🌹💕දෛවයේ එක් නිමේෂයක්🌹💕
“සුදු මහත්තයෝ කවදද ඔයා මාව බලන්න එන්නෙ”.දාහක් පැතුම් හිතේ හිරකරගෙම ඔයාගෙ තොල් අස්සෙන් හැම වෙලේම පිටවුනෙ ඒ අහින්සක වචන ටික.”මාත් ආසයි සුදු නෝනා ඒත් මට වැඩ ගොඩ ගැහිලා” වැඩ නිසා නෙවේ මගෙ සහන්ගි මට එන්න සල්ලි නැති නිසා කියලා කියන්න හිතේ ශක්තියක් තිබ්බෙ නෑ.මට සමාවෙන්න.
ඒත් අපි කතා කරන හැම වෙලාවෙම ඔයා කීවෙ ඔයා ගැන ගොඩක් බලා පොරොත්තු තියා ගන්න එපා කියලා.ඒ වචනෙ ඇහෙද්දි මුලු ඇගම සීතල වෙලා යන්නෙ ඔයා මාව දාලා යයිදෝ කියන ප්‍රශ්නය හිතේ දෙදරුම් කන නිසා.ඔව් රත්තරං ඒ උත්තරේට ප්‍රශ්නය ඔයාගෙන් ඇහුව වාර අනන්තයි.
එදා A/L ට්‍රිප් එක යද්දි ඔයාට කොච්චරවත් මැසෙජ්,කෝල් කරලා වද දුන්නෙ සැකෙටවත්,අවිස්වාසෙටවත් නෙවේ සුදු නෝනා ආදරෙ වැඩි කමට.ඔයා නැති වෙයි කියලා හිතට පොඩි බයක් දැනිලා.ඔයාට මතකද ඔයාගෙ අත පිහියට කැපිලා මමත් කපා ගත්තා ඇයි මට හෙම්බිරිස්සාව හැදිලා ඔයත් නහයට වතුර යවාගෙන හෙම්බිරිස්සාව හදා ගත්තෙ.මගෙ පිස්සි.අපි දෙන්නගෙ ආදරෙ පිස්සන් කොටුවෙ පිස්සොවත් කරන්නෙ නෑ.😂.
මගෙ පනගෙ 19 උපන්දිනෙ ලබන්නත් ලගයි.මම එදාට ..ඔයාව කොහොම හරි හම්බ වෙන්න එනවා එහෙම හිතාගෙන
මම ඔයාට බොරු කීවා මන් ට්‍රිප් එකක් යනවා කියලා ඔයා හිතුවෙ මන් යාලුවොත් එක්ක සිංදු කිය කියා ජොලියෙ ෆන් ගන්නවා කියලා නේද අම්මි.නෑ දෙයියො ඔයාට පොඩි ගවුම් කෑල්ලක් අරන් දෙන්න මන් රුපියල් 1500ට පට්ට අවුවෙ සිමෙන්ති ඇනුවා.
අද තමා දවස ගෙදරට චූටි බොරුවක් කියලා පැන ගත්තෙ මගෙ අම්මිගෙ
සුදු මූන බලන්න.ඔයාට උදේම කෝල් එක ගත්තට පස්සෙ තිබිච්ච සතුට පිටවුනෙ කදුලු වලින්.නොපෙනුනාට ඒක මට දැනුනා.අවුරුදු 1 1/2 පරන අපේ ආදර කතාවෙ අද තමා අපි පලවෙනි පාරට හම්බ වෙන්නෙ හිතෙ සතුට කියා ගන්න බෑ FB එකෙන් හම්බුන ඔයාට මෙච්චර ආදරේ කරයි කියලා මමවත් හිතුවෙ නෑ සුදු නෝනා.වෙලාව පාන්දර 3යි මාතර බස් එකෙ නැගලා හීන මවන් ආවෙ චූටි මැනිකෙගෙ මූන බලන්න.
පීඩා කාරී ගමනකින් පස්සෙ ඔන්න මාතරට ආවා.විනඩි 5ක් යන්න හම්බුනෙ නේ නෑ කෙල්ල මාව හොයන් ආවා.ඔයාගෙ මූනෙ තිබ්බ ඒ ආදරෙ දිහා බලන්න තරම් හයියක් මගෙ හිතට තිබ්බෙ නෑ.මොකද ඔයාගෙ ලස්සනට මම හොදටම පිස්සු හැදිලා පිස්සි.
අපි ගියෙ මුහුදු වෙරලට.ගිහින් අයිනක වාඩි උනේ දාහක් දේවල් හිතේ තෙරපගෙන.මුහුදු හුලන් එක්ක එන ඒ ආදර හැගීම අපි දෙන්නගෙ තොල් හැන්ගුවෙ අපිටත් නොදැනිම.පැයක් දෙකක් හීන මවපු අපි ඒ හීන මොහොතකට සුන් කරේ ඔයාගෙ වචනෙන්”අනේ මන් ගැන ඔහොම බලාපොරොත්තු තියා ගන්න එපා රත්තරං”.ඉවසීමෙ සිමාවෙ කෙලවරට ආව මම එදා ඒ උත්තරේට ප්‍රශ්නය ඇහුවේ තදින්ම ඇවිටිලි කරලා.”මගෙ රත්තරං සුදු මහත්තයො මගෙ පපුවෙ සිදුරක්”.
ඇයගේ මුවින් පිට වූයේ ඒ වචන ටික පමනි.ඇයද මාද තදින් හැඩුවේ එයට ප්‍රතිකර්මයක් නැති නිසාමය.හඩා පලක් නැත.මම ඇයගෙ සිත හැකි තාක් සෑදුවෙමි.මා බස් රියට නැග ගෙදර ආවා පමනි මතක.
කාලය ගෙවීලා ගියෙ අපිටත් නොදැනීමයි නේද රත්තරං දැන් මාස 3ක් ඒත් අපේ ආදරයේනම් අඩුවක් වුනේ නැ.දවසක් ඔයා මට කෝල් එකක් වත් ගත්තෙ නෑ මම හොදටම කලබල වුනා අම්මි මම පිස්සෙක් වගේ ඔයාව හැම තැනම හෙවුවා.දවස් දෙකක විතර ගියේ බඩට කෑමක් වත් හිතට සැනසීමක් නැතුව පිච්ච් පිච්චි.
දවසක් ඔයාගෙ යාලුවෙක් මට කෝල් එකක් ගත්තා ඇයගෙ ගෝරෝසු ඉකි ගසන හඩින් කීවෙ ඔයා හදිසියෙ අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරා කියලා.මම නොගිය දේවාලයක් නැ,නොගිය පන්සලක් නැ,නොඇදහුව දෙවියෙක් නැ.ප්‍රාර්තනා අශිර්වාදය එක්ක කල් ගෙවුව මම.දවසක් උදෙ අවදිවන විට මග හැරුනු ඇමතුන් 30ට වඩා තිබුනා.අම්මෝ මන් ගොඩක් සතුටු උනා අම්මි ඔයා ටිකක් කපලා ගෙදර ඇවිත් කියලා.මගෙ පිස්සි නැති කාලෙ කරපු පිස්සු කියලා, ඔයා නැති කාලේ තිබ්බ දුක පාලුව අඩලා බෙදා ගන්න කියලා හිතාගෙන
කොට්ටෙන් මූන තද කරන් ඒ අංකෙට කෝල් එකක් ගත්තෙ දාහක් බලාපොරොත්තු හිතේ හංගගෙන.දුරකතනය නාද වෙනවාත් සමග බලා පොරොත්තු තව වැඩි උනා.අන්සර් කරා.කිසිදු ශබ්දයක් නැත ඇසෙන්නෙ විලාප දෙන හඩකි මගෙ හුස්ම මොහොතකට නතර වුනි.ඔව් එදා මට කතා කරපු ඔයාගෙ යාලුවා විලාප දී මට කතා කරා….#”අනේ අයියෙ…අ.නේ..අනේ කලබල වෙන්න එපා…අ..යි..යේ… සහන්ගි අද පාන්දර අපිව තනි කරලා දාලා ගියා….”#..
~~~~~නිමි~~~~~
චාරුක කලුආරච්චි
No comments:
Post a Comment