💏💞කෙටි කතාව💞💏
පතිනියයි නුඔ මගේ..
සදශී හසගනා දුනුසිංහ කාලයක් ටවුමේ ඉදපු ජනප්‍රියම තාරකාවක්..තාරකාවක් කිව්වට හරි වචනෙන් කියනවා නම් ඇයව හැදින්වුයේ බඩ්ඩක් කියලා ඔව් කොල්ලන්ගේ වචනෙන් එහෙමයි කෙල්ලව හැදින්වුයේ..
මචං අන්න එනවා අර වට බඩ්ඩ..ටවුමේ කොල්ලෝ සදශිව දැක්ක ගමන් කියනවා...
හම්මේ ෆට්ට කෑල්ල බං..
ෆට්ට වුනාට වැඩක් නෑ බං ඕකී බඩුවක්..
හප්පට එහෙමද?
කොල්ලෝ කීයක් එක්ක කියලා ඕකී යාලු වුනාද බං...
පෙනුමෙන් එහෙම නෑනේ බං..
පෙනුම උබ දන්නේ නෑ බං ඕකගේ හැටි..
සදශිව දැක්ක කොයි කවුරැත් කිව්වේ එහෙම තමයි..
සදශි ලස්සන කෙල්ලෙක් අහිංසක ගතියකුත් තිබ්බා ඒත් ඒක දුර්වල කමක් නිසා ඇයට වැරදුනා..
එ තමයි ඇයගේ ප්‍රථම ප්‍රේමය..හිමාල්..
හිමාල් කියන්නේ සදශි ගේ ගෙ ලග ඉදපු කොල්ලෙක්..
පුංචි කාලේ ඉදන්ම සදශිව දැක්කහම ඕන කෙනෙක්ගේ හිත යන අමුතු ලස්සනක් ඇයට තිබුණේ..
මේ නිසා හිමාල් පස්සෙන් ගිහින් ගිහින් සදශිව යාලු කරගද්දී කෙල්ලට අවුරුදු දහතුනයි.අට වසරේ..
ආදරේ කියන්නේ මොකක්ද කියලා ඇයට තේරැමක් නැති වුනත් හිමාල් එක දිගට පෙරැත්ත කරද්දි ඇය එයට කැමති වුනා..
සදශි ගේ ගේ ලගම හිමාල් ඉදපු නිසා තිස්සෙම හිමාල් කෙල්ල ගේ නිවසට එන්න පුරැදු වුනා..එතකොට හිමාල් දහය වසරේ..
ටික කාලයක් යද්දී හිමාල් ට ඕන වුනේ පුංචි කෙල්ලගෙන් වෙන දේවල් ගන්න.එ නිසාමයි කවුරැත් නැති වේලාවට කෙල්ල ගේ ගෙදර එන්න පුරැදු වුනේ..
හිමාල් කියන්නෙත් පොඩි කොල්ලෙක් නිසා ගෙදර මිනිස්සු වුනත් ඔහු ගැන අහිතක් හිතුවේ නෑ..
හරියටම වැස්ස දවසක හිමාල් ගෙදර එද්දී සදශි ගේ අම්මා ලග කඩේට ගිහින්..මේක හොරෙන් බලන් ඉදලමයි හිමාල් ආවේත්..
බබා..
හිමාල් ආවේම එහෙම කියාගෙන..
පොඩි අයියේ..
කෙල්ල කොට සායත් ඇදලා ටී ෂර්ට් එකත් ඇදලා එද්දී හිමාල් ට ඉවසන්න බෑ වගේ..
පැටියෝ කෝ අම්මා..
අම්මා ලග කඩේට ගියා..
දැන් ද ගියේ..
හ්ම්ම්..
එහෙනම් හොදයි..
ඇයි පොඩි අයියේ හොද..
නිකන්..එන්නකෝ චුට්ටක් ලගට..හිමාල් සදශි ලගට කිට්ටු වෙලා එක පාරට කෙල්ල ව වැලද ගත්තා..
පොඩි අයියේ..සදශි කැ ගැහුවේ හිමාල් ගේ ග්‍රහණයෙන් බේරෙන්න..
ඒත් කෙල්ල ව සිප ගන්නයි ඔහු උත්සහ කරේ..
එක පාරම හිමාල් ගේ අත විකපු සදශි ඔහුව තල්ලු කරලා එලියට පැන්නා..පැනලා කුඩේ ගත්ත කෙල්ල එහෙමම දිව්වේ කඩේට..
යද්දී අම්මා කඩේට වෙලා ඉන්නවා වැස්සේ එන්න බැරැිව..
ආ පුතේ ඔයා ආව එකයි හොදයි..මම මේ එන්න එකක් නැතුව ඉදියේ..
බයේ ඉදපු සදශි අම්මට මුකුත් කිව්වේ නෑ බයට..
එදා ඉදන් සදශි හිමාල් ව මග ඇරියේ ඔහු එක්ක තිබුන කේන්තියට.එ වගේම බයට..
මේ නිසා හිමාල් ඉදියේ කෝපයෙන් සදශි එක්ක..හිමාල් ගේ ආච්චි එක්ක වුන රණ්ඩුවක් නිසා දෙගොල්ලන් තරහා වුනේ..එදා ඉදන් හිමාල් ට සදශිලගේ ගෙදර තහනම් කලාපයක් වුනේ..
සදශි එක්ක හිමාල් ගේ හිතේ ඇති වුනේ වෛරයක්..මේ නිසාම ඇයගෙන් පලිගන්න සදශි ගැන බොරැ කටකතා හැම තැනම පැතිරැවා..
ඕකී පොඩි වුනාට උබලා දන්නේ නෑ බං පට්ට වල්..එ දවස් වල මාත් එක්ක හොදට නටනවා..
හිතාගන්න බැරි තරම් ජරා කතා හිමාල් සදශි ගැන පැතිරැවේ එහෙමයි..
හිමාල් සදශි ගේ ඉස්කෝලේ පන්තියේ කොල්ලෝ එක්ක බෝල් ගහපු නිසා එ ප්‍රචාරය වැඩි වුනේ..
හිමාල් කියන හැමදේම කොල්ලෝ ඇවිත් ඉස්කෝලේ ප්‍රචාරය කරපු නිසා ටික දවසක් යද්දි හැමෝම සදශි ව කොන් කරන්න පටන් ගත්තා..
විශේෂයෙන්ම ඉස්කෝලේ ට අලුතෙන් ආපු විද්‍යාා ගුරැවරයා..ආපු දවසේ ඉදන්ම එ සර් කරේ සදශි ව කොන් කරපු එක..බොරැ වැරදි වලට හැමදාම කෙල්ලට ගහපු එක..
දවසක් පන්ති කවයකදී මුලු දෙමව්පියෝ ඉදිරියෙම සර් කිව්වා පන්තියේ ඉන්න නරකම කෙල්ල සදශි කියලා..
එදා වෙලාවට සදශි ගේ දෙමව්පියෝ එ රැස්වීමට ඇවිත් ඉදියේ නෑ..
මේ නිසා පාසල් ජිවිතේ ඇතුලේ ඇයට තිත්ත වුනා..
හැම තිස්සෙම කොල්ලන්ගේ නොහොබිනා කතා අහන්න වුනා..
ඒත් සදශි කියන්නේ ඉගෙනගන්න දක්ෂ ලමයෙක්.එ වගේම ක්‍රීඩා කථික නිවේදන හැම දේකීන්ම සදශි පන්තියේ ඉදිරියේ ඉදියා..
මේ හේතුව නිසා පන්තියේ කෙල්ලෝ පවා සදශි එක්ක ඉදියේ තරහින්..
දහය වසරට එද්දී සදශි ට යාලුවො නැති වුනා හැමෝම කරේ කෙල්ලව කොං කරන එක..
මේ අතරම විද්‍යා සර් පන්තියේ වෙන දේවල් වෙනත් ලමයෙක් මාර්ගයෙන් අහගෙන එ දේවල් කියන්නේ සදශි කියලා ලමයින්ට කිව්වේ..
මෛ් නිසා සදශි ව හැමෝටම එපා වුනා බොරැ වැරදි වලට කෙල්ලව හැමෝම කොං කරා..
මේ වෙද්දී සදශි එක්ක යාලු වුන කොල්ලෙක් ඉදියා.නමුත් එ ආදර සම්බන්ධය හරි ඉක්මනට ඉවර වුනා..
සදශි ගේ චරිතය ගැන එ තරම් නරක කටකතා පැතිරිලා තිබුන නිසා..
සදශි එක්ක කොල්ලෙක් යාලු වුනත් එ හැම කොල්ලම කෙල්ලව දාලා ගියේ ඇය ගැන කියපු කතා වලට..
ඔව් මේ වෙද්දී සමාජය කෙල්ල ව වචනයේ පරිසමාප්තියෙන්ම බඩුවක් කරලා තිබුණේ..
මැරෙන්න තරම් හේතු තියෙද්දි සදශි ජිවත් වුනා..මොකද කෙල්ලගේ හෘද සාක්ෂිය දන්නවා ඇය නිර්දෝෂී කියලා..
බඩුව..කෙල්ලෙක් ට බඩුවක් කියන්න හේතු රැසක් ඇති.
ඒත් වෙන කෙල්ලෝ වගේ සදශි වටිනා ඇදුම් ඇන්දේ නෑ..කෙල්ල ටිකක් දුප්පත්.. එකම ඇදුම් දෙක තුන මාරැ කර කර ඇදන් පන්ති යන කෙල්ලට කොල්ලෝ බඩුවක් කිව්වා..
ටවුමට යන හැම වේලෙම සදශි ඉදියේ බයෙන්.කොයි වෙලෙ කවුරැ මොනා කියයි ද කියලා..
ඕ ලෙවල් ලියලා සදශි ටික කාලයක් ගෙදර ට වෙලා ඉදියා..කෙල්ල ට බඩුවක් කියලා කිව්වට ඇයට ෆෝන් එකක් තරමට තිබුණේ නෑ..
සා.පෙ. ප්‍රතිඵල වලින් සදශි විශිෂ්ඨ ලෙස සමත් වෙලා තිබුනා..ඒක දැකලා කෙල්ලට ඇඩුනා..
හැමෝම වෙනස් කම් කරද්දි කොන් කරද්දි ටවුමේ චාටර් චරිතයක් කියලා ලේබල් ගහද්දි සදශි එ හැමදේම දරාන පාඩම් කරා..
ආදරයක් ජිවිතේ ට එන හැම වේලාවකම සදශි ඒවා ප්‍රතික්ෂේප කරේ ටික කාලයක් යද්දී වෙන දේ ඇය දන්න නිසා.
තමාව ටවුමේ හදුන්වන්නේ බඩුවක් කියලත් සදශි දැනන් ඉදියා..
උසස්පෙළ ට ටවුමේ ඉස්කෝලේකට ගිහින් ගමේ පාසලකට සදශි මාරැ වුනා..
එ ඉස්කෝලේ හැමෝම එක්ක සදශි සුහද වුනේ ඇයට යාලුවො ඉදියේ නැති නිසා..
මේ අතර දවසක් අහම්බෙන් කෙනෙක් ගේ දෑස් සදශි ගේ දෑස් මත රැදුනා..
සදශි ගේ දෑස් හුගක් ලස්සනයි..එ තද කලු දෑස් දෙස බලන ඕන කෙනෙක් වශී වෙන තරමට එ දෑස් ලස්සනයි..
ඒත් එ ඇස් තමා ලග නැවතුනා කියලා සදශි දැනන් ඉදියේ නෑ..
ඔහු විමුක්ති..සදශි ට වඩා අවුරැදක් වැඩිමල්..විමුක්ති ගේ හිතට සදශි ව දැක්ක ගමන් ඇය ගැන කැමැත්තක් ඇති වුනා..
ඒ හෙෂානයා කවුද බං අර කෙල්ල..විමුක්ති ඇහුවේ සදශි ව පෙන්නලා..
කවුද අර කලු බ්ලව්ස් එක ඇදන් ඉන්න එකීද??
ඔව් අර ඉන්නේ අතන..
හපෝ ඕක ලෝක බඩ්ඩක් බං..
මොකක්..
ඔව් බං ඕකීත් නිකන් අර වටේ යන බඩුවක් තමයි.
ඇයි බං එහෙම කියන්නේ..
නෑ බං ඕකී දැන් කොල්ලෝ දහයක් එක්ක විතර යාලු වෙලා ඇති.ඔක්කොම මාසයයි දෙකයි..
ඇයි ඒකී ඒවා නවත්තනවද විමුක්ති ඇහුවේ ඕන කමෙන්..
නෑ බං කොල්ලෝ ඒකීව අතාරිනවා..හුගක් වුන් යාලු වෙන්නේ බයිට් එකට බං..
හේෂාන් කියද්දී විමුක්ති ඇය දෙස බැලුවේ දුකෙන්..
පව් බං කෙල්ලෙක්ට ඔහොම අපහස කරන්න හදන්න එපා..
අනේ මේ විමුක්තියා උබ දන්නේ නෑනේ බං ටවුමේ උන්ගෙන් අහපන් ඕකී පට්ට චාටර් කැරැක්ටර් එකක්..
තම මිතුරා ඇය ගැන කියන කතා අහලා විමුක්ති ට පුදුම හිතුනා..
ගෙදර ගිහිල්ලත් විමුක්ති ට මතක් වුනේ ඇයව..කෙල්ලෙක් ට තනියම බඩුවක් වෙන්න බෑ.එහෙම වෙන්න හේතුවක් ඇති නේ..බලමු හොයලා..
එදා ඉදන් විමුක්ති සදශි ගැන හෙව්වා..අහන හැමෝගෙම උත්තරේ ඕකී බඩුවක් කියලා විතරයි..
ඒත් එහෙම වෙන්න හේතුව හොයා ගන්නයි විමුක්ති ට ඕන වුනේ..එ නිසාම සදශි ගැන හොයන්න කොල්ලෝ දෙතුන් දෙනෙක්ව දැම්මා..
මොකද විමුක්ති කියන්නේ සල්ලිකාර පවුලක බාල පුතා..
මාස හතරක් විතර යද්දී විමුක්ති ට සදශි ගැන හැමදේම දැන ගන්න පුලුවන් වුනේ..
ඒක වුනේ හිමාල් වැඩ කරන තැන කොල්ලෙක් විමුක්ති ගේ යාලුවෙක් වුන නිසා..
හිමාල් සදශි ගේ ඡයාරූපයක් පෙන්නලා ඔෆීස් එකේ කොල්ලන්ටත් සදශි ගැන කිව්වා..
නමුත් දවසක් පාටීයක දී බීපු වේලාවක හිමාල් ගේ කටින් හැම ඇත්තක්ම පිට වුනා..
විමුක්ති ගේ යාලුවා එ හැමදේම රෙකෝඩ් කරගත්තේ කවදා හරි අහිංසක කෙල්ලෙක් මු නිසා අමාරැවේ වැටුනොත් ඒක වලක්වන්න.
නමුත් නොසිතුපු විදියට දවසක් විමුක්ති එ පිලිබද කියද්දී විමුක්ති ගේ යාලුවා එදා ටේප් කරපු රෙකෝඩින් එක ඔහුට අහන්න දුන්නා..
සදශි ගේ නම කියද්දී විමුක්ති ට තේරැනා මේ කියන්නේ ඇය ගැන කියලා..
එ නිසා විමුක්ති හිමාල් ට කිට්ටු වුනේ මිතුරෙක් විදියට..
ටික දවසක් යද්දී හිමාල් ගෙන් හැමදේම අහගන්න විමුක්ති ට පුලුවන් වුනා..
සදශි ගැන මහා දුකක් එ හිතේ ඇති වුනා..
මේ කාලකන්නියෙක් නිසා අහිංසක කෙල්ලෙක් ජිවිත කාලෙම විදවනවා..මුං පිරිමිද??
විමුක්ති හිමාල් වැඩ කරපු ආයතනයෙනුත් ඔහුව ඉවත් කරලා දැම්මේ එ ව්‍යාපාරය ඔහුගෙ පියා ගේ නිසා..
මේ වෙද්දී සදශි ඉදියේ උසස්පෙළ විභාගයය ලෑස්ති වෙලා..
දිවා රෑ නොබලා සදශි පාඩම් කරා..අමතර පන්ති යන්න ඕන වුනත් පන්ති වල කොල්ලෝ මැද අසරණ වෙන්න බැරි නිසාම සදශි පන්ති ගියේ නෑ..
මේ නිසා ඉස්කෝලේන් උගන්නන දේ හොදට මතක තියාගෙන පාඩම් කරේ දවසක ඉහල තැනකට යන බලාපොරොත්තුව හිතේ තියාගෙන..
මේ අතර විමුක්ති ඉදියේ සදශි ගැන බලාපොරොත්තු තියාගෙන..කෙල්ලට මෙච්චර කල් වුන හැමදේම විමුක්ති මේ වෙද්දී දන්නවා..
උසස්පෙළ හිතුවටත් වඩා සදශි ට ලේසී වුනේ ඇය පාඩම් කරපු නිසා හොදට..
උසස්පෙළින් පස්සේ පරිඝනක පාඨමාලාවක් කරේ අනාගතේට අවශ්‍ය වෙයි කියලා හිතලා..
මේ අතර තමයි විමුක්ති සදශි ගෙන් කැමැත්ත ඇහුවේ..
ඒත් වුන දේවල් එක්ක සදශි දැඩිව එ යෝජනාව ප්‍රතික්ෂේප කරා..ඒත් විමුක්ති උත්සහය අත ඇරියේ නෑ..
උබට පිස්සු ද බං අර වට බඩ්ඩ පස්සේ යන්නේ..විමුක්ති ගේ යාලුවො කිව්වේ එහෙමයි..
මං එ්කීව බදිනවා..
බදිනවා..
යකෝ තොට පිස්සු ද??
පිස්සු නෙවෙයි බං මං සදශි ව මැරි කරනවා..
හහ් උබට හැදිගෙන එන පිස්සු ව හොද නෑ විමුක්තියා ඕකී ලෝක බඩ්ඩක්..
ඔව් බං විමුවා ඕකී ගේ පෙට්ටියවත් නැතුව ඇති..
තම මිතුරන් සදශි ගැන කියන අසික්කිත කතා විමුක්ති අහන් ඉදියේ දැඩි පිලිකුලෙන්..තම මිතුරන් ගැනත් එහෙමයි..
මේ නිසා තවත් එතන නොරැදි විමුක්ති ආවේ සදශි ගේ පන්තිය ලගට යන්න..
සදශි..විමුක්ති ගේ කඩහඩින් එ මූන බිමට බර වුනා..
නංගි..
අනේ අයියා මට පාඩුවෙ ඉන්න දෙන්න පින් සිද්ධ වෙයි සදශි අඩ අඩ කියද්දී විමුක්ති ට බලාගෙන ඉන්න බැරි වුනා..
සදශි ඇයි ඇයි මේ අඩන්නෙ මම වැරදි දෙයක් ඇහුවද නංගි..දැන් කොච්චර කල් ද දැන්වත් මට කැමත්ත දෙන්න..
විමුක්ති සදශි ට කිව්වත් ඇය එය පිලි ගත්තේ නෑ..
මං ඔයාට කැමති නෑ දෙයියනේ ප්ලිස් ඔයා මෙතනින් යන්න අයියේ ප්ලිස්..
විමුක්ති කොච්චර කිව්වත් සදශි ඔහුව ප්‍රතික්ෂේප කරා..
හරි මම යන්නම්..ඒත් කවදා හරි ඔයා මම මගේ කරගන්නවා සදශි..විමුක්ති ගියේ සදශි ගේ දෑස් දිහා බලාගෙනමයි..
සදශි ගෙදර ගිහින් හොදටම ඇඩුවා මොකද එ වෙද්දී ඇය විමුක්ති ට ආදරේ කරත් එ ආදරේ පිලිගන්න ඇය බිය වුනේ අතීතයේ වෙච්ච හැමදේම ඇයට මතක නිසා..
කාලය ඉගිලුනේ වේගෙන් සදශි උසස්පෙළ ඉහලින් සමත් වෙලා කොළඹ විෂ්ව විද්‍යාලයට ගියේ එ අතර..
මේ කාලේ ඇතුලත කිසිම වේලාවකවත් විමුක්ති සදශි ඉස්සරහට ආවේ නෑ පොරොන්දු වුන විදියට..
අවුරුදු හතර ඉවර වෙලා සදශි උපාධියත් අරගෙන ගෙදර නැවතුනා ජොබ් එකක් ලැබෙනකල්..
කැම්පස් එකේදී කොච්චර යෝජනා ආවත් සදශි එ සියල්ල ප්‍රතික්ෂේප කරා...
නාගෙන පොතක් බල බල ඉද්දි වත්තට කාර් එකක් ඇතුල් වෙනවා දැක්ක නිසා සදශි එලියට ගියේ..
කලු වීදුරැ ඇතුලෙන් එලියට ඇතුලේ ඉන්න කෙනාව පෙනුනේ නෑ..
කාර් එකෙන් බැස්සේ වෙන කවුරැත් නෙවෙයි විමුක්ති..
දෙයියනේ පපුවට අතකුත් තියාගෙන සදශි බිත්තියට බර වුනේ පපුව හිර වෙනවා වගේ දැනුන නිසා..
සදශි අවුරුදු පහකට පස්සේ එ ආදරණීය කටහඩ ඇහුනේ..
විමුක්ති අයියා..
ඔව් විමුක්ති..ඔයාට එහෙනම් අදටත් මගේ නම මතකයි නේද නංගි..
විමුක්ති අහද්දී සදශි ට උත්තර නැති වුනා..
ම ම ම..සදශි කතා කරන්න හදද්දී විමුක්ති ඇයව වැලැක්වුවා..
මුකුත් කියන්න එපා නංගි අවුරුදු පහක් බලන් ඉදියා.තව නම් ඉවසන්න බෑ මට..
විමුක්ති කියද්දී සදශි ට සිහිසුන් වෙන්න තරම්..
වි විමුක්ති අයි යා..
ඔව් සදශි දැන් ඇති ප්ලිස් නංගි..ඔයා දන්නවද ඔයා වෙනුවෙන් නොමැරැනා විතරයි මම.අවුරුදු පහක් කිසිම කෙල්ලෙක් දිහා නොබලා බලන් ඉදියා ඔයා වෙනුවෙන්..තව බෑ සදශි තව බෑ..විමුක්ති බිත්තියේ හිස ගසා ගත්තේ අඩ අඩමයි.
තව දුරටත් සදශිට ඒක දරාගන්න බෑ වගේ කෙල්ල එහෙමම විමුක්ති ව වැලද ගත්තේ..
අනේ මගේ මහත්තයෝ මම ඔයාට ගැලපෙන්නේ නෑ රත්තරං..සදශි කිව්වේ අඩ අඩ..
ඇයි මැණික ඇයි මොකක්ද ඔයාගේ නොගැලපීම කියන්න නංගි..
කොච්චර වුනත් අන්තිමට සදශි විමුක්ති ගේ පෙම්වතිය වුනා..
මැයි මාසේ සුභ නැකතින් විමුක්ති සදශි ගේ අත ගත්තේ..
මංගල උත්සවය ඉවර වෙලා මදුසමයට පිටත්ව යද්දී සදශි නිහඩවම ගමන් කරා..විමුක්ති ඇයගේ සමාධීයට බාදා නොකරේ ඇයට නිදහසේ ඉන්න දෙන්න..
එ අතරතුර විමුක්ති ට සදශි ගැන මිනිස්සු කියපු කතා සිහි වුනේ..
මිනිස්සු මොන තරම් දුෂ්ට ටද කියලා විමුක්ති ට හිතුනා..කෙල්ලෙක් ව බඩුවක් කරන්න සමාජයක් මේ තරම් දේවල් කරනවද කියලා ඔහු ට හිතුනේ..
නොකරපු වැරැද්දකට අහිංසක කෙල්ලෝ කී දෙනෙක් මේ විදියට සමාජය ඉස්සරහා අසරණ වෙනවා ඇත්ද?? කවුද ඒවට වග කියන්නේ..
වැරදි කරන කෙල්ලෝ ඇති ඒත් වැරැද්දක් නොකරන කෙල්ලෙක් ට බඩුව කියන ලේබල් එක වදිද්දී කොච්චර දුකක් ඇත්ද??
සමාජය මේ තරම් තුච්චද??
කොල්ලෝ බඩුව කියලා කෙල්ලන්ට ලේබල් ගහද්දි කැරකිලා උන්ටම බඩුවක් කර ගහන්න වුනොත් කොහොම හිතෙයිද???
එක එක කල්පනා වලින් විමුක්ති ඉදියේ..
හොටෙල් එකට ඇවිත් දෙන්නම කතාවකින් තොරව ඔවුන් ට වෙන් කරපු කාමරයට ගියේ..
ඊට පස්සේ උදා වුනේ ජිවිතේ සුන්දරම රාත්‍රියක්..සදශි ගේ පිරිපුන් දේහය පුරා විමුක්ති ගේ දෙතොල් දිව ගියේ උමතුවෙන් වගේ..
එ දෙතොල් තම දෙතොලට පටලවගෙන විමුක්ති ඇයට දුන්නේ ආදරයේ සුවද..
එ දෙතොල් ලැම බද පුරා දිව ගිය විමුක්ති ගේ දෙතොල් පහසට සදශි නතු වුනේ නිරායාසයෙන්ය..
මත් වුන ඇස් කෙදිරිලි මැදින් සදශි විමුක්ති ගෙම වුනා..
රෑ පුරා ඇහැරිලා ඉදපු නිසා උදේ දෙන්නටම නින්ද ගියා..සදශි ට කලින් ඇහැරැනේ විමුක්ති..
ඇහැරැන ගමන් විමුක්ති බැලුවේ යහන මතට දමපු සුදු පිරැවටය දිහා..
එහි හරි අපුරැවට සදශි ගේ පිරිසිදු කමේ සංකේතය සටහන් වෙලා තිබුණේ..
විමුක්ති ගේ මුණට ආවේ කලාතුරකින් එන සිනාහවක්..
එ සිනහව තුල සදශි අවුරුදු ගාණක් වින්ද අපහස දුක් කරදර වේදනා සියල්ලකම අවසානය සනිටුහන් වෙලා තිබුණා..
තම බිරිදගේ පින්බර මූන දිහා බලන් ඉදපු විමුක්ති තමා ගත්තු තීරණය කොතරම් නිවැරදිද කියලා හිතුනේ..
පාත් වෙලා එ මෘදු නළල සිප ගත්තු විමුක්ති වැරෙන් තම සදාකාලික පතිනියව තුරැල් කරගත්තේ කිසිම ආත්මයක ඇය අත නොහරින බවට තමාටම සපථ කරගනිමින්..
නිමි..
(#නන්නාඳුනන_කවීකාරි)
උපුටා ගැනීමකි
No comments:
Post a Comment