" පැතුමන් පිරූ....."
( කෙටි කතාවක් )
" නිකේෂි උබ ඔය ඇඩුවා දැන් හොදටම ඇති නවත්තපන් ඕක...ඔහොම අඩන්න ගියොත් උබට මොනා හරි වෙයි යකෝ..."
" ඕකිට කියනවට වඩා හොදයි බන් ගහකට ගලකට කියනවා...දැන් මාස ගානක් තිස්සේ ඕක කියනවනේ අපි...අනික යකෝ උගේ කෝස් එක තාම ඉවර නැතිව ඇති...යකෝ කෝස් එක කාලෙට ෆෝන් දෙන්නෑ කියලා උබ දන්නවා නේද ... "
නිකේෂිගේ යාලුවන්ට හොදටම තරහා ගිහින්....ඒක අලුත් දෙයක් නෙමේ...මාස ගානක ඉදන් මන්තරේ වාගේ හැමදාම යාලුවෝ ජප කරනවා...ඒත් නිකේෂි අඩන එක තවත් නතර කරලා නෑ...
" උබ දැන් ඔය අද අඩන්නේ මොනාටද කියපන්කෝ...."
ඉවසලා බැරිම තැන ආකාශ් නිකේෂිගෙන් ඇහුවේ...
" ඩිනුර කෝස් එක ඉවර වෙලා ගෙදරත් ඇවිත් ආකාශ්..."
" මොකක්....උබ දන්නේ කොහොමද..."
" ඊයේ මම යද්දි එයාලගෙ හන්දියෙ එයා හිටියා..."
නිකේෂි ඩිනුර ආදර කතාව පටන් ගත්තේ ඉස්කෝලේ යන කාලේ...ඉස්කෝලෙන් අයින් වෙද්දිම වාගෙ ඩිනුර එයාපෝස් ගියා....දෙන්නගේ ආදරේට අවුරුදු හතරක් පිරෙන්න හරියටම මාසයක් තියෙද්දි තමා ඩිනුර කෝස් එකට ගියෙ...
" පරිස්සමින් ඉන්න බබා...මම ඉක්මනට එනවා..මාස හයයිනේ ඕක ඉක්මනට ගෙවෙනවා බබා..."
ඒත් කෙල්ලගෙ කදුලු කම්මුල් දිගේ ගලා යන එක නතර උනේ නෑ...
" ඔයා ඔහොම අඩද්දි කොහොමද මැනික මම කෑම්ප් ගිහින් ඉන්නේ..."
" පරිස්සමින් මහත්තයෝ...ගිය ගමන් මට කතා කරන්න...ඔයා එනකන් මම බලන් ඉන්නවා..."
කෙල්ල අඩ අඩාම එහෙම කියලා පාත් වෙලා කොල්ලගෙ කකුල් දෙක අල්ලලා වැන්ද...නිකේෂිව දෙබාහුවෙන් අල්ලලා නැගිට්ටවපු ඩිනුර ආදරෙන් නලල සිප ගත්තා.....
එදා කෑම් ගිහින් කොල්ලා
" මම කෑම්ප් එකට ආවා සුදූ...ඔයා පරිස්සමින් ඉන්න...බුදු සරණයි...ෆෝන් දෙන්නෑ ලග තියා ගන්න....ඔයා පරිස්සමින් ඉන්න..."
මාස හතකට කලින් කෑම්ප් ගිය ඩිනුර නිකේෂිට අවසානෙට කතා කරලා කීවේ ඒ ටික...ඇඩුවෙ නැතත් හැමදාම නිකේෂි බලන් හිටියෙ ඩිනුරගෙන් මැසේජ් එකක් හරි එනකන්....ඒත් කවදාවත් ආයෙ ඩිනුරගෙන් කෙල්ලට මැසේජ් එකක්වත් ආවේ නෑ....
ඩිනුර ගැන කිසි ආරන්චියක් දන්නෑ.....මාසයක් විතර ගෙවෙද්දි හිතින් අඩපු නිකේෂිගෙ කදුලු ඇස් දෙක පිරෙන්න ගත්තේ ෆේස්බුක් ඔන්ලයින් ගිය වෙලාවක විනාඩි දහයකට කලින් ඩිනුර ඔන්ලයින් හිටියා කියලා නිකේෂි දැක්කට පස්සේ.....එදා ඉදන් සතියට එක පාරක් විතර ඩිනුර ඔන්ලයින් ඉන්නවා නිකේෂි දකිනවා...ඒත් ඒ එක දවසකවත් නිකේෂිගෙ මැසේජ් එකකට රිප්ලයිවත් ගන්න කෝල් එකකට ආන්සර්වත් කරේ නෑ ඩිනුර...
එදා ඉදන් නිකේෂිගෙ ඇස් වල කදුලු නැති වෙලාවක් නැති තරම්...ඔෆිස් එකේ යාලුවො විතරයි නිකේෂිගෙ තනියට..කදුලු පිහන්න හිටියේ....
ඩිනුර වෙනස් උන විදිය..එහෙම් වෙන්න හේතුවක් අදටවත් නිකේෂිට හිතා ගන්න බෑ....
" උබට කතා කරාද නිකේෂි ඌ ගෙදර ඇවිත්..."
කෙල්ල අඩ අඩ ම ඔලුව දෙපැත්තට වැනුවෙ නෑ කියන්න..
" එතකොට..."
" ඊයේ මම ගෙදර යද්දි බස් එක එයාලගෙ හන්දියෙන් නැවැත්තුවා .....හැමදාම පුරුද්දට වාගේ ඒ කඩේ දිහා මම බලනවා...ඊයෙත් එහෙම බලද්දි එයා හෙල්මට් එකකුත් දාගෙන කඩෙන් එලියට ආවා....."
කෙල්ල එහෙම කියලා ආයෙත් අඩන්න ගත්තා....
"ඉතින් ඌ කෝල් එකක්වත් අර ගත්තේ නැද්ද...උබ ගත්තෙත් නැද්ද ..."
" එයා මාව දැක්කා...මම හිතුවා එයා ඒ වෙලාවෙවත් ගනී කියලා...නෑ එයා ගත්තේ නෑ ...මම ගෙදර ගිහින් ගත්තා..."
නිකේෂි ලොකූ හුස්මක් පිට කරා.....
" ඉතින් ඌ මොකද කීවේ..."
" එහෙම විශේෂ මුකුත් කීවේ නෑ ආකාශ් පාසින්අවුට් එකත් ඉවර වෙලා ඇවිත් තියෙන්නේ....එයා කතා කරේ හරියට ගොඩක් කාලෙකින් හම්බුන යාලුවෙක්ට කතා කරනවා වාගෙ දෙව්මි...අඩුම තරමේ එයා නැතිව මම හිටියෙ කොහොමද කියලවත් එයා එහුවෙ නෑ ආකාශ්...."
නිකේෂි ආයෙත් අඩන්න ගත්තා...යාලුවන්ටවත් හිතා ගන්නවත් බෑ මේ දෙන්නට මොක්ද උනේ කියල...අවුරුදු හතරක්ම යාලු වෙලා ඉදලා ඩිනුර මෙහෙම හැසිරෙන්නේ කොහොමද කියලා එයාලටවත් හිතා ගන්න බෑ.....
" දැන් උබත් ඒකව අමතක කටපන් නිකේෂි....ඇඩුවා කියලා වැඩක් නෑ බන්..."
ආකාශ් එහෙම කියල නිකේෂිගේ ඔලුවත් අතගාලා එතනින් ගියේ තවත් නිකේෂිගෙ කදුලු බලන්න බැරි හින්ද...
එදා ඉදන් නිකේෂිගෙ ඇස් වල කදුලු වලින්නම් අඩුවක් උනේ නෑ....
දවස් තුනකට විතර පස්සෙ තිබුන ඩිනුරගෙ උපන්දිනේටත් නිකේෂි විෂ් කරා...ඒත් ඩිනුරගෙන් රිප්ලයි ආවේ තැන්‍කිව් කියලා විතරයි.....
කෙල්ල හැමදම ඩිනුරගෙ ෆොටෝ බල බල අඩනවා...එයා යන්න කලින් එවපු මැසෙජ් හැමදාම් කියවනවා...දැන් නිකේෂිට ඒවා කටපාඩම් වෙලා....ඒත් ඩිනුරගෙන් නිකේෂිගෙ හිත හැදෙන එක මැසේජ් එකක්වත් ආවේ නෑ....
සමහර දවස් වලට කෙල්ල ගන්න කෝල් කොල්ලා අන්සර් කරනවා...ඒ ආන්සර් කරත් මොනා හරි දෙයක් කතා කරලා තියනවා.. කොල්ලගෙ කටහඩ ඇහුවත් නිකේෂිගෙ හිත හැදෙනවා ඒ හින්ද නිකේෂි ඔහේ කතා කරනවා...එහෙම කතා කරලා එලි වෙනකන් අඩනවා....
ඉවසලා ඉවසලා බැරිම තැන එක දවසක් නිකේෂි ඩිනුර ආපු දවසක ඩිනුරට මැසේජ් එකක් දානවා...
" මට ඔයාව හම්බෙන්න ඕනේ..."
" එක පාරම..." රිප්ලයි එනවා...
නිකේෂි කෝල් එකක් ගන්නවා...
" හෙලෝ ඩිනුර මට ඔයාව හම්බෙන්න ඕනේ.. "
" එක පාරටම..ඇයි මේ..."
" මට චුට්ටක් කතා කරන්න ඕනේ..."
" මට ගහන්නවත්ද..."
" ඔයාට..මේ මම..."
" ඇයි ගැරඩින්ට ගහලා පව් පුරව ගන් නැද්ද..."
ඩිනුරට විහිලු..ඒත් නිකේෂි හිතින් අඩන තරම දන්නේ එයා විතරයි....
" හරි මම එන්නම්..."
එදා දෙන්නා හම්බෙනවා...ඩිනුරව දකිද්දි නිකේෂි ගොඩක් අඩනවා....
" ඩිනුර කොහොමද ඔයාට..."
" හොදින්...ඔයාට කොහොමද..."
" මාත් ඉන්නවා ඉතින්...."
" ඩිනුර ඇයි ඔයා එහෙම වෙනස් උනේ..."
නිකේෂිට එහෙම අහද්දි ඇඩුනා....කෙල්ල ගොඩක් අඩනවා...ඩිනුර බයික් එකට හේත්තුවෙලා කෙල්ල දිහා බලන් හිටිය විතරයි....
" අඩන්න එපා ප්ලීස් නිකේෂි..."
" ඔයා කොහොමද ඩිනුර මට එහෙම කරේ...මුකුත්ම හේතුවක් නැතිව මාව දාලා යන්න තරම්..."
නෑ ඩිනුර වචනයක්වත් කතා කරේ නෑ....
" මේ මේව මතකද..."
නිකේෂි ඩිනුර එයා ලග ඉද්දි කෙල්ලට එවපු මැසේජ් පෙන්නනවා...
" මේ වෙද්දි කී පරක් මේවා කියෙව්වද..."
" මට කට පාඩන් දැන් ..."
නිකේෂිට ලොකු හුස්මක් පිට වෙනවා...
" ඔයා එහෙම වෙනස් උනේ ඇයි ඩිනුර...ඔයා එනකන් ඉන්න කියලා නේද මට ගියේ..."
" මම හින්ද අඩන්න එපා ප්ලීස් නිකේෂි ..."
එයා අඩන නිකේෂිට කීවෙම ඒක විතරයි....
" මාව මෙහෙම අමතක කරේ කෙල්ලක් හින්ද නේද...."
කොල්ලා කතා නෑ ....
" කියන්න ඩිනුර මගෙන් පස්සේ කෙල්ලො කීදෙන් එක්ක යාලු උනාද....."
කවදාවත් නිකේෂි ඩිනුරට නම කියලවත් ඩිනුර නිකේෂිට නම කියවල කතා කරලා නෑ....එහෙම කතා කරද්දී කෙල්ලට නුහුරක් දැනෙනවා.. ඒත් මෙහෙම කෙල්ලව මග අරිද්දි බබා...සුදූ කියලා කතා කරන්න බෑ කියලා කෙල්ලට තේරෙනවා ....
" කෑම්ප් එකේ නංගි කෙනෙක් එක්ක..."
නතරවෙලා තිබුනු කදුලු පේලි ආයේ අලුත් උනා....කිසි හේතුවක් නැතිව අවුරුදු හතරක ආදරයක් දාලා ගිහින්...ඒ මදිවට ඒ කෙල්ල ඉස්සරහම ඩිනුරට එහෙම කියන්න පුලුවන් උනේ කොහොමද කියලත් නිකේෂිට පුදුමයි .....
අඩ අඩාම නිකේෂි ඩිනුරගෙ මූන දිහා බලාගෙන හිටියා...එයත් කෙල්ලගෙ ඇස් වලින් වැටෙන කදුලු දිහා බලන් හිටියා...
" ඊට පස්සේ මොකද උනේ...කියන්න ඩිනුර...."
" එයා මාව දාලා ගියා..."
නිකේෂිගේ බල කිරීම හින්දම ලොකු සුසුමක් පිට කරලා ඩිනුර කතා කරන්න ගත්තා....
" ඒ නංගි මාව දාලා ගියා...ඊට පස්සේ කෑම්ප් එකේ මම ටිකක් අවුල් ගහලා හිටියේ...මට කෑම්ප් එකේ කියන්නෙ මින්දිනු කියලා...තව වෙන නංගි කෙනෙක් මම ඇයි අයින් ගහලා අප්සට් එකේ ඉන්නේ කියලා හැම වෙලාවෙම මාත් එක්ක කතා කරා....දැන් ඒ නංගි මගෙන් යාලුවෙන්න අහනවා..."
කොල්ලගෙ සම්පූර්ණ නම ඩිනුර මින්දිනු...තාමත් මේ වෙනකන් අඩ අඩා පන වාගේ ආදරේ කරපු කොල්ලද මේ කියලා නිකේෂිට හිතෙනවා....කොල්ලගෙ කටින් පිට වෙන වචනයක් වචනයක් ගානේ නිකේෂිගෙ හිත රිදෙන්න පුලුවන් හැම විදියටම රිදිලා තිබුනේ..එක කදුලු බිංදුව බිංදුව වැටුන ඇස් දෙක දැන් කදුලු ගංගාවක් වෙලා....ඩිනුර මෙහෙමෙ කියන්නේ කොහොමද කියලත් නිකේෂිට පුදුමයි....එයා ගොඩක් වෙනස් වෙලා කියලා විතරක් නිකේෂිට තේරෙනවා.....
" ඔයා ඒ නංගි ගාවට යනවද ඩිනුර ...යන්න ඕනේද...කියන්න මට...."
කෙල්ල ඉවසලා ඉවසලා කොල්ලගෙ උරහිසෙන් හොල්ලලා අහනවා....
නෑ එයා වචනයක්වත් කතා කරන්නෑ....බිම බලන් ඉන්නවා විතරයි...නිකේෂිගෙ හිත කෑ ගහලා කියනවා යන එකාට යන්න දෙන්න කියලා...ඒත් නිකේෂි වැලහින්න වාගේ අඩනවා....
" අඩන්න එපා ප්ලීස් නිකේෂි ...ඔයාට මට වඩා හොද කෙනෙක් හම්බෙයි...මම හොද කොල්ලෙක් නෙමේ....මම මහ බල්ලෙක්...ප්ලීස් ආයේ මම හින්ද අඩන්න එපා...."
නිකේෂිගෙ අතකින් අල්ලගෙන ඩිනුර කියනවා...
" යමු ඔයාට පරක්කු වෙනවා..."
ඩිනුර නිකේෂිව ගෙවල් ලගට ගෙනත් දානවා...
" පරිස්සමින් යන්න..."
කෙල්ල කියන්නේ එච්චරයි...
" ඔයත් පරිස්සමින්...ගෙදර ගිහින් කෝල් එකක් ගන්න..."
නිකේෂි ගෙදර ගිහින් නාලා එහෙම කොල්ලට ගන්නවා...අරන් චුට්ටක් කතා කරලා තියනවා....එදා ඉදන් නිකේෂි හිත හදා ගන්න ගොඩක් උත්සාහා කරනවා...බෑ තමා ඒත් පුලුවන් තරම් කෙල්ල ඩිනුරව අමතක කරන්නමයි හදන්නේ....
මාසයක් යනවා..කොල්ලා ඔන්ලයින් එහෙම ඉන්නවා දකිනවා...ඒත් කෙල්ල එයාට කරදර කරන්න යන් නෑ.....ඉවසනවා...අඩනවා...අඩපු නැති දවසක් මතක නෑ කෙල්ලට.....එක දවසක් කෙල්ල ඔන්ලයින් යද්දි ඩිනුර ෆේස්බුක් එකට ෆොටෝ එකක් දාලා...ඒක දැක්කාම කෙල්ලගේ ඉවසීමේ සීමාව පයිනවා.. පිස්සියක් වාගේ කාමේරේ ඇද ඇද අඩනවා...මේසේ පොත් එහාට මෙහාට විසික්කරද්දි පොත් අස්සේ තිබුන බ්ලේඩ් එකක් බිමට වැටෙනවා.....ඒ දුකට තරහට වග කියන්නේ ඒ බ්ලේඩ් එකයි එයාගෙම වම් අතයි.....වම් අතේ ලේ ගලද්දි තවත් බ්ලේඩ් තල පාරවල් දහයක් විතර ඒ අතේ ඇදෙනවා....ඒ තුවාල වලට වාඩා හිතේ පැසවන තුවාලේ ලොකුයි..ඒ හින්දා අතේ තුවාලෙ වේදනාව නිකේෂිට දැනෙන් නෑ.....
ඒ ලේ වැක්කෙරෙන අත ෆොටෝ ගහලා නිකේෂි ෆේස්බුක් දානවා...ඒ වෙලාවෙ ඉදන් ඒක දකින යාලුවෝ හැමෝම නිකේෂිට කෝල් ගන්නවා...ඒත් කෙල්ල එකකටවත් ආන්සර් කරන් නෑ....ඒත් ටිකකින් ඩිනුරගෙන් කෝල් එකක් එනවා...නිකේෂිට පුදුමත් හිතෙනවා....නිකේෂි කෝල් එක ආන්සර් කරලා කනේ තියා ගන්නවා........
" හෙලෝ...."
" හෙලෝ..මොකද්ද අර දාල තියෙන ෆොටෝ එක...පිස්සුද...කාගෙන්ද පලි ගන්න හදන්නේ...ඇත්තටම තමුසෙට පිස්සුද නිකේෂි.....අතට බෙහෙත් දැම්මද ..."
තව මොන මොනාද කියලා ඩිනුර බනිනවා..
" කතා කරන්න බැරිද නිකේෂි ..."
කෙල්ල ඒ එකකටවත් උත්තර දෙන් නැතිව ඩිනුරට ඇහෙන් නැති වෙන්න අඩනවා..ඒ හින්ද කොල්ලට තවත් තරහා යනවා...
" හ්ම්ම්ම් කියන්න ඩිනුර..."
" ඇයි අර අත...."
" චුට්ටක් තුවාල උනා..."
" තුවල උනා...අනික චුට්ටක්..මම බබෙක් කියලද හිතන්නේ..."
" කොල්ලා හොදටම බනිනවා...එයා වෙන කෙනෙක්ට අදරේ කරනවා නම් ඇයි මේ මම ගැන වද වෙන්නේ "....කෙල්ලට හිතෙනවා..කෑ ගහලා අහන්න හිතෙනවා..
" ඇයි නිකේෂි තමන්ගෙන්ම පලි ගන්න හදන්නේ...අතට බෙහෙත් දැම්මද....."
" හ්ම්ම් ඔව් ඩිනුර... කොහෙද ඉන්නේ කෑම්ප් එකේද...."
" නෑ මම ගෙදර ආවා....නිකේෂි අම්මා ගන්නවා..ඔහොම ලයින් එකේ ඉන්න..."
ගෙදර ආවා කියපුවාම නිකේෂිගෙ හිත ආයෙත් ගැස්සෙනවා......
" හෙලෝ කොහෙද කොල්ලෝ ඉන්නේ...ආපු වෙලාවෙ ඉදන් ඇවිදිනවා.....හැබැයි මම අර කෙල්ලට කෝල එකක් අරන් කියනවා ආපු වෙලාවෙ ඉදන් ඇවිදිනවා කියලා..."
" අනේ එපා එපා අම්මා...මේ යාලුවො හම්බුනේ ගොඩ කාලෙකින්නේ...මම එනවා අම්මා...එයාට කියන්න එපා..."
" දෙයියනේ ඒ අම්මා කියපු කෙල්ල කව්ද...ඇයි ඩිනුර එච්චර බය උනේ...." නිකේෂිගෙ හිත කෑ ගහලා අහනවා. ඒත් නිකේෂිට කතාවත් කර ගන්න බෑ....කදුලු වලට ඔහේ ගලා ගෙන යන්න දීලා නිකේෂි බලන් ඉන්නවා....
" හෙල්ලෝ ඔයා ලයින් එකේ නේද..."
" කව්ද ඩිනුර අම්මා කියපු ඒ කෙල්ල....අර නංගී...."
කෙල්ල අහන්නෙ පොඩි එකෙක් වාගේ...
" ඔව් නිකේෂි ඒ නංගි...අම්මට තාත්තට මල්ලිට නංගිට ඒ හැමෝටම කතා කරනවා... "
" හ්ම්ම්ම්ම් "
" නිකේෂි මාව අමතක කරන්න.....මම මහ බල්ලෙක් නිකේෂි ...මම හින්ද ඔයා ඔහොම වැඩ කර ගන්න එපා.....ඔයා වාගේ හොද කෙනෙක්ගෙන් ආදරේ ගන්න තරම් මම හොද කෙනෙක් නෙමේ...."
තව මොන මොනාද ඩිනුර කියෙව්වා....ඒත් නිකේෂිට ඒවා ඇහුන් නෑ....කෙල්ල කරේ පුලුවන් තරම් අඩපු එක...
" මම තියන්නම් ඩිනුර...බුදු සරනයි..."
කොල්ලා හා කියන්නත් කලින් කෙල්ල ෆෝන් එක කට් කරා....
" ඔයා ආයේ මම ගැන හිතන්න එපා. ඔයා ඒ නංගා එක්ක සතුටින් ඉන්න...ආයෙ කරදර කරන්නෑ මම...බායි.. "
කරාමයක් ඇරියා වාගේ ඇස් වලින් කදුලු පනිද්දි ගොඩක් අමාරුවෙන් හිත හදා ගෙනෙ එහෙම මැසේජ් එකක් යැව්වා....ඒ තමා නිකේෂි ඩිනුරට යවපු අවසාන මැසේජ් එක.....
ඒ අවුරුදු තුනකට කලින්......ඒත් නිකේෂිට ඒ ගෙව්න අවුරුදු තුනේ ඩිනුරව මතක් උනේ නැති එක විනාඩියක් නැති තරම්...එයාව මතක් වෙලා අඩපු නැති දවසක් නැතිවම ඇති......
එයාව කොච්චර මතක් උනත් නිකේෂි ඩිනුරට මිස් කෝල් එකක්වත් ගැහුවෙ නෑ.....ඒත් ෆේස්බුක් එකට ඩිනුර දාන හැම පොස්ට් එකකටම ලයික් කමෙන්ට් දැම්මා......
අවුරුදු තුනක් එහෙම්මම ගෙව්නා.....
ඩිනුර නිමාඩු ආවා...කොල්ලා නුවරට ඇවිත් එයාලගෙ ගමට යන බස් එකට නගිද්දි අවසාන ශීට් එකට කලින් එකේ ඉදගෙන ඉන්න රුව අදුන ගන්න එච්චර අමාරු උනෙ නෑ......ෆෝන් එකෙන් ගේම් ගහ ගහ හිටපු නිකේෂි කව්ද බස් එකට නගින්නේ බලන්න ඔලුව උස්සද්දි තමා දැක්කේ එයා දිහා බලන් ඉන්න ඩිනුරව......
නිකේෂිත් චුට්ටක් කලබල උනා...හිත ගැස්සුනා...ඒත් කෙල්ල හිනා උනා....ඩිනුර ඇවිත් නිකේෂි ලගින් හිට ගත්තා...නිකේෂිත් ශීට් එකේ කෙලවරට උනේ ඩිනුරට ඉද ගන්න ආරාදනා කරනවා වාගේ.....
" ගොඩක් කාලෙකින් කොහොමද නිකේෂි ....."
" හ්ම්ම්ම් හොදයි ඩිනුර.. "
කෙල්ල එහෙම කියන ගමන් ෆෝන් එකෙන් ගහ ගහ හිටපු ගේම් එක අයින් කරා.. කෙල්ලට ගානක් නෑ.ඒක අයින් වෙද්දිම වාගෙ කෙල්කගෙ ෆෝන් එක දිහා බලපු ඩිනුර දැක්කා නිකේෂිගෙ ෆෝන් එකේ තියෙන්නෙ තාම ඩිනුරගෙ ෆොටෝ එකක් කියලා...එක පාරටම නිකේෂිටත් මතක් උනේ එයා දැක්කද දන්නෑ කියලා...ඒත් බලද්දි ඩිනුර අහක බලන් හිටියෙ.....කෙල්ල හිතුවෙ දැක්කෙ නෑ කියලා...ඒත් කොල්ලා අහක බලන් හීල්ලුවා....
" ඉතින් කියන්නකො කොහොමද ජීවිතේ...."
" අනේ ඉතින් ඔහෙ ඉන්නවා ඩිනුර.. විශේෂයක් නෑ.....ඔයා..."
" මාත් ඔහෙ ඉන්නවා නිකේෂි ..."
එදා දෙන්නටම ටිකට් ගත්තේත් ඩිනුර...
" මම බහිනවා නිකේෂි.... යන්නම් බායි .."
" හා ඩිනුර බායි..."
ඇස් වලින් කදුලු වැටෙන්න නොදී නිකේෂි ගොඩක් අමාරුවෙන් වාව ගන්නවා.....
නිකේෂි ගෙදර ගිහින් නාලා එද්දි මැසේජ් එකක්....අවුරුදු තුනකට පස්සෙ ඩිනුරගෙම් මැසේජ් එකක් ඇවිත්...කෙල්ලට ලොකු සතුටකුත් හිතෙනවා...කෙල්ල ඉමෝ වලින් එයාටත් හායි කියනවා.....
" හායි ඉතින් කොහොමද.."
" දැන් නාගෙන ආවේ අනේ...ඔයා නෑවද..."
" හ්ම්ම්න් ඔව් මහන්සී නිකේෂි ....ඇදට වෙලා ඉන්නේ..."
" කාලා නිදා ගන්න...."
" ඔයා කන් නැද්ද...අම්මා බත් බෙදලා කතා කරන්නම් කීවා..."
" මට කන්න බෑ වාගෙ අනේ..."
" තාමත් රෑට කන් නැද්ද...."
ඒ නිකේෂිගෙ පුරුද්දක්...ගොඩක් වෙලාවට නිකේෂි රෑට කෑම කන් නෑ.....පපුවත් හිර වෙනවා වාගේ කෙල්ලගෙ...
" එහෙම නෑ...ඔයා කන්නකො...මට කන්න බෑ..."
" කෝල් එකක් ගන්නම් කතා කරන්න බෑරිද.. "
" අනේ එපා ඩිනුර...අප්පච්චිත් ඉන්නවා...දැන් කතා කරන්න බෑ...."
කෙල්ල අකමැත්තෙන් උනත් එහෙම කියනවා...
" හ්ම්ම්ම්ම්ම් "
" ඇයි...කියන්න තියෙන දෙයක් මෙහෙම කියන්න ඩිනුර..."
" නිකේෂි.....මට සාමාව දෙන්න පුලුවන්ද ඔයාට....මම ආදරෙයි නිකේෂි ...ආයේ කවදාවත් ඔයාට එහෙම දුකක් දෙන්නෑ නිකේෂි ප්ලීස් මට ඔයාගෙ අදරේ දෙන්න ඉස්සර වාගෙම..."
" ඩිනුර හෙට ඔයාට පුලුවන්ද අපි අවසානෙට හම්බුන තැන...එතෙන්ට උදේ නමය වෙද්දි එන්න....මම එන්නම් එතෙන්ට..."
නිකේෂිගෙ ඇස් වල කදුලු පිරෙද්දී නිකේෂි එහෙම මැසේජ් එකක් යවනවා......ඒත් ඩිනුර එවපු මැසේජ් එකට උත්තරයක් දෙන්නෑ...
" හා මම එන්නම්..."
නිකේෂි ආයෙ මැසේජ් කරන්නෑ...ෆෝන් එකත් ඕෆ් කරලා නිදා ගන්නවා.......
ආදරේ....වචනෙටත් කෙල්ල බයයි..අවුරුදු තුනක් විදෙව්වා..ඇඩුවා...තාමත් ඒ කදුලු වේලිලා නෑ..තවත් කරන්නේ කෙල්ල ඩිනුරගෙ ෆොටෝ බල බල අඩන එක....ඒ කෙල්ලගෙ ආදරේ....එදා රෑ කරෙත් ඒක...ෆෝන් එක ඕෆ් කරලා නිද ගන්නවා කීවට කෙල්ල කරේ කොට්ටෙ බදාගෙන අඩන එක....
නිකේෂි එක පාරටම ඇහැරුනා....එතකොට දැකපු හීනෙත් ඩිනුර හිටියෙ...හීනෙනුත් අඩලද මන්ද...කොට්ටෙ හොදටම තෙත්වෙලා....
වෙලාව නමයයි...ඩිනුර බයික් එකේ ගියෙ කෙල්ල එන්න කිටපු තැනට..ඩිනුර වෙලාව බැලුවා නමයයි කාලයි....කෙල්ලට කෝල් එකක් ගන්නත් හදලා ආයේ ගන් නැතිව හිටියා....එතකොටම වාගෙ සුදුපාට වෑන් එකක් ඇවිත් නැවැත්තුවා.....
කලු ඩෙනිම් කලිසමට තද නිල් පාට අත් දෙක වැලමිට ලගට නවපු බ්ලව්ස් එක යට කරලා වෑන් එකෙන් බහින නිකේෂි දිහා ඩිනුර බලන් හිටියෙ පුදුම වෙලා....තරමක් ලොකු ඉටි බෑග් එකතුත් අරන් නිකේෂි ඩිනුර ලගට ආවා.....
" ගුඩ් මෝනින් ...."
" ගුඩ් මොනින් ඩිනුර...ඔයා ගොඩක් වෙලාද ඇවිත්..."
" නෑ දැන් ආවෙ නිකේෂි..."
අඩල ඉදිමුන නිකේෂිගෙ මූනෙ වෙනස ඩිනුරට හොදට තේරුනා....
" නිකේෂි....ඇයි ඇඩුවේ..."
කෙල්ල කතා නෑ බිම බලා ගත්තා....
" හ්ම්ම්ම් කියන්න නිකේෂි ඇයි ඔය ඇස්..මූණ කියන්න ..ඇයි ඇඩුවෙ...."
ඩිනුර නිකේෂිගෙ නිකටින් අල්ලලා අහනවා....
" එහෙම නෑ ඩිනුර...ඒත් මම ඔයාට ගොඩක් ආදරෙයි ඩිනුර....ඒක කවදාවත් මගෙ හිතින් අඩු උනෙ නෑ....ඔයාගෙ අම්මට තාත්තට වඩා මම ඔයාට ආදරේ කරා ඩිනුර...ගොඩක්....අවුරුදු තුනක් හතරක් විතර අඩපු නැති දවසක්..ඔයාව මතක් උනේ නැති තප්පරයක්වත් නෑ ඩිනුර....ඒත් තාමත් මට හිතා ගන්න බෑ ඇයි මාව දාල ගියේ කිසිම හේතුවක් නැතිව.....ඒත් ආයෙ මට ඔයාගෙනම් වෙන්න බෑ ඩිනුර...මට වෙන කෙනෙක්ට අදරේ කරන්නත් බෑ ආදරේ කරෙත් නෑ.....එදා මගෙ හිතේ තුබුන ආදරේ අදත් එහෙම්මමයි....ඒත් මගෙ හිත ඔයාට සමාව දෙන්න ලෑස්ති නෑ ඩිනුර....."
අවසාන ටික කියද්දි ඩිනුර ඔලුව උස්සලා නිකේෂි දිහා බැලුවා...කදුලු පාරවල් දෙයක් කම්මුල් දිගේ ගලාගෙන යනවා නිකේෂිගෙ....ඩිනුරට කියන්නෙ මොනාද කියලවත් හිතා ගනන් බෑ.....
" ඔව් ඩිනුර ...මේ බෑග් එකේ තියෙන්නෙ එදා ඉදන්ම මගෙ හැම සැලරි එකෙන්ම ඔයාට මොනා හරි ගත්තා....ඒ ඔක්කො ඔය බෑග් එකේ....."
" ඩිනුර මම යන්නම්...අද හවස තුනයි කාලට මගෙ ප්ලයිට් එක...."
ඒක කියද්දිනම් කොල්ලා හොදටම කලබල උනා...බය උනා....
" ඔව් ඩිනුර මම මේ යන ගමන්...මම කොහෙ හිටියත් ඔයාට අදරෙයි...ඒත් ආයෙ ඔයගෙ වෙන්න මගෙ හිත මටම සමාවක් දෙන්නෑ ඩිනුර....ඔයා පරිස්සමින් සතුටින් ඉන්න...මම යන්නම්..."
නිකේෂි එහෙම්මම පාත් වෙලා කොල්ලාගෙ කකුල් දෙක අල්ලලා වදිනවා...කෙල්ලගෙ කදුලු වැටෙන්නෙ ඩිනුරගෙ කකුල් දෙකට....ඩිනුර පාත් වෙලා කෙල්ලව උත්සනවා.....නිකේෂි එතකොට තමා දකින්නෙ ඩිනුරත් අඩනවා කියාලා....ඒත් ආයෙ නිකේෂිට හැරෙන්න බෑ.......
" මම යනවා ඩිනුර බුදු සරනයි "
කෙල්ල අඩ අඩාම එහෙම කියලා වෑන් එකට නගිනවා....වෑන් එක ඉගිල්ලෙනවා....කොල්ලා වෙන්නෙ මොනාද....උනේ මොනාද කියලා හිතා ගන්න බැරිව ඇස් දෙකෙන් කදුලු ගලද්දි ඉගිලෙන වෑන් එක දිහා බලාගෙනම බයික් එකට හේත්තුවෙලා බිම ඉද ගන්නවා....
නිමි....
ලියන්නේ :- ජනූ
උපුටා ගැනීමකි
No comments:
Post a Comment