#අනුරාධී (කෙටි කතාව)
"සුදු මහත්තයෝ"
"ම්ම්ම් කියන්න අනූ"
"කවදාහරි දවසක මම ඔයාගෙන් ඈත් වුනොත්..."
"ෂ්.....මොනාද මැට්ටි මේ කියවන්නේ කවදාවත් මට ඔයාව නැති වෙන්නේ නෑ ඔයා තමයි මගේ පන.කෝ අයියට උම්මා එකක් දෙන්න"
"උම්ම්ම්ම්මා"
ඒ දසුන්ගෙයි අනුරාධිගෙයි ආදරේ පටන් ගත්තු මුල් කාලයේ.
***************
දසුන් පෞද්ගලික ආයතනයක කළමනාකරුවෙක් විදිහට තමයි රැකියාව කලේ.මේ වෙද්දි අනුරාධිත් උසස් පෙල විභාගය අවසන් කරලා ගෙදරට වෙලා හිටියේ.
කෙල්ල මාස දෙක තුනක්ම ගෙදරට වෙලා හිටියා.ඒත් අනුරාධිගේ යාළුවෝ නම් ඒ වෙද්දි එක එක ආයතන වල රැකියාවලට යොමු වෙලයි හිටියේ.ඉතින් අනුරාධිටත් රැකියාවක් කරන්න ආස හිතුනා.කෙල්ලටත් කොහොමින් කොහොම හරි රැකියාව හම්බුනේ දසුන් රැකියාව කරන ආයතනයේමයි.අනුරාධි රැකියාවට ගිය අලුත දසුන් එක්ක වැඩි කතා බහක් නොකලත් කාලයක් යද්දි දෙන්නා හොද යාලුවෝ වුනා.
"දසුන් අයියේ"
"ම්ම්ම්ම් කියන්න නංගි"
"මට ඔයාට දෙයක් කියන්න තියනවා"
"මට???? ඒ මොකක්ද හ්ම්ම් කියන්න බලන්න"
දසුන් පුටුවකුත් අරන් කෙල්ල ලගින් ඇවිත් වාඩි වුනා.
"මේ බලන්න"
කෙල්ල එහෙම කියලා දසුන්ගේ අතට කෙල්ලගේ ෆෝන් එක දුන්නා.
"මේ මොකක්ද ම්ම්ම්ම් බලමුකෝ"
දසුන් කෙල්ලගේ ෆෝන් එක අරන් බැලුවා.ඒකේ තිබුනේ අනුරාධිට ආපු මැසේක් එකක්.
"koheda #@$$ tho inne...tho cal answer nokara inne ai..patta balli"
"නංගී මේ....."
දසුන් එහෙම කියලා කෙල්ලගේ මූණ දිහා බැලුවා.කෙල්ලගේ ඇස්වලින් කදුළු බිංදු දෙක තුන කඩන් වැටුනේ එකපාරටම අහසෙන් වැස්සක් වහිනවා වගේ.
"ඔව් අයියේ...ඔය මම යාළු වෙලා ඉන්න කෙනා.බලන්න අයියේ අහ්....අහ්....."
අනුරාධි අඩද්දි දසුන්ට ඇති වුනේ අනුකම්පාවක්.මම මේ කෙල්ලට උදව් කරන්න ඕනේ කියන හැගීමක්.දසුන් එදා ඉදන් අනුරාධි ගැන හැමදේම හොයලා බැලුවා.අනුරාධි දුකින් ඉන්න හැම වෙලාවකම දසුන් අනුරාධිගේ හිත හැදුවා.
"අනේ ඔයාට පිං අයියේ..මන් එක්ක මෙහෙම ඉන්නවට"
අනුරාධිත් හැමවෙලේම හිතුවේ එහෙම.කාලය ටිකෙන් ටික ගත වෙද්දි අනුරාධිගේ හිතේ දසුන් ගැන ආදරයක් ඇති වුනා.
"මම ඔයාට කොහොමද කියන්නේ අයියේ...මම ඔයාට ගොඩාක් ආදරේ කරනවා...ඒත්...මං ගැන ඔයා නොදන්න ගොඩාක් දේවල් තියනවා..මම ඔයාට ආදරේ කලත් ඔයා මට ආදරේ කරයිද"
"නංගා"
කෙල්ල කල්පනා කරකර ඉද්දි එතනට දසුන් ආවෙ එකපාරටම.
"අහ්...අයියේ ඔයා"
"හ්ම්ම්ම් යමුද"
"යමු...ඉසංකා අක්කත් යනවා නේද..."
"ඔව් ඔව් කෙල්ලෙ...නවීන්ට වාහනේ ගන්න කියමු අද..ඔයා පිටිපස්සෙන් නගින්න.මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනේ"
"හ්ම්ම්"
කෙල්ල ඔලුව වනලා එලියට ගිහින් දසුන් කිව්ව විදිහට වාහනේ පිටිපස්සෙන් ඉදගත්තා.
"නංගී..."
"ඔයාගේ ප්‍රශ්නෙට අපි මොකක්ද කරන්නේ"
දසුන් එහෙම ඇහුවා විතරයි කෙල්ලගේ ඇස් වල කදුළු පිරුනා.
"අඩන්න එපා ලමයෝ ඇයි මේ ආ.....මේ අහන්න මම දෙයක් අහන්නද ඔයාගෙන්"
"අහන්න අයියේ"
"මම ඔයාට ආදරෙයි.ඔයා මට ආදරෙයි ද"
දසුන් එහෙම ඇහුවහම අනුරාධිගේ මුළු ඇගම සීතල වෙලා ගියා.
"කියන්නකෝ"
"ම...ම...ත්....ආ...ද....රෙ...යි....අ....අයි...යේ....ඒ...ත්...ඔ...යා...ම....ම....නි....සා...ප්‍ර....ශ්....න....ව...ල....ට....පැ....ට....ලෙ...න්...න...එ..පා...."
අනුරාධි එහෙම කියද්දි දසුන් අනුරාධිගේ අත හයියෙන් අල්ලගත්තා.එදා පලවෙනි වතාවට දසුන් අනුරාධිගේ නලල්ට හාදුවක් දුන්නා.කෙල්ලට දැනුනේ පුදුම නිදහසක්.
දින සති ගෙවිලා ගියා.අනුරාධිගේ හැම ප්‍රශ්නයක්ම දසුන් විසදුවා.ඊටත් වඩා වුන හොදම දේ තමයි අනුරාධිටයි දසුන්ටයි දෙමව්පියන්ගේ ආශිර්වාදයත් ලැබුනා.අනුරාධිට අලුත් රැකියාවක් ලැබුන නිසා කෙල්ල දසුන් වැඩකරපු ආයතනයෙන් ඉවත් වුනා.
******************
"හෙලෝ සුදු අයියේ"
"ඔව් කියන්න"
"මොකක්ද අනේ හරහටම කතා කරන්නේ"
"අනේ අනූ මේ හුරතල් වෙන වෙලාවක් නෙමෙයි මම ඔයාට පස්සේ ගන්නම්"
එදා එහෙම කියලා දසුන් ෆෝන් එක කට් කලා.කෙල්ලට දැනුනේ පුදුමාකාර වේදනාවක්.දසුන් මුලින් වගේ නෙවෙයි වෙනස් වෙලා කියලා අනුරාධිට හිතෙන්න පටන් ගත්තා.කෙල්ල දසුන්ට තියන ආදරේ නිසා හැමදේම ඉවසන් දසුන් එක්ක හිටියා.
******************
"අයියේ මම ගෙදර එනවා"
"අහ්...හා හා හරි අනූ මාත් මේ යාළුවෙක්ගේ ගෙදර යනගමන් බායි"
දසුන් එහෙම කියලා ෆෝන් එක කට් කලා.පැය දෙකක් තුනක් ගිහින් දසුන්ට අනුරාධිගෙන් එක දිගට කෝල් පහක් ආවා.ඒත් යාළුවෝ මැද්දේ හිටපු නිසා දසුන් ඒ එක කෝල් එකක්වත් ආන්සර් කලේ නෑ.දසුන් අනුරාධිට කතා කලේ ගෙදර ගිහින්.
"හෙලෝ"
"අහ් අම්මේ...මේ අනූ ඉන්නවද...මම දසුන්"
"පුතා....පුතා හොද වෙලාවට ගත්තේ පුතාට පුළුවන්ද ඉක්මනින් කොලඹ ඉස්පිරිතාලෙට එන්න"
"ආ...ඒ ඇයි අම්මා...අනූ....එ...එයාට කරදරයක්ද අම්මා ඇයි කියන්නකෝ...කෝ එයාට ෆෝන් එක දෙන්න"
"පුතා ඉක්මනින් එන්නකො"
අනුරාධිගේ අම්මා එහෙම කියලා ෆෝන් එක කට් කලා.දසුන් ඒ ඇදුම් පිටින්ම පැයක් යන්නත් කලින් ඉස්පිරිතාලෙට ආවා.කොල්ලා දැක්කේ සුදු රෙද්දක් මූණේ ඉදන්ම පොරවන් ඉන්න අනුරාධිව.
"පුතේ....මගෙ දුව....මගෙ දුව අපිව දාලා ගිහින් පුතේ....අහ්....අහ්...පුතාට...පුතාට දුව කෝල් ගත්තා කෝල් පහක්ම ගත්තා හුස්ම් ටික යන්න කලින්...ඒත් පුතා වැඩ ඇති කියලා කෙල්ල එහෙම්ම ඇස් පියා ගත්තා පුතේ..."
අනුරාධිගේ අම්මා අඩාගෙන කිව්වා.දසුන්ට මේ කිසිම දෙයක් හිතාගන්න බැරි වුනා.
"අනූ.....මගේ අනූ මට සමාවෙන්න කෙල්ලේ...මම මහ කාලකණ්ණි කොල්ලෙක්....ඔයා මට කෝල් කීයක්..මම මොකක්ද කලේ මේ....අහ්...අහ්..."
"අයියේ නංගි මේක ඔයාට අහන්න දෙන්න කිව්වා...නංගි පාර පනිද්දි තමා ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නේ "
"සුදු අයියේ....මම ඔයාට කෝල් ගත්තා
ඒත් ඔයා ආන්සර් කලේ නෑ.ඒකට මම තරහා නෑ...ඔයාට මතකද මම ඔයාගෙන් ඇහුවා ඔයාට මාව නැති වුනොත් ඔයා මොනාද කරන්නේ කියලා...ඔයා කිව්වා එහෙම වෙන්නේ නෑ අනූ කියලා...ඒත් ඔයා මෙ රෙකෝඩින් එක අහනකොටත් මම මේ ලෝකේ නෑ මගෙ අයියේ මට සමාවෙන්න.මම ඔයාගේ අනූ"
"අනූ......."
දසුන් එහෙම කියාගෙනම බිම ඇදන් වැටුනා.
"අයියේ...මේකත් අහන්න"
අනුරාධිගේ අක්කා ඊලග රෙකෝඩින් එකත් දසුන්ට පෙන්නුවා.
"මගේ සුදු මහත්තයෝ අඩන්නේ ඇයි....අඩන්න එපා ඔයා...මම දිහා බලන් ඔහොම අඩද්දි මට බලන් ඉන්න බෑ සුදු අයියේ මට නිදහසෙ පාවෙලා යන්න ඉඩදෙන්න ඔයා.ලබන ආත්මයෙ මම ඔයාගෙම වෙන්නම්...ඔයාට අප්පිරියාවක් බයක් නැත්තම් අර එදා පලවෙනි දවසේ වගෙ මගේ මේ සීතල නලලට කිස් එකක් දෙන්න.ආදරෙයි මහ ගොඩාක්...මම යනවා"
දසුන් ඇස්වල කදුළු පුරවගෙනම අනුරාධිගේ නිසල දේහය ලගට ගිහින් අනුරාධිගේ නලලට හාදුවක් දුන්නා.ඒත් එක්කම් අනුරාධිගේ හුස්ම මහා හුලගක් එක්ක අහස දිහාවට ඇදුනා.
- මතු සම්බන්ධයි -
උපුටා ගැනීමකි
No comments:
Post a Comment