දෛවයද මේ අපේ
කෙටි කතාව
රෙෂාන් වාහනෙත් පාර්ක් කරලා ඇවිත් නෙළුම් පොකුණ ගාවට වෙලා බලා ඉදියේ නෙතුෂි එනකන්...වෙන කොහේ හරි ඇවිදින්න යන් කිව්වත් කෙල්ල කිව්වේම විහාර මහා දේවී පාර්ක් එකට යන්න ඕනිමයි කියලා...ඉතින් රෙෂාන් නෙතුගේ තීරණේට ඉඩ දීලා නිහඩ වුණේ කෙල්ලගේ හිතුවක්කාරකම නිසා...
විනාඩි පහක් විතර යනකොට බස් එකෙන් බැහැලා එන කෙල්ලව දැක්කාම වෙනදා වගේම කොල්ලාට ආදරේ හිතුණා...සුදු කළුයි මික්ස් වෙච්ච දනිස්සට පොඩ්ඩක් උඩින් තියන ගවුමක් ඇදලා කොණ්ඩේ කඩා දාලා එන කෙල්ල හරියට චූටි කෙල්ලෙක් වගේ...කෙල්ලට අවුරුදු 23ක් කියලා කියන්නවත් බෑ කෙල්ලගේ පෙනුමෙන්...
වෙනදට ඇස් වලිනුත් හිනා වෙන කෙල්ලගේ මූණ මැලවිලාදෝ කියලා රෙෂාන්ට නොහිතුණා නෙමෙයි...ඒ ඇස් වල වුනත් අද වෙනදා වගේ ප්‍රාණවත් බවක් නම් තිබුණේ නෑ...නෙතුෂි වෙනසක් නැතුවම ඇවිත් රෙෂාන්ගේ අතේ එල්ලුනේ අත සිප ගන්න ගමන්...
"මැණික.."
"ඕ මහත්තයෝ..."
"ඔයා අසනීපෙන්ද?"
"නෑ අනේ..පිස්සුද මන්දා...එන්නකෝ යමු අපි..."
නෙතු කොල්ලාගේ අතින් ඇදගෙන පාර පැනලා දිව්වේ විහාර මහා දේවී පාර්ක් එකට...
"අයියෝ තඩියෝ ඕම ඉන්නකෝ චුට්ටක්.."
"මොකක්ද බට්ටිච්චියේ කිව්වේ.."
"ආව් ආව්ව් අනේ මගේ කන අත අරින්නකෝ මහත්තයෝ..."
"බෑ.."
"අනේ ඉතින් මං කතා කළේ අපි දෙන්නගේ සස්සන සෙල්ෆි එකක් ගන්නනි වස්තූ.."
කෙල්ල කට හද හද කියන විදියට කොල්ලා හිනාව තදකර ගත්තේ අමාරුවෙන්... රෙෂාන් නෙතූවත් තුරුල් කරගෙනම ලස්සන ලස්සන පොටෝ ගොඩක් ගත්තේ කෙල්ලගේ බල කිරිල්ලට...
"දැන් යමු..."
"කොහෙද?"
"එන්නකෝ සුදුමහත්තයෝ යන්න..."
නෙතු රෙෂාන්ගේ අතත් අල්ලගෙන ඉස්සරහට ඉස්සරහට ගියේ හැමතැනම පෙමින් වෙලිලා ඉන්න කපල් දිහාත් බල බල...කෙල්ලගේ හිත හීල්ලුනේ ඉබේටමයි...
"ම්ම්ම් වාඩි වෙමු.."
කෙල්ල කොල්ලාගේ අතින් අල්ලගෙනම බෙන්ච් එකක වාඩි වුණේ ඈත බලාගෙන...කෙල්ල කොච්චර හිනා වෙලා ඉදියත් මොකක් හරි ප්‍රශ්නයක් තියනවා කියලා කොල්ලාට හිතුණා...
"නෙතු මොකක්ද ප්‍රශ්නේ..ඔයා වෙනස් මැණික අද.."
"ෂ්ෂ්...මට මෙහෙම ඉන්න දෙන්න..."
කෙල්ල රෙෂාන්ගේ කට අතින් වහලා කොල්ලාගේ පපුවට තුරුල් වුණේ උණු කදුළු පේළියක් කෙල්ලගේ කම්මුල දිගේ ගලා ගෙන යද්දී... කෙල්ලට ඇති වෙලාවක් මෙහෙම ඉන්න දෙනවා කියලා රෙෂානුත් හිත සන්සුන් කර ගත්තේ කෙල්ලව කලබල කරන්න බැරි නිසා...
"ඔයා කොහොම මේක දරා ගනීද මහත්තයෝ...මං කොහොමද මේක ඔයාට කියන්නේ..එත් මං කොහොමද මේක ඔයාට හංගන්නේ..මට එහෙම කරන්න බෑ දෙයියනේ...තව වැඩි දවසක් නෑ මට..."
කෙල්ල කොල්ලාට තුරුල් වෙලා ඇඩුවේ දැනුණ අසරණකමට...පැයක් විතර එහෙම ඉදපු කෙල්ල අන්තිමට කොල්ලාගේ තුරුලෙන් ඈත් වුණේ තවත් බලා ඉදලා වැඩක් නෑ කියලා දැන්න නිසා...
"අයියේ.."
"කියන්න මැණික..."
"ඔයාය මතකද මේ බෙන්ච් එක?"
"හ්ම් ඔව්"
"මොකක්ද විශේෂත්වය.."
"මෙතනදි තමයි මට මගේ මැණිකව අයිති වුණේ...මගේ ජීවිතේ සම්පූර්ණ වුණේ..."
රෙෂාන්ගේ වචන එක්ක කෙල්ලගේ ඉකිය තව වැඩි වුණේ හිතුවේ නැති විදියට...
"ඇයි මැණික මේ? ඇයි සුදු නෝනා ඔයා මෙහෙම අඩන්නේ?මොකක්ද වුණේ?"
"අපි ඈත් වෙමු අයියේ...අපි දෙන්නා වෙන් වෙමු..."
"මොනාද දෙයියනේ ඔයා මේ කියන්නේ...පිස්සුද සුදු නෝනා ඔයාට...ඔච්චර දෙයක් කියන්න තරම් හිත හදා ගත්තේ කොහොමද ඔයා අහ්?"
රෙෂාන් කෑ ගැහුවේ අහළ පහළ මිනිස්සුත් හැරි හැරි බලනකොට...
"මං කිව්වේ ඇත්ත අයියේ තව ටික දවසකින් ඔයාගේ මේ සුදු නෝනා නෙමෙයි ඉන්නේ..."
"මොකක්ද ඒ කතාව.."
"අපි දැන්ම වෙන් වෙමු මහත්තයෝ...නැත්තන් ඔයා එක පාරට වෙන් වෙනකොට ඒ දුක දරා ගන්න බැරි වෙයි මට...දන්නවද තව කල් යනකොටම මං කැත වෙයි...මගේ මේ ලස්සන කොණ්ඩේ ටික ටික යයි... මාව කෙට්ටු වෙයි..කැත වෙයි..කවුරුත්ම මං දිහා බලන්නේ නැති වෙයි...ඔයාට මාව පාරේ එක්කන් යන්න බැරි වෙයි...ඔයාට ලැජ්ජ හිතෙයි... වටේ පිටේ මිනිස්සු ඔයාට හිනා වෙයි..."
"ඇති සුදු නෝනා ඇති...ඕක නවත්තන්න...මට තව අහන්න ඕනි නෑ...මොනදේ වුනත් තමුසේ මගේ... තමුසෙව අත අරින්නේ නෑ මැණික.... මෙහෙම මගින් දාලා යන්න නෙමෙයි මං තමුසෙගේ අත අල්ල ගත්තේ..."
"එත්...එ..ත් අයියේ.."
"ඔව් එත් මොකක්ද?"
"මං මං ලෙඩෙක්..මට පි...ළිකා....වක්.."
නෙතුගේ ඇස් වලින් කදුළු බිදු බිම වැටෙද්දී රෙෂාන්ට කියන්න අමිහිරිම වචන ටික නෙතු අමාරුවෙන් කියලා දැම්මා...
"මැණි...ක මගේ මැණික..."
නෙතු කියපු දේ විශ්වාස කර ගන්න පුළුවන් වුණේ නෑ රෙෂාන්ට...තමන් මේ ලොකේ පන වගේ ආදරේ කරන තමන්ගේ සහකාරියට මේ වගේ ලෙඩක් තියනවා කියලා දරා ගන්න පුළුවන් මොන සහකරුවටද?
නෙතූට තමන්ගේ ජීවිතේ වගේ ආදරේ කරන රෙෂාන්ටත් මේ දේ දරා ගන්න පුළුවන් වුණේ නෑ...
"මැණික ඔයා ඒ විහිළුවක් නේද කරේ...කියන්න මැණික ඔයා බොරු නේද කිව්වේ..."
"නෑ නෑ නෑ...ඒක තමා ඇත්ත...මේ බලන්න මේ රිපෝට්ස්...ඔයාව අයිති නෑ මට...මං ලෙඩෙක්..."
නෙතූ බෑග් එක ඇතුලේ තිබ්බ රිපෝට්ස් අරන් රෙෂාන්ට විසික් කළේ පිස්සුවෙන් වගේ... රෙෂාන්ගේ ඇස් වලින් කදුළු වැටුණත් ඒ ගැන ගානක් තිබුණේ නෑ කොල්ලාට...
"ඔයා යන්න අයියේ මගේ ජීවිතේන්...මේ මං වගේ පව් කාරියක් එක්ක ඔයාට අනාගතේට යන්න බෑ... මට බල කරන්න බෑ ඔයාට මං ළග ඉන්න කියලා... මට ඕනි ඔයා සතුටින් ඉන්නවා බලන්න... මං එක්ක මවපු හීන ඔයා හැබෑ කරන්න ඕනි... මං නැති වුනාට ඔයා ඒ හීන ජීවත් කරන්න ඕනි... අනේ ඒවාට හීන වෙන්න දෙන්න එපා..ප්ලීස්..."
අඩ අඩ කියවන නෙතූව රෙෂාන් ඇදලා අරන් පපුවට තුරුල් කර ගත්තේ නෙතූට හුස්ම ගන්නවත් බැරි තරම් තදට....
"බෑ නෙතූ ඔයා මගේ...මං ඔයාව දාලා කොහෙවත් යන්නේ නෑ...මොනදේ වුනත් මං ඔයා එක්ක ඉන්නවා...මොන තත්වෙන් ඉදියත් මට මගේ කෙල්ලව වටිනවා...නෙතූ ඔයයි මගේ ජිවිතේ...ඔයා ඕනි මැණික මට...අනේ නෙතූ මාව තනි කරන්න එපා නෙතූ...මං පව් නැද්ද මැණික..."
රෙෂාන් නෙතූව බදාගෙන පිස්සුවෙන් වගේ කියෙව්වේ නෙතූව සිප ගන්න ගමන්...
---------------------------------------
මාස දහයකට පසු
---------------------------------------
රෙෂාන් හැමදාම වගේ අදත් හවස හය වෙනකොට බොරැල්ල කනත්ත ළගින් වාහනේ නවත්තලා රතු රෝස මල් පොකුරයි ඉටි පන්දනුයි අරන් වාහනෙන් බැස්සේ කදුළුක් මෝදු වෙද්දී...
"නෙතුෂි යමීෂා ගජනායක"
රන් අකුරින් දිලිසි දිලිසි තිබ්බ සොහොන් කොත ගාවට ගිය රෙෂාන් රතු රෝස මල් පොකුර තියලා සීරුවට ඉටිපන්දන් පත්තු කරලා ඉවර වෙලා එතනම බිම වාඩි වුණා...
"මැණික ඔයා ඇයි එහෙම කළේ...මං පව් නැද්ද මැණික...ඇයි මාව තනි කරලා ගියේ...ඔයාට මතකද සුදු නෝනා අද මගේ බර්ත් ඩේ එක...මීට අවුරුදු පහකට කලින් ඉදන් හැමදාම හැම අවුරුද්දෙම ඔයා හරියටම රෑ දොළහට කෝල් කරලා මට විෂ් කරනවා...අද මට එහෙම විෂ් කරේ නෑ ඔයා...ඔයාගේ සුදුමහත්තයා පව් නැද්ද මැණික...ඔයා කොහොමද ඔහොම ඉන්නේ.."
දැන් මාස දහයක කාලෙක ඉදන් රෙෂාන්ගේ දින චර්‍යාවේ අනිවාර්යයෙන් කෙරෙන රාජකාරිය වුණේ මේක විතරයි....ඒ හැමදාම හවසට නෙතූගේ සොහොන් කොත ගාවට ගිහින් පැයක් විතර ඉදලා තනියම කතා කරලා යන එක...රෙෂාන් කියන දේ අහන් ඉන්න නම් කවුරුත් ඉදියේ නෑ...
"මහත්තයා ගේට්ටුව වහන්න හදන්නේ..."
ඒ රෙෂාන් හැමදාම මෙතනට ඇවිත් අහන වචන ටික...ඔය වචන ටික ඇහුණාම තමයි රෙෂාන් එතනින් ඉවත් වෙන්නේ...
රෙෂාන් නෙතූගේ මතකේ එක්ක එළියට ආවේ නෙතූගේ ආදරේ මැවි මැවී පෙනෙද්දී...
"මහත්තයෝ අනේ මට තනි...මට බයයි මෙහෙ ඉන්න...අනේ සුදුමහත්තයෝ..."
රෙෂාන්ට නෙතූගේ වචන ඇහුණේ කණ ළගින් වගේ...රෙෂාන්ට ඕනි වුණේම නෙතූ ඉන්න තැනට යන්න...
"මං එනවා මැණික මං එනවා..."
රෙෂාන් වාහනේ ස්ටාර්ට් කරගෙන හයියෙන් ඩ්‍ර්යිව් කරන්න පටන් ගත්තා...පාරේ වැඩි වාහන ප්‍රමාණයක් තිබුණේ නැති නිසා රෙෂාන් තව තව වාහනේ ස්පීඩ් එක වැඩි කළා....
හරි සිහියකින් වාහනේ ඩ්‍ර්යිව් කළේ නැති රෙෂාන් දැක්කේ නෑ ඉස්සරහින් එන ටිපර් එක...
තමන්ගේ කාර් එක ඉස්සරහට එන ටිපර් එක පස්සේ දැක්කාත් රෙෂාන්ට කරගන්න පුළුවන් දෙයක් තිබ්බේ නෑ....
රෙෂාන්ගේ කාර් එක ටිපර් එකේ හැප්පෙනවත් එක්කම රෙෂාන්ට මතක් වුණේ නෙතූව...
"මං එනවා මැණික ඔයා ගාවට මං එනකන් ඉන්න..."
රෙෂාන් ඇස් එහෙම්ම පියවිලා ගියේ වටේ පිටේ ඇහෙන සද්ද ටික ටික අඩුවෙද්දී...
.....නිමි....
මං
සෙව් කැන්නන්තුඩාවගේ
(හිතුවක්කාර කවිකාරී)
ලස්සනයි.
ReplyDeleteලස්සනයි.
ReplyDelete