ඔහු පියෙකි..
කෙටි කතාවකි...
උබගෙන් මිදෙන්නට මා සිතුවෙමි .හති වැටෙනතෙක් මා උබට පෙම් කරේ රටක් රාජ්ජයක් අල්ලන්නට නොවේ.පුංචි කූඩුවක් තනන් චූටි පැටව් හදන් උබ ළග දැවටෙන්නයි මට ඕනේ කරේ.
උබ මා හිත බින්දේ ය.මා එය හිතා මතාම තව තවත් සිදුරු කර දැමුවෙමි.මා උබට මූණට හිනා වී යටි හිතෙන් වෛර කෙරුවෙමි.ඒ මා හීන උබ බිඳ දැමුව නිසාවෙනි .
උබ මාගේ පළමු පෙමයි.නමුත් තවත් දෙතුන් දෙනෙකුට ඒ අතරතුර මා පෙම් කෙරුවෙමි .රාගය ද වින්දෙමි.උබ ද තව ස්ත්‍රීන් කීපයකට පෙම් කෙරුවෙමි.නමුදු රාගය නොවින්දෙමි.
ටික කලක් යන විට මට උබව එපා වුණි.උබෙන් ලද රාගය මදි වුණි.මා පියවරෙන් පියවර ඉදිරියටම ගියෙමි.තවත් පර පුරුෂයන් ඇසුරු කෙරුවෙමි .නමුත් හදවතින් උබට පෙම් කෙරුවෙමි .
මසකින් දෙකකින් උබට එය ආරංචි වුණි.අතවත් මා හට එසවූයේ නැත.ශරීරයෙන් මා නොතලා හදවතට උල් පිහියකින් අැන්නේ ය.උබ ආදරණීය වදන් පැවසූ මට වේසි ලෙස ඇමතුවේ ය.ඒ උල්පිහියෙන් මා හදවත පෑරී ලේ ගැලුවෙමි.
අවුරුද්දක් දෙකක් ගෙවුණි.නමුදු උබ අතීතය අමතක නොකලෙමි.හැමදා වචනය නැමැති උල් පිහියෙන් මට ඇන්නෙමි.හදවත කෑලි වලට කැඩුවේ ය.මා එය විඳ ගත්තෙමි.නමුත් මා උබට වෛර බැන්ඳෙමි.පෙම් කල ලෙසටම.
උබ මට දැඩි සේ පෙම් කළෙමි.ඕන කරන හැමදේම අරගෙන ද දුන්නේ ය.නමුදු මා සිත පෑරී ගොස් අවසන් ය.මා හට දැණුනේ කළකිරීමකි.මා තීරණයක් ගතිමි.උබටත් නොකියා දුර රටකට ගොස් ජීවිතය විඳින්නට ය.
මා උබට ද රහසින් උබගෙන් මිදුනෙමි.සයුරින් එතෙර වුණි.අවුරුදු පහක් ජීවිතය වින්දෙමි .කාසි පනම් හෙවුවෙමි.නැවත මව් රටට පැමිණියෙමි.
මිල මුදල් යහමින් ගැවසුණි.යහළුවෝ වැඩි වුණි.දෙමාපියන් අමතක වුණි.ළදක් බව ද මඳකට අමතක වුණි.උබව ද සදහටම අමතක වුණි.නමුදු ජීවිතයේ හිස් බවක් දැණුනි.
පීඩනයෙන් මිදෙන්නට දළඳාව වදින්නට ගියෙමි .වැව රවුමේ ඇවිද්දෙමි.ඇස් දෙක මොහොතකට නතර වුණි.රූමත් ළඳක් සමග උබ සිටියෙමි.ඇය ගැබිණියකි.
හදවත කැඩුණි.කැකෑරුණි.ගිනි කන්දක් මෙන් පිපිරුණි.උබගේ කකුල් අල්ලා සමාව අයදින්නට සිතුවෙමි.නමුදු මා එය මැඩ ගත්තෙමි.
කිසිදා නොහැගුණු පෙමක් ජනිත වුණි .උබ නුදුරේදී ම පියෙකි.නමුදු මා....අතින් අතට ගිය කෙළි බඩුවකි.තැවුණි ..හැඩුවෙමි..පසුතැවුණෙමි.නමුදු කාලය පියඹා ගොස් තිබුණි.ජීවිතේ තනියම ගෙවීමට තීරණය කළෙමි .
දෙමාපියන් බැලීමට ගියෙමි.සහෝදරිය ළග ඔවුන් ජීවත් වෙති.මා නැවත හැරුණෙමි.ආපසු නොයෙන්නට ම.ජීවිතේ යහපත් කරගන්නට සිතුණි.පව් මකාලන්නට සිතුණෙමි.නමුදු කාලය ගලා ගොස් ඇත.
ආරාමෙකට ගියෙමි.කේශ කල්‍යාණය කපා දැමුවෙමි .විච්චූරණ ගලවා කසාවතට පිවිසුණෙමි.මිල මුදලින් නොල ද සැනසුම දහමින් සොයන්නට සිතුවෙමි.මරණින් මතු ලෝකය සැපවත් කරගන්නට සිතුවෙමි .නැවතත් මෙවන් පව් නොකලන්නට වෙර දැරුවෙමි.
නිමි...
උපුටා ගැනීමකි
No comments:
Post a Comment