💖 සත්‍ය ආදරය...💖
මෙම කතාවේ එන නමි ගම් සියල්ල මනඃකල්පිත වේ.
..................................................................................................
“ඕක හරියන වැඩක් නෙවේ බං. වෙන කෙල්ලෙක් ඇත්තෙම නැද්ද උඹට ආදරේ කරන්න?”
“උඹලට තේරෙන්නේ නෑ බං. මම නංගිට ඇත්තටම ආදරෙයි. මම කොහොමද වෙන කෙල්ලෙක් ගැන හිතන්නෙවත්?”
මම එහෙම කිව්වෙ යාලුවා කියපු දෙයින් හොදටම අවුල් ගිහින්. මගේ නම කවිඳු. මම ඉන්නෙ ගම්පහ. මේ සිද්ධිය වෙනකොට මම 11 වසරේ. O/L වලට තව මාස 3යි. මේ කාලෙදිමයි මට මුලින්ම කෙල්ලෙක්ට හිත ගියේ. ඒ මගෙම නෑනාට. එයාගෙ නම නදුනි. නෑනා වුනත් මම එයාට කතා කලේ නංගි කියලා. අපි දෙන්නා අතර වයස් පරතරය අවුරුදු 4ක්. එයා ඉන්නෙ ගම්පොල. ඉස්කෝලෙ යන්නෙත් එහේම තමයි.
“ඒත් ඒ උඹෙ නෑනානෙ බං.ගෙවල්වලිනුත් අවුල දායි. අනික තාම පොඩි එකියක්නෙ.”
“පොඩි නිසා තමයි බං මම හිතේ තියෙන දේ නොකියා ඉන්නෙ.”
නංගි ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි. මේ දේවල් එයාගෙ ඔලුවට දාලා එයාගෙ එ් දක්ෂකම නැති වෙයි කියලා මම බය වුනා. මේ දේවලුත් එක්ක මම කොහොමහරි O/Lත් ලිව්වා. මේ කාලෙදිම මට දැනුනා නංගි ටික ටික වෙනස් වෙනවා කියලා. ඔහොම මාස කීපයක් ගත වුනා. රිසල්ට් ආවාම මම හොඳට පාස් වෙලා. ඒ සතුටත් එක්කම මම A/L කරන්න පටන් ගත්තා. ඒ කාලෙදි මම අහම්බෙන් fb එකේ දැක්ක කෙල්ලෙක්ගෙ ප්‍රොෆයිල් එකක ඉස්කෝලෙට දාලා තිබ්බෙ නංගිගෙ ඉස්කෝලෙ නමමයි. ඉතින් මම එයාට මැසෙජ් එකක් දාලා බැලුවා.
“Hi kohomada?”
ටික දවසක් ගිහින් reply එකක් ආවා.
“hi mn hodin. oyta kohomada?”
“math hodin. Eka newe, oyalge scl eke innawa mage nangi kenek. “
“aththada? Kiya wasareda? Nama mokkd? “
“naduni kiyala kenek. 8 wasare.”
“ane mn dannawane e nangiwa. Oya eyge ayyad? “
“na na mn eyagema ayya newe. Mn eyage maamage putha.”
“ah ehemad?”
“ow. Mn me msg ekak daal ahuwe ithin dan mta puluwanne eyage hora wda allagnna oyage udwwen. “
“hehee eya hda lamayekne. Hora wda krnne nhane. Kmk nha mn kynnamko hora wdak ahu unoth”
"hari ehenm bye.”
“bye”
අවුරුදු 2ක් ගත වුනා. මම A/L ලියන අවුරුද්දත් ආවා. හොඳට වැඩ ටික කරගෙන තිබ්බ නිසා බයක් නැතුව විභාගෙට යන්න හිතන් හිටියත් සිද්ධ වුනේ හීනෙකින්වත් නොහිතුව දෙයක්. විභාගෙට දවස් දෙකක් තියෙද්දි එකපාරටම මැසේජ් එකක් ආවා.
“hi aiya, kohomda?”
“a mn hodin innwa. Oyta khomada”
"math hodin. Mn me podi paniwidyak kiyanna awe”
"mokakda?”
"meka ahla klabala wenn epa. Nadunit bf knk innwa”
ඒ මැසේජ් එකත් එක්කම මගෙ අවුරුදු 3ක හීනෙ මගෙ ඉස්සරහම කඩාගෙන වැටුනා. මම ඒ මැසේජ් එකට reply කලේ හීනෙන් වගේ.
“oya khomada dangaththe? “
“mta eyge cls eke yaluwek qwe”
"eth eka boruwk wnna brida? “
"eka aththa. Mtath saka hthila thbbe. Ada thma hrytma dngththe.”
"hari nngi thnks mka qwta”
“wlcome..eth e kolla hda knk nwe. Muslim knk. Eyge wada hda nha. Nngit pddk therum krla denn”
“hri”
මම පැය ගනන් කල්පනා කලා. අන්තිමට මම නංගිට මැසේජ් එකක් දැම්මා.
"nangi”
"a kiynn aiye”
“mta podi aranchiyk awa eka aththda kyla dnaganna one.*
“mokakda aiye?”
“oya muslim kollek ekka affair ekak thyenwa nda?”
"nha aiye. Kwda qwe? “
“mta boru kynna epa nangi. Mn aththa dnnwa”
“a aththda? Dnnwanan mkatda mgen ahnne?”
"ahnne dnganna one nsa. Oya kolla hda knk nwe. Oywa rwttagena inne”
"nha eya hdai. Oya wge newe. Eya mta gdk adrei. Mn weuwen gdk dwl krnwa. Oya mnwd mn wnuwen krl thynne? Mt msg krnna epa.bye”
මාව කඩාගෙන වැටුනා වගේ වුනා. මම අවුරුදු ගානක් තිස්සෙ මං එයා වෙනුවෙන් කරපු කියපු දේවල් එයා අමතක කරලා. පොඩි කාලෙ ඉඳන් එකට සෙල්ලම් කරපු අයියාව අමතක කරලා. මම ඒ හිතේ අමාරුවෙන්ම විභාගෙට ගියා. අන්තිමට සිද්ධ වුනේ ඉංජිනේරු පීඨයට යන්න හීන දැකපු මාව එක විෂයක් විතරක් යන්තන් පාස් වෙන තැනට වැටුන එක. හැමෝම කතා කරලා මගෙ හිත හැදෙන්න වචනයක් දෙකක් හරි කිව්වා. ඒත් නංගි කතා කලේ නෑ. එයාට මගෙන් වැඩක් නෑ කියලා හිත හදාගන්න උත්සාහ කලත් මට එහෙම කරන්න බැරී වුනා. ගමේ තිබුන දානෙකදි මට ආයෙමත් නංගිව හම්බුනා. එයා මාව මගහැරලා යන්න හැදුවා .
“නංගි චුට්ටක් නවතින්න”
“ඇයි මොකද? මට පාඩුවෙ ඉන්න දෙන්න නැත්තන් මං කියනවා නැන්දට.”
“කියන්න. කමක් නෑ. හැබැයි ඊට කලින් මට කියන්න තියෙනදේ අහන්න”
“හරි. ඉක්මනට කියන්න. ඊට පස්සෙ මට වද නොදී ඉන්න.”
“හොඳයි. ආයෙ වදයක් වෙන්නෙ නෑ. නංගි මේ අහන්න, ඔයා යාලු වෙලා ඉන්න කෙනා හොඳ කෙනෙක් නෙවේ. ඌ කෙල්ලො එක්ක යාලු වෙවී ඕනෙ දේවල් කරගෙන අත්අරින ජාතියේ එකෙක්. ඔයාව රවට්ටගෙන ඉන්නෙ. හොඳ නංගියා වගේ මම කියන දේ අහන්න. ඔය නරකක් නපුරක් වෙනවට මම කැමති නෑ.”
“කටවහන් ඉන්න හරිද. එයා එහෙම කෙනෙක් නෙවෙයි. ඔයා ඇයි ඔහොම බොරු කියන්නෙ? මොනවද බොරු කියලා බලාපොරොත්තු වෙන්නෙ? අනික මම ගැන මොකක්ද ඔච්චර තියෙන රුදාව?”
“රුදාව? මොකක්ද දන්නවද තියෙන රුදාව? මම ඔයාට ආදරෙයි. අවුරුදු 3ක් තිස්සේ මම ඔයාට ආදරේ කරනවා. ඔයාට නොකියා හිටියෙ ඉගෙන ගන්න එකට බාධාවෙයි කියලා. දැන් ඒක වෙලා නේද? ඉස්සර වගේ term test වලට ලකුනු එන්නෙත් නෑ නේද? හිතලා බලන්න. මම ඔයාගෙ affair එකට අකුල් හෙලනවා නෙවේ. ඒත් ඔහොම ගියොත් ඔයාට ලොකු විනාසයක් වෙන්නෙ. වදයක් කිව්වාන..මම යන්නම නංගි එහෙනං.”
බයවෙලා වගේ මම දිහා බලන් හිටපු නංගිගෙ ඔලුව අන්තිම වතාවටත් අතගාලා මම යන්න ගියා.එදා ඉදන් මම හොඳට ඉගෙනගත්තා. නංගි හැමවෙලේම මගෙ හිතට ආවත් මම මගේ වැඩ ටික කලා. මම දෙවනි වතාවටත් විභාගෙ ලිව්වා. නංගිත් එ් අවුරුද්දෙම O/L ලිව්වා. මම ඉහලින්ම පාස් වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරුනා. ඒත් නංගි O/L පාස් වුනේ යාන්තමින්. කොහොමහරි ගම්පොල ඉඳන් පේරාදෙණියට ලඟ නිසා මම නැවතිලා හිටියෙත් නංගිලාගේ ගෙදරමයි. ඒත් මම නංගිත් එක්ක කතා කලෙවත් නෑ. ඒ මම අවුරුදු කීපෙකට කලින් එයාට වද දෙන්නෙ නෑ කියලා පොරොන්දු වුන නිසා.
එක දවසක් උදේ නංගි හොදටම අඬනවා. නැන්දා හොයලා බලද්දි කොට්ටෙ යට තිබිලා ෆෝන් එක හම්‍බුනා. ඒකෙ තිබ්බෙ නංගි එක්ක යාලු වෙලා හිටපු කොල්ලා එව්ව මැසේජ් ගොඩක්. වෙන කෙල්ලෙක් එක්ක ඉන්න ෆොටෝ එවලා නංගිට. බැනලා කියලා නවත්තමු කියලා. ඒ හැමදේටම හේතුව නංගිට රූම් යන්න කතා කලාම බෑ කිව්ව එක. මැසේජ් වල තිබ්බෙ එහෙම. කොල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තම නැන්දට හොඳටම තරහ ගියා. නංගිට ගහන්න හදද්දි නංගි මගෙ පිටිපස්සෙ හැංගුනා. හරියට පොඩි කාලෙ අනික් අයියලා එක්ක රන්ඩුවෙලා ඇවිත් හැංගෙනවා වගේ.
“මේක තමා උඹ එහෙනන් මෙච්චර කල් කලේ. පොඩි වයසට මගුල් නටන්න මෙතන! උඹට මොකක්ද අපි කරපු අඩුපාඩුව? ඉල්ලන ඉල්ලන හැමදේම අරන් දුන්නා...”
“නැන්දෙ පොඩ්ඩක් ඉන්නකො. ගහන්න බනින්න එපා. මම චුට්ටක් කතා කරලා බලන්නන් නංගි එක්ක.”
“බනින්නෙ නැතුව පුලුවන්ද පුතේ මුන් කරන වැඩවලට?”
“හරි හරි නැන්දෙ ඉන්නකො මං කතාකරලා බලන්නං.”
මම නංගිව පැත්තකට එක්කන් ගියා. නැන්දට ඇහෙන්නෙ නැති තැනකට. මම නංගි දිහා බැලුවා. නංගි බිම බලාගෙන ඉකි ගහනවා.
“තාමත් මාව ඔයාට මාව වදයක්ද නංගි?”
මම එහෙම ඇහුව ගමන් නංගි අඬන්න ගත්තා හොඳටම.
“අනේ මට සමාවෙන්න අයියෙ. මම අයියා කිව්ව දේවල් ඇහුවෙ නෑ. අයියට බැන්නා මම.”
“දැන්වත් තේරෙනවද වැරැද්ද? ආයෙ ඔයවගේ වැඩ කරන්න එපා. හොඳට ඉගෙන ගන්න. අපිට ඒක විතරයි අන්තිමට ඉතුරුවෙන්නනෙ.”
මම කිව්ව හැමදේම නංගි බිම බලාගෙන අහන් හිටියා. ඊට පස්සෙ නංගි හෙමීට ඔලුව උස්සලා බැලුවා.
“අයියෙ”
“ඇයි නංගි?”
“එදා අයියා මට කිව්ව දේ..මම මේ කියන්න හැදුවෙ මාත්.....”
මම නංගිව නවැත්තුවා.
“මොකුත් කියන්න එපා නංගි. ඔයා මට හේතුවක් නැතුවම රිද්දුවා ගොඩක්. මගෙ ජීවිතේ අවුරුද්දක් ආපස්සට යවන්නත් මට සිද්ධවුනේ ඒ නිසා. මට ඔයාට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මම ඔයාට තාමත් ආදරෙයි. ඒත් මම ඔයා එක්ක affair එකක් පටන් ගන්නෙ නෑ. ඔයා හොදට ඉගෙන ගෙන හොඳ තැනකට යන්න. අන්න එදාට මම ලස්සන මුද්දක් අරන් එන්නම් ඔයා ගාවට.”
නංගිගෙ ඇස් දෙකේ කඳුළු පිරෙද්දී මම හැරිලා ආවේ නලලට පුංචි හාද්දක් දීලා. හරියට පොඩි කාලෙදි දුන්නා වගේ.
******************************************************
මේ කතාව මට මල්ලි කෙනෙක් එවපු කතාවක්.එයා කැමති නෑ එයා කවුද කියලා කියනවට...තෑන්ක්ස් මල්ලි
No comments:
Post a Comment