උත්තරංගා


🌹💕උත්තරංගා🌷💕

එළියෙ මහ හයියෙන් වහිනකොට.මං ආස නෑ ඇඳ උඩට වෙලා පොරෝගෙන කෝපි එකක් බොන්න.මට ඕනෙ ඒ වැස්සට පැනලා තෙමෙන්න.ඔහොම කිව්වට අකුණක් කෙටුව ගමන් මං ගෙදරට දුවන් එයි?අප්පෝ නෑ.තව කොහොමත් ටික දවසයි.දැන් තත්පර විනාඩි පැය ගනන් විලින් විතරයි මගේ ජීවිතේ දුර මනින්න පුලුවන්.අම්මෝ පැයක් කියන්නෙ කොච්චරක් ලොකු කාලයක්ද?

“උත්තරා….උත්තරා…. මෙහෙ එන්න දරුවෝ.පන්සලට යන්න ඕනෙ කිව්ව නේද?මේ වාහනෙත් ඇවිල්ල.යමු පරක්කු වෙනවා.””හරි අම්මා…මේ එනවෝ….අම්මා ටිකක් මෙහෙට එන්නකො.”එයා එනවලු.මට එන්නලු.අනේ මන්ද මේ කෙල්ලනම්.””අම්මා එන්නකො අනේ ටිකක්.””එනව තමයි. මේ මොකද ලමයෝ තාම ලෑස්ති නැද්ද?අපි යන්නෙ පන්සලට මිසක් වෙඩින් එකකට නෙවෙයිනෙ.”
“අම්මා දැන් ලෑස්ති වෙලා එලියට බැහැල එන්න එන්න කිව්වට මෙහෙම එන්න පුලුවන්ද?හෙයා බෑන්ඩ් එක දාන්නකො

අනේ.””හරි ශෝයි ගෑනු ලමයෙක් උනාම ඔහොමද?තමන්ගෙ වැඩ කරගන්න පුරුදු වෙන්න ඕනෙ තනියම.නැත්නම් කවදහරි දවසක මහත්තයගෙ ගෙදරදි…””අම්මා…ආයෙත් පටන් ගත්තද?අම්ම දන්නවනෙ.මගේ ජීවිතේ එහෙම දෙයක් වෙන්නෙ නෑ කියල.අම්ම දන්නවනේ මං…”ඇති පුතේ.ඒත් මට හිතෙන්නෙ නෑ මං පිළිගන්නෙත් නෑ ඔයා වගේ කීකරු හොඳ දරුවෙක්ව අම්ම කෙනෙක්ගෙන් ආයෙම ඉල්ලගන්න තරම් උඩ ඉන්න දෙවියො නපුරු වෙයි කියල.

ඔයාගෙ අසනීපෙ ගැන දනගත්ත දවසෙ මම ඇඬුව තමයි මගේ දුව මට නැති වෙයි කියල හිතලා.ඒත් ඊට පස්සෙ එක දවසකවත් මංඇඬුවෙ නෑ කියල ඔයා දන්නවනෙ.ඒකට තියෙන්නෙ එකම හේතුවයි.මම බුදුන් දෙවියන් ගැන තිබ්බ විශ්වාසය.””හරි හරි මගෙ සුදු අම්මා ඉතිං.දැන් පන්සල් ගිහින් එමුකො. අනික අම්ම හෙයා බෑන්ඩ් එක දාන්න විතරනෙ මට බැරි.හරියට ඔයා කියන්නෙ මට උයන්න ගෙදර පිළිවෙලට තියාගන්න අරව මෙව්ව ඔක්කොම බෑ වගේනෙ.”

“හරි දරුවො ඉතිං””මේකනෙ අම්මා.මට හෙයා බෑන්ඩ් එක දාගන්න බැරි එකේ වැරැද්ද අම්මගෙනෙ ඉතිං””ආ…ඒ කොහොමද පුතේ එහෙම වෙන්නෙ.තාත්තල දුවලට මොකක් කරත් අන්තිමේදි අම්ම තමයි වැරදි.”
“නෑ.මේ අහන්නකො.කවුද පොඩි කාලෙ ඉඳල තෙල් ගාල ගාල මේ කොන්ඩෙ මෙච්චරක් වැවෙන්න තරම් සාත්තු කලේ?අම්මනෙ නෙහ්?කොට කොන්ඩයක් තිබ්බනම් මටත් තිබුන එහෙනම් තනියම බෑන්ඩ් එක දාගන්න.ඒ අනුව වැරදි කවුද ම්ම්ම්?අම්මනෙ.”

“හරි හරි පුතේ ඔයා හරි.මේ අම්ම වැරදි.ඒ උනාට දරුවෝ දිග කොන්ඩයක් කියන්නෙ ගෑනු ලමයෙකුට ආභරණයක්. හ්ම් හ්ම් පරක්කු වෙනව පුතේ.අපි දැන් යමුද?” අම්මගෙයි දුවගෙයි මේ කතාව දෙන්න පරක්කු මොකද බලන්න ගේට් එක ලඟට ආව ටැක්සි එකේ කෙනාටත් ඇහුනා.ඒ කතාව අහන් හිටිය අනූප්ට උත්තරංගා ගැන දුක හිතුනා එයාව දකින්නෙත් නැතුවම. උත්තරා අම්ම එක්ක ඇවිත් ටැක්සි එකට නැග්ගා.පන්සලට යනකල්ම අම්ම අනූප් එක්ක ආ ගිය තොරතුරු ලංකාවෙ දේශපාලනය ගැන එහෙමත් කියව කියව ගියා.

පන්සල ලඟින් උත්තරාලව ඩ්‍රොප් කරල එයාලව ආයෙ ගෙදරට ඇරලවන්නත් එක්ක තමයි කතා කරගෙන තිබුනෙ.උත්තරාල පන්සලට ගිය අතරෙ අනූප් උත්තරා ගැන මොකක්දෝ කල්පනාවක හිත එහෙ මෙහෙ අරන් ගියා.උත්තරාලව ගෙදරට ඇරලවලා ආයෙ යද්දි අනූප්ට දැනුනෙ තමන්ගෙ කෙනෙක්ව දාල යනව වගේ අමුතු හැඟීමක්.ඇයි හොඳ මිනිස්සුන්ටම මෙහෙම වෙන්නෙ කියල උත්තරා ගැන මතක් වෙද්දි අනූප්ට හිතුනා. අනූප් කියන්නෙ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් උනාට එයා ජ’පුර මැනේජ්මන්ට් ෆැකල්ටි එකෙ ෆයිනල් යර් ස්ටුඩන්ට් කෙනෙක්.ඉගෙන ගන්න සල්ලි හොයාගන්න ඕනෙ නිසා එයා කරන්නෙ ටැක්සි එකක වැඩ කරන එක.

මේ සිද්දිය වෙලා සති දෙක තුනක් ගියත් අනූප්ට මතක් උනේම උත්තරාව.අන්තිමේදි අනූප් තීරණය කලා උත්තරාගෙ ගෙදර ගිහින් මේ ගැන උත්තරාගෙ අම්මගෙන් අහන්න. අනූප් කෙලින්ම ගිහින් උත්තරාගෙ අම්මත් එක්ක කතා කලා.අනූප් කියන්නෙ කොහොමත් හොඳ ගතිගුණ තියන කෙනෙක් කියලා එදා ගමන අතරෙදිම අම්ම තේරුම් අරන් හිටියෙ.ගොඩක් අමාරු වුනා උත්තරාව අනූප්ට කැමති කරවගන්න.උත්තරා හිතුවෙම කොයිවෙලාවෙ අතැරල දාන්න වෙයිද නොදන්න හුස්මක් එක්ක ජීවත් වෙන එකේ ඒ වගේ දෙයක් අනූප් ගැන හිතන එක පවක් කියලා.

ඒ හේතුව ඇරුනම අනූප් ගැන වෙන වැරැද්දක් උත්තරා දැක්කෙ නෑ.දවසක් අනූප් ආයෙම ඇවිත් උත්තරා එක්ක කෙලින්ම කතා කරල උත්තරාට තේරුම් කලා.අනූප්ට උත්තරාව කොච්චරක් ඕනෙද වටිනවද කියලා. “අහන්න අයියේ.මට තියන්නෙත් තව ටික දවසයි.ඒ කාලය අදින් ඉවර වෙයිද නැත්නන් හෙට විතරක් වෙයිද කියන්න මමවත් දන්නෙ නෑ.එහෙම තියෙද්දි ඔයා ගැන එහෙම දෙයක් හිතලා ඔයාටත් මේ ජීවිතේ බරක් වෙන්න මට ඕනෙ නෑ.අනික මං මැරෙන දවස ඉක්මනට ආවෙ නැතත් මගේ එක්ක ඉන්න හැම මොහොතක්ම ඉස්සරහදි ඔයාට දුකක් විතරක්ම වෙයි.

ඉතිං….””ඇති.ඔයා මට කැමතිද?නැද්ද?”
“තේරුම් ගන්නකො මං….”උත්තරා මමයි ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවෙ.ඒකට උත්තරේ විතරක් දෙන්න.””හ්ම්ම්……ඔව් ඒත්””එහෙනම් එච්චරයි.දෛවය අපිට නපුරු වෙන එකක් නෑ.මං පොරොන්දු වෙනව.මං ඔයාව කොහොම හරි සනීප කරගන්නව.” අන්තිමේදි ඒ පොරොන්දුව ඇත්තක් කරන්න අනූප්ට පුලුවන් උනා.ඇත්තටම ආදරේ කරන කෙනෙක් තමන් ආදරේ කරන කෙනාට පොරොන්දුවක් උනොත් ඒ පොරොන්දුව ඉටු කරන්න දෙවියොත් උදවු කරනවා.

උත්තරා හොඳටම සනීප උනා.පිට රටකට ගිහින් නෙවෙයි.මේ රටේදිම.කලින් එයාට ට්‍රීට්මන්ට් කරපු හොස්පිටල් එකේදිම .ඩොක්ටර්ස්ලගෙ කැපවීමයි උත්තරා වෙනුවෙන් එයාගෙ අම්මගෙයි අනූප්ගෙයි හිත්වල තිබ්බ ආදරයයි නිසා…….

~~~~~නිමි~~~~~~

Dulshika madhushali

 

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment