මට ආරාධනාවක් කරාදෝ..
ඔය දෑසින් කී කතාවේ...
මොකද කෙල්ලෙ කල්පනාව... ලෝකේ පෙරලන්නද? එහෙම නැතිනම් වෙන ග්‍රහලෝකයක් හොයාගන්න වත් ද?
උබට පිස්සුද බන්...දැහැමි..
උබට කවුරු ඔය නම දැම්මාද මන්දා.. ඇති දැහැමියක් නම් නෑ. කොයි වෙලෙත් කාට හරි මොකක් හරි කියන්න බලාගෙනමයි ඉන්නේ..
මෙන්න වැඩක්. දැන් උබට ඔය සින්දුවක් කියාගෙන ආව හින්දද?
මේ නංගි මේ.. ඒක උබට ලියපු සින්දුවක් නෙමේ.
මේ ලෝකේ ආරාධනා කියලා ඉන්නේ උබ විතරක් ද? නැහැනේ.
ඉතින් දැන් ඒවා වැඩක් නැ කියපන් මට උබ මොනවාද ඔය කල්පනා කරන්නේ..
දැන් නම් මහා දෙයක් කල්පනා කලේ නෑ බන්. මම අතන අර ගහේ තියන කුරුළු කුඩුව දිහා බලාගෙන හිටියේ.
කෝ කෝ කොතනද? යමු බන් ගලක් ගහන්න.. පැටව්ත් ඇති..
නෙදකින් විතරක්... අපාය සහයකයා.. බලපන් ලස්සන විතරක්. ඔය පව් කතා කියන්නේ නැතිව.. අර අර බලපන්..
මොකක් ද බන්.. කුරුල්ලෙක් ආවා නේද? ඉතින්..
ඉතින් නෙමේ බන් ඔය කුරුළු අම්මා හරි තාත්තා හරි.. පැටව් අලුතෙන් ද කොහෙද? කෑම හොයාගෙන ඇවිත් කවනවා.. පැටවු ටිකත් කොයි වෙලේ හරි කෑම ගෙනත් කවනකන් බලාන ඉන්නවා ඇති.. හරියට අපි අපේ අම්මලා තාත්තලාගෙන් යැපෙනවා වගේ..
දැන් කියපන් ආරාධනා මොකක්ද දැන් ඔතන තියන අමුත්ත.. ළමයි හදනවානම් ඒ අය වැඩිවියට පත්වෙනකන් හැමදේම දෙන්න ඕනා තමයි.. ඒක වැඩිය හිතන්න එපා...
උබට ඒක හිතන්න දෙයක් නොවුනට මට ඒක හිතන්න දෙයක් බන්. ලොකු දෙයක්.. උබට වගේ හැමෝගෙම ජීවිත සුන්දර නෑ දැහැමි. ඉතින් ඔය වගේ දේවල් දකිනකොට මගේ තාත්තා මාව හදාගන්න මහන්සි වෙන තරම් ගැන ගොඩක් දුක හිතෙනවා...
අහ්හ්හ් අහ්හ්හ් මෙතන ඉතින්න් අඬන්න තියාගනන එපා.. තව ටිකෙන් මට කියන්න ආව එකත් අමතක වෙනවා.. වරෙන් යන්න සංගීත මිස් උබට එන්න කියන්න කියලා කිවා...
ඒ මොකටද බන්... අද අපිට සංගීත පීරියඩ් එකක් නැහැනේ.. මම පොත් අරගෙන ආවෙත් නෑ..
මම දන්නේ කොහොමද ආරාධනා.. මොකද මම සංගීත මිස් ද. අනික සින්දු කියන්නේ කටින්නේ.. උඹ ඒ ක ගෙදර දාලා ආවේ නැහැනේ.. වරෙන් යන්න.. බඩගිනිත් එක්ක මොනවා හරි කාලාම යමුද?
බඩගින්න දරාගන්න බැරි විදිහට තිබුනත් කන්න වියදම් කරන්න තරම් සල්ලියක් මට අතේ නැති හන්දා දැහැමිවත් ඇදගෙන සංගීත කාමරේට ගියේ මිස්ට හදිසි ද දන්නේ නැහැනේ කියලා කියාගන..
අහ්හ් දැහැමි.. මොකෝ ළමයා මේ තරම් වෙලා ගියේ.. තව ටිකක් බලලා මම ආරාධනා හොයාගෙන එන්න වගේම දැහැමිව හොයන්නත් තව කෙනෙක් යවන්න උන්නේ..
නෑ ටීචර්.. ආරධනා ඒ වෙලේ දැහැනකට සම වැදිලා වගේ උන්නේ.. මම පොඩ්ඩක් බලාගෙන ඉදලා එක්කගෙන ආවේ..
අනේ අනේ යනවා විකාර කතා කියන්නේ නැතිව..
එහෙමනම් මම යන්නද ටීචර්.. ආරාධනා ආවානේ...
හ්ම්ම්ම් නොගියත් කමක් නෑ.. ආරාධනා එක්ක යන්න ඉන්නවා.. පොඩි වැඩක් ගැන කතා කරන්න එන්න කිවේ..
මොකක්ද මිස්.. මොනවා ගැනද?
පොඩි තරඟයක්.. ඇත්තටම පොඩි කීවාට පොඩිමත් නෑ.. දිනන කෙනාට රුපියල් ලක්ෂ 2ක් හම්බ වෙනවා.. අන්තර් පාසල් ආධුනික ගායනා තරගයක්.. අද ප්‍රින්සිපල් සර් මගෙන් ඇහුවා අපේ ඉස්කෝලෙන් කවුරුවත් ඉදිරිපත් කරන්නේ නැද්ද කියලා..
ඒකට නම් ගැලපෙන්නේ අපේ ආරාධනා වම තමා ටීචර්.. අපේ ඉස්කෝලේ ඉතින් ආරධනා ගේ වොයිස් එකට ගහන්න වෙන වොයිස් එකක් නැහැනේ..
ඒක තමා දැහැමි ළමයෝ මමත් එන්න කිවේ.. මේ ළමයාව එකට ඉදිරිපත් කරන්න ඕනා.. ආරධනා කැමති නේද? මුල් තරග වට තියෙන්නේ ලබන සතියේ..
හ්ම්ම්ම් අකමැත්තක් නෑ ටීචර්.. ඒත් මට පුළුවන් වෙයිද? අනිත් එක ...........
මොකක්ද ළමයෝ අනිත් එක...
මට ඕවාට වියදම් කරන්න තාත්තාගෙන් සල්ලි ඉල්ලන්න බෑ කියන එක කියන්න ඕනා. ඒ වගෙම යාළුවො උනත් තාත්තාට හිනා වෙනවා බලන්න මම ආස නෑ.
කවදාහරි හොද තැනකට ඇවිත් තාත්තාට සලකන එක තමා මගේ ජිවිතේ එකම අරමුණ වෙලා තිබුනේ..
*****************************************
තාත්තා... මොකද කරන්නේ..
මොනවත් නෑ දුවේ.. මම මේ පොඩ්ඩක් කකුල රිදෙන්න ආවා. ටිකක් ඒක බැලුවා.. ටිකක් මෙහෙම හිටියහම හරි යයි..
දුව කෑවාද? රස නම් නැතුව ඇති මේ ටිකේම එකම කෑම එකනේ.. හෙටවත් තව මොනවහරි අරගෙන එන්න බලන්නම්...
නෑ තාත්තා.. කෑම එක ගොඩාක් රසයි.. තාත්තා මොනවා හැදුවත් රසට හදනවනේ.. ඒත් අමාරු තියාගෙන මහන්සි වෙන්න එපා කියලා තියනවනේ. මම මම ඇවිත් උයනකන් ඉන්නේ නැතිව හැමදාම තාත්තා කෑම ටිකත් හදනවා. මහන්සි වෙලා අනුන්ගේ වතු වල වැඩ කරල ඇවිත් ගෙදර වැඩ මොනවත් මට කරන්න දෙන්නෙත් නෑ.. එහෙම මම වෙනුවෙන් මහන්සි වෙන්න එපා තාත්තා...
උබ ඕවා හිතන්න ඕනා නෑ.. හොදට ඉගන ගනින්... වෙන දේවල් ගැන හිතන්න ඕන නෑ.
තාත්තා... පොඩි දෙයක් තියනවා.. ඉස්කොලෙන් මාව තරගයකට දාලා.. ඒක තව දවස් 4,5කින් තියනවා.. ඒකට යන්න ඕනා. සංගීත මිස් කොළඹ එක්කගෙන යන්නම් කියලා කිවා...
හ්ම්ම් හරි මිස් එක්කනේ යන්නේ.. මට ඔය තරඟ නම් තේරෙන්නේ නෑ ඉස්කෝලෙන් නරක දෙයක් නම් කියන්නේ නැහැනේ. උබ යන්න ලෑස්ති වෙයන්..
එත් තාත්තා...
හරි හරි හෙට මම කොහොමහරි සල්ලි ටිකක් හොයලා දෙන්නම්. උබ අලුත් ඇඳුමක් හදා ගනින්.. යන තැනක ගිහින් පරිස්සමින් එන එකයි තියෙන්නේ..
*******************************************
මොකද ආරාධනා බයවෙලා වගේ... කොළඹ යන පලවෙනි වතාවද?
ඔව් මිස් මීට කලින් ඇවිත් නෑ ගමට වඩා ගොඩාක් වෙනස් නේද මිස්..
හ්ම්ම් ගමට වඩා නම් වෙනස් තමා ඉතින්. කොහේ උන්නත් ඉන්නේ මිනිස්සු තමා ආරධනා හැසිරීම, දකින විදිහ වෙනස් වෙන එක හැරෙන්න.. හ්ම්ම්ම් දැන් බයවෙලා වගේ ඉන්න ඕනා නෑ හොදට සින්ග් කරන්න ඕනා හරිද...
හා මිස්..
ඔව් මීලගට ආරාධනා ........... කොහේ ඉදන්ද ආවේ ආරාධනා.. මීට කලින් මේ වගේ තරගයකට ඉදිරිපත් වෙලා තියනවද?
නෑ මැඩම්.. මේ පලවෙනි වතාව.. එහෙමනම් කියමු බලන්න. මොකක්ද කියන සින්දුව..
කරුණාරත්න දිවුල්ගනේ සර්ගේ අන්දර යායේ සින්දුව මැඩම්..
හ්ම්ම් ලස්සන හිතට දැනෙන සින්දුවක්.. එහෙමනම් කියන්නකෝ..
අන්දර යායේ වැව්තාවුල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී...
ගොඩාක් ලස්සනට කීවා...කෙල්ලේ.. ඔයාට මේකේ හොද තැනකට එන්න පුළුවන් වෙයි. මම බලාගෙන වටේ පිටේ ඔක්කොම අය ඔයා දිහා බලාගෙන ඉන්නවා.. ඊලග වටයට නම් තේරුනානේ. ඒවාගේ තව හොදට කියන්න වෙයි..
*****************************************
ආරාධනා... සුභ ආරංචියක් තියනවා.. ඔයාව අන්තිම 6 දෙනාට තේරිලා තියනවා.. හැබැයි ඉතින් මේ සැරේ තරගේ ගොඩක් අමාරු වෙයි.. ලංකාවෙන්ම තොර ගත්ත අනිත් 5 දෙනා එක්ක තමා තරග කරන්න වෙන්නේ..
හැබැයි බැරි වෙන එකක් නෑ.. මේකේ කියන්න වෙන්නේ ඉතින් අලුත්ම සින්දුවක්.. සින්දුව එතන ඉදන් එයාලා දෙන මාතෘකාවට ලියලා කියන එක තමා අමාරුම වැඩේ..
බලන්නම් මිස් පුළුවන් උපරිමයෙන් මට ඕනා කොහොමහරි මේක දිනන්න..
හරි එහෙමනම් ඔයාලා හැමෝටම පැයක කාලයක් තියනවා.. සින්දුවක් ලියාගන්න.. ඊට පස්සේ ඒක කියන්න.. එහෙමනම් දැන් වෙලාව පටන් ගන්නවා... මාතෘකාව ආදරය..
දසමසක් ගෙවී අහවර හැරගියා
මව් මා ලොවේ තනිකර මහ බරක් රැදුනා මත ඔබේ උර රකින්නට මා
මලක් මෙන් පිපී හිනැහෙන ආදරේ ලොව ඇති හැම එකතු කර
මහා හුගක් කර දහඩිය කදුළු හැලුවා
හැම දින සනසවා මා ලොව දිනන්නට තාත්තා....
මගේ ආදර තාත්තා ඔබය මගේ සවිය ලොවේ..
මාස දෙකක් පුරා පැවති අන්තර් පාසල් ආධුනික ගීත තරගාවලියේ පළමු තැන ලබාගන්නේ.. ආරාධනා ....
ඉතින් ආරධනා අද මොකද හිතෙන්නේ.. ලංකාවෙන්ම පළවෙනියා උන එක ගැන..
ලංකාවෙන්ම පළවෙනිය උන එකටත් වඩා මට ගොඩක් සතුටුයි.. තාත්තාට දුකක් විදින්න නැතිව ඉන්න පුළුවන් වෙන එක ගැන. ඇත්තටම මම මේ තරගයට ආවේම ඒ හින්දා.. මගේ තාත්තා.....
අම්මා ඉපදුන ගමන් මාව මේ ලෝකෙට දාලා ගිය හින්දා.. නෑයෝ හැමෝම මාව අම්මාව මරාගත්ත කාලකන්නි කෙල්ල කියලා ඇත ඇරලා දානකොට මගේ බර කරට අරගෙන අද මම මේ ඉන්න තැනට අරගෙන එන්න නොවිදිනා දුක් වින්දා. දවසට වේලක් දෙකක් කාලා. මට හැම දේම පුළුවන් උපරිමයෙන් දීලා තාත්තාගේ ජිවිතේ වටිනාම ලස්සනම කාලේ මම වෙනුවෙන් කැප කරලා අනුන්ගේ වතු සුද්ද කරන්න. කරන්න පුළුවන් හැම කුලී වැඩක් ම කරලා හිනාවෙලා "දුවේ අද දවස කොහොමද" කියලා අහලා මට දුකක් නොදී මාව බලාගන්න මගේ රත්තරන් තාත්තාව සතුටින් තියන්න ලැබෙන එක ගැන මට ගොඩාක් සතුටුයි..
. මම මෙතනට මගේ තාත්තාට එන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා.. මම දන්නවා මගේ තාත්තාගේ ඇස් වල කදුළු තියෙන්නේ සතුටට කියලා. ආදරෙයි මගේ තාත්තාට මම ගොඩාක්.
*******************************************
ජිවිතේ හැමෝගෙම බලාපොරොත්තු තියනවා. ඒ වගේම අපිට ජිවිතේ දෙන අපේ අම්මල තාත්තලා කොයි තරම් දුක් විදිනවද කියලා අපි තේරුම්ගන්නේ නෑ කවදාහරි අපි අම්මලා තාත්තලා. වෙනකන්.. අපිට අම්මාගේ තාත්තාගේ හිත සතුටින් තියන්න පුළුවන් නම් අපි ජිවිතේ ගොඩක් දේවල් දිනලා වගේ තමා. හැම දරුවෙක්ටම ඒ විදිහට ජීවිතේ දිනන්න පුලුවන්නම් එදාට ලෝකෙම ගොඩාක් ලස්සන වෙයි.
#Dev #දේව්
උපුටා ගැනීම්කි
No comments:
Post a Comment