අහස්යා

💟💟💟💟💟

කෙටි කතාව ❤️❤️❤️❤️❤️

😘😘😘😍😍  අහස්යා 😘😘😘😍😍

" අහස්යා මොකක්ද මේකේ තේරුම..  තමුසේ දන්නවා තමුසේ  ඔය ගවුම අදිනවට මම පොඩ්ඩක් වත් කැමති නෑ කියලා.. "
" බලනවා හැටි... තමුසෙට ඕනේ තමුසෙගේ සංකර කම මුලු ලෝකෙටම පෙන්නන්නද... "

ඒ නිසල් ගේ ගෝරනාඩුව යි.

" අනේ ඇයි නිසල් මොකක්ද මේකෙ තේරුම..
මේක කොටයිද.. එහෙම නැත්තම් අත් කපලද..
ඒ මොකුත් නෑනේ .. ඇයි මෙහෙම බොරුවට කෑ ගහන්නේ .. "

අහස්යා කැමති විදියේ ඇදුමක්වත් අදින්නට නම් නිසල් ගෙන්  ඉඩක් නොවීය..

" ෂා.. අහස්යා අද හරිම ලස්සනයි .. "

පාරෙදී එදා ගොඩක් දෙනෙක් කියද්දි අහස්යා නිසල්ගේ මූන දිහා බැලුවෙ හරිම බයෙන්..

වෙන අයනම් හරි ආසයි තමන් ලස්සනයි කියලා අනිත් අය වර්නනා කරනවට..
ඒත් අහස්යා නම් නිසල් එක්ක ඉද්දී කවුරුන් හෝ එයා ලස්සනයි කියනවට අහස්යා බය වුනා..

නිසල්ගේ මූන කේන්තියෙන් පුපුරනවා..

" අහන්නකෝ රත්තරන් ඔයාගේ ලස්සන බලන්න ඕනේ මම විතරයි.. "

නිසල් අහස්යා එක්ක ආදරෙන් ඉන්න හැම වෙලාවකම එහෙම කියද්දි පොඩි එකෙක් වගේ ඔලුව වනන අහස්යා නිසල්ගේ පපුවට තුරුල් වෙන්නේ හරි ආදරෙන්..

අහස්යා විජේමාන්න..
රැකියාව විදිහට කලේ ගුරු වෘත්තිය ..

බාලක පාසලක පත්වීමක් ලැබුන දවසේ ඉදන් නිසල් හැමවෙලේම අහස්යා දිහා බැලුවෙ සැකෙන්..
පාසලේ හවස්වරුවේ අමතර පංති වැටුන හැම දවසකම නිසල් කලේ බොරු දේවල් අල්ලගෙන කෙල්ල එක්ක රංඩු කරන එක.

" මොනවාද ඕයි මෙච්චර වෙලා කරේ..
කීයටද ඉස්කෝලේ අරින්නේ ..
තමුසේ හවස් වෙනකන් ඉස්කෝලේ කොල්ලෝ එක්ක නාඩගං නැටුවද..  "

නිසල් එදා දුරකතනයෙන්  අහස්යා ට කියපු වචන ටිකට නම් පපුව පිච්චෙනවා වගේ කෙල්ලට දැනුනේ..

" අනේ නිසල්.. මම මේ වෙනකන් ඔයාට බොරුවක් කරලා තියනවද.. ඇයි මට ඔහොම පද හදන්නේ ..
ප්ලීස් මගේ රස්සාවටවත් කතා හදන්නේ නැතුව ඉන්න ..  "
අහස්යා එහෙම කිවුවේ කෑ ගහලා අඩ අඩ..

" මොකක්ද දරුවෝ මේකේ තේරුම..හැමදාම ඔයා ඔහොම අඩන එකේ තේරුමක් තියනවද..  අපි ඔයාලාගේ සම්බන්ධේ ට කැමති වුනේ ඔයාලා සතුටින් ඉදියි කියලා හිතලානේ.. ලබන අවුරුද්දේ දිහාට බදින්නත් ඕනේ. දැන්ම ඔහොම නම් කොහොමද පුතේ උබලා ජීවිතේ ඉස්සරහ ට ගෙනියන්නෙ . "

අහස්යා ගෙ ඇඩිල්ලට කාමරයට දුවගෙන ආපු අහස්යා ගේ අම්මා කිවුවේ ඇස්වල කදුලු පුරවගෙන.

" අනේ අම්මේ..."
ඇදන් හිටපු ඔසරිය පිටින්ම අහස්යා මුලු රැම අම්මගෙ ඔඩොක්කුවේ ඉදන් ඇඩුවෙ කරන්න දෙයක් හිතාගන්න බැරුවයි..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

" නිසල් මට ඔයාව මීට් වෙන්න ඕනේ.. මම ශොට් ලීව් දාලා එනවා.. ඔයා කොෆී ශොප් එකට එනවද.. "
අහස්යා කීවේ හැඩුම්බර ස්වරයෙනි .

" හ්ම්.. එන්නම්. "  නිසල් ෆෝම් එකට කට් කලේ අහස්යා ට රිදවන්නටමය.

අහස්යා ශෝට් ලීව් දාලා යන්න හැදුව විතරයි 13 maths පන්තියේ දරුවෙකු පොතකුත් උස්සන් ඈ ලගට ආවේ පාඩම ක් අහගන්න  .
" අනේ දරුවෝ මම මේ දැන් යන්න හැදුවා විතරයි   ..
හරි කමක්නෑ .. " අහස්යා පාඩම කියා දෙන්න පටං ගත්තේ මග අරින්න බැරි කමට.
පාඩම කියා දී අවසන් වන විට පාසල නිම දීමේ සීනුවද නාද වින. අහස්යා ට දෙලෝ රත් වින.

" දෙවියනේ නිසල්.. "
අහස්යා දුව ගියේ නිසල් හමුවීමටයි

ඒ වන විටත් නිසල්ගේ කාරය පාසලේ ගේට්ටුව අසල නතර වී තිබින.. අහස්යා ව දුටු නිසල් කරයෙන් බැස ගත්තේ තරහින් පුපුරමිනි.

" මොනවාද ගෑනියේ මාව මෙහෙම රස්තියාදු කරවන්නේ .. " නිසල් කෑ ගැසුවේය්.

" නිසල් මේක ඉස්කෝලේ ..  ප්ලීස් නගින්නකෝ කාර් එකට.. " අහස්යා වට පිට බලමින් පැවසුවේ කාඅට හෝ ඇසුනාදැයි බියෙනි.

" ඇයි උබට ලැජ්ජාද.  කියපං. ශෝට් ලීව් දාලා එනවා කියලා ඉස්කෝලේ මෙච්චර වෙලා මොන මගුලක්ද කරෙ.. ඒ මදිවට ෆෝන් එකත් ඕෆ්.. "
නිසල් කෑ ගැසූ විදියටනම් පාසලේ මුරකරු මෙනිම ගුරුවරු කීපදෙනෙක්ම හැරී බැලීය.

" අනේ නිසා මම එන්න හදද්දී ලමයෙක් මගෙන් පාඩමක් අහගන්න ආවා.. බෑ කියන්න බැරිකමට මම කියලා දීලම ආවේ.. ප්ලී කෑ නොගහා කාර් එකට නගින්නකෝ .. "
" බැල්ලි.. උබට මට වඩා කොහෙවත් ඉන්න උන් ලොකු උනාද.. " නිසල් ගේ අත්ල වේගයෙන් අහස්යා ගේ කම්මුල මත පතිත විය. අහස්යා පාරේම ඉන්ද වුනේ කැරකිල්ලක් ආ බැවිනි.

" දෙයියනේ පිස්සුද ඒ මනුස්සයාට.. " නිසල්ට බැන වදිමින් පාසලේ ගුරුවරියන් කිහිපදෙනෙක්ම දුව අවුත් අහස්යා ව අල්ලාගත්හ.

නිසල් අහස්යා ව එතැනම දමා කාරෙකෙන්ම පිටත් වූයේ හිතක් පපුවක් නැති අයෙකු.මෙනි..

" අහස්යා එදා ගෙදර ගියේ පිස්සියක් වගේ..
කෙල්ලට මතක් වුනේ.. මීට අවුරුදු 10කට කලින් නිසල් එක්ක පටන් ගත්ත පාසල් ප්‍රේමය.
ඒ කාලේ නිසල් කොච්චර නම් කෙල්ලට ආදරේ කරාද.. තාමත් ඒ ආදරේ තියනවා.. ඒත් අහස්යා ගේ ලස්සන නිසා නිසල් හැම වෙලේම හිටියේ බයෙන්..
හැමවෙලේම නිසල්ට හිතුනේ අහස්යා ට වෙන කෙනෙක් ලැබුනොත් කෙල්ල නිසල්ව අමතක කරයි කියලා.
ඒත් අහස්‍යාට මුලු ලෝකෙම වුනේ නිසල්..

නිසල් අහස්යා ලස්සන ට ඉන්නවට බය වුනා.
ආස විදියේ කිසිම දෙයක් කරන්න නිසල් ඉඩ දුන්නේ නෑ..
ඒත් කෙල්ල ඒ කිසිම දෙයක් වදයක් කරගත්තේ නෑ.. කෙල්ලට ඉවසන්නම බැරි වුනේ නිසල්ගේ මේ අනවශ්‍ය සැක කිරීම.

එදා අහස්යා ගෙදර ගියේ ත්‍රී වීල් එකකින්. අම්ම බයවෙලා මිදුලට දුවගෙන ආවේ කෙල්ලට අසනීපයක් කියලා.
අහස්යා අම්මව බදාඑන් වුන හැමදේම කිවුවා..
අප්පච්චීත් අහඑන හිටියේ පුදුම තරහකින්.

පුතේ අදින් පස්සෙ ඌත් එක්ක සම්බන්ධකමක් තියාගන්න බෑ.
අප්පච්චී කිවුවේ එච්චරයි ..

සති දෙකක් යන්නත් කලින් අප්පච්චී අහස්යා ට මංගල යෝජනාවක් ගෙනාවා..
හැමදාම ත් ඉවසන්න බැරි නිසා වෙන දෙයක් වෙයි කියලා අහස්යා බලං හිටියා.

මනමාලයා අහස්යා බලන්න ආව..
අහස්යා ගේ හිතේ තිබුනේ හිස් බවක්..
මනමාලයාටිකක් වයස පාටයි. මූනෙත් තිබුනේ හරිම රලු පෙනුමක්. බිස්නස් කරනවා කියලයි අහස්යා ට කිවුවේ ..

මාසයක් වුනා..  මාරාවේශ වුන රාක්ශයෙක් වගේ නිසල් ආවේ අහස්යා ගේ ගෙදර. ඒ වෙද්දී නිසල් ගැන අහස්යා ගේ හිතේ තිබුනේ කලකිරිමක් විතරයි.

" අහස්යා ඇයි මට මෙහෙම කරේ.. මම කොච්චර ආදරේ කරාද. " අන්තිමට නිසල්ට ඇඩුනා..
" නිසල් මම තරම් ඔයාට කවුරුත් ආදරේ කරන්න නැතුව ඇති.. මතකයිද හැමදාම මම ඉවසුවා තවත් නිිසල්. "
" අහස්යා ඒ මිනිහා හොද එකෙක් නෙවෙයි. බලන්නකෝ ඌගේ හැටි.. ඌ ඔයාට වද දෙයි. "

" මම බදින්නේ අම්මා අප්පච්චී සතුටින් තියන්නා.. මට ඒ මනුස්ස්‍යා කවුරු උනත් වැඩක් නෑ නිසල්.. " අහස්යා ගේ ඇතුලටඇවිල්ලා දොරවහගත්තා..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
එදා අහස්යා ගේ ජීවිතේ වැදග්ත්ම දවස.. ඒත් අහස්යා හිටියේ මලකදක් වගේ.. කිසිම හැගීමක් තිබුනේ නෑ..

හනිමූන් එකට අහස්යා ත් මනමාලයා වුනු අමන්දත් ගියේ නුවරඑලිය ට.
එදාරෑම අහස්යා හිටියේ කදුලු පුරවන්.

" අහස්යා .. " අමන්ද කෙල්ලගේ ඔලුව අත ගෑවා.
" මම හැමදේම දන්නවා අහස්යා .. අතිතේ ගැන හිතලා පසු තැවෙන්න එපා. දැන් වර්තමානේ හදාගෙන අනාගතේ ගැන හිතන්න.. " ඒ රෑටම අමන්ද කිවුවේ එච්චරයි ..
කෙල්ල මුලු රෑම ඒ ගැන හිතුව..

එදා ඉදන් අහස්යා ටිකෙන් ටික අතිතේ අමතක කරන්න පටන් ගත්තා.
අමන්ද කලේ බිස්නස්.. හැමදාම අහස්යා ට ඇහැරවන්නේ අමන්ද.. සමහරවෙලාවට තේ එකත් කෙල්ලගේ ලගටම ගේනව.. අමන්දගේ ආදරේ අහස්යා ට ටිකෙන් ටික දැනෙන්න පටන්ගත්තා.. අමන්දට ඕනේ වුනේ කෙල්ල හැම වෙලේම ලස්සන ට ඉන්න්වා බලන්න.

පුලුවන් හැම වෙලේම අමන්ද කෙල්ලව සතුටින් තිබ්බා.
කඩේක ලස්සන ඇදුමක් දැක්කොත් අමන්ද කලේ ඒක උස්සන් ඇවිල්ල කෙල්ලට අන්දවලා හැඩ බලන් එක.

අසනීපයක් හැදුනම කෙල්ලට වඩා අමාරු වුනේ අමන්දට.. ඒ ද්වස් වලට කෙල්ල ලගින් හෙල්ලුනේවත් නෑ ..

කවදාවත් අමන්ද කෙල්ලදිහාඅ රවලවත් බැලුවේ නෑ.

අහස්යා ට අමන්ද ගේ ආදරේ දැනෙන්න ගත්තා.

එදා ට අමන්දයි අහස්යා යි බැදලා මාස පහක් සම්පුර්ණ වෙන්වා..
" මගේ ආදරේ අමන්ද ට මම අද කියනවා.. "
අහස්යා එදා කලින්ම ගෙදර ඇවිල්ලා ලස්සන ගවුමක් ඇදගෙනම බලං හිටියේ අමන්ද එනකං..

" හෙලෝ අහස්යා මිස්.. මම අමන්ද සර්ගේ සෙකට්‍රි.. මිස් සර් ඇක්සිඩන්ට් වුනා..  සොරි මිස්.. මේ දැන් සර් නැති වුනා.. "
අහස්යා ට ඒ වචන ටික ඇහුනේ හීනෙකින් වගේ..
එහෙම්ම බිම ඉන්ද වුනේ කර කියාගන්න දෙයක් නැතිවයි.

ඒ ගම්න්ම තවත් කෝල් එකක්

" අහස්යා මම ඌව මැරුවා.. ඌ ඔයාට වද දුන්නා නේදා.
මම ඔයව බේරගත්තා අහස්යා .. දැන් ඔයා නිදහස්.. "
ඒ නිසල් ගේ වියරු වැටුනු කටහඬ යි.

" දෙයියනේ නිසල්.. ඒ මගේ පන.. මගේ මහත්තයාට මොනවාද මිනිහෝ උබ කරේ.. මම උබට වඩා ආදරේ කරා මගේ අමන්ද ට.. "

අහස්යා ට කියන්න ලැබුනේ එපමනකි.

ඉතින් අමන්ද ගේ ආදරය විදින්නට අහස්යා ට පිං මදිවිය...

Thanks  ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment