😍මාද ඇයම විය😍
(කෙටි කතාවක්)
ලේබර්රූම් එක ඉස්සරහට වෙලා නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු සංජන සිහින ලෝකෙක අතරමං වෙලයි හිටියේ.ඒ හා හා පුරා කියල තමන්ගෙ පුංචි කූඩුවට එන පුංචි පැටියා බලන්න.දුවෙක් උනත් පුතෙක් වුනත් තමන්ගේ ලෝකේ ලස්සනම වටිනම සම්පත තමන්ගෙ අත් දෙකට ලැබෙනකං ඒ චූටි රෝසපාට අතපය දකිනකං සංජන හිටියේ ඇගිලි ගැන ගැන.
සංජන සමීර කොඩිතුවක්කු කියන්නේ පාසල් ගුරුවරයෙක්. ගොඩාක් තැන්පත් ගති පැවතුම් තියෙන සංජන විවාහ වෙලා හිටියේ ගැමි තරුණියක් වුනු නෙතුමිනී දෙහංසා සෙනවිරත්න සමග.නෙතුමිනී හුගක් අහිංසක චරිතයක් උනත් ටිකක් ගුප්ත ගති පැවතුම් තිබුනු නිහඩ චරිතයක්. නමුත් ඇය සංජනට පුදුම තරම් ආදරේ කලා. ඒ ආදරේ අග්‍රඵලය මේ ලෝකෙට එනකං හුගක් නොඉවසිල්ලෙන් තමයි දෙදෙනාම බලාගෙන හිටියේ.
"පුතා සංජු"
සංජන කල්පනා ලෝකයෙන් මිදුනේ නෙතුමිනීගේ මව වුනු දමයන්තිගේ හඩින්.
"අම්මා"
"පුතේ .. දුවෙක් ලැබුනේ රත්තරනේ.. අනේ රෝස මලක් වගේ.. ඔයාගේ ඇස් දෙකමයි. "
දමයන්ති කිවුවෙ ඇස්වල කදුලු පුරවගෙන.
ගොඩාක් ශක්තිිමත් පිරිමියෙක් වුනත් සංජනගේ ඇස්වලටත් කදුලු ඉනුවේ ඔහුටවත් නොදැනිමයි.
" ඇත්තමද අම්මා.. අනේ මගෙ සුරංගනාවි.. "
සංජනට සතුට ඉහ වහා ගියා. ඒ දුවක් ලැබුනු නිසාමයි. තාත්තල හුගක් ආදරේ දුවනි වරුන්ටලු. ඉතින් සංජනත් සතුටු වුනේ කුලුදුල් දරු පැටියා දුවක් වුන නිසා.
සංජනත් නෙතුමිනිත් දියණියට දැම්මේ කියාරා දෙව්මිනි කොඩිතුවක්කු කියලා.
හැමදේම හොදින් සිද්ධ වුනත් ඉපදුනු මොහොතේ ඉදලම දියණිය තම මව ප්‍රතික්ෂේප කරන්න වුනා. නෙතුමිණි හිටියේ දැඩි දුකකින්. දියණියට කිරි පොවන්නට ලං කරගත්තත් දියණිය මවව ප්‍රතික්ශේප කලා. ඉපදුනු දිනයේ ඉදලම දියණියට කිරි පෙව්වේ දමයන්ති නෙතුමිනීගෙන් දොවා අරගෙනයි.නෙතුමිනිට මෙය වාවාගන්නට නොහැකි වෙලයි හිටියේ.
සංජනගේ උණුහුමෙ සැපට තුරුල් වෙන පුංචි දයණිය මව තුරුලට යෑම ප්‍රතික්ශේප කලා. දරු සෙනෙහසින් කිරි බර වෙන තම ලැමැද අල්ලා ගෙන නෙතුමිනි හැඩූ වාර අනන්තයි. එයට හේතුවක් හොයා ගන්න කාටවත් බැරි වුනා. වෛද්‍යවරුන් පැවසුවේ කාලයත් සමග ඔය තත්වය මගහැරී යාවි කියලයි.
------------------------------------------------------
ඔය විදියට කාලය කෙමෙන් ගත වුනත් දියණිය කිසි සේත්ම තම මවට ඇලුම් කලේ නෑ.වයසින් වැඩෙත්ම ඒ තිබූ අමනාප කම් ටිකෙන් ටික වැඩිවෙන්න ගත්තා. දියණිය නිරන්තරයෙන්ම සංජන ලග පමණක් ආදරෙන් ලංවී සිටියා.
"සංජු ඇයි සංජු මට මෙහෙම වෙන්නේ.ඇයි දූ පැටියා මට කැමති නැත්තේ? "
නෙතුමිනි ඇහුවේ සංජනගේ උකුල උඩ නිදන් උන්න දියණියගේ හිස අතගාමින් අැගේ ඇස්වලින් වැටුනු කදුලු බිදුවක් සංජනගේ උරහිස තෙත් කලේ ඇය ඔහුගේ උරහිස මත හිස තියාගෙන හිටපු නිසා.
" අඩන්නෙපා සුදු මැණිකේ අපි බලමුකො."
සංජන කිවුවෙ නෙතුමිනිගේ නලලත සිපගන්න ගමන්. නෙතුමිනි පහත්වෙලා දියණියගේ නලල සිපගත්තේ අප්‍රමාණ දරු සෙනෙහසින් හදවත පසාරු කරගෙන යද්දි. නෙතුමිනි දියණියගේ අතකින් හරි අල්ලන්නේ ඇයට නින්ද ගියාට පස්සේ. දියණිය අම්මා කියල කියන්නේ දමයනතිට. නෙතුමිනිගේ අම්මට. නෙතුමිනිට අම්මා කියලවත් දියණිය කියන්නේ නෑ.
ඒ සියල්ල විද දරාගනිමින් නෙතුමිනී ගත කලේ නිහඩ ජීවිතයක්. සංජනට තිබුනු ආදරය නිසාම නෙතුමිනී ඒ සියල්ල විද දරාගනිමින් ජීවත් වුනා.දියණියට දැන් වයස අවු: 5ක්. එසේ වුවත් දියණිය කිසිසේත්ම මව හා එක් වුනේ නෑ.තත්වය කෙමෙන් කෙමෙන් වර්ධනය වුනේ දියණිය නෙතුමිනීව දැකීමට පවා අප්‍රිය කිරීමෙන්.මේ නිසා නෙතුමිනි හිටියේ මානසිකව පවා ඉතා පහත් තත්වයක.
" නෙතූ.. මේක තවත් බලන්න ඉන්න බෑ මැණිකේ අපි දරුවා ඩොක්ටර් කෙනෙක්ට පෙන්වමු."
සංජන කිවුවෙ නිදාගෙන හිටපු දියණිය දිහා දුකින් බලමින්.
" ඔයාට පිස්සුද සංජු.. ඔයා කියන්නේ මගෙ දරුවට මානසික ලෙඩක් කියලද? "
ඇය කිවුවෙ හිතට දැනුනු වේදනාවත් තරහත් එක්කමයි. වෙනස්කම් සිද්ධ උනත් නෙතුමිනීට දියණිය කෙරෙහි තියෙන ආදරය අඩු වුනේ නම් නෑ.
" එහෙම දෙයක් නෙවෙයි අනේ. අහන්නකෝ. සමහර වෙලාවට ඔය වගේ දේවල් මෝහන ප්‍රතිකාර වලින් අයින් කරන්න පුලුවන් කියල මට යාලුවෙක් කිවුවා.අපි පොඩ්ඩක් බලමු නෙතූ."
සංජන කිවුවෙ නෙතුමිනිගේ හිස පිරිමදිමින්..
ඔය විදියට තීරණයකට ආපු නෙතුමිනිත් සංජනත් දියණියව මෝහන වෛද්‍යවරයෙක් ලගට රැගෙන ගියා.
හුරතල් වචන කියන රෝස මලක් වගේ පුංචි දියණිය දැකපු වෛද්‍යවරයා ඇයව මෝහන ප්‍රතිකර්මයන්ට ලක් කරන්නට පටන් ගත්තේ සංජනත් නෙතුමිනිත් ඉදිරියේ.. දියණිය කෙමෙන් නිද්‍රාවට පත්වෙද්දි දියණය කෙමෙන් කෙමෙන් තම අතීත ජීවිතයේ තතු කියන්නට පටන් ගත්තා.
"මගේ නම සමනලී සංසලා. මම පුංචි කාලෙ ඉදල හිටියේ අපේ ලස්සන ගමේ.ඒක ගොඩාක් ලස්සන ගමක්. මට හිටියේ අම්මයි තාත්තයි.අක්කයි. අක්කා කිවුවට එයත් මමත් ඉපදුනේ එකටමයි. හැබැයි අපි රූපෙන් නම් හුගක් වෙනස්.පුංචි කාලේ ඉදල මගේ අක්කා මට ගොඩක් නපුරුකම් කලා. හැබැයි මම මගේ අක්කට ගොඩාක් ආදරෙයි. අපි ටික ටික ලොකු වෙනකොට මම හරිම ලස්සන වුනා.අක්කා ඒ තරම් ලස්සන නම් නෑ.අක්කට තිබුනෙ තලෙලු පෙනුමක්.මට තිබුනෙ ඕනම කෙනෙක් දැක්කම දෙපාරක් බලන්න හිතෙන ලස්සනක්.."
පුංචි තොල් වලින් හුරතල් වදනින් මේ විදියට කියාගෙන යන තමන්ගේ පුංචි දියණිය දිහා සංජනත් නෙතුමිනිත් බලාගෙන හිටියේ අඩමින්.
" මට දණහිස ලගට දිග කොණ්ඩයක් තිබුනා.මම හරි ආදරෙන් ඒ කොණ්ඩෙට සැලකුවේ. අක්කට තිබුනේ පිට මැදට වෙන්න කෙටි කොණ්ඩයක්.ඉතින් දවසක් අක්කා මගේ ලගට ලං වුනේ හරි ආදරෙන්.මට හරීම සතුටු හිතුනා. මගේ අක්කි මට දැන් ආදරේ වෙලා කියල.මම අක්කිව බදාගත්තා. අක්කි මාව බදාගෙනම එයා ගෙනාපු කතුරින් මගේ කොණ්ඩෙ කපලා දැම්මා.අනේ මගේ ලස්සන කොණ්ඩෙ. හි...හ්..හි..හ්..."
එහෙම කියල කතාව නතර කරපු පුංචි දියණිය ඉකි ගසමින් අඩන්න ගත්තා. සියල්ල නිහඩව අහගෙන ඉන්න කියල වෛද්‍යවරයා සංජනටත් නෙතුමිනිටත් අතින් සංඥා කලා.
" මගේ කොණ්ඩෙ කපලා කියලා එදා අම්මා අක්කට ගහන්න පනිද්දි මම අක්කා ඉස්සරහට පැනලා අක්කාව බේරගත්තා.අනේ අම්මේ අක්කට ගහන්නෙපා අක්කේ. එයාගෙ අතින් වැරදීමක් වුනේ. අනේ අම්මේ........ මම කෑගහ ගහ ඇඩුවා. අක්කාට ගහපු පාරක් වැදුනේ මගේ ඔලුවට. මාව විසිවෙලා බිමට වැටුනම අම්මා මාව බදාගෙන ඇඩුවා. මම ුඩල අඩල අම්මට කිවුවා අක්කට ගහන්න එපා කියලා."
පුංචි දියණිය දිහා මව්පිය දෙපල බලාගෙන හිටියේ අඩමින්.. නෙතුමිනි හිටියේ පිස්සුවෙන් වගේ මේ කියන දේවල් හිතාගන්න බැරිව..
" අපි ටික ටික තරුණ වුනා.ගමේ ස්කොලේට ආපු සංගීත සර් දවසක් මම වැව ලග ඉන්නව දැකලා කතා කරා.අනේ ඒ ඇස් තාමත් මට මතකයි. මගේ ජීවිතේ මම දැකපු ලස්සනම ඇස් දෙක ඒ.එහෙම ටික කාලයකට පස්සේ මමත් සංගීත සර්රුත් හුගක් ආදරේ වුනා. මට සර්වත් සර්ට මාව වත් නැතුව ඉන්න බැරි වුනා. අනේ මම ගොඩක් ආදරෙයි මගෙ සර්ට. සර් හරිම අහිංසකයි."
දියණියගේ මේ වචන ඇහෙද්දි සංජනත් නෙතුමිනිත් මුහුනින් මුහුණ බලා ගත්තේ පුදුමාකාර අමුත්තක් තම හිත්වල පිරිලා යද්දි.
" මමත් සර්ත් ආදරය කරන බව අපේ ගෙදරින් දැනගන්න වැඩි දවසක් ගියේ නෑ.අපේ අම්මලගෙනුත් අපි දෙන්නට ආශිර්වාදය ලැබුනා. අක්කානම් හිටියේ හුගක් තරහින් කියල මම තනියම ඉන්න හැම වෙලාවකම මට දැනුනත් අක්කා වෙනදට වඩා සමීප බවක් අනිත් අය ඉදිරියේ මට පෙන්වුවා.විශේශයෙන් සර් ඉස්සරහදි.දවසක් මමත් අක්කත් වැවට ගියේ නාන්න හිතාගෙන.එදා අක්කා මාත් එක්ක හරි ආදරෙන් හිටියේ. කිසිම නපුරුකමක් කලේ නෑ.ඒ ආදරේ ලග මාත් ගොඩක් බොලද වුනා. මොකද කවදාවත් මගෙ අක්කා මට ආදරෙන් සලකලා නෑ..ඒත්........."
දියණිය එහෙම කියල දිග හුස්මක් ගත්තා.
"අනේ අක්කයි මමයි වැව ලග ටිකක් වෙලා ඉද්දි අක්කා පිටිපසසෙන් ඇවිත් මාව තල්ලු කලා. මට කෑගහ ගන්නවත් බැරි වුනා. වතුර පෙවිලා පෙවිලා මගේ නහයටත් වතුර පිරෙනව මට දැනුනා.මගේ ඇස් නිලංකාර වෙලා මම නිකන්ම සැහැල්ලු වෙලා උඩට ගියා. මම දැක්කේ දුවගෙන ගෙදර පැත්තට යන මගේ අක්කව.මම අක්කට කතා කර කර අක්කා පස්සෙන් ගියා. අක්කට මාව ඇහනේ නෑ.අක්කා ගෙදර ගිහින් අම්මට කිවුවා අම්මේ නංගි වැවට වැටුනා ක්යලා කෑගහලා ඇඩුවා. අනේ මගේ අම්මත් ගොඩක් ඇඩුවා.මම අම්මගේ ඔලුව අත ගෑවා අම්මට මාව දැනුනෙ නෑ. ටික කාලයක් යනකන්ම මම හිටියේ මගෙ ගෙදරමයි. දවසක් මම මගේ සංගීත සර්ව දැක්කා. අපේ ගෙදරදි. සංගීත සර් අඩ අඩ ඉන්නවා. අපේ අම්මා සංගීත සර් ලගට ගිහින් සර්ගේ අත අරගෙන අපේ අක්කගේ අත උඩින් තිබුබා. අනේ මගේ සර් මගේ .... මම මෙහේ මම කෑගැහුවා ඒත් ඇහුනෙ නෑ. ඒ දෙන්නා කසාද බැන්දා.මට මගේ සර් ලගට යන්න ඕන උනා.එතනින් පස්සේ මම පාවෙලා ගිහින් අදුරු කුටියකට වැටුනා."
"සමනලීගේ අක්කගෙ නම මොකක්ද"
සියල්ල නිහඩව අහගෙන හිටපු වෛද්‍යවරයා ඇගෙන් ඇහුවා
"නෙතුමිනී දෙහංසා සෙනවිරත්න"
එහෙම කියපු පුංචි දියණිය දිගු
නින්දකට වැටුනා
නෙතුමිනි සිහිය නැතුව එතැනම ඇදගෙන වැටුනා. සංජනත් හිසේ අත් ගසා ගත්තේ තමන් පණ වගේ ආදරේ කරපු තමන්ගේම ආදරේ තමන්ගේම ලේ වෙලා තමන් ලගට ආවේ කොහොමද කියලයි.
මෝහන ප්‍රතිකර්ම වලින පස්සේ දියණිය යතා තත්වයට පත් වුනත් නෙතුමිනි මානසික වශයෙන් ලොකු ව්‍යාකූලත්වයකට පත්වෙලා තිබුනා. ටික කලකින් ඇයත් යතා තත්වයට පත් වී ආගම දහමට අනුව තම ජීවිතය යහපත්ව ගත කරා.
බුදු දහමේ සත්‍යට අනුව නම් දිට්ඨ දම්ම වේදනීය වශයෙන් නෙතුමිනීගේ පාපකර්මය එසේ පල විපාක දුන්නා.
-නිමි-
ආදර්ශය - කරන ලද පව කොයිම වෙලාවකදී හො පල විපාක දෙන බැවින් පවෙහි බිය වන්න..
❤️ මලී සෙහංසා ❤️
-----------------
උපුටා ගැනිමකි
No comments:
Post a Comment