මනමාලි


නොනිමි කඳුළ - Nonimikandhula

💑මනමාලි💑(කෙටිකතාව)💛💚💜

සුදු බබා..මං කෙල්ලට කෝල් එකක් ගත්තා…කෙල්ල නිදි මතේද කොහෙද තාම…ඕ රං මහත්තයො කියන්න..මොකොද කම්මැලි කෙල්ල නිදිද?….ඔහොම නම් බෑ සුදු බබා මැරි කලාම උදේම අවදි වෙලා මට කෑම හදලා…ඔෆිස් අරන් යන්න ලොකූ බත් මුලක් බැඳලා දෙන්න වෙයි..ම්ම්..කෙල්ල හෙමින් හිනාවෙනවා…මොකද තනියම හිනාවෙන්නේ ආ….නෑ නෑ මොකුත් නෑ…රං මහත්තයො ..කියන්න සුදු බබා….කෙල්ල ලොකූ හුස්මක් දැම්මා..බර කතාවක් කියන්න වගේ….

ඔයාගේ අම්මයි තාත්තායිත් අපිත් එක්කද ඉන්න ඕන? හැමදාම වගේ මං අසරණ වෙන ප්‍රශ්නෙ වෙනද වගේම අදත් රංඳී ඇහුවා….කොච්චර කිව්වත් රංඳි තේරුම් ගන්නෙ නැති ඇත්ත….චාමර ඔයා කල්පනා කරනවද? කෙල්ලගේ ඔක්කොම ආදර වචන ඉවරයි….කල්පනා කරන්න දෙයක් නෙමෙයි රංඳි අම්මයි,තාත්තායි මං එක්ක තමා ඉන්නේ..එයාලා කොහේ යන්නද?අනික අපේ අම්මට මං නැතුව ඉන්න බෑ…අම්මලට කියන්න අක්කලාගෙ ගෙදර යන්න.මැරි කලාම අපිට ඕන විදියට ඉන්න ඕන චාමර…ඕන විදියට ඉන්න කියන්නේ මොකද්ද රංඳි අම්මයි තාත්තායි ගෙදරින් යවන එකද? කෙල්ල මොකුත් කිව්වේ නෑ..මං ෆෝන් එක කට් කලා..වැඩි වැඩිය කතා කලොත් කතාවේ අවසානෙ ලොකූ රංඬුවකින් කෙලවර වෙන්නේ කියළා මට හොඳටම තේරුනා….

පුතේ…මං වැඩට යන්න ලෑස්ති වෙන ගමන් හිටියේ..කවද්ද උඹ පිලිවෙලක් වෙන්නේ?..මං අම්මගෙ දිහාම බලන් හිටියා…අම්මා පව් .මගේ නොපෙනෙන අනාගතේ ගැන වද වෙන තරමක්…ඉක්මනට මොකක් හරි තීරණයක් ගන්නම් අම්මේ…හැමදාම ඔහොම කියනවනේ කෝ ඉතින් පුතාගේ කිසි උනන්ඳුවක් නැහැනේ…අර දැරිවි මොකද කියන්නේ? මොකුත් නෑ අම්මා..මං එහෙමම පාරට ආවා…මොනව කරන්නද කියළා හිතා ගන්න බෑ.රංඳි කියනව වගේ වෙනම ගෙවල් හද හදා ඉන්න කාලයක් නෑ.මට දැන් අවුරුදු විසි අටක්..රංඳිට විසි පහක්….ඒත් රංඳි අපේ ගෙදර එන්න බෑ කියනවා…ඒත් ඉක්මනට තීරණයක් ගන්න ඕන….

මම වැඩ ඇරිලා කෙල්ලගේ ගෙදර ආවා…සුදු බබා…කෙල්ල මාව දැක්ක විතරයි දුවලා ඇවිත් මගේ පපුවට තුරුල් වුනා…මොන ප්‍රශ්නයක් තිබුනත් රංඳි මෙහෙම පොඩි ලමයෙක් වගේ මගේ ලඟ දැවටෙද්දී මගේ හිතේ තිබුන ප්‍රශ්න ඔක්කොම අමතක වුනා..රංඳි ලඟ ඉද්දි මගේ හිතට දැනුනේ පුදුම සැනසීමක්..සුදු බබා අපි ඉක්මනට මැරි කරමු…මං කෙල්ලගේ උකුලේ ඔලුව තියා ගන්න ගමන් කිව්වේ …කෙල්ල ලස්සනට හිනාවෙනවා…ම්ම්ම්ම්..හා…රංඳිලාගේ අම්මලා අපේ ගෙදර ආවා නැකත් බාරදෙන්න…ඒ කියන්නේ අපි අනිද්දා අපේ වෙනවා..මං ගොඩාක් සතුටින් ඉඳියේ…අවුරුදු පහක ආදරේ අවසානේ….

පුංචි හෝටලේක ලස්සනම ලස්සන වෙඩින් එකකින් රංඳියි, මායි විවාහ වුනා…රංඳී..ම්ම්ම්….කෙල්ල මගේ පපුවට මූණ තියන් හිටියේ…සතුටින්ඳ..ඔව් ගොඩාක්…ඇයි ඔයාට සතුටු නැද්ද? කෙල්ල ඔලුව උස්සලා අහනවා…සතුටුයි ගොඩාක්….ම්ම්ම්….රං මහත්තයො…අම්මා දොර ලඟට ඇවිත් කතා කලා..කෙල්ලගෙ මූණෙ තිබුන සතුට එක පාරටම අතුරු දහන් වුනා…ඇයි අම්මා….උඹ අද නිවාඩු එකේ ගේ වටේ පිටේ වැවිච්ච බැද්ද ටිකක් උදලු ගාලා දෑවනම් මොකෝ…රංඳී මගේ පපුවෙන් ඔලුව අයින් කරන් ඈත් වුනා..සුදු බබා ඇයි මේ? නෑ මොකුත් නෑ ඔයා ගිහින් අම්මා කියපු දේ කරන්න…කෙල්ල බාත්රූම් එකට ගිහින් දොර වහ ගත්තා මම එහෙමම එලියට ආවා…මොකද්ද බං කාමරේ ඇතුලටම වෙලා කූඩු ගැහිලා ඉන්නේ හුලඟක් වදින්න එලියට බැහැපල්ලා….අම්මා එහෙම කිව්වේ මට නෙමෙයි රංඳිට කියළා මට හොඳටම තේරුනා…මං මොනවා කියන්නද..

රං මහත්තය..කෙල්ල මට තුරුල් වෙලා නිදි..මං දැන් නැගිට්න්න ගියොත් කෙල්ලට ඇහැරෙයි කියළා මට ලෝබ හිතුනා..ඇයි අම්මා.. මම ඇඳේ ඉඳන්ම කතා කලා.පොඩ්ඩක් එලියට බහින්න උඹට බැරිද? ඇයි අම්මා කියන්න..බබා නිදි …බබා මොන බබෙක්ද බං .මගේ මේ කකුලේ අමාරුවක් තෙල් ටිකක් ගාව ගන්න කතා කලේ..මම එහෙමම කෙල්ලගේ ඔලුව ඈත් කලා..කෙල්ල ඇස් දෙක ලොකු කරලා බැලුවේ..ඇයි රං ..අම්මා කතා කරනවා…මේ රෑ මොකටද?..කෙල්ල තරහින් වගේ ඇහුවේ..ඉන්න මං ටග් ගාලා එන්නම්….

ඇයි ඔයාගේ අම්මා හැම වෙලාවෙම රං මහත්තයා කියන්නෙ.පුතා කියන්න බෑද?..
අම්මා පොඩි කාලේ ඉඳලම රං මහත්තයා කියළා තමා සුදු බබා මට කියන්නේ…..රංඳිත් ඕන නැති ප්‍රශ්න අදින්න හදන්නේ කියළා මට හිතුනා…ඉන්න මං ඔයාට තේ එකක් හදන් එන්නම්..කෙල්ල එහෙම කියළා කුස්සියට ගියා..
මොකද්ද ඔය කරන්නේ ලමයෝ…චාමරට තේ එකක් හදනවා අම්මා..ඔය ලමය දන්නෙ නෑ මගේ පුතා සීනි කගට බොන ගාන.මං තේ හදලා දෙන්නම් මගේ කොල්ලට ඔය ලමයා යන්න..රංඳි අඩාගෙනමයි කාමරේට ආවේ…සුදු බබා…ඇයි මේ….කෙල්ල අඬ අඬා ඔක්කොම කියනවා…ඒ අම්මා මට ආදරේ නිසා සුදු බබා…කෙල්ල මොකුත් කිව්වේ නෑ…ඊට පස්සේ රංඳී මට කවදාවත් තේ එකක් හදලා දුන්නෙ නෑ..රංඳී කෑම හදන්න කියළා කුස්සියට ගියත් අම්මා එක එක දේවල් කියළා රංඳිව කාමරේට එව්වා..

මං අහලා තියෙනවා පුතා ලේලියෙක් ගෙනාවම අම්මලාට ඉරිසියාව හැදෙනව කියළා තමන්ගේ පුතා වෙන කෙනෙක්ට අයිති වුනා කියළා..ඒ න්‍යාය අපේ අම්මටත් පොදුයි කියළා මට හිතුනා..අලුත බැඳපු මනමාලි මුදුන් වහලේ ගොම ගානවා කියළා කතාවක් තියෙනවනේ ඒත් රංඳිට එහෙම අවස්ථාවක් ලැබුනෙ නෑ.අපේ අම්මා කිසිම වැඩක් රංඳිට කරන්න දුන්නෙ නෑ..එයාට ඕන වුනේ නෑ ගෙදර කිසිම වැඩක් බෙදාගෙන කරන්න..එයා හිතුවේ ගෙදර සේරම වැඩ එයා අතින් වෙන්න ඕන කියළා විතරයි.රංඳිට වුනේ බෝඩින් කාරයෙක් වගේ කලා බීලා රෙදි සෝදන් කාමරේට වෙලා ඉන්න..මට රංඳි ගැන දුකත් හිතුනා.මං ගිරේට අහුවුන පුවක් ගෙඩියක් වගේ වුනා අම්මත් ඕන ගෑනිත් ඕන….

මං ඔෆිස් ගිහින් එද්දි රංඳී අඬ අඬා ඉන්නවා..ඇයි සුදු බබා..ඔයාලගේ අම්මා ඔයාගේ ඇඳුමක් වත් සෝදන්න එපා කියනවා..කෙල්ල මාව බදාගෙන අඬන්න පටන් ගත්තා …අඬන්න එපා සුදු බබා..ඒ අම්මා මට ආදරේ නිසානේ..අම්මා විතරද ආදරේ මම ආදරේ නැද්ද …ඔයා මට අයිති නැද්ද චාමර අයියා…බැඳලා අවුරුද්දක් ගෙවිලත් ගෙදර පුංචි වගකීමකවත් රංඳිට දෙන්න අම්මා ලෝබ වුනා…

මාත් කෙල්ලෙක්..මාත් ආසයි මගේ මහත්තයට වැඩ ඇරිලා ආවම තේ එකක් හදලා..කෑම ටිකක් හදලා දෙන්න..ඇඳුන් ටික සෝදලා දෙන්න..අනික අපිට එක රැයක් නිදහසේ ඉන්න ලැබුනද හැමදාම අම්මා ඇවිත් ඔයාට කතා කරන් යනවා..මේ මොන කරුම ජීවිතයක්ද චාමර අයියා..කෙල්ල ඉකිගහනවා..හූල්ල හූල්ල බලන් ඉන්නවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ..පුතා…ඒ අස්සේ අම්මත් ඇවිත් කතා කරනවා..ඇයි අම්මා…මේ තේක බීලා මගේ වැඩ වලට උදව්වක් දීපන්…රංඳී මාව ඇතෑරලා එලියට ගියා….මේක පුදුම කරුමයක්නේ..මගේ මිනිහ එක්ක මට නිදහසේ ඉන්න නැහැනේ…රංඳී අඬ අඬාම අම්මට කෑ ගහනවා..අම්මත් ඊට වඩා සද්දෙට කෑ ගහනවා..උඹ හරි වලව් හාමිනේනේ මගේ කොල්ලගේ කරේ එල්ලිලා…මොකද්ද ගෑනියේ උඹ කිව්වේ ….රංඳී අම්මට බනිද්දී මට ඉවසන් ඉන්න බැරි වුනා..කටවහපන් රංඳී..මගේ අත රංඳීගේ කම්මුලේ..කම්මුල්‍ පාරේ සැරට රංඳී බිත්තියෙ ගිහින් වැදුනා..ඔලුව තුවාල වෙලා ලේ එනවා…කෙල්ල ඔලුවට අත තියන් අඬනවා…..දෙවියනේ ..මං හොඳටම බය වුනා ….අනේ සුදු බබා…අම්මා රංඳි දිහා බැලුවෙ වත් නෑ ලොකු හපන් කමක් කලා වගේ හිනාවෙළා ගියා…

මං කෙල්ලව කාමරේට එක්ක ආවා..අල්ලන්න එපා උඹ මාව ..රංඳී මාව තල්ලු කලා..අනේ මගේ මැණික මට සමාවෙන්න..මං බලෙන්ම රංඳිගේ ඔලුවේ බෙහෙත් දාලා ප්ලාස්ටර් කලා..රංඳී ගෙදර යන්න හැදුවත් මං යන්න දුන්නෙ නෑ..ඒත් රංඳි මං එක්ක වැඩි කතාවට ආවෙ නෑ..කසාදේ කඩන් ගෙදර යන්න බැරි කමට ඉන්නව වගේ ඔහේ හිටියා…මං රංඳිට පුදුම තරම් ආදරේ කලා.මට රංඳි ලග නැතුව නින්ඳ ගියේ නෑ..ඒත් රංඳී මගෙන් ඈත් වෙලා ඉන්න ගොඩාක් උත්සාහ කලා.අම්මයි මායි එක පැත්තක් රංඳී තනි උනා කිව්වොත් මං හරි..

රෑ ඇහැරිලා බලද්දී රංඳී මං ලඟ නෑ.මං බය වෙලා ලයිටි එක දැම්මේ..රංඳී බිම නිදි..මට දැනුනේ පුදුම අසරණ කමක්..දුක් දෙන්න මං කෙල්ලව අරන් ආව කියල මට හිතුනා..සුදු බබා.ඇයි මේ…කෝ එන්න ඇඳට…මට බෑ…මං කෙල්ලව උස්සලා ඇඳට ගත්තා….ඕන නෑ.කෙල්ල මගේ පපුවේ මූන හංඟන් කියනවා..මං එක්ක තරහද සුදු බබා..ම්ම්….හෙට වැඩට නොගිහින් සුදු බබාව දවසම තුරුල් කරන් ඉන්නම්කෝ..ම්ම්..කෙල්ල අහිංසක විදියට හිනාවුනා..රං මහත්තයා.. උඹ අද වැඩට යන්නේ නැද්ද..අම්මා උදේම කෑ ගහනවා..නෑ අම්මා අද නිවාඩුවක් දානවා.ඇයි උඹ කාමරේ ඇතුලට වෙලා ගෑනි හුරතල් කර කර හිටියම කන්න බොන්න ගෙට එයි කියළා හිතුවද? රංඳී තරහින් එලියට ගියා මමත් ඒ පස්සෙන් දිව්වා..ඇයි මොකෝ ගෑනි හුරතල් කරන්නෙ නැතුව වටේ ගැනු හුරතල් කරන්නද?

රංඳී කෑ ගහනව..ඔව් ඔව් කොහොමත් අපේ එකා වටේ ගෑණු හුරතල් නොකලට මං අහගෙන දවස් ගානක් කා එක්කද ෆෝන් එකෙන් කොමල වෙනවා..මොකද්ද අම්මා කිව්වේ ?රංඳී තරහින් වෙව්ලද්දි මං අම්ම ලඟට ආවේ..උඹේ ගෑනි මොකෙක් එක්කද හුරතල් වෙනවා මට දවස් ගානක් ඇහුනා..මට ආවේ පුදුම කේන්තියක්..මං රංඳිට කීයක් ගැහුවද කියලවත් මට මතක නෑ…රංඳී ඇඳුනුත් අරන් ගෙදර ගියා…මට දුකයි තරහයි..රංඳී ෆෝන් එක අරන් ගිහින් නෑ..මම කලබලෙන් රංඳිගේ ෆෝන් එක බැලුවා..ඒත් ඔක්කොම කෝල් තිබුනේ රංඳිගේ ගෙදරින් විතරයි..අම්මා මට ආදරේ නිසා බොරුවක් කියළා මට තේරුනා..

මං ගිහින් රංඳිට කතා කලා..එත් කෙල්ල ආයේ ආවෙ නෑ..කෙල්ලගේ අම්මයි,තාත්තායි කෙල්ලව එවන්නත් කැමති වුනේ නෑ..මට එක තප්පරයක් නින්ඳ ගියේ නෑ.මතක් වුනේම රංඳි..
ඕක අමතක කරලා දාපන් පුතේ.කෙල්ලෙක් ඕන නම් ඔයිට වඩා හොඳ කෙල්ලෙක් ගේන්න පුළුවන්.අම්මා මොනව කිව්වත් මට රංඳිව අමතක කරන්න බැරි වුනා…මං මේ ප්‍රශ්න අමතක වෙන්න හිතාගෙන බොන්න පුරුදු වුනා…සමහර දවස් වලට ගෙදර ආවේ උදේ හතරට පහට..රංඳී ඉදියනම් මට මෙහෙම වෙන්නෙ නැහැනේ..මට හැම වෙලාවෙම හිතුනා…

මං උදේ වැඩට ආවම රංඳීගේ අම්මයි,තාත්තායි අපේ ගෙදර ඇවිත් තිබුනා…..මොකද්ද ආවේ..අම්මා සැරෙන් ඇහුවේ…ආවේ මගේ කෙල්ල අම්ම කෙනෙක් වෙන්න යන්නේ…අහ් ඇත්තද..මෙහෙන් ගිහින් මාසයක් වෙනවා..මාසෙකට පස්සේද බබෙක් කියළා දැන ගත්තේ..ආ..වටේ ගිහින් හදාගෙන අපේ කොල්ලගෙන් උප්පැන්නේ ඉල්ලන්න ආවද? අම්මා සද්දෙට කිව්වේ..වටේ ගියේ නෑ අපේ කෙල්ල මේ දරුවා ඔහේගේ පුතාගෙ…රංඳීගේ අම්මට හොඳටම කේන්ති ගිහින්..අපේ කොල්ලට වෙන කෙල්ලක් ඉන්නවා හෙට අනිද්දා ඌ බඳින්න ඉන්නේ….අම්මා එහෙම කිව්වම රංඳිගෙ අම්මා යන්න ගියා..ඒත් එදා වෙච්ච මොකුත් මම දැනන් ඉඳියේ නෑ…

ඊටත් ටික කාලෙකට පස්සේ රංඳිලාගේ ගෙදරින් මට ඩිවොස් පේපර් එවලා තිබුනා…මගේ හිතේ කොනක පුංචිම පුංචි බලාපොරොත්තුවක් තිබුනා..කවදා හරි රංඳී මං ලඟට එයි කියළා ..ඒත් ඒ පුංචි බලාපොරොත්තුවත් නැති වෙන්න නේද මේ යන්නේ කියළා මට තේරුනා…මම තවත් මානසිකව වැටුන විතරයි…ඒත් මට රංඳිව එක පාරක් දකින්න ලොකූ ආසාවක් හිතේ තිබුනා..ඒ නිසාමයි මං රංඳිගේ ගෙදර ආවේ….

ඇයි මෙහේ ආවේ මාව දැක්ක ගමන්.රංඳිගේ තාත්තා ඇහුවේ..අංකල් මට රංඳි බලන්න ඕන..තමුසෙට දැන්ඳ කෙල්ලව බලන්න මතක් වුනේ. කෙල්ලව අරන් ගිහින් බලාගන්න බැරි වුන තමුසෙ රෙද්දක් ඇඳන්ඳ ආයේ ආවෙ මෙහේ? මං අසරණ විදියට එහෙමම ගෙදර ආවා…රං මහත්තයා.මං ඇඳට වෙලා කල්පනා කර කර ඉඳියේ..උඹ අර ගෑනිට දික්කසාද ලිව්න් අතසන් කරලා යැව්වද? නෑ අම්මා..ඇයි? ඒව අත්සන් කලා කියළා මං මොකෝ ආයේ බඳින්නද? ඇයි උඹ ඔහොම නාස්ති වෙලා යන්නද හදන්නෙ? අම්මගේ වැරදි නිසයි මෙහෙම උනේ කියළා කියන්න හිතුනත් මම එහෙම කිව්වේ නෑ.. මිනිස්සුන්ට කරදයක් වුනාමලු ආගමට දහමට නැඹුරු වෙන්නේ කියළා කතාවක් තියෙනවනේ..මමත් ඒ නිසාද මන්ඳා හවස පංසල් ආවා….

බෝදිය ලඟට වෙලා ටිකක් වාඩි වෙලා ඉන්න හිතාගෙන.. දෙවියනේ රංඳී..
ලොකුම ලොකු බඩකුත් උස්සන්..මං දුවලා රංඳි ලඟට ආවා..රංඳී..මගේ කෙල්ල ..රංඳී මාව දැක්ක නෑ වගේ යන්න හදනවා…සුදු බබා…රංඳී නතර වුනා…රංඳිට වෙන කෙනෙක් මැරි කරලා බබෙක් හදා ගන්න කාලයක් ගෙවිනේ නෑ කියළා මට හොඳටම දැනුනා..මගේ නේද දරු පැටියා…මං රංඳිගේ අතින් අල්ලන ගමන් ඇහුවේ..වැස්සක් වගේ රංඳිගේ ඇස් වලින් කඳුළු වැටෙනවා..සුදු බබා..මගේ නේද දරු පැටියා කතා කරන්න..කෙල්ල අඬනව විතරයි මොකුත් කියන්නෙ නෑ..මගෙ ඇස් වලත් කඳුළු..සුදු බබා…කෙල්ල ඔව් කියන්න වගේ ඔලුව වැනුවේ…මට සමාවෙන්න සුදු බබා..මං ආයේ කවදාවත් සුදු බබාට අත උස්සන්නෙ නෑ..දුකක් දෙන්නෙ නෑ..මං ගෙයක් හදනකම් අපි කුලියට ගෙයක් ගමු..කෙල්ල කඳුළු අතරින් හිනාවෙනවා..

රංඳීගේ ගෙදර අයත් එක්ක එකතු වෙලා කුලියට ගෙයක් අරන් පිලිවෙලක් කර ගත්තා .ඒත් අපේ අම්මා ආවෙ නෑ.මට කෑ ගැහුවා විතරයි.මගේ ලේ වලින් රංඳිගේ බංඬියේ දරු පැටියෙක් හැදෙද්දී මටත් පිය සෙනෙහස දැනුනා..මගේ දරු පැටියා…සුදු බබා…කෙල්ල පුදුම තරම් සතුටින් ඉඳියේ..

අපරාදෙ මගේ ගෙවුන කාලේ කෙල්ලව තුරුල් කර ගනිද්දි මට හිතුනා..කාලෙකට පස්සේ වෙනද වගේම සුපුරුදු සැනසීම හිතට දැනෙද්දී ඇස් දෙක පියාගෙන ඒ සැනසීම මං ආත්මයෙන්ම විඳ ගත්තා..ආදරේ කරන කෙනා ලඟ ඉද්දි දැනෙන සැනසීම කාටවත් කොතනකදිවත් ලැබෙන්නෙ නැතුව ඇති..මං හිතන්නේ ආදරේ කියන්නේ කෙනෙක්ට තවත් කෙනෙක් ලඟ ඉද්දී හිතට දැනෙන සැනසීමට වෙන්න ඇති ආදරේ කියන්නේ.

මහත්තයො නිදි නැද්ද ?කෙල්ලට ඇහැරිලා.සුදු බබා නිදි නැද්ද? කකුල් දෙක රිදෙනව රං ..ඉන්න මං අතගාන්නම්..එපා මහත්තයො දොයි ගන්න…ඉන්න..
කෙල්ලගේ කකුල් දෙකම ඉදිමිලා…පව් මට දුක හිතුනා…..මං ඔෆිස් යන්න ලෑස්ති වුනා..කෙල්ල මට තේ එකක් හදන්න කුස්සියට ගියා. මං ගිහින් කෙල්ලව පිටිපස්සෙන් තුරුල් කර ගත්තා…ඇයි මහත්තුරු?මං එක්ක තරහින්ඳ ඉන්නෙ? නෑ …ඇයි? මං ඔයාට අත ඉස්සුවනේ..අනේ ඒව අමතක කරන්න…මං ආයේ කවදාවත් දුකක් දෙන්නෙ නෑ මගේ මැණිකට..මං කෙල්ලව මගේ පැත්තට හරවලා පපුවට තුරුල් කර ගන්න ගමන් කිව්වේ..වැඩට ගියත් කෙල්ලව දාලා යන්න ලෝබ හිතුන නිසා මම ගෙදර නතර වුනා..හිතේ මොකද්දෝ ලොකූ බයක් තිබුනා..ඇයි මහත්තයො වැඩට යන්නෙ නැත්තෙ..ආදරේ කරන්න … මං කෙල්ලව තුරුල් කර ගන්න ගමන් කිව්වේ ..අහ් දඟ වැඩ බෑ හොඳේ….පිස්සි..ඔව් කොහොමත් පැටියා ආවම ඇරියස් කවර් කරනවා..මැට්ටා මැට්ටා…කෙල්ල හිනාවෙනවා…

මහත්තයො මට අමාරුයි.බඩ රිදෙනවා..මං කෙල්ලව හොස්පිටල් අරන් ආවා..කෙල්ලගේ අම්මයි තාත්තායි ආවත් අපේ අම්මා ආවෙ නෑ..කෙල්ල කෑ ගහනවා.මට දරාගන්න බෑ…මගේ ඇස් වල කඳුළු…මං දෙවියන්ගෙන් ඉල්ලුවා මගේ කෙල්ලව ආරක්ෂා කරන්න..ඊට ටිකකින් ලේබර් රූම් එකේ ඉඳලා ඩොක්ට එලියට ආවා..ඩොක්ට මගේ වයිෆ්…ඩොක්ටගේ මූන හරියට කලු වලාකුලු පිරිච්ච කලු අහසක් වගේ …ඩොක්ට මගේ කෙල්ල…මම වෙව්ලන ගමන් ඇහුවේ….සොරි පුතා එයාට ෆෙෂර් වැඩි වෙලා.. අපිට වයිෆ් බේර ගන්න බැරි වුනා.බබා හොඳින් ඉන්නවා…දෙවියනේ මගේ කෙල්ලට බෑ මාව දාල යන්න..මගේ මැණික …..

මං අඬාගෙනම ඇතුලට ආවෙ..කෙල්ල ඇස්දෙක පියාගෙන සදහටම ..මැණික කතා කරන්න…අපේ පැටියට අම්මී කෙනෙක් කෝ මගේ අම්මී.කතා කරන්න රත්තරනේ ..මගේ ස්පිරිතාලේ දෙවනක් වෙන්ම කෑ ගැහුවා..ඒත් මගේ කෙල්ලට ඇහුනෙ නෑ….ඊටත් ටිකකින් නිල් පාට නැප්කින් එකකින් ඔතලා රෝස පාට කොලු පැට්යෙක් ගෙනත් නර්ස් කෙනෙක් රංඳිගේ අම්මාගේ අතේ තිබ්බා.මම වගේම පුංචි කොලු පැටියෙක් කෙල්ලගේ ඇස් දෙක මගේ මූණමයි…මගේ අම්මී මේ බලන්න අපේ පැටියා..අපි ඔයා නැතුව කොහොම ඉන්නද..සැනෙකින් හැමදේම අඳුරු වෙලා යද්දි රංඳිගේ තාත්තා මාව වත්තන් කර ගත්තා…

——-නිමි——

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment