#මැරෙන්න_වත්_ලඟට_එන්න_ඉඩක්_නැද්ද_මට...😢
කෙටි කතාව...😘😘
"කෝ...කෑම එක හරිද මැණික?"
"විනාඩියක් ඉන්න මහත්තයෝ මේක පත්තරේ ඔතනකම්"
වර්ශා කෙසෙල් කොලේ ඔතපු බත් එක පත්තර කොලේක ඉක්මන්ට එතුවා.පස්සෙ ඒක ශොපින් එකක දාලා ගැටගැහුවා.උමේශ් හිටියෙ සාලෙට වෙලා ටයි එක හද හද.
"ආ මෙන්න.."
කෙල්ල කොල්ලාගෙ බෑග් එක ඇරලා කෑම එක ඒකට දැම්මා.
"මේ...අනේ මේක චුට්ටක් හදන්නකෝ මැණික"
කොල්ලා කිව්වෙ ටයි එක අල්ලන් නළළත් රැලි කරගෙන.
"කෝ..පහත්වෙන්න ඉතින්"
😀😊😊කෙල්ල හිනා වෙවී ගිහින් කොල්ලාගේ ටයි එක හැදුවා.
"මේ හුරතලාට තාම ටයි එක වත් දාගන්න බෑනෙ."
වර්ශා කිව්වෙ උමේශ්ගෙ කම්මුලත් මිරිකලා.
"ගිහින් එන්නම් මැණික එහෙනම්.ම්ම්.."
වර්ශා පහත්වෙලා කොල්ලාගෙ කකුල්දෙක අල්ලලා වැන්දා.
කොල්ලා කෙල්ලගෙ නළළට ලොකු උම්මක් දුන්නා.
"බුදුසරණයි මැණික"
"බුදුසරණයි මහත්තයෝ"
කොල්ලා බයික් එකේ නැගලා ගේට්ටුවෙන් නොපෙනී යනකම්ම කෙල්ල බලාගෙන හිටියා.
දැන් ඉතින් කෙල්ලට පාලුයි.
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
වර්ශයි උමේශුයි මැරිකරලා දැන් අවුරුදු දෙකක් විතර වෙනවා.
උමේශ් කාත් කවුරුත් නැති අනාථයෙක්.එයාට ආදරේ කරලා එක වහලක් යටට උනු වර්ශා සාමාන්‍ය පව්ලක දරුවෙක්.වර්ශාගෙ තාත්තා හිටපු යුධ හමුදා නිලධාරියෙක්.අම්මා ගෘහණියක්.
රජයේ ආයතනයක ගිණුම් අංශයේ රැකියාවක් කරන උමේශ් ගෙ එකම හීනය තමන්ටම කියලා හිසට සෙවනක් හදාගන්න එක.ඒ හීනය හැබෑ කරගන්න කොල්ලා දිවා රෑ නොබලා මහන්සිවෙනවා.දැනට මෙයාලා ඉන්නෙ පොඩි කුලී නිවසක.
උදේ ඉදලා නිකම්ම ඉන්න කම්මැලි නිසා වර්ශා ගෙදර තියෙන පුංචි ඉඩේ මල් වගාවක් කරන්න පටන් ගත්තා.උදෙම්ම උයන නිසා ඉතිරි දවසම එයා ගතකරන්නෙ මල් එක්ක.ගමේ මල් සංගමයකට සම්බන්ධ වෙලා ඉන්න කෙල්ල ඒකෙ උපකාරයෙන් මේ වැඩකටයුතු කරගෙන යනවා.
උමේශ් ගියාට පස්සෙ නාගෙන කෙල්ල ලේස්තිවෙන්නෙ මල් සංගමේ රැස්වීමකට යන්න.අද ඒ රැස්වීම තියෙන්නෙ දෙහිවල.කෙල්ල ඩෙනිම් කලිසමකට රෝස පාට කට් ශෝල්ඩර් බ්ලව්ස් එකක් දාගෙන කොන්ඩෙ උඩට කරලා පෝනිටේල් එකක් දාගන්නවා.පස්සෙ වටයක් කැරකිලා කන්නාඩියෙන් හැඩ බලනවා.
තාම කෙල්ලට 24යි.ඒ නිසාම කෙල්ල ගොඩාක් හැඩයි.
හෑන්ඩ් බෑග් එකත් අරගෙන දොරවලුත් වහලා කෙල්ල යන්න පිටත් වෙනවා..පාරට ගිහින් ත්‍රීවිල් එකක් එනකම් බලාගෙන ඉන්නකොට කාර් එකක් ඇවිත් එයා ලගින් නවත්තනවා.
"මිස්....."
කාර් එකේ වීදුරුව පහත්කරලා ඇතුලෙ හිටපු කෙනෙක් කතාකලා.
කෙල්ල හෙමින් පහත්වෙලා බැලුවා.
"ආ..මිස්ටර් සංගීත්"
"මිස් සෙමිනාර් එකට යනගමන්ද?"
"ඔව් මිස්ටර් සංගීත්".
"නගින්න.මමත් යන්නෙ එහාටනෙ කොහොමත්"
"කමක්නෑ.මම් වීල් එකක එන්නම්"
"නගින්න නගින්න"
කෙල්ල කාර් එකට නගිනවා.ඒකත් ඉස්සරහා ශීට් එකට.
සංගීත් කියන්නෙ මල් සංගමේට මල් සප්ලයි කරන කෙනා.ලොකු සල්ලිකාරයෙක්.
"ඉතින් මිස්...මොකක්ද මිස්ගෙ නම"
"මම් වර්ශා අබේනායක."
"ම්ම්..මම් මේ මිස් කිය කිය කතා කලාට..ඔයා ඇත්තටම මිස් ද මිසිස් ද.."
😀😀😀😀කෙල්ල හිනාවෙනවා.
"මම් මිසිස්.."
"ඔහ්..එහෙමද..මැරි කරලා කියලා හිතාගන්නවත් බෑනෙ.තාම සූටි කෙල්ලෙක් වගේ."
සංගීත් කිව්වෙ කෙල්ලගෙ යට ඉදලා උඩටම බලලා.
කෙල්ල ඒකටත් හිනාවෙනවා.
"හස්බන් මොනාද කරන්නෙ?"
"එයා MRT කම්පනි එකේ ගිණුම් අංශෙ ඉන්නෙ."
"අහ්..MRT එකේද..ඒක මගෙ මස්සිනාගෙ කම්පනි එක"
"එහෙමද.."
"හ්ම්....".
"මිස්ටර් සංගීත් මේ මල් බිස්නස් විතරද කරන්නෙ?"
"මට නුවරඑළියේයි බණ්ඩාරවෙලයි මල් ෆාම් තියෙනවා.ඒවා වලින් මල් ලංකාව පුරාමයි රටයි යවනවා.ඊට අමතරව කලම්බු වල ලොකු බේබි අයිටම්ස් ශොප් එකක් තියෙනවා.තව ෆැන්සි ශොප් දෙකක් විතර තියෙනවා.."
සංගීත් කියපුවට කෙල්ලගෙ ඇස් උඩ යනවා. අම්මෝ ...😮😲😲😲 කෙල්ල හිතනවා.
"වැරදියට හිතන්නෙ නැත්තම් දෙයක් කියන්නද.."
"කියන්න..".
"අද ඔයා හරිම ලස්සනයි.ඒන්ජල් කෙනෙක් වගේ. "
කෙල්ලගෙ මූණ රතු වෙනවා.මොන හේතුවක් නිසාද මන්දා කෙල්ලට සංගීත්ගෙ වචන වලට හිත ඇදිලා යනවා..
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
"මොනාද මැණික රෑට කන්නෙ.."
කොල්ලා ඇහුවෙ සාලෙ අතු ගගා හිටපු කෙල්ලගෙ බද වටා අත් යවලා බදාගෙන.
"ම්ම්...අද උයන්න කම්මැලියි වගේ අනෙ..".
"එහෙනම් අපි අද නානාගෙ කඩෙන් තෝසෙයි උළුදුවඩෙයි ගෙනත් කමු."
"හා..."
කෙල්ලගෙ ඇස් සතුටින් දිලිසෙනවා..
"අපෝ පෙරේතකම.
කෙල බේරෙනවා කට දෙපැත්තෙන්"
"කෝ...."
කෙල්ල ඉක්මන්ට කට පිහිදගන්නවා.....
😂😂😂😂😂😂😂😂😂😂😂
"හූ....රැවටිච්චී...පොල්කිච්චී..."
"අනේ...ඉන්නවා ඔහොම.."
කෙල්ල කොස්සත් උස්සගෙන් කොල්ලාට ගහන්න පන්නන්න පටන්ගත්තා.
"කෝ....කවන්නකො අනේ ඉම්මන්ට "
කොල්ලා ගෙදර ඉන්න හැම වෙලාවකම කෙල්ල කොල්ලාට කියලා කවාගන්න එක පුරුද්දක් වෙලා..
"කෝ අනේ...ඉක්මන් කරන්නකෝ"
"ආ..."
කොල්ලා තෝසෙ කෑල්ලක සාම්බාරු ගාලා කෙල්ලට කැව්වා.
"මාල සසයි නේ හලෝ..."
කෙල්ල තෝසෙ කන්න හරි පෙරේතයි කියලා කොල්ලා දන්නවා.ඉතින් එයා නොකා වැඩිපුර කවන්නෙ කෙල්ලට..
"මේ..නානාගෙ කෑම මරු නේ.."
"හ්ම්ම්..."
"මහත්තයා.."
"ම්ම්.."
"අපේ මල් සංගමේ සභාපති විදියට මාව පත්කලානෙ.."
"එහෙමද.."
"හ්ම්ම්..."
"මරුනෙ..".
"මේ...ඒකෙ අපිට මල් සප්ලයි කරන මහත්තයාගෙ මල් ෆාම් බලන්න අපිට අනිද්දා යමු කිව්වා නුවරඑළියේ .ඔයත් නිවාඩුවක් දාලා එන්නකෝ"
"අනේ මැණික..මට නිවාඩු ගන්න අමාරුයිනේ..ඔයා ගිහින් එන්න.මම් සල්ලි දෙන්නම්."
"අනේ..."
"ඔයා දන්නවනෙ මැණික ඉතින් මගේ ජොබ් එක ගැන.."
"හ්ම්ම්..කමක්නෑ....ඒත්..මට ඇදගෙන යන්න අලුත් ඇදුමක්....".
"මම් හෙට පොතෙන් සල්ලි අරන් දෙන්නම්කෝ..ඔයා ගිහින් ලස්සන ඇදුමක් අරගන්න.මගේ මැණික ලස්සනට ඉන්න ඕනිනෙ ඉතිම්.."
උමේශ් කෙල්ලට කොයිතරම් ආදරෙයිද කියලා කෙල්ල හිතුවා..
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
"ලස්සනයි අනේ...."
කට්ටියම මල් ෆාම් එකේ....
"නදී..මේ මල් ශෝක් නේ.."
"ඔව් වර්ශා .අපි යනකොට පැල ටිකක් සල්ලි වලට අරගෙන යමු."
"හා.."
"කොහොමද ..මල් ලස්සනයිද.."
"අහ්..ඔව් මිස්ටර් සංගීත් ..පුදුම ලස්සනක් මේ මල් වල තියෙන්නෙ ..".
"හැබැයි ඔයා මේ මල් වලට වඩා ලස්සනයි"
කාටත් හොරෙන් රහසින් වර්ශාගෙ කනට කරලා සංගීත් කිව්වා..
කෙල්ලට ලැජ්ජා හිතුනා.
"ඇත්තමයි.ඔයා මලක් වගේ.."
"අනේ යන්න මිස්ටර් සංගීත් ."
"මොකද ළමයෝ මේ මට හැමතිස්සෙම මිස්ටර් මිස්ටර් කියන්නෙ.මට නම කියලා කතාකරන්නකෝ.."
"ම්ම්ම්."
"ආයෙත් මිස්ටර් කිව්වොත් බලාගෙනයි.."
කෙල්ල හිනාවෙනවා.😀
"යනකොට මම් ඔයාට මල් පැල ටිකක් දෙන්නම් ගෙනියන්න"
"ම්ම්..හා..තෑන්ක්ස් මිස්ටර්...නෑ..මම් කිව්වෙ..සංගීත් 😀😀😀සංගීත් හිනාවෙලා එතනින් යනවා.
නුවරඑළියේ ගිහින් එනකොට වර්ශාගෙ හිත මොන මොනවදෝ වෙලා.ගිහින් එනකම්ම සංගීත්ගෙ ඇස් තිබුනෙ වර්ශා ගාව.එයාගෙ ඇස් වලින් මග ඇරෙන්න කෙල්ලට බැරිඋනා.
ගෙදර ඇවිල්ලත් කෙල්ල හිතුවෙ ඒ ඇස් ගැන.ඒ කතාව ගැන.ඒ මූණ ගැන.
"මැණික.."
"ම්ම්"
"මහන්සිද.."
"හ්ම්ම්.."
ඇදේ හාන්සිවෙලා කල්පනා කර කර හිටපු කෙල්ලගෙන උමේශ් ඇහුවා.
"ඇයි පරක්කු උනේ..?"
"මේ...මෙ...."
"මම් මේ ටික දවසක ඉදලා අහන්න හිටියෙ මහත්තයෝ.ඔයා දැන් එන්නෙ හැමදාම පරක්කු වෙලා.අනික කොයිවෙලෙත් කෝල්ස් එනවා.ඒවට කතාකරන්නෙත් ඔයා එලියට ගිහිල්ලා.ඇයි ඒ?"
"අනේ..මගෙ පැට්ටෝ.මේ දවස්වල ටිකක් බිසී මම.ඒකයි.බිස්නස් කෝල්ස්නෙ එන්නෙ මට.ඔයාට කරදර නිසයි මම් එලියට ගිහින් කතාකරන්නෙ."
කෙල්ලගෙ මූණෙ තරහා පිරිලා.කෙල්ල රෑට උයන්නෙත් නැතුව නිදාගන්නවා.කොල්ලට දුකයි.කොල්ලත් මුකුත්ම නොකා නිදාගන්නවා..
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
කොල්ලා උදේ නැගිටිනකොටත් කෙල්ල නිදි.ට්‍රිප් එක ගිහින් ආපු නිසා මහන්සි ඇති කියලා උමේශ් කෙල්ලව ඇහැරවන්නෙත් නෑ.උදේට කන්නත් හදලා කොල්ලා කෙල්ලටත් නොකියම වැඩට යනවා.
උදේ 9ට විතර කෙල්ලට කෝල් එකක් එනවා.
👒 හෙලෝ...
🎩 හෙලෝ..ඒන්ජල්..
කෙල්ල ඉක්මන්ට ෆෝන් එකේ ස්ක්‍රීන් එක බලනවා..
* අහ්..සංගීත් ...
👒 කියන්න සංගීත්
🎩 චුට්ටක් හම්බෙන්න පුලුවන් වේවිද අද..
👒 ඇයි
🎩 මේ..පොඩි වැදගත් වැඩකට.
👒ම්ම් ඕකේ.. කීයටද.
🎩 11ට..
👒 හා මම් එන්නම්.කොහාටද..
🎩 හෝල්ට් එකේ ඉන්න.මම් එන්නම්..
👒 ඕකේ...බායි
🎩 බායි ඒන්ජල්
කෙල්ලගෙ හිත නලියනවා.ඉක්මන්ට ඇදෙන් බැහැලා කෙල්ල බාත් රූම් එකට දුවනවා.
වෙනදට වඩා වැඩිපුර කෙල්ල අද හැඩ වෙනවා.ලිප්ස්ටික් ගාලා අයි ලයිනස් ඇදලා කොන්ඩෙත් කඩලා දානවා.
ගොඩ කාලෙකින් ඇදපු නැති දණහිසට වඩා කොට ස්ලීව් ලස් ෆ්‍රොක් එකක් ඇන්ද කෙල්ල ඇත්තටම ඒන්ජල් කෙනෙක් වගේ...
"ඕ..මයි ගෝඩ්...ලුකින් සෝ............හොට්.."
කෙල්ල දැකපු ගමන් සංගීත් කිව්වා.
"තෑන්ක්ස් සංගීත් "
"මට පුදුමයි කෙල්ලෙ ඔයා වගේ කෙනෙක් අර වගේ කෙනෙක්ව මැරි කලා කිව්වම.."
සංගීත් කිව්වෙ කෙල්ලගෙ ඇගේ ඇස් දෙක ගිල්ලවලා....
කෙල්ල හිනා උනා.
"මට ඔයාව කලින් හම්බ උනා නම්..ශික් බලන්නකෝ..ඔයාගෙ හබී ඔයා ගැන වැඩිය කෙයා කරන්නෑ නේද..බලන්න ඔයාගාව තියෙන ෆෝන් එක..නෝමල් එකක් නේද..ඔහොම බෑ ලස්සන වයිෆ් කෙනෙක් ඉන්නකොට..යමුකො අපි .."
සංගීත් කොල්ලාව එක්කගෙන ශොපින් මෝල් එකකට ගිහින් ඇපල් අයි ෆෝන් එකක් අරන් දෙනවා.
"දෙයියනේ..මෙච්චර වටින එකක්.."
"ඕක මොකක්ද ඒන්ජල්..මගෙන් ඔන්න ඔයාට චූටි ගිෆ්ට් එකක්"
සංගීත් ඒක කෙල්ලට දීලා පොඩි හග් එකකුත් ගන්නවා.
"යමු.."
ඊලගට කෙල්ලව ඇදුම් කඩයකට එක්කගිහින් නා නා විදි ඇදුම් පැලදුම් කෙල්ලට අරන් දෙනවා.
මේ සේරම දේවල් එක්ක කෙල්ල පිස්සු වැටිලා ඉන්නෙ.
ගෙදර යනකොට රෑ 7ට විතර ඇති.ඒ යනකොටත් කොල්ලා ඇවිත් නෑ.කෙල්ලට හොදටම තරහයි.කෙල්ල වොශ් එකක් දාගෙන කොල්ල එනකම් බලාගෙන ඉන්නවා.
"මැණික"
😘😘😘
ආපු ගමන්ම කොල්ලා කෙල්ලව ඉඹින්න හදනවා..
"කොහෙද මෙච්චරලා ගියේ?"
"වැඩ මැණික.."
"වැඩ..ඇයි බොරු කියන්නෙ.ඕෆ් වෙන්නෙ 4.30ට නේද..මෙච්චරලා කොහෙද් ගිහින් හිටියෙ?"
වර්ශා අහන්නෙ තරහින්..
"මම්...පොඩි වැඩකට ගියා මැනික.ඔයා දන්නවනෙ මම් වරදක් කරන්නෙ නෑ කියලා.."
"කව්ද දන්නෙ..."
කෙල්ල ගස්සගෙන ගෙට යනවා..
ලගකදි ඉදන් කෙල්ල ටික ටික වෙනස් වෙනවා කියලා කොල්ලාට තේරිලා තිබුනෙ..
"මැණික.."
තරහින් ඇදට වෙලා ඉන්න කෙල්ල පාමුලින් කොල්ලා වාඩිවෙනවා.
"මම් ආදරෙයි මැණික ගොඩාක්.මම් කවදාවත් ඔයාට වරදක් කරන්නෙ නෑ.මාව විශ්වාස කරන්න.ඔහොම තරහ වෙලා ඉන්න එපා මාත් එක්ක..අනේ..."
😢😢😢😢😢😢😢😢😢😢😢
උමේශ් ට ඇඩෙනවා.
"මේ බලන්නකෝ මගෙ අම්මි.මට ඔහොම කරන්න එපා.අපි දෙන්නගේ අනාගතේ වෙනුවෙන් නේද මම් මේ මෙච්චර මහන්සි වෙන්නෙ.."
"අනාගතේ...අනාගතේට කලින් වර්තමානෙ ජීව්ත්වෙලා ඉන්නෝන උමේශ්.."
කෙල්ල තරහින් සැරෙන් කතාකරනවා.කවදාවත් කෙල්ල කොල්ලාට නම කියලා කතා කරලා නෑ.අද පලමු වතාවට කෙල්ල නම කියලාම කතාකරනවා.කොල්ලාට දරාගන්න බෑ..
"මේ අහන්න උමේශ්..බලන්න..අපිට මොනවද තියෙන්නෙ..ඉන්නෙ කුලී ගේක.අපිට කියලා තැනක් නෑ නේද.ඔයාටත් ගෙයක් හදාගන්න උවමනාවක් නෑ..මම් මෙච්චර කල් දරුවෙක් හදාගත්තෙ නැත්තෙත් මට මගේ දරුවට දුක් දෙන්න බැරි නිසා.එයා ඔයා වගේ අනාථයෙක් වෙනවා බලන්න බැරි නිසා.."
කෙල්ලගෙ වචන ඉදිකටු වගේ කොල්ලාගෙ පපුව හිල්කරනවා..
"දුප්පත් කමේ අන්තෙටම වැටිලා ඉන්න මට මොන අනාගතයක්ද උමේශ් .ලස්සනට අදින්න,යාන වාහන වල යන්න මමත් ආසයි.ඒත්....මට මොනවාහරි ඕන උනත් ඔයාට වැදලා වැදලා ඉල්ලන්නෝන..වියදම් කලත් ඒකත් ඔයාට කියන්නෝන.මොකක්ද මේ කරුමක්කාර ජීවිතේ...දෙලාවකට හිතෙනවා මොකට ඔයාව හම්බ උනාද කියලා"
කොල්ලාගෙ ඇස් වලින් කදුලු ගලාගෙන යද්දිත් හිතක් පපුවක් නැතුව කෙල්ල ඔහේ වචන විසිකරනවා.
"මට ඔහේ එක්ක මෙහෙම හිගන ජීවිතයක් ගතකරලා ඇතිවෙලා.".
"අනේ...මැණික...ඔයාගෙ උපන්දිනේට තව සති තුනයිනෙ.එතකම් ඉවසන්නකෝ"
"ඇයි එතකොට ඔයාට හතර මහා නිදානෙ පහල වෙනවද උමේශ් ?"
"මම් කියන දේ චුට්ටක් අහන්නකෝ මැනික."
කොල්ලා කෙල්ලගෙ කම්මුලට අතක් තියන්න යනකොටම කෙල්ල ඒ අත ගසලා දානවා.එතකොට කෙල්ලගෙ අත කොල්ලගෙ කම්මුලක හයියෙන් වදිනවා.
"මගේ දෑහැට නොපෙනි යනවා යන්න.."
කොල්ලාට තවත් එතන රැදෙන්න අමාරු නිසා එයා එලියට යනවා.රෑ කියලා බලන්නෙ නැතුව බයික් එකත් අරගෙන කොල්ලා ටවුමට යනවා.කවදාවත් 7න් 8න් පස්සෙ කෙල්ලව තනි නොකරපු උමේශ් පලවෙනි පාරට කෙල්ලව තනියම දාලා ගෙදරින් එනව.ඒ තරහට නෙමි දුකට..
කොල්ලා කෙලින්ම යන්නෙ බාර් එකට.කවමදාවත් අරක්කු කදුලක්වත් කටේ නොගාපු කොල්ලා එදා බෝතලයක්ම බීගෙන බීගෙන යනවා..එහෙමම ඉන්න තැනම වැටිලා කොල්ලාට නින්ද යනවා..
ඇහැරෙනකොට උදේ වෙලා.කොල්ලා හෙමි හෙමින් බයික් එකෙන් ගෙදර යනවා.
දොරවල් ඇරලා දාලා.කොල්ලා කෙලින්ම යන්නෙ කාමරේට.
"මැණික...මැණික .."
කෙල්ල කාමරේ නෑ..මුලු ගෙදරම බැලුවත් කෙල්ල නෑ..කොල්ලාට හිතට බයයි.එයා ඉක්මන්ට කෙල්ලගෙ ගෙදරට කෝල් එකක් ගන්නවා..
"හෙලෝ...අම්මා..."
"කියන්න පුතා.."
"අම්මා...මැණික ආවද ඔහේ.."
"නෑ..පුතා..ඇයි..?"
"අහ්..නෑ.අම්මා එයා යනවා කිව්වා ඒකයි මම් බැලුවේ.."
"හා...මම් ආවම කෝල් එකක් ගන්න කියන්නම්කො"
"හා අම්මා.."
ෆෝන් එක කට්කරලා කොල්ලා එහෙමම බිම වාඩි වෙනවා.හිතාගන්න බෑ කොහෙ ගියාද කියලා..කොල්ලා හොදටම අඩනවා.පස්සෙ කෙල්ලගෙ ෆෝන් එකට ගන්නවා.ඒක ඕෆ්...කොල්ලා පිස්සුවෙන් වගේ කාමරේට යනවා.ඒ වෙලාවෙ එයා දකිනවා ඇද උඩ දෙකට නමපු කොලයක් තියෙනවා.කොල්ලා දුවලා ගිහින් ඒක බලනවා.
උමේශ්..
මම් යනවා..මාව හොයන්න උත්සාහා කරන්න එපා.මට ඔයත් එක්ක ගතකරපු හිගන ජීවිතේ ඇතිවෙලා තියෙන්නෙ.ප්ල්ස්..මම් යන්නෙ මගේ සතුට හොයාගෙන..
වර්ශා
"මැ..ණි..ක...."
කොල්ලා කෑගහලා අඩනවා...
"අනේ...මාව දාලා යන්න එපා රත්තරනේ....මට ඔයා නැතුව ජීවත්වෙන්න බෑ...අනේ මගෙ මැණික..ආපහු එන්න අම්මි..මට ඔයා ඕනි...මාව තනිකරන්නෙපා දෙයියනේ...ඔයා නැති ජීවිතයක් ගැන හිතන්නවත් මට බෑ .ඔයා නැතුව් ජීවත්වෙන්න මම් දන්නෙත් නෑ....අනේ...මාව දාලා යන්නෙපා....මැණික...අනේ......"
කොල්ලා දෙවනිපාරටත් අනාථයෙක් උනා....
වසර 5කට පසු............
"අම්මි..අපි අර මාමිගෙන් කඩල අරන් කමු අම්මි.."
මගේ අතේ සල්ලි නෑ පුතේ...
වර්ශා ට ඇඩුනා..දරුවා ඉල්ලන දෙයක් වත් අරගෙන දෙන්න කෙල්ලගෙ අතේ සල්ලි තිබුනෙ නෑ..
"අනේ අම්මි..."
"දෙනවා ගුටියක් මම් දැන්..".
පැටියාගෙ අත හයියෙන් මිරිකලා කෙල්ල පැටියාව එතනින් ඇදගෙන යනවා.කොල්ලා වර්ශාගෙ අත අතෑරලා අඩ අඩම ආපහු කඩල කරත්තෙ ලගට යනව...
"මාමි..මාමි...මට කඩල ටිකක් දෙන්නකෝ"
කඩල ගන්න ආපු කෙනෙක්ගෙ කලිසමෙන් ඇද ඇද කොල්ලා කියනවා..
"පුතා...".
වර්ශා ආවෙ දුවගෙන..
"මැණික..."
එතන ඉදලා තියෙන්නෙ උමේශ් ..
"උ..උමේ..ශ්.."
"දෙයියනේ මෙච්චරකල් ඔයා කොහෙද හිටියෙ.."
උමේශ්ගෙ ඇස් වල කදුලු..
"මම්....මම්...."
"මේ ඔයාගෙ පැටියාද.."
"ඔව්..".
උමේශ් කොල්ලාව වඩාගන්නවා..
"පැටියාට කඩල ඕනිද..ම්ම්..."
"හා මාමි..."
උමේශ් කොල්ලාට කඩල අරන් දෙනවා...
"පැටියාගෙ නම මොකක්ද.."
"උමේශ්.."
උමේශ් බැලුවෙ කෙල්ලගෙ මූණ දිහා...කෙල්ල අඩනවා...
"යමු ගෙදර .වහින්නත් වගේ...අහන්න ගොඩාක් දේවල් තියෙනවා."
"බෑ..අපි යන්න ඕන.."
"තේකක් බීලවත් යමු.."
කෙල්ලට බෑ කියන්න හිතෙන්නෙ නෑ.උමේශ් කොල්ලාවත් වඩාගෙන කාර් එක ලගට ගියා.
"නගින්න.."
කෙල්ල ඇස් ලොකු කරලා බැලුවා.
"නගින්න.."
දරුවත් වඩාගෙන වර්ශා කාරයට ගොඩ උනා.
කාරය ඇතුල් උනේ තට්ටු දෙකේ නිවසක මිදුලකට.
"එන්න ඇතුලට..යමු පුතු.."
උමේශ් කොල්ලාව වඩාගත්තා.
ගෙය හරිම ලස්සනයි..අලුත් ගෘහ භාණ්ඩ එක්ක ගෙට අලුත් එලියක් ලැබිලා තිබුනා.
"වාඩිවෙන්න."
උමේශ් පැටියාව එක්කගෙනම ඇතුලට ගියා.ආයෙත් ආවෙ ට්‍රේ එකක බීම එකකුයි බිස්කට් එකකුයි තියාගෙන.
"ආ ගන්න.."
උමේශ් කොල්ලව උකුලෙ තියාගෙන වාඩි උනා.
"මම් අහන්නෙ නෑ ඔයාගෙන් ඇයි මාව දාලා ගියේ කියලා.ඒත් මට ඔයට දෙයක් කියන්න තියෙනවා."
"කියන්න.."
කෙල්ලගෙ ඇස් වල තාමත් කදුලු..
"මම් ඔයාට එදා කිව්වා නේද ඔයාගෙ බර්ත්ඩේ එක වෙනකම් ඉවසන්න කියලා...ඔයාට මතකද මන්දා.."
"හ්ම්ම්."
"ඔයාගෙ බර්ත්ඩේ එකට මම් දෙන්න හිතාගෙන හිටපු සප්‍රයිස් ගිෆ්ට් එක තමයි මේ.."
කොල්ලා කිව්වෙ ගේ පුරාවටම එයාගෙ ඇස් යවලා.
"ඔව් මැණික.මම් හැමදාම පරක්කු වෙලා ආවෙ ඔයාට හොරෙන් මේ ගේ හදපු නිසා.ඒකෙ වැඩ බලන්න ආපු නිසා.ඒ වගේම සල්ලි වියදම් නොකර ඉතිරි කලේ අර කාර් එක ගන්න.ඔයා ආසම කරපු සුදුපාට ටොයෝටා 121 එකක්...ඔයා හදිස්සි උනා වර්ශා .මට දුක ඒකයි..."
කෙල්ල ඉකි ගසා හැඩීය.
"මගේ හිත හොදටම කැඩිලා ඉවරයි..ඒත් ඔයා සතුටින් ඉන්න.මට ඒ ඇති"
"අපි යන්න ඕන උමේශ් "
"මම් ගිහින් ඇරලවන්නද.."
"එපා.අපි යන්නම්.."
"චුට්ටක් ඉන්න එහෙනම්."
උමේශ් කොල්ලාවත් වඩාගෙනම ආපහු ගෙට ගිහින් ආවා.
"මේ කවදහරි අපේ දරුවෙක් වෙනුවෙන් මම් ඔයාව මැරි කරපු දවසෙ ඉදලා අද වෙනකම්ම ඉතුරු කරපු සල්ලි .මේක අරගෙන යන්න."
කෙල්ල පුතාව වඩාගෙන බැංකු පොතත් අතට ගත්තා..
"යන්නම් උමේශ් .."
කෙල්ල ආපහු හැරිලා උමේශ් දිහා බැලුවා.කොල්ලාගෙ ඇස් වලත් කදුලු....
"මම් දන්නවා අර මිනිහා ඔයාව දාලා ගියා කියලා.ඒත් මට ආපහු ඔයාව ලගට ගන්න බෑ...මම් ඔයාට ආදරෙයි මැරෙනකම්ම.ඒත් ඔයාට මට සමාව දෙන්න බෑ මැණික.මගෙ හිත දැන් මැරිලා ඉවරයි.."
කොල්ලා හිතුවා...
කෙල්ල දරුවවත් වඩාගෙන එලියට ආවෙ හොදටම අඩ අඩ..
"මට සමාවෙන්න මහත්තයෝ...ඔයාට මම් දීපු දුක තමයි මම් මේ විදවන්නෙ.."
කෙල්ල එහෙමම බස් එකකට ගොඩ උනා..
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
මහත්තයෝ මම් දන්නවා නුඹෙ කදුලක බර..
මහත්තයෝ මට දැනෙනවා නුඹෙ සුසුමක තෙත..
ඈත් වෙලා ඉන්නට බෑ මට නුඹ මගඇර..
හොරෙක් වෙලාවත් ඇවිදින් අරන් යන්න මම...
ඈත් උනාමයි දැනුනේ නුඹෙ පෙම්බර බව...
කාත් කවුරුවත් නෑ අද හදන්න මේ හිත..
බිදෙන් බිද අනා නුඹ මට කැවූ බතේ රස..
දැනෙන්නෙ මට ජීවිතේම වැරදුනු හින්දද..
තාත්තෙක් වගේ අර නුඹ අතගෑ මගෙ හිස ..
තෝන්තුවාවෙන් පෙලෙනවා දෙවියොත් නෑ ලග..
සැරෙන් වගේ නුඹ කී දෑ හරි මිහිරියි අද ..
#මැරෙන්නවත්_ලගට_එන්න_ඉඩක්_නැද්ද_මට ...
නිමි...
************එශ්***********
උපුටා ගැනීමකි
No comments:
Post a Comment