දුඹුරු සපත්තු

####දුඹුරු සපත්තු ######

"එයි දනුකයා..., සහනිගෙ වෙඩින් එක කිව්වද බන්..?"

"හ්ම් ..........ඔව් බන් එත් පිස්සු හැදෙනවා ඔයි යන්න ගියාම සල්ලි නෑ සනිපත් නැ බන්."

"මමත් මේ එක තමයි බන් කල්පනා කරෙ කොහොමද යන්නෙ කියලා කොහෙද බන් අරකි මාව විකුණනවා ...."

"ඇයි ....මේ පාර මොකද උනේ?"

"එකිගෙ අක්කා කෙනෙක්ගෙ වෙඩිමක් කියලා පාර්ටි ෆ්‍රොක් එකක් ගත්තා බන් එකට හත් දහයි.තව එක එක මේකප් අර කප් කිය කිය තුන්දාහක් විතර දහයක් ව්තර පැයට කුඩු........"

"උඹට මන් කිව්වෙ ඔය මගුලට කරගහන්න කලින් හිතපන් කියලා කෝ උඹ ඇහුවද........"

"දැන් මොනවා කරන්නද සහො ඇදගෙන යනවා ඔහේ...."
""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""
"ලොකු පුතේ ලබන සතියේ වැඩිහිටි සමිතියෙන් වන්දනා ගමනක් යන්න දාගෙන අනුරාධපුර ..."

"ඉතින් .."

"මමත් යන්න කියලා හිතගෙන ඉන්නෙ පුතේ.."

"හ්ම්ම්......"

"මම ගියපාර ගම්මිරිස් ටික විකුණලා හම්බවුන සල්ලි වගයක් පරිස්සමින් තියන් ඉන්නවා.එකෙන් යන්න පුළුවන් ...."

"ආ එහෙනං එක අරන් යන්න.මගෙ ලග නම් සල්ලි නැ ඔන්න......."

"අනේ ඔනේ නෑ මයේ පුතේ මට එකෙන් ගිහින් එන්න පුළුවන් ......."
"""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""
"දිනූෂ....... ඔයා කොහෙද මහත්තයෝ ඉන්නෙ"

"ගෙදර ඉන්නේ පැටියෝ ඇයී..."

"ඔයාට පුළුවන්ද 10.30 විතර වෙද්දී  නුගේගොඩ ට එන්න......"

"පුළුවන් එත් ඇයි හදිස්සියේ..."

"නැ බබි තව බඩු වගයක් ගන්න තියෙනව එකයි.."

"හරි මම එන්නම් පැටියෝ .."

"එහෙනං එන්න මම බලන් ඉන්නවා. ...."
"""""""""""""""""""""""""""""""""""""""""""""""'''''''''"""""""
"හෙලෝ....... සංඛ මම දිනූෂ  බන්."

"..........."

"උඹ ලග දුඹුරු පාට සපත්තු දෙකක් තියෙනවා නේද උඹ අර අලුතෙන් බැස්සුවෙ එදා.....

." .........."

"අනේ බන් එක සිකුරාදා පොඩ්ඩක් දෙන්න පුළුවන්ද වෙඩිමක් තියෙනෝ බ්‍රෝ.....

".............."

තැන්ක් යු මචෝ...

"""""""""""""""""'''''"'"""""""""""""""""""""""""""""""""""""
"ඇයි බන් අද පරක්කු උඹ....."

"අම්මා කතරගම ගියා බන් උදෙන්ම ගියා එයාව දාල එන්න බස් එකට පව් බන් දිනූෂ හරි ආසවෙන් ගියේ......"

"කොහොමත් වයසට ගියාම මල වදෙ නේද බන්, අරෙහෙ යන්න මෙහෙ යන්න එක ව්කාරයි බන් අපේ එක්කෙනත් ඔය යන්න හදන්නෙ වන්දනවේ............."

"පව්  ! යකෝ මොනවද උඹ ඔය කියවන්නෙ ...එ මිනිසුන්ට පුළුවන් කලේ අපිට කොච්චර දේවල් කරලා තියෙනවද බන්.දැන් ඔහොම හිටියට.අතේම තිබ්බේ රුපියල් තුන්දහයි එකම දුන්න අම්මට.දැන් මොකක් හරි රෝලක් ගහනවා වෙඩිමට යන්න..."

"උඹට පිස්සු දනුකයා එගොල්ලන්ට මොකටද ඔච්චර සල්ලි..........."

"මොනවා හරි කරගනිනේ බන්.එක නෙවෙයි උඹ ලැස්තිද දැන් යන්න....."

"ලැස්තියි කියන්නෙ සංඛයාගෙන් සපත්තු දෙක පොඩ්ඩක් ඉල්ලුව තව ඇදපු නැති ශර්ට් එකක් තියෙනවා එක අදිනවා බන්....."

"ඇයි උඹේ ප්‍රියම්බිකාව අරන් දුන්නේ නැද්ද මුකුත් ?".

"එයාටත් වැඩනේ බන්....."

"අනේ මේ නිකං හිටපන් මගෙන් මුකුත් අහගන්නෙ  නැතිව...ඔහොම යද්දී තෙරෙයි උඹට......"
"""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""
"මයේ පුතේ...........පුතා වැඩකද?"

"ඇයි එ පාර කොහෙ යනවා කියන්නද යන්නේ......"

"අනේ ! නෑ පුතේ.."

"එහෙනං මොනවද කියවන්නේ."

"පොඩ්ඩක් ඉස්සරහට එන්නකෝ වැඩක් නැත්තං......"

"මොන වදයක්ද මන්දා ............ඇයි .......ඇයී?

"මගෙ පුතේ !  මං උඹව හැදුවේ මිනිස්සු ලග හිඟාකන්ඩ නෙවෙයි රත්තරනෙ.උඹ එදා කාටද  කතා කරලා සපත්තු දෙකක් ඉල්ලනව මට ලාවට වගෙ ඇහුනා..මට වාවන්නෙ නැතිව ගියා මගෙ පුතෙ මන් උඹ ආස කරනවා වගේ සපත්තු දෙකක් ගෙනවා බලපන් උඹ කැමතියි ද කියලා........"

"අම්....මේ....."

"ඔව් රත්තරනෙ මම අනුරාධපුර ගමන නවත්තලා උඹට මේක ගෙනාවේ නැතිව මා ලග සල්ලි නෑ මයේ පුතේ උඹ කැමතියි නේද කියපන්........"

"අනේ ! මට සමාවෙන්න බුදු අම්මේ. . . .........."

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment