තීන්දුව

#තින්දුව

(ජිවිතේ වරද්ද ගැනිම වරදක් නෙවේ..
මෝඩකමකි..)

" මම ඔයාට ආදරෙයි රත්තරන්...❤️

පිස්සා..මම දන්නවා..
මාත් මගේ මහත්තයට ගොඩක් ආදරෙයි "

ලස්සන අපි ආස හිතෙන විදිහට කතාව පටන් ගත්තා මාත් 😊

ආ ❤️
ද ❤️
ර ❤️
ය ❤️

ලෝකේ තියෙන ලස්සනම දේ කිව්වොත් හරි..
ආදරේ නිසා සතුටෙන් ඉන්න අය 😊 වෙලා ඉන්නකොට ආදරේ අහිමි උන අය 😢 ඉන්නවා..

පට්ට සරල තියරියක්...

පුංචි දෙයක් අහන්ම්.

ආදරය කියන වචන වල වටිනාකම කියද ?

ගොඩක් අය කතාව එක කියවන එක නැවැත්තුවා ⁣දැන්...

ඒ අයට බායි පරිස්සමින් යන්න බොලද ලෝක වලින් මිදෙන්න එක තත්පරේකට හරි වාසානාව ශක්තිය ලැ⁣බේවා කියල පාර්තනා කරනවා 😊

ආයිත් මේක කියවන ලමයිට...

ආදරේට දෙන්න පුලුවන් වටිනාකම කියද ?

උත්තරේ හිතාගන්න පුලුවන් නම් හිතේම තියන් ඉන්න මොකද තව ටිකකින් ඒ අගය වෙනස් වෙන්න යන්නේ...

ආදරේ නාමෙන් හින් එතනා බන්ඩාට ගොඩක් ආදරේ කරනවා..
ඒ දෙන්නා කසාද බැදලා සතුටෙන් ජිවිතේ ජිවිතය පටන් ගත්තා..

මතකනේ මගේ ප්‍රශ්නය ආදරයට වටිනාකම කියද ?

මෙහෙම සතුටෙන් ජිවිතේ පටන් ගත්ත හින් එතනවා මම එයාලා කසාද බැදලා අවුරදු ගානකට පස්සේ හම්බුනා..

"හින් එතනා කොහොමද?

ඉන්නවා මහත්තයා

උදේට කැවද

ඔව් දැන් තමයි කෑවේ..

පුංච දෙයක් අහන්න පුංච් උත්තරයක් දෙනවද ?

අහන්න මහත්තයා...
මට දැන් අැති වෙනකන් වෙලාව තියෙනවා..

ආදරේ වටිනාකම කියද ?"

මම හින් එතනගෙන් ඇසුවෙමි...
ඇයගේ මුහුනේ තිබුන කලකිරිම එක්වරම තරහකට පෙරලුනේය...

(ඇත්තම කිව්වොත් ඒ මුන දැක්කාම මට බය හිතුනා යකා ගහල කියලා)

"මහත්තයෝ මම හිතුවේ මෙතනට ආවේ වැදගත් දෙයක් අහන්න කියලා..
මගුලේ ආදරේ ගැන නම් කතා කරන්න එපා..
මගේ මුලු ජිවිතේම විනාස කරේ ඔය ආදරේ"

ඒක තමා මට හම්බුන උත්තරය.ඉතින් මම හින් එතනයි බණ්ඩයි ගැන හොයල බැලුවා..
ගොඩක් ආදරෙන් හිටපු දෙන්නෙක්..
ඒත් වැරදුනේ කොතනද ?

අපි ඒක ඉස්සරහට කතා කරමු...

ආ හින් එතනා ඉන්නේ කොහෙද කියල හිතනවා ඇතිනේ..
එයා ඉන්නේ මහ උළු ගෙදර නැත්තම් බෝඩිමේ නැත්තම් හිරේ....

අප්ප⁣⁣ට ඒ ඇයි ?

එයාගේ මිනිහවයි හොර ගැනියෙක්වයි මරලා...

විස්තර ඉස්සරහට දෙන්නම්..

දැන් පඩි ටෝක් දුන්න හේතුව කියන්නම්..

අද ඉදන් ඉස්සරහට කෙටි කතා විදිහට මම කතා කරන්න යන්නේ

#වැරදුනු_ජිවිත

ගැනයි නෝනා මහත්තයෝ...

මට තමා වයස අවුරැදු විසිහතරයි මාස හයයි...
ජිවිතේ ගැන ⁣ලොකුවට තමා දන්නේ නැ ඇත්ත..
ඒත් පුංචි දෙයක් ගැන කතා කරන්න හිතුවා.

ජිවිතේ වරද්ද ගත්ත අහින්සක මිනිස්සු ගැන..
ඇයි එයාලාට එහෙම උනේ..
වැරදුනේ කොතනද..
ඇයි වැරදුනේ..
දැන් ඒකට ගන්න විසදුම...

මේවා පුංච් කෙටි කතා විදිහට ගොනු කරන්න මම හිතුවා..

මම දන්නවා මේකට ලයික් නැති වෙයි පනහක්..
අවුලක් නෑ පනස් දෙනෙක් ඇත්තට මුන දුන්න කියල හිත හදා ගන්න පුලුවන්..

ඉතින් අපි හැමෝම කතා අරණට එන්නේ කතා කියවන්න නිසා ජිව්තේ වැරදුන මිනිස්සුන්ගේ කතා එක්ක මම ඉස්සරට කතා අරනට එනවා..

මේ දේවල් කරන්නේ ප්‍රසිද්ධ වෙන්වත් ලයික් ගන්නවත් නෙමේ..
හිතුවා එක මිනිහෙක් හරි වරදක් කරන්න යනවනම් ඒවගේ ප්‍රතිඵල කියල දිලා නවත්තන්න..

ඉතින් මම කැමතියි අදහස් වගේම මගේ ප්‍රශ්නෙට උත්තරේ දැන ගන්න..
ලයික් නොකරට කමක් නෑ ඒකට උත්තරේ දිලා යන්න..
අනික මට කතා ලියන්න අමාරැයි..
ඒවා ගොඩක් ලස්සන නැ..
ඇත්ත කියවන්න බෝරින් මම දන්නවා..
තාම ඉගෙන ගන්නවා ..
මම තාම මොන්ටිසෝරි ලමයෙක් වගේ කතා ලියන අය අතර..

ඒවගේම ජිවිතේ වරද්ද ගත්ත අය ඉන්නවනම් එයාගේ කතාව අනිත් අයට නිර්නාමිකව කියන්න කැමතිනම් මට කියන්න..
මට පුලුවන් විදිහට අකුර කරන්නම්..

ප්‍රශ්නේ තමයි

ආදරේ වටිනාකම කියද ?

උත්තරය ගොඩක් වටිනවා 😊

-නැවත හමුවෙමු..
ස්තුතියි

අංජන දුශ්‍යන්ත

උපුටා ගැනීමකි

 

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment