..ඒත් අක්කගේ දෑවැද්ද එයාව වෙනස් කරා..ගෙදර උගස් තියලා අක්කාව බන්දලා දුන්නේ අම්මා අක්කගේ පෙරෙත්ත නිසාමයි..
තාත්තාව අවුරැදු දහයකට හිරේට නියම වෙලා තව අවුරැදු තුනක් එයාට ඉතුරැයි...

තාත්තා ලිව්ව ඩයරිය ලගදි දවසක් අම්මට හම්බෙලා තිබුනා..ඒකේ එක තැනක මෙහෙම තිබුනා..

" ලොකු කෙල්ල වෙනුවෙන් දෙයක් නොකරපු මට තියෙන්නේ මම ගැනම කලකිරිමක්..
ලක්ශ 20 දැවැද්දක් ඉල්ලිම කොල්⁣ලාගේ වරදක් නෙවේ මගේ වරදයි..
මා අසමත් මිනිසෙක්..
ගෙදර උගස් තියලා මේ මගුල කරොත් මට බය මගේ පොඩි කෙල්ල යන කල දාසාව..උන්ට වැටිලා ඉන්න තැනක් නැති වෙනවා..
මම සල්ලි හොයනවා..නොකරපු දෙයක් කරල හරි හොයනවා..
දෙවියනේ මට සමාවෙන්න..."

-නිමි

දෑවද්ද යනු මිල මුදල් සහ යාන වාහන නම් මිතුර ඔබ වැරදියි..

න්ද යත් මිල මුදල් යාන වාහන යනු හුදෙක් ඉලක්කම් පමනි..
උත්සාහය ඇති තැන හම්බ වෙන මැනික් වැනිය.

නමුත් ගැහැනු ලමයෙකුට දිය හැකි හොදම දායාදය වනුයේ පියෙකුට  ඉගැන්විම සහ මවෙක් ඇව ගුන ධර්ම වලින් පෝශනය කිරිමයි...

මතක තබා ගන්න කොල්ලෙක් උස් මහත් කරන්න විදින දුකම කෙල්ලෙක් උස්මහත් කරන්නත් විදිනවා කියලා..
හිතල බලන්න කොල්ලෙක් උස් මහත් කරාට පස්සේ ඒ අම්මල කියක් ඉතුරැ කරල තියෙනවද එහෙම ඉතුරැ කරන්න පුලුවන්ද කියලා..
සමාජය වෙනස් කරන්න බැරි නම් ඔබ වෙනස් වෙන්න..
ස්තුතියි 😊

අංජන දුශ්‍යන්ත

උපුටා ගැනීමකි

 

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment