. **සුදු ගවුම**
" අම්මා මට බඩගිනී"
කෑ මොර දෙමින් සමනලී පාසල නිමවී ගෙදරට පැමිනියහ.
" කටු අල තබ්බල ඇති . ඔය මැටිකෝප්පෙන් වහල කොච්චි සම්බෝල ඇති." හීන් එතනා පවසි
"ෂා මරු මරු අම්ම කෑවදෝ."
"ඉස්සෙල්ලා උබේ කුසේ ගින්න නිවානිකො . පස්සෙ බැරියැ මට කන්න"
සමනලී සුරතල් වෙමින්
"මොනවද අම්මා අම්මත් කන්නකො මට කවන ගමන්"
හීන් එතනාට එය ඇසූ සැනින් ආඩම්බර සිනහවක් පහල වෙයි. තැම්බූ කටුඅලය ගෙන සම්බෝල සමග කවන හීන් එතනාට සමනලීව මහමෙරක් වැනිය. තම සැමියා වන හීන් බන්ඩා අලිය පාගා මරා දැමූ දවසෙ සිටම මේ පවුලට කන කොකා හැඩීය.
පාසලේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සමනලී පන්තියේ පමණක් නොව පාසලේම දක්ෂතම සිසුවිය විය. සියලුම විෂයන් වලටම ඉහල ලකුනු ගත් ඈ දීප්තිමත් තාරකාවකි. ඉදල්ගස් හින්න නම් අතිෂය දුෂ්කර ගම්මානයක් ජීවත් වූ මොවුන් ඉතාමත් දිලිදු පවුලක් විය.
සිය ජීවනෝපාය වෂයෙන් කිරිකැපූ හීන් එතනා තම පවුල බර කරට ගෙන ජීවත් විය. කුස්සියේ දුම ලග හාරා කැටයක් වලලා හැකි තරම ඉතුරුකලේ සමනලීගේ අනාගතය වෙනුවෙනි.මේ ගමේ බොහෝ ගෑනු ලමයින්ට තිබුනේ එක සුදු ගවුමකි. ඇතැම් ලමුන් පාසල් නොගියේ ආර්තික ප්‍රරස්ණ හේතුවෙන් මිස පාසල් යාමට ආෂාව නැතුවා නොවේ.
පාසල් ගොස් ආ විගස ඇති දෙයක් කා දමා ඉක්මනින් සුදු ගවුම සෝදා වැනුවෙ නැතිනම් පසුදා පාසල් යාම සිහිනයකි.
"දුවේ රෑ දොලහත් උනා නේද
නිදාගත්තනම්"
"හරි අම්මා මම තව ටිකකින් නිදාගන්නම් අම්ම නිදාගන්නකො "
කියමින් සමනලී සුපුරුදු ලෙස පාඩම් කරන්නට විය.
" ඈ බං උබලගෙ විබාගෙ කවදද පටන්ගන්නෙ"
"තව සති දෙකයි අම්මා ඒ හින්ද මම මේ දවස්වල වහන්සියෙන් වැඩ කරනව අම්මා"
පසුදා උදෑසන හීන් එතනා අවදි වී බලන විට සමනලී මේසය මතම නිදිය. සමනලී දුටු එතනා ඇතිවූයේ අපිරිමිත සෙනෙහසකි.
කාලයාගේ ඇවෑමෙන් සිය විභාග දිකයද ලගා විය. පාන්දරින්ම අවදි වී සමනලී විභායට යාමට සැරසුනි . හීන් එතනත් කඩිමුඩියේ වැඩය. සිය කඩමන්ඩියට ගොස් කරවල කෑල්ලක් ගෙනවිත් උයන්නට පටන් ගත්තේ විභාගයට යාමට සිටින දුවට උදෑසනත් දිවා ආහාරයෙ බත් මුලටත්ය.
"කෙල්ලෙ මම ලිදට ගිහින එන්නම්" යනුවෙන් කියා හීන් එතනා නිවසින් පිටවිය.
සමනලී තම සුදු ගවුම පොල්කටු ස්ත්‍රිකයෙන් හීන් සීරුවට පිරිමදිමින සිටියහ. එසැනින් කුස්සිය දෙසින් වලන් පෙරලෙන හඩක් ඇසුනි
."අර එන්සිනාගෙ බලල් තඩියා ඇවිත් කරවල ඇතිලිය පෙරලගෙනද කොහෙද"
යනුවෙන් සිතමින් සමනලී කුස්සියට දිව ගියේ හිතෙහි හටගත් කුතුහලයෙනි. හදිස්සියට ස්ත්‍රික්කය කොහෙ තැබුවාද කියා මතක නැත.
ඇයගේ සැකය හරියටම හරිය කුස්සියෙ බලල් තඩියා ඇත. වලන් කරවල ඇතිලිය අසල සිටි බලල් තඩියා සමනලි දැක බියවී එලියට පැන දිවුවේය.
"වරෙන්කො ආයෙමත් දෙන්නෙ ඉලපතින් තොට"
සමනලී සිතේ හටගත් ආවේගයට බලල් තඩියාය බැද වැදුනි. එසැනින් ආ කරගදක් නිසා සමනලීට උන් සිටිතැන් අමතක විය.
" දෙයියනේ සුදු ගවුම "
ඊතලයක් මෙන් සාලට දිවුනු සමනලීට දැකගත හැකි වූයේ ඇදහිය නොහැක්කකි. ස්ත්‍රිරික්කය සුදු ගවුම උඩ දුන් දමමිනි පලාතෙම දුමාරයෙන් වැසීය. ඉස්ත්‍රිකයයෙන් සුදු ගවුම ගලවා ගත්තේ සමනලී ඉමහත් වෙහෙසක් දරමිනි. එවිටත් සිදුවූ දේ හමාරය. ඈ ලතෝනි තියමින් හඩන්නට විය. ලිදට ගිය හීන් එතනා එක අතකින් කලයත් අනිත් අතින් මල්ලක්ද රැගෙන කඩුල්ල පනින විට ඇසුනෝ සමනලීගේ ලතෝනියයි. කලය අතින් ගිලිහුනු අතර ඈ ගෙට දිවුවෙ දෙගඩියාවෙනි.
" අනේ මගෙ අම්මේ සුදු ගවුම "
සමනලී හීන් එතනා බදාගෙන මහ හයියෙන කෑ ගසමින් වැලපේ.හිත් එතනාටත් හරිම දුකයි
" මගෙ රත්තරන් නාඩ ඔය මල්ල ලිහල බලපන්"
සමනලී මල්ල ලිහා බැලීය එහි අලුත් ගවුමකි.
"මම කුසුමට උබේ පරන ගවුම අරන් ගොහින් මින්ම දුන්නෙ ගිය සතියෙ ඔන්න. "
උහුලාගත නොහැකි සතුටින් යුතුව සමනලී හීන් එතනව බදාගෙන සිප ගන්නට විය.
කාලයාගේ ඇවෑමෙන් සා පෙල විභාගෙන් සියලුම විෂයනට ඒ සාමාර්ත ලබාගත් ඇය ලංකාවෙන්ම 3 වෙනියා ලෙස මහ ඉහලින් සමත්වී නගරයේ පාසලෙන් උ පෙල විභාගයද ඉහලින් සමත්වී විෂ්ව විද්‍යාල වරම් ලබීය. උපකාරක පන්ති ආයතයක් ආරම්බ කල ඈ ඉගෙනුම ලබන ගමන් සාදාරන ගාස්තු ගෙන දරුවන්ට අද්‍යාපනය ලබාදුනි. ළමන් පොරකමින් ඇගේ පන්තියට ආවේ ඇය දක්ෂමෙන්ම දුප්පතාගේ සිතවතිය නිසාය. දොස්තර සිහිනය ජයගත් ඇය ගමේ පාසලද ගමද සංවර්ධනය කලහ.
ඇය ජාතයන්තර වෛද්‍ය උපදේෂිකාවක් විය. සුපෝගබෝගී වාහනයක්ද හිමිවූ ඇය හීන් එතනාද එහි නංවා ගමෙන් ගියේ ඉමහත් සතුටින. ඉදල්ගස්හින්න දැන් සමනලී ආදර්ෂ ගමන්නයයි. මං මාවත් ඉදිවී නගරයකට වඩා අසිරිය එහි ඇත. සමනලී වැනි ජීවිතය ජයගත් බොහෝ දෙනා ඒ ගම්මානයෙන් බිහිවිය.
. නිමි
<b>කසුන් ජයසංඛ
උපුටා ගැනීමකි
No comments:
Post a Comment