හිමි නැති පෙම

කෙටි කතාවක්

හිමි නැති පෙම..

ඔයා මුලින්ම දැකපු දවස ගැන මතකයක් මට නෑ..ඒත් මම ඔයාව නිතරම දැකපු නිසා..ඔයා නිතරම ආව ගිය නිසා..ඒ ඔයාගේ මගේ අයියගේ හොදම යාලුවා වෙච්ච නිසා..

චිත්‍රපටි වල වගේ ඔයාව දැක්කම හුලං හැමුවේ නෑ..⁣ගස්වලින් කොළ වැටුනේ නෑ..මල් පෙති හුලගේ පාවෙලා ආවේ නෑ..

ඒ වගේම...මට මතක නෑ ඔයා ගැන ආදරයක් ඇතිවුනේ කවද්ද කියලා..ඔයා ගැන හැගීමක් ඇතිවුනේ කවද්ද කියලා..සමහර විට නිතරම ඔයා දකින කොට ඔයා ගැන අහනකොට මගේ හදවත ඔයා ලග නතර වෙන්න ඇති..

අයියා නැති වෙලාවක එයාට ආව ඇමතුමට පිලිතුරු දුන්නේ මම..ඒ කතා කලේ එයා..මොහතකට මගේ හදවත නැවතුනා වගේ..මම හිතේ තියන හැම හැගීමක්ම හංගගෙන කතා කලා..සමහර විට ඔයාට මගේ හැගුමන් දැනෙන්නඇති..තේරෙන්න ඇති..

දවසක් දෙකක්..නෑ..ඊටත් වඩා අපි දුරකතනයෙන් දොඩමලු වෙන්න ඇති..ඉතින් අපේ හැගුමන් අපට දැනෙන්න ඇති..කාලයත් එක්කම අපි පෙම්වතුන් උනේ කාටත් හොරා..

හිත් වලට හොරෙන් හංගගෙන ආදරය කරපු අපේ හදවත් වවෘතවම ආදරේ කලා..කාටත් හොරෙන්..අම්මට අයියට.තාත්තට..මුලු ලෝකයටම හොරෙන්..හෙරෙන් ආදරය කරනකොට හරිම සුන්දරයි කියනවනේ..ඇත්ත..සුන්දරයි..⁣⁣කාටත් හොරෙන් ආරය කරනකොට හරිම සුන්දරයි..

ඇස් වලින් කතා කලා කාටත් හොරෙන්..හමු උනා දහසක් ඇස් වලින් මිදිලා..

අයියට මේ සම්බන්ධය ගැන කියමුද..

ඔයා මගෙන් ඇහුවා..ඒත් මම බය වුනා..ගෙදරින් ඔයාට අකමැති වෙයි කියලා..ඔයා මට අහිමිවෙයි කියලා..

ඒත් අද මට හිතෙනවා එදා ඔයා කියන දේට එකග උනා නම් අද මෙහෙම වෙන්නේ නෑ කියලා..

ඔයා මට ලොකු ශක්තියක් උනා..මගේ කියන හැම වෙලාවකම..මම වැටුණ හැම තැනකම..ඔව්..ඔයා හිටියා මගේ හෙවනැල්ල ⁣වගේ..

මම උසස් පෙලට පාඩම් කරනකොට මාව උනන්දු කලේ ඔයා..අමාරු විෂය කරුණු කියලා දුන්නේ ඔයා..පාඩම් කරන්න පොත් ගෙනත් දුන්නේ ඔයා..

විභාගය ඉවර උනාම දවසක් අපි මුණ ගැහුණා..එදා අපි ගොඩක් ලංවුනා.ඒත් සීමා මායිම් බිදිමින් ආදරේ අනන්තයටගියේ නෑ..එදායින් පස්සේ අපි දෙන්නගේ ආදරේ වැඩියි වගේ දැනුනා..වෙනදට වඩා අපි ගොඩක් උණා..දවසක් දෙකක්..නෑ..ඊටත් වැඩිය මුණ ගැසුණා..

ඒත් ගෙදරින් අහන්න හදන හැම වෙලාවකම මම එපා කිව්වා..

එක දවසක් ඔයා මට කිව්වා..

අපි මේ සම්බන්දය නතර කරමු..

ඒ වචන ටික මට වාස්වාස කරන්කත් බැරි උනා..ඒත් ඔයා කිව්වේ..

මම කියනදේ තේරුම් ගන්න..මම හැම දෙයක්ම කරන්නේ ඔයා වෙනුවෙන්.මේ සම්බන්දේ නතර කරන්නේ ඔයාගේ යහපත ගැන හිතලා..

මම රන්ඩු කර කර ඇහුවා කියන දේවල් වල තේරුම ගැන..ඒත් එයා මට පුනපුනාම කීවේ එකම දෙයයි..

අපි වෙන්වෙමු..

හේතුවක් කියන්න අයියේ..

කිව්වම තේරුම් ගන්න.ඔයාගේ හොදටයි හැම දෙයක්ම..

දවසින් දවස ඔයා මගෙන් ඈත් වුනා..දුරකතන ඇමතුම් මග හැරියා..කතා කලත් බැන්නා..කෙටි පනවුඩ නැතුවම ගියා..

දන්නවද..මම ඔයාට ගොඩක් ආදරය කලා..ඒක වචන වලින් මෙච්චරයි කියලා මනින්න බෑ..හැම හුස්මකම හැම හීනයකම හැම පැතුමකම ඔයා හිටියා..ඔයා මගෙන් ඈත් වෙ බව දැන දැනත් මව ඔයාටආචරේ කලා..

ඔය⁣ෙ කතා නොකර ඉද්දි දැනෙන පාලුව දරා ගන්න අමාරු උනා..

ඔයා ගැනම හිතලා හිතලා මම පිච්චි  පිච්චි හිටියා..ඔයා මන් ලග නෑ..මට ආදරේ නෑ කියලා දැනෙද්දි ජීවිතේ නැති කර ගන්න හිතුන වාර අනන්තයි..ඒත් පෙරුම් පුරාලබා ගත් මනුෂ්ය ආත්මය සිය දිවි හානි කර ගෙන අවසන් කරන්න මන් අකමැති උනා..

දවසින් දවස ඉක්මනටම ගෙවිලා ගියා..කාලයත් සමගම ඔයාගේ මතකය අමතක කරන්න පුලුවන් වෙයි කියලා හිතුනා..ඒත් බැරි වුනා..ඔයා⁣ගේ මතකය මාව ජීවත් කෙරෙව්වා..

මට රැකියාවක් ලැබුනා..ඒ දවසේ ඔයාව ගොඩක් මතක් උනා..ඔයා මාව දිරිමත් කල හැටි මතක් උනා..ඔයත් එක්ක මට ඒ ජයග්‍රහනය සමරන්න ඕනි උනා..ඒත්..ඔයා මන් ලග නෑ..මම ගොඩක ඇඩුවා..ඔයාව හොයා ගෙන යන්න හිතුනා..

යාලුවෙක් එක්ක එයාගේ ස්කූටියේ නැගලා ඔයාලගේ ගමේ කීප වතාවත්ම ගියා.ඒත් ඔයාගේ ගෙදර හොයා ගන්න මට බැරිඋනා..

මට මතක් උනා ඔයාගේ මොටර් සයිකලයේ නැගලා මම කිරිල්ලියක් වගේ ගිය හැටි..ඔයා මාව පරිස්සමට එක්කන් ගියා..මාව ඔයාව බදාගෙන ගියා..ඒ..බයට නෙමෙයි..ඔයාට තියන ආදරයට .

ඔයාව හොයා ගන්න බැරි උනා..දුරකතන අංකයත් වෙනස් කරලා..ඔයා මතක් කර කර මම හැමදාම ඇඩුවා..

අපි දෙන්න ගිය පාරවල් දකිනකොට මාව පිච්චිලා ගියා..ඉතින් අපේ මතකය අලුත් උනා.

ඔයාව හොයා ගන්නම බැරිඋනා..

කාලය නතර වෙන්නේ නෑ..කාලයත එක්ක අපිත් ඉස්සරහට යන්න ඕනි..ඉතින් ජීවිතේ ඉස්සරහට යන්න ගෙදරින් මට කෙනෙක් හොයලා දුන්න⁣ා..කාගෙවත් හිතක් නොරිදෙන්න මම එයාට කැමැත්ත දුන්නා..

ඒත් මගේ හිතේ ඔයාට දුන්න තැන කාටවත් දෙන්න   බෑ..ඒ තැන තාමත් හිස්..

විවාහයට කලින් ඔයාව දකින්න ඕනි උනා..ආයෙමත් වතාවක් ඔයාව හොයා ගෙන ගියා..මගේ අවාසනාව.මට ඔයාව බලන්න බැරි උනා..

ඉතින් මම අලුත් ජීවිතයක් පටන් ගත්තා..මම විවාහ උනා..ඒත් ඔයාගේ තැන එයාට දෙන්න මට බැරි උනා..බිරිදක් විදිහට මම එයාට හැම යුතුකමක්ම ඉටු කරනවා..

සමහර දවස් වලට මට ඔයාව හීනෙන් පේනවා..නිතරම මතක් වෙනවා..ඔයා ගැන මතකය හිතේ ගුලි කරගෙන හිත ගලක් කරගෙන මන් ඉන්නවා..

මුහුණු පොතේ ඔයාගේ නම ගහලා හොයපු වාර අනන්තයි..ඒත් මුහුනු පොතේ ඔයා නෑ..

ඔයා මාව දාලා ගියපු ඓ්තුවක් මම දන්නේ නෑ..හේතුවක් කියලා ගියා නම් හිත හදා ගන්න තිබුනා..

සමහර විට ඔයා වෙන නමකින් හරි මුහුනුපොතේ ඇති..

සමහර විට ඔයත් විවාහ වෙලා ඇති..පැටියෙකු⁣ට තාත්තෙක් වෙලා ඇති..

මේ ආත්මයේ අපි හිමි වෙන්න පැතුමන් පුරලා නැතුව ඇති..ජාති ජාතිවත් තරහක් නෑ ඔයා ගැන..

එකම පැතුමක් තියනවා..මැරෙන්න කලින් එක වතාවක් තප්පරයකට හරි ඔය මූන බලා ගන්න..

නිමි..

හැමෝටම ඉන්නවා ජීවිතේ කවමදාකවත් අමතක කරන්න බැරි කෙනෙක්..ඔයාලටත් ඉන්නවද
??
උපුටා ගැනීමකි
" කෙටිකථා නිවහන දැන් ඇන්ඩ්‍රොයි ඇප් ඵකක් ලෙසින්.
https://goo.gl/uFcBWq "

 

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment