මගේ සතුට නුඹයි

මගේ සතුට නුබයි..

හෙලෝ.... කොහොමද ?
අපිත් එක්ක චැට් කරන්න අකමැතිද දන්නේ නැහැ..

හ්ම්ම් මම ඔයාව දන්නවද?
නැතිනම් ඔයා මාව දන්නවද?

ඔයා මාවවත් මම ඔයාවවත් දන්නේ නෑ මම හිතන්නේ.
එත් කැමතිනම් මට ඔයාවත් , ඔයාට මාවත් දැන ගන්න පුළුවන් වෙයි..

මිට අවුරුද්දකට කලින් මගෙත් කල්පනිගේත් ආදර කතාව පටන් ගන්නේ එහෙම ෆේස්බුක් චැට් එකකින්..

ඉතින් කියන්න.. පහන් අය්යා කොහෙද?

මම ගම්පහ, හැබැයි දැන් ඉන්නේ නම් ඉතින් ඩුබායි. තව මාස තුන හතරකින් ලංකාවට එන්න හිතාන ඉන්නේ..

එහෙමනම් අපිටත් චොකලට් කන්න පුළුවන් වෙයි.. නේද?

මොකද බැරි.... එනකොට චොකලට් ලොරියක් අරගෙන එන්නම්කෝ...

මොකක්ද පහන් අයියා ඩුබායි කීවාට ඉන්නේ කල්පිටියේ ද මන්දා...
කරවල වගේ චොකලට් ලොරි අරන් එන්න හදන්නේ.. ඔහේ ඉදන් එන්න ලොරිත් තියනවද? ප්ලේන් එහෙම නැද්ද?

අයියෝ... පිස්සු කෙල්ල මම කිවේ ලොරියක් හැඩේට තියන චොකලට් එකක් අරන් එන්නම් කියලා.. නැතිව ලොරියක පුරවලා චොකලට් අරන් එන්න ප්ලේන් එක ඇතුලට ලොරියක් දාගන්න බැහැනේ.

අහ්හ් ඒ කියන්නේ පහන් අයියා.. ලොරියක් දාගන්න දුන්නොත් අරන් එනවා කියන එකද?

ඔයා නම් මරු මගේ ටයිප් ම තමා පිස්සු කෝච්චියක්..
මොකද ඉතින් කරන්නේ..

මුකුත් නෑ ඉතින් සුපුරුදු පරිදි සේවයේ තමා.. දන්නවානේ ඉතින් ළමයි එක්ක ඉන්නකොට කොහොමද කියලා.. වෙලාව යනවා තේරෙන්නේ නෑ. මොකද කරන්නේ ඉතින් වැඩද?

කල්පනී පෙරපාසල් ගුරුවරියක්.. තාම වයස 23ක් උන කෙල්ල හරි හුරතල්. ඇත්තටම පොඩි ළමයි එක්කම ඉදලාද කොහෙද?

මේ කල්පනී.. ඔහොම ඉදලා දවසක ඔයාත් පොඩි ළමයෙක්ම වෙයි ඉතින්..

මොකද පහන් අයියා එහෙම කියන්නේ. ළමයි එක්ක ඉන්නකොට ඇත්තටම ජිවිතේ ගොඩක් ලස්සනයි වගේ.
මොනවත් බරපතල දේවල් නැහැනේ.. පිස්සුවෙන් වගේ ඉන්න එක තමා හොදම.

දවසින් දවස කල්පනිත් මමත් ෆේස්බුක් හින්දා, වයිබර් , ඉමෝ වලින් ටික ටික ලංවෙන ගමන් මටත් විවේකයක් තියන හැමවෙලේම කල්පනී එක්ක ඉන්න එක ගොඩාක් ඕන කරන දෙයක් උනත් ආදරෙයිද මගේ වෙන්න කැමතිද අහන්න තරම් පුළුවන් කමක් තිබුනේ නෑ. මට බය හිතුනේ යාලුවෙක් වගේ ලග ඉන්න කෙල්ල මට නැති වෙයි කියලා..

අයියා... කොහොමද ඉතින්. මට නම් ගෙදර ඉන්න එකත් දැන් එපා වෙලා.
අම්මලා හැමවෙලේම කියන්නේ බදින්න බදින්න කියලා.
එත් ඔය නොදන්නා කෙනෙක් බැදලා මට සතුටින් ඉන්න පුළුවන් වෙයිද කියලා මම කොහොමද දන්නේ.. මම ආස නෑ එහෙම.
අම්මලා කීවාට තේරුම් ගන්නෙත් නෑ.. ගෙදරින් යන්න හිතිලා තියෙන්නේ මට..
පහන් අයියා ඔයාට එහෙම කරදර නැද්ද ගෙදරින්..

කරදර තිබුනත් කොහොමද ළමයෝ මෙහෙ ඉදන් කසාද බදින්නේ..
ලංකාවට එනකන් මම ඔය කරදරයෙන් මිදිලා..
එක නෙමේ කල්පනී.. දෙයක් අහන්න ඕනා..
හැබැයි මේක ඇහුවා කියලා මගෙත් එක්ක තරහ වෙන්න එපා..

කියන්න අයියා.
අයියා එක්ක මොනවට තරහ වෙන්නද?
ඔයා ඉතින් මගේ ෆිට් එකනේ.
කියන්න මොකක්ද දැන් කියන්න හදන්නේ..

නංගි... කැමති නැද්ද... මාව කසාද බදින්න..
මගේම වෙන්න. නොදන්නා කෙනෙක්ට වඩා අපි අපිව දන්නවනේ..

ඔයා ඔය මේකත් ජෝක් එකකට ගත්තාද අයියා ඔහොම අහන්නේ..

අපේ නෑ කල්පනී මේ අහන්නේ ඇත්තටම..
ඔයා අකමැතිද මට.,..

අනේ නෑ පහන් අයියා. ඔයාට ඇත්තටම මම ගොඩාක් කැමති.
එත් ඔයා වගේ ලොකු රස්සාවල් කරන කෙනෙක් නෙමේ.. මම ගොඩක් දුප්පත් කෙල්ලෙක්.. එක ඔයා දන්නවනේ.. ඉතින් මම වගේ කෙල්ලෙක් ඔයාට ගැලපෙන එකක් නෑ පහන්.. ඔයා මට හොද යාලුවෙක් උනා. එත් ඊට වඩා හිතන්න මට බයයි..

පිස්සු කෙල්ල... කවුද දැන් ඔයාව මිසක් ඔයාගේ රස්සාව, ඔයාගේ සල්ලි කසාද බදින්න ඕනා කිවේ.. මට ඕන සතුටින් ඉන්න. ඉතින් ඒ සතුට ඔයා ලග තියනවා..
තව මාස දෙකකින් වගේ මම එනවා.. ආවහම අපි කසාද බදිමුකෝ..

දවසෙන් දවස අපේ ආදරේ වැඩි වෙන්න වගේම අපිට අපි නැතිව ඉන්න බැරි තරම් ලංවෙන්න අපිව තේරුම් ගන්න තරම් දුර යන්න අපිට පුළුවන් උනා වගේම ඔය කාල සිමාවේ ගෙදර අය එක්කත් කල්පනී ගොඩාක් හිතවත් වෙන්න ගත්තා..

කාලය ඉගිලිලා ගිහින් ලංකාවට එන දවසේ උදේම
කල්පනී ට මැසේජ් එකක් දාලා මම හින ගොඩක් පොදී බැදන් ගුවන්ගත උනේ එනකන් මේක කියව කියව ඉන්න කියලා..

කවි සිතට ලොබ බදින
මගේ නෙතට රස මවන
හැම හීනෙ මන් පතන
සිත් අහසේ තනි රකීන

ලග ඉන්න ලග නැතිව අඩන
හැමතිස්සෙ මගේ කියන
නින්දක් නැතිව කල් ගෙවන
ආදරෙයි මං ගොඩක් මට කියන

මගේ කෙල්ල හොයාගෙන
ඉගිලෙනවා මන් දැන්ම

අද ජිවිතේ වැදගත්ම දවස..
මම මාස ගානක් ආදරේ කරපු කෙල්ල බලන්න යන්න
ජංගමේ තිරයෙන් දැකපු කෙල්ල ඇත්තටම හොයාගෙන යන දවස.
හිතට මහා අමුත්තක් නොදැනෙනවා නෙමේ උනත්..
ආසාවෙන් හිත පිරිලා..
අද එනවා කියලා කියන්නේ නැතිවම ගිහින් පුදුම කරන්න ඕනි නිසාම ෆෝන් එකට ආපු කෝල් වලටවත් මැසේජ් වලටවත් උත්තර දෙන්න ගියෙත් නැ...

දඩාන්.............................

හැප්පුනා නේද කාර් එක... ඇතුලේ ඉන්න කෙනා හිරවෙලා වගේ. ඉක්මනට කට්ටිය එන්න.. මේ හොස්පිටල් එකට අරන් යන්න ඕනා.. හීනෙන් වගේ කියනවා විතරයි අන්තිමට මතක...

කොහොමද ඔයාට....
පැය 24 ක් විතර සිහි නැති වෙලා හිටියා..

ඩොක්ටර් මගේ කකුල් දෙක පණ නෑ වගේ ඩොක්ටර්. නිකන් කකුල් නෑ වගේ..

කලබල වෙන්න එපා පහන්..
ඔයාගේ ජිවිතේ බේරගන්න අපිට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ...
ජිවත් වෙන්න ලැබුන එක ගැන සතුටු වෙන්න ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ
ඒ තරම් කකුල් දෙකටම හානි වෙලා තිබ්බේ..
අපිට ගෙදරට කතා කරලා කියන්න විදිහක් තිබුනේ නෑ ඔයාගේ ෆෝන් එක කැඩිලා..

ගෙන්න ගත්ත ෆෝන් එකක මුලින්ම කලේ ෆේස්බුක් ලොග් වෙලා බලන එක..
කල්පනිගෙන් මැසේජ් 1000 කට එහා..
කෙල්ල ගොඩාක් කලබල වෙලා...
එත් මට අද තීරණයක් ගන්න වෙනවා.
මම වගේ අබ්බගාත කොල්ලෙක් ඒ කෙල්ලගේ ජීවිතේට බරක් වෙන්න හොද නෑ.
මට ජිවිතේ ගැන තිබ්බ හැම ආසාවක්ම නැති වෙලා...

මට සමාවෙන්න කල්පනී..
ඔයාගේ ජිවිතේ එක්ක සෙල්ලම් කලාට..
ලංකාවට එනකන් ඔයා එක්ක හිටියේ.. එත් ලංකාවට ආවට පස්සේ මගේ කලින් යාළුවෙලා හිටපු ගෑනු ළමයා හම්බුනා..
මට ගොඩාක් සතුටුයි.. සමාවෙන්න ආයෙමත් මට..
ආයේ මට කතා කරන්න එපා

කියලා මැසේජ් එකක් දාලා... ගෙදරට කතා කරලා විස්තර හැමදේම කියලා අම්මවත් පොරොන්දු කරගත්තා විස්තර මොනවත් නොකියා ඉන්න. මම කියපු විදිහටම කියන්න

පුතා මොනවද කරන්නේ...
මොනවද කල්පනා කරන්නේ..

නෑ අම්මා.. ජිවිතේ ගැන තමා කල්පනා කරන්නේ.
කොයි තරම් දේවල් කල්පනි එක්ක කරන්න හීන මැව්වද?
කොහෙවත් යන වාහනයක් ඇගට ඇවිත් මගේ හැම හීනයක්ම උදුරාගෙන ගියා අම්මා.
මගේ කෙල්ල සතුටින් කෙනෙක් බැඳලා ඉදිවී නේද අම්මා..

මට උඹ ගැන හිතා ගන්න බෑ පුතා..
මොනවා උනත් ඔයා ගත්ත තීරණේ හරි. ඒ කෙල්ලට මේ දුක් විදින්න දෙන්න ඕනා නෑ

ඇයි මහත්තයෝ මට මෙහෙම කලේ..
මම දැනගෙන හිටියා ඔයා මට එවල තිබුන මැසේජ් එකේ වගේ දෙයක් නම් වෙන්න බෑ කොහොමවත් කියලා. මම මොනතරම් පව්කාර කෙල්ලෙක් උනත් කවදාවත් මගේ ආදරේ මට වැරද්දක් වෙන විදිහේ දෙයක් වෙන්නේ නෑ කියලා.
ඔයා කොහොමද මහත්තයෝ හිතුවේ.. ඔයාගේ කකුල් දෙක නැති උනා කියලා මම ඔයාව අත හරී කියලා.. ඔයා නැතිව මට ඉන්න පුළුවන් වෙයි කියලා.
මම ඔයාට ආදරේ කලේ ඔයාගේ බාහිර දේවල් වලට නෙමේ රත්තරන්..
ඔයා කොයි වෙලාවකවත් තනිවෙලා කියලා හිතන්න එපා..

අනේ බබා.. මම වගේ කොල්ලෙක් ඔයාට හරි යන්නේ නෑ
ඔයාට ලස්සන ජිවිතයක් තියන්න ඕනා මගේ මැණික..
හොද ළමයා වගේ හොද කෙනෙක් බැදලා සතුටින් ඉන්න.
ඔයා සතුටින් ඉන්නකොට දුර ඉදන් හරි මට සතුටින් ඉන්න පුළුවන් රත්තරන්..

මගේ සතුට ඔයා ලග මගේ මහත්තයෝ..
මගේ සතුට නුඹයි..
මාව කසාද බදින්න මගේ මහත්තයෝ.
හැමදාටම මට ඔයා ලග ඉන්න ඕනා...
ඔයාට හැමදාමත් ගොඩාක් ආදරෙයි..

#දේව් Devaka Sadaruwan

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment