ආදරෙයි මම මහ හුඟාක්
දුලා මොකද ළමයෝ පාර බලාගෙන.. දැන් හිත හදා ගන්න ළමයෝ..
කොයි තරම් පාර බලාගෙන හිටියත් ඔය දැන් වැඩක් නැහැනේ..
හිත හදාගන්න දරුවෝ..
මට එක තේරෙනවා අම්මා. එත්...
ඒත් මට ගොඩක් දුකයි අම්මා..
මම.....
මගේ ජිවිතේ කියලා හිතාන ආදරේ කරලා තියෙන්නේ එහෙම කෙනෙක්ට ද?
මම මොනවද අම්මා නොකලේ.
මම ඒක නොදන්නවා නෙමේනේ
දුලා.. එත් දැන් හැමදේම වෙලා ඉවරනේ.
ඒ ළමයා ලබන සතියේ කසාද බදිනවා.
දැන් හිත හදාගන්න.
ඔයා ඔහොම ඉන්නකොට තාත්තාටයි මටයි දෙන්නටම දුකයිනේ..
කෝ එන්න..
අද දවසටම තාම කාලා නෑනේ.
කෝ එන්න මම කවන්නම්.
මගේ හොද කෙල්ලනේ..
ඇයි අම්මා මම ඒ තරම් ලස්සන නැද්ද?
මට මොනවාද අම්මා අඩු.
මම ඒ වගේ කෙනෙක්ට ආදරේ කළා කියලා
හිතෙනකොට මට මම ගැනම දුකයි අම්මා.
එක ඔය ළමයාගේ වැරැද්ද නෙමේ.. ඒ ළමයාට ලැබීමක් නැති කම.
දැන් ඉතින් කෝ එන්න ඉතින්...
දුලා කියන්නේ ජිවිතේ අමාරුවෙන් ගොඩ දාගත්ත කෙල්ලක්. ඉගනගන්න අමතර පන්ති යන්න සල්ලි නොතිබුනත් පන්තියේ උගන්වන දේවල් වලින් කොහොමහරි හැමදේම තේරුම් අරන් ඉගන ගෙන කැම්පස් ගිහින් දැන් රජයේ පිළිගත්ත රස්සාවක් කරන කෙල්ලෙක්. නිසල් කැම්පස් එකේ ආදරේ කරපු කෙනා උනත් කැම්පස් එකෙන් අවුට් උනාට පස්සේ වෙනස් වෙන්න ගත්තේ ගෙදර බල කිරීමට කියලා දුලා නොදන්නවා නෙමේ..
දවස් තුනක් නිවාඩුවක් එනවා නේද ඉතින් දුලා. කොහෙවත් යන්නේ නැද්ද?
මම නම් මහත්තයා එක්ක රවුමක් දාන්න හිතාන ඉන්නේ.. ගෙදරට වෙලා ඉන්න එක එපා වෙනවනේ..
එක මට නම් ගානක් නෑ පාරමී. අම්මා එක්ක ඉන්නකොට මට හැමදේම සැහැල්ලුවෙන් ගෙවෙනවා. ඒ හින්දා නිවාඩුවට මම ගෙදරම ඉන්නවා...
මම යනවා. එහෙමනම් පරිස්සමින් සතුටෙන් ඉදලා වරෙන්කො...
කවුද මේ දුලා ද?
මම මේ නිසල් ගේ අම්මා කතා කරන්නේ...
ඔව් අම්මා කියන්න..
මොකද මේ හදිසියේ... මොනවත් .........
මොනවත් කරදරයක් එහෙම නෑ නේද නිසල් ට අම්මා..
මෙහෙ ඇති අම්මෙක් නෑ.. හොද ආදරවන්ති... ආදරේ කරපු කෙනාට කරදරයක් වෙනකන් ද බලාන ඉන්නේ..
අනේ අම්මා - ආන්ටි එහෙම දෙයක් හිතලා කිවේ නෑ. කවදාවත් කතා කරන්නේ නැතිව ඉදලා එක පාර මට කතා කරපු නිසා බය හිතුනා එකයි එහෙම ඇහුවේ..
එහෙම නැතිව නිසල් ට කිසිම කරදරයක් වෙන්න එපා.. මගේ ආයුෂත් අරන් ජිවත් වෙන්න ඕනා.. මාව රැවට්ටුවා කියලා මම කවදාවත් නිසල් ට ශාප කරන්නේ නෑ..
මට තමුන්ගේ බණ අහන්න නෙමේ කතා කලේ.. තාම හිතේ පොඩි කැමැත්තක් තියනවද කියලා දන්නේ නෑ මගේ පුතාගේ. මම මේ කතා කලේ කොල්ලට ආයේ කවදාවත් කතා කරන්න එපා කියන්න කිසිම හේතුවකට..
මම ආදරේ බලෙන් ගන්න යන්නේ නෑ ආන්ටි. මම නිසල් ට වැරද්දක් කරලා නෑ කවදාවත්. එයයි මාව දාලා ගියේ ඉතින් මම එහෙම උනා කියලා මොනවත් කියන්න ගියේ නෑ. ඒ හින්දා ඒ ගැන බයක් තියාගන්න ඕනා නෑ..
හෙලෝ...
ඇයි නිසල් ඔයා මට කතා කරන්නේ.. ගිය සතියේ අම්මාත් කතා කරලා මට බැන්නා..
ඔයාට බැන්නට ඔයා බැන්නේ නෑ නේද?
ඇයි බැන්නේ නැත්තේ... ඔයාව දාලා ගියාට බනින්න තිබුනා නේද?
ඔයාටවත් වචනයක් කියලා බනින්න බැරි මට, මම කොහොමද එහෙම අම්මාට බනින්නේ. අම්මා මට මොනවා කලාටද? අම්මලා වෙන කෙනෙක් බඳින්න කියලා බල කලාම උනත් ඔයාට ඒ ගෑණු ළමයව ආදරේ , කැමැත්ත නැතිව නිකන් නමට කසාද බදින්න නෙමේනේ ඕනා උනේ..
මට ඔයාව බඳින්න ඕනා දුලා.. මගේ ආදරේ ඔයාට විතරයි.. ඔයාව පහුගිය සති තුන හතරේ දුකෙන් තිබ්බාට සමාවෙන්න. මට එකට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ.. දැන් මෙතන අම්මාත් මාත් එක්ක ඉන්නවා. මම ස්පිකර් ෆෝන් දාලා කතා කලේ..
දුවේ.... සුභ අලුත් අවුරුද්දක්.. අද මේ ජනවාරි පළවෙනිදා කතා කරලා මමම එක කියන එක හොදා කියලා හිතුනා. ඇත්තටම මට තේරුම් ගියා එදා මම ඔයාට බනිනකොටත් ඔයා මාත් එක්ක ගොඩක් හොදට කතා බහ කරනකොට ඔයා ගොඩාක් හොද කෙනෙක් කියලා.
එතකොට ආන්ටි අර නිසල් බදින්න හිටපු කෙනා..
ආන්ටි නෙමේ අම්මා කියන්න දුවේ.. ඒ වගේම මට සමාවෙන්න ඔයාව දුකෙන් තියන්න උනාට.. ඇත්තටම මම මේ ළමයා ගොඩක් හොදයි කියලා හිතාන උන්නේ. සල්ලි තියනවා තමා. ඒත් ඇත්තටම ජිවිතේ කවදාහරි මගේ පුතාට දුක් විදින්න වෙනවා කියලා මට පහුගිය සතියෙම තේරුනා. ඇත්තටම පුතා හෙට බඳින්න උන්නත් මේ කසාදෙ නවත්වලා දැම්මේ පුතාගේ සතුට තියෙන්නේ ඔයා ලග කියලා තේරුණා හින්දා..
මම පුතාට දෙන්නම් ඔයාලා කතා බහ කරගන්නකෝ....
මොනවද නිසල් වෙන්නේ.. ජනවාරි පළවෙනිදා මේ අවුරුද්ද පටන් ගන්න දවසේ ඔයා මාව රවට්ටනවා නෙමේ නේද ආයෙත්..
නෑ රත්තරන් නෑ. ඇත්තටම මට ඕනා උනා අම්මාට ඔයා හොදයි කියලා තේරුම් යන විදියට වැඩ කරන්න. දැන් උනත් අම්මා ස්පිකර් ෆෝන් දාලා කතා කලේ ඔයා කොහොම කතා කරයිද කියලා බලන්න. අම්මා මට අර ලමයව ප්‍රපෝස් කරනකොටම මම කීවා මට ඕකට කැමතිවෙන්න බෑ කියලා. ඒත් අම්මාගේ බල කිරීමට මට කැමති වගේ ඉන්න සිද්ද උනා. මම දැනගෙන උන්නා ඒ ගැනු ළමයා එහෙම හොද කෙනෙක් නෙමේ කියලා..
පහුගිය දවසක අම්මා මොකක් හරි පොඩි දෙයක් කීවහම මේ කෙල්ල ඇගට කඩා පැනලා.
මේ තරම් දෙයක් වෙලත් ඔයා හොදට කතා කරලා...
හැමදේම හරියට වෙලා කසාදෙටත් දින දාගෙන උන්නත් මම දැනගෙන හිටියා කොහොමත් සල්ලි වලට පොලවේ පයගහලා නැතිව ජිවත් වෙන කෙනෙක් කවදාවත් බදින්න තරම් මම පව් කරලා නෑ කියලා.
ඒ වගේම ඉතින් තව දෙයක් මට ඕනා උනා.. මගේ කෙල්ල මට කොයි තරම් ආදරෙයිද කියලා බලාගන්නත්..
අද මම දන්නවා මගේ කෙල්ල තරම් මට වෙන කවුරුවත් ආදරේ කරන්නේ නෑ කියලා.
ගහනවා මැට්ටාට.. ඔයාගේ ටෙස්ට් වලට මම කදුළු බිබී සති ගණන් ඉන්න උනා. දරාගන්න බැරිව මම මැරිලා ගියා නම් එහෙම..
ආයේ නම් ඔහොම වැඩ කරන්න එපා මගේ මහත්තයෝ..
නෑ... දුලා කවදාවත් නෑ... අපි ඉක්මනටම බඳිමු...
ඔයා නැතිව මටත් ඉන්න බෑ...
ආදරෙයි මම මහ හුඟාක්
-දේව් - Devaka Sadaruwan
උපුටා ගැනීමකි
No comments:
Post a Comment