කෙටි කතාවක්
දිනූ මොකෝ අර
සහස් පන්තියෙ මුල්ලකට වෙලා.අඩන සිතූ පෙන්නලා ඇහුවා.මොනවා උනත් සිතූ අඩද්දි සහස්ට දැනෙන්නෙ ලොකු වේදනාවක්,ලබා ගන්න බැරි උනත් ආදරේ කරපු හිතක් දුකෙන් ඉන්නවා බලන්න තරම් හයියක් සහස්ට නෑ
රකිත් බුට් එක තියලා
දිනූ කිවෙ සහස්ගෙ මූන හොදට බලලා.සිතූට ආදරේ කරලා පෙනි පෙනී අහිමි කරගත්ත සිතූ ආදරේ වෙනුවෙන්ම අඩද්දි සහස්ගෙ මූනට චූටි හරි හිනාවක් එයි කියලා දිනූ හිතුවා.ඒත් සහස් එච්චරම පහත් තත්වෙකට වැටිලා.හිටියෙ නෑ
සිතූ
සහස් සිතූගෙ ඩෙස්ක් එක කෙලවරට පුටුවක් ඇදගෙන වාඩි උනා.සිතූ ඔලුව ඉස්සුවෙ කදුලුත් එක්කම
එයා ගියා සහස්
ආදරේ ඉල්ලගෙන පස්සෙන් ආපු කොල්ලව මග ඇරලා රකිත්ගෙ අත අල්ලගත්තු සිතූ හිතන්න නැතිව ඇති රකිත්ගෙ ආදරේ වෙනුවෙන් උනපු කදුලු සහස් ඉස්සරහම පිට කරන්න වෙයි කියලා
අවුරුදු තුනක් පස්සෙන් ආපු සහස්ගෙ ආදරේ තේරුම් ගන්න තරම හැකියාවක් සිතූට තිබුනෙ නෑ.සහස් දිනූ දිහා බැලුවෙ අසරණ වෙලා මොනවා කියන්න ද කියලා සහස්ට හිතා ගන්න බෑ
අඩන්නෙපා බන් දාලා ගියපු එකා වෙනුවෙන් හිත හදා ගනින් තව එග්සෑම් එකට මාස කීයද
දිනූ කීවෙ සිතූගෙ පිටට අත තියලා
මට පාඩම් කරන්න බෑ දිනුවො.උඹ දන්නවනෙ මම බන්
සිතූ සහස් දිහා බලලා කියන්න ගියපු එක නවත්ත ගත්තා
යකෝ ඊයෙ ක්ලාස් ආවෙත් නෑ අන්තිම මොහොතෙ උඹට පිස්සුද
දිනූ දන්නවා සිතු කියන්නෙ අදක්ශ කෙල්ලෙක් නෙවෙයි .දිනූගෙ වචනෙන් කීවොත් පට්ට මීටරේ.ඕ ලෙවල් බෙස්ට් රිසල්ස්
ඔව් ඔව් මට පිස්සු හැදිලා.මට එග්සෑම් කරන්න තරම් වත් මානසිකත්වයක් නෑ බන්
සිතූ ඇඩුවෙ.ඇත්තටම රකිත්ට ආදරේ කරපු තරම් හීන මවපු තරම් දන්නේ සිතූ විතරයි.ඒත් අවසානෙ
තමුසෙ මට ගැලපෙන්නෑ
රකිත් එහෙම කියලා කෙල්ලව දාලා ගියෙ ජීවිතේ හදාගත්තු ගොඩක් හීන පොඩි පට්ටම් කරලා දාලා
මට බෑ බන් හිත හදගෙන පාඩම් කරන්න මට මැරෙන්න හිතිලා
ඒ වචනෙට ගැස්සුනේ සහස්ගෙ හිත
මැරෙනවා සේරම හරි
සහස් ඩෙස්ක් එකට ගහලා කෑගැහුවා.දිනූ වට පිට බැලුවෙ කවුද ඉන්නෙ බලන්න
පිස්සුද දාලා ගියපු එකා වෙනුවෙන් මැරෙන්න ඔයාට කියලා හීනයක් තිබිලම නැත්ද
සහස් සිතූගෙ මූනට එබිලා.ඇහුවා
ගොඩක් හින නැති උනා සහස්
නැති උනේ හීන නෙවෙයි රකිත් ව විතරයි තවම හීන තියෙනවා ඒ හීන පාට කරනව එතකොට හරි
සහස්ට තේරෙන්නෑ සිතූගෙ හිත හදන්න
රකිත් මගෙ හැම හීනෙම
සිතූ කියද්දි රිදෙන්නෙ සහස්ගෙ හිත
ඒ හීන වලින් ඇහැරෙනවා.අද උදෙත් අම්මා ආප්ප වට්ටිය උස්සන් කඩේට දිව්වා දැක්කද.කියනවා
දුප්පත් කමේ පතුලෙ ඉන්න සිතූගෙ පව්ල ගැන අමුතුවෙන් අටුවා ටීකා සහස්ට ඕනෙ නෑ
ඒ මනුස්සයා පාන්දර ලිප ලගට යන්නෙ කීයටද කියලාවත් තමුසෙ හිතුවද
සහස් ඉන්නෙ දුකෙන් බයෙන් ඒ සිතූගෙ ජීවිතේ ගැන
ඒ මනුස්සයාගෙ හීන තමුසෙගෙ හීන වෙනුවෙන් මරනවද උඹට හෙන ගහයි යකෝ
සහස් කවදාවත් නැති විදියට කෑගැහුවා
මැරියන් හැබැයි ඒ දුප්පත් ගෑනිටත් වහ දීලා මැරියන් මොකද තමුසෙ මැරුනට පස්සෙ දුකට වැඩිය ඉතිරු වෙන්නෙ ලැජ්ජාවක් යකෝ ඒ අහින්සක මනුස්සයා ආප්ප පුච්ච් පුච්ච තමුසෙව පන්ති යවද්දි.රටේ එව්න් හිනාවෙන්න ඇති.තමුසෙව ගාමන්ට් යවන්ම කියන්න ඇති.පුලුවන කමකටද කරන්නෙ එහෙම කරපු තමුසෙගෙ අම්මගෙන් තමුසෙ මැරුනාම මොනවද මිනිස්සු අහන්නෙ කොල්ලෙක් හින්දා මැරුනෙ උඹට උගෙන් මොකක් හරි වෙලාද අහයි
සහස් කවදාවත් මෙහෙම කතා කරනන් හිතල නෑ.ඒත් සහස් අද කට වහන්න සූදානමකුත් නෑ.තමන්ට අයිති නැතත් කාටම හරි අයිතිවෙන්න ඕනෙ හිතලයි කොල්ලා කෑ ගහන්නෙ
එහෙම අහද්දි උඹේ අම්මා ඉන්නවට වැඩිය හොදයි මැරෙන එක
සිතූ සහස් දිහා බැලුවා
මට දුකයි සහස් කියන්න තේරෙන්නෑ
දුකයිනෙ අඩනවා කෑ ගහලා අඩනවා.පෙරලි පෙරලි අඩනවා.මොකද අඩද්දි යන්නෙ කදුලු ලේ නෙවෙයිනෙ.වටිනාකමක් දන්නැති උන් වෙනුවෙන් තියන් ඉන්න කදුලුත් අපරාදෙ අඩලා ඒවා එලියට විසි කරපන්
සිතූ රකිත්ට පිස්සු වැටිලා කියලා සහස් දන්නවා ඒනිසාම මොනා හරි කරගත්තොත් කියන බය සහස්ට තියෙනවා
තමුසෙ ආත්මාර්තකාමි සිතු ගොඩක් ලගදි හම්බුනු එකා වෙනුවෙන් තමුසෙගෙ ආත්මෙ හීන විතරක් නෙවෙයි අර වදපු අම්මගෙ හීනත් වලලා වැලලෙන්න හදන උඹ මහ ආත්මාර්තකාමී කෙල්ලෙක්
සහස් අත දික් කරලා කියද්දි සිතූ බිම.බලාගත්තා
රකිත් ඇයි ගියෙ
සහස් ඇහුවෙ සිතූගෙ නිකටෙන් උස්සලා
මාව ගැලපෙන්නෑලු
සහස් දැනන් හිටියා අන්ධ තාත්තා ඉන්න ආප්ප විකුණන අම්මගෙ දුවව රත්තරන් බඩු කඩේ මුදලාලිගෙ පුතා මගදි දාලා යයි කියලා
ලැජ්ජයි ගැලපෙන්නෑ කීවෙ තමුසෙවද තමුසෙගෙ පව්ලෙ.අයවද
සහස් අහද්දි.සිතූ ගොලු උනා
තමුසෙව ගැලපෙනවා ඌට .හොදටම පාට ලස්සන උස මහත ඒත් තමුසෙගෙ අර ඉරිච්ච චිත්තෙ ඇදගෙන කඩවල් ගානෙ ආප්ප උස්සන් යන අම්මව ඌට ගැලපෙන්නෑ.කන වැල අල්ලන් යන තාත්තව ඌට ගැලපෙන්නෑ.යකෝ උඹ හුස්ම ගන්නෙ ජීවත් වෙන්නෙ ඒ මිනිස්සු හින්දා.ඒ අහින්සක මිනිස්සුන්ව නොගැලපෙන මිනිහෙක් වෙනුදෙන් උබේ හීන විකුනන් ලැජ්ජා නැත්ද
සිතූ කදුලු පිහගත්තා
අද රෑ එලිවෙනකන් අඩපන් කෑගහලා ඉකි ගහලා අඩපන් හැබැයි හෙට ඉදන් ගලපන්න පටන් ගනින්
සහස් කියද්දි සිතූ සහස්ගෙ මූන දිහා බැලුවා
මොනවද
රකිත්ගෙ සමාජෙට නොගැලපෙන උබේ අම්මවයි තාත්තවයි ඒ සමාජෙට ගලපන්න පුලුවන් විදියට හැදියන්.හීනෙ මොකක්ද
සහස් සිතූගෙන් ඇහුවා
ඩොක්ටර් කෙනෙක් වෙන්න
සිතූ අද රෑ ඉදන් ආයෙ හීනෙට පන දෙන්න පටන් ගන්නවා.අරූ එක්ක ෆිල්ම් හෝල් ගානෙ පාර්ක් ගනෙ ඇවිදපුවට ලැජ්ජා වෙයන් .අම්මා ගෙ මූනෙ දැලි ඇති හැමදාම ලිප ලග ඉදලා.ඒ දැලි පිහින්න බලනවා.තවත් දැලි ගාන්න එපා.
සහස්ට මහන්සි කියවල.ඒත් කොල්ලා.නැවැත්තුවෙනැ
ඩොක්ටර් සිතූ අමන්දි දවසක මේ හොස්පිටල් එකට වැඩ භාරගන්න එන්න ඕනෙ අන්න එදාට තමුසෙගෙ අර ආප්ප.වට්ටිය උස්සන් යන අම්මා ආප්ප ගෑනි නෙවෙයි ඩොක්ටර් සිතූගෙ අම්මා ඇස් පේන්නැති තාත්තා ඩොකටර් සිතූගෙ තාත්තා.
සිතූගෙ කදුලු අලුත් උනා
තමුසෙ අද බබලන්නෙ ඒ මිනිස්සු නිසා තමුසෙව බබලවන්මන ඒ.මිනිස්සු කේඩෑරි ගැහිලා.ඒවා බල බලා.කොහෙවත් යන එකෙක් වෙනුවෙන් මැරුනොත් උබේ මිනී කන්දටත් හෙන ගහනවා සිතූ
සහස් කීවෙ සිතූගෙ ඔලුවට තට්ටුකරලා
තමුසෙව අද බබලවන්න දුක් විදින අම්මවයි තාත්තාවයි තමුසෙගෙ නමින් හෙට බබලවලා පෙන්නවා මම චැලේන්ජ් කරනවා.
සහස් කීවෙ තරහෙන් වගේ
පුලුවන්නම් ඒ මිනිස්සුන්ව ඩොක්ටර් සිතුගෙ අම්මයි තාත්තයි කරලා පෙන්නවා
සහස් එච්චරක් කියලා නැගිට්ටා
,,,
,,
වසර කිහිපයකට පසු
ඩොක්ටර් අම්මගෙ ඔපරේශන් එක සක්සස්
සිතූට ඇඩුනා.ආප්ප පුච්චලා හීන් උනු නහර අම්මගෙ නැවතෙන්න ගියපු හුස්ම ආයෙ වැටෙන්නෙ තමන්ගෙ වෘත්තිය නිසා කියල සිතූ දන්නවා.එදා රකිත් නිසා මැරුනා නම් හීන අමතක කලානම් අදටත් අම්මා ආප්ප පුච්චනවා.එහෙනම් කවුරුත් ගනන් ගන්නෑ.ලෙඩ වෙලාම මැරිලා.යයි
සිතූ පුටුවෙ වාඩිවෙලා ඔලුව පුටුවට හේත්තු කරලා ඇස් වහගත්තා
ඩොක්ටර් සිතූ
සහස්ගෙ කටහඩෙන් සිතූ ඇස් ඇරියා
සහස්
සිතූගෙ මූනට ලස්සන හිනාවක් ආවා.
මම හැමදේම.ගැලපුවා සහස්
සිතූ ලස්සනට හිනා උනා.
එක දෙයක් ඇරෙන්න
මොකක්ද
සහස් ඇහුවෙ හිනාවෙලා
ඩොක්ටර් සහස්ට මාව ගැලපෙනවද
සිතූ ඇහුවෙ මූන ඇල කරලා
හොදටම එදත් ගැලපුනා අදත් ගැලපෙනවා
සහස් මූනට තට්ටු කරද්දි සිතූ ආදරෙන් සහස්ගෙ අත අල්ලගත්තා
,,
,,
අම්මා තාත්තා දීපු ජීවිතේ බොරු කාරයො.වෙනුවෙන් නාස්තිකරගන්න ඔබට අයිතියක් නෑ
දිලූ
(උපුටාගැනීමකි )
No comments:
Post a Comment