මේ ආදරයයි

මේ ආදරයයී
.......................

පුන්චි කෙටිකතාවක්

බබා..

ම්ම්ම්

අපි බඳිමූ

හිතුවෙ වත් නැති වෙලාවක දහම් අහපු දෙයින් නෙතුමි සතුටටත් පුදුමයටත් පත් වුනා..

අපරිමිත ආදරෙ ප්තිෆලයක් විදියට දෙමව්පිය ආශිර්වාද මැදින් දහමුත් නෙතුමිත් එක වහලක් යට ජීවිතේ බෙදා ගන්න පටන් ගත්තා....

ඒත් ටික දවසකින්...

දහම්

ම්ම්

මොකො කරන්නෙ

නෙතුමි දහම් ගෙ උරහිසේ එල්ලිලා කම්මුලක් සිප ගන්න ගමන් ඇහුවා..

ම්ම්ම්..වැඩ වැඩබබා

තැන තැන විසික් කරලා තියෙන කොළ කෑලි ඇරෙන්න නෙතුමි නම් දහම් කරනවයි කියපු කිසි වැඩක් දැක්කෙ නෑ

ගුලි කරලා තිබ්බ හැම කොළයක්ම මොනාහරි ලියලා ආයෙ ඒක නොපෙනි යන්නම පෑනෙන් බලි කුරුටු ගාලා..

ම්ම් පොඩි වැඩක්බබා

ගොඩක් වෙලා යයිද

ඇයි එහෙම ඇහුවේ

දොයි මතයී...

නෙතුමි කටත් උල් කරන් පුන්චි දරුවෙක් වගෙ කීවා

එ වෙලේ දහම් නෙතුමිගෙ ඔලුව අත ගාලා නල්ල සිප ගත්තා..

ආදරෙයි මැණික..බුදු සරණයි ...බබාට නිදිමත නම් දොයියගන්න

හ්ම්ම්..හා කියනකම් උන්නේ😏😏😏😏😏

නෙතුමි සුසුම් හෙළමින් අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා...

දවසින් දවස දහම් අතින් නෙතුමි මග ඇරුනා..නෙතුමි පුලුවන් හැම වෙලේම දහම් ලඟ දැවටි දැවටි නෝක්කාඩු කියන්නපටන් ගත්තා...

එ හැම මොහොතෙම

මම වැඩ බබා මාව තේරුම් ගන්නකෝ

කාලයත් එක්කම දහම් ගෙ හැම දෙයක්ම ඉවසන්න නෙතුමි පුරුදු උනා

කෙල්ලෙක්ට ආදරෙ කියන්නෙ එයාගෙ ජීවිතේම....එයා ලෝකෙට කොච්චර වයසින් වැඩි වුනත්..තමන්ගෙආදරණියන් ලඟ හුරතල් වෙන්න ..තොදොල් වෙන්න....දඟ කරන්න ආසයී....

පෙම්වතියක් වෙලා ලබපු ආදරෙ ඇගයීම බිරිඳක් වුනාම අයිතියත් තියාගෙන වැඩි වැඩියෙන් විඳින්න එ ගෑනු හිතට තියෙන්නෙ පුදුම ලෝබ කමක්....

සමහර විටකොල්ලොක්ට කෙල්ලෙක්ගෙ අයිතිය ලැබුනට පස්සෙ මුලින් තිබ්බ උනන්දුව..ඇගයුම අඩු වෙනවා

ඒක එයාගෙ ආදරෙ අඩුකමක් වත් නැති කමක් වත් නෙවෙ..සමහර විට කෙල්ලටත් වඩා එයාගෙ ආදරෙ වැඩි ඇති..ඒත් එයා හිතන්නෙ දැන් එයා මගේනෙමන් කරන හැමදේම එයා තේරුම් ගනියි කියලා

කරන දෙ කෙල්ලට නොකියා හිතින් කෙල්ල තේරුම් ගනියි කියලා කොල්ලම නිගමනෙ කරනවා..

හැබයි ඉතින් මහමෙරක් තරම් ආදරෙ විඳින්න පෙරුම් පුරන කෙල්ලට ඒක දැනෙන්නෑ .ඇයි ඉතින්  කොල්ලා එයාට මුකුත්ම කියල නෑනී...

නෙතුමිත් එහෙමයී...එයා හිතුවෙ කොල්ලා දැන් ආදරෙ නැතිව ඇති කියලා...දැන් මම ලස්සන අඩු ඇති ඒකනි කියලා...

ඉතින් කෙල්ල කොල්ලගෙ දේවල් හිත හිතා හැම තිස්සෙම ටැප් එක ඇරියා වගෙතමයි

දහම්

දහම්

කෙල්ල එක එක ඒව කර්ල කොල්ලගෙ ආදරෙ ගන්න..අවදානෙ ගන්න උත්සහා කරනවා..

කොල්ලා හුම් සද්දයක් නෑ..වැඩ කීවට කොල්ලා කරන වැඩකුත් කෙල්ලට පේන්නෑ...මොනාදො බලි ගගා කොළ විසික් කරන එක විතරයී..

අදකෙල්ලගෙ උපන් දිනෙ..කෙල්ල හරිම ආසාවෙන් කොල්ලා එනකම් බලන් උන්නා

ඒත් කොල්ලා එදා ගෙදර ආවෙ වෙනදටත් වඩා පරක්කු වෙලා..

ගුඩ් නයිට් බබා මහන්සී

😕😕😕😕

සුසුම් හෙළනවා ඇරෙන්න කෙල්ලට කරන්න දෙයක් නෑ

ඊළඟ දවසෙ උදෙන්ම කොල්ලා කෙල්ලට කතා කරනවා

බබා

ඇයි

අද රෑ

ඉතින්

මා එක්ක ගමනක් යන්

කොහෙද

යන්කො..ටිකක් ලස්සනට අඳින්න හොඳ ද

ලස්සනට අඳින්න කීවෙ ඇයි මන් කැත ද

අයියො නෑ බබා...ඔයා මොනා ඇන්දත් මට ලස්සනයී..ඒත් අද ටිකක් ලස්සනට අඳිමු හා ද

කොල්ලා කියන දෙ කරනවා ඇරෙන්න කෙල්ල දැන් වෙන දේවල් හිතන්නෙ නෑ..ඉතින් කියපු විදියටම කෙල්ල ලස්සනට හැඩ වුනා..

කෙල්ලගෙ ලස්සන බලන්න වත් කොල්ලට වෙලාවක් නෑ..

හැමදාම වගෙ කෙල්ල හිත රිදෝගත්තා විතරයි ඒත් කියන්න ගියෙ නෑ

දෙන්නත් එක්කම ලොකු උත්සවශාලාවකට ගියා..කෙල්ලව ඉන්දෝලා කොල්ලා යන්න ගියාමයි උත්සවෙ පටන් ගත්තත් ආවෙ නෑ

කාත් කවුරුත් නාදුනන කලුවරෙ කෙල්ල තනියම

වේදිකාව උඩ නිවේදකයෙක්

**ඔව් දැන් ඔබ පුල පුලා බලන් උන්නු ඒ අවස්තාව..මේ වසරෙ හොඳම ගේය පද රචනය.....පිලිගන්න...

කෙල්ලට දැන් එක එක්කෙනාගෙ නම් අහලා අත්පුඩි ගහලා ඇති වෙලා..කෙල්ල උන්නෙ තමන්ව තනියෙන් හෝල් එක ඇතුලෙ දාලා ගිය දහම් එක්ක තරහින් දුකෙන්

ආදරනීය යාලුවනි....

හිටිහැටියෙම වේදිකාව පැත්තෙන් ඇහුනු හදවතට සමීප කටහඬට කෙල්ල ඇහුම් කන් දුන්නා..

මම මෙ ගමන ආවෙ තනියෙන් නෙවෙ...මගෙ මෙ උත්සහයට නිහඩවම සහය දුන්නු කෙනෙක් උන්නා...වැඩ නිසාම මට එයාව ගොඩක් මඟ ඇරුනා..කොටින්ම මම හුස්ම ගත්තද කියලත් මට අමතක වෙලයි තිබුනෙ..ඒත් ඒ ආදරෙ ඉවසීම නිසාම අද මගෙ මගෙ හීනය සැබෑ කර ගත්තා..

මගෙ මෙ සම්මානයෙ සැබෑ හිමිකාරි ඇයයි...මගේ බිරිඳ නෙතුමි...

කොල්ලා එයාගෙ සම්මානය ඔසවලා කෙල්ල උන්නු දිහාවට පෙන්නුවා

එතකොට එතකොට..එයා අර බලි ගගා විසික් කරේ

හැමෝම දහම්ට ඔල්වරසන් දෙද්දී  කෙල්ල විතරක් නෙතින් වැටුනු කඳුලක් පිහිද ගත්තා...

ආදරෙයි මහත්තයෝ..

....නිමි...

      Savi vithanage

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment