ගිනිගත් සහෝදරකම

තින්දුව
(ගිනිගත් සහෝදරකම)
පලමු කෙටිකතාව

"අයියේ මම තියන්නද

මොකද්ද තියෙන තදියම තව ටිකක් කතා කරන්න..

අයියේ මට කාලාස් යන්න පරක්කු වෙනවා...

කාලාස් කියටද

11ට අයියේ...

තාම 9.30නේ 10⁣ට ගිහින් ලැස්ති වෙනවා..
මොකද දාන් මාත් එක්ක කතා කරන්න අකමැතිද..

එහෙම නැ සුදු අයියේ...

හම් කියන්නකෝ...

කියන්න තමයි..මාත් එක්ක පුලුවන් හැම වෙලේම කතා කරන්න මැසේජ් කරන්න නංගි මට බැ ඔයා නැතුව ඉන්න..ඒක ඔයා කවදා තේරැම් ගනිද මම දන් නෑ නංගි..

එහෙම දෙයක් නෙමේ සොරි මගේ වරද අයියේ.."

හංසියි මලිතුයි කියන්නේ ආදර වන්තයෝ දෙන්නෙක්..
හංසි තාම ඉගෙන ගන්නවා..හංසි දුප්පත් තරැනියෙක්..
සමහර වෙලාවට පංති වලට සල්ලි පවා දුන්නේ මලිත්..සැබැවින්ම මලිත් හංසිට ආදරේ කරා..ඒ ආදරේ නිසාම වෙලාවකට මලිත්ට ඕන උනේ හංසි ලගට වෙලා ඉන්න හැම වෙලේම...
පොඩ්ඩක් මැසේජ් එකක් පරක්කු උනත් කෝල් නොකර හිටියත් මලිත් හංසි එක්ක රන්ඩු උනේ ඒ නිසයි...

මේ අතර මලිත්ගේ අයියාගේ වෙඩින් එක තිබුනා..

"අයියේ නාස් ලනුව දා ගත්තා නේද...
දැන් නම් නිදහසක් නැති වෙයි ඉතින්..
අනික අපිව අමතක වෙයිද දන් නෑ..."

මලිත් පැවසුවේ වෙඩින් එක දා අයියාගේ කනට කරය..

"මල්ලි උඹව මම ගොඩක් විශ්වාස කරනවා..
අක්කව මාව බලගත්තා වගේම ආදරෙන් බලා ගනින්..."

එක්තරා දවසක නැවත අයියා හමුදා සේවයට නිවාඩු ඉවර වි යන්නට සුදානම් වි මලිත්ට පැවසුවේය...

"හරි අයියා බය වෙන්න එපා මම අක්කාව බලාගන්නම්"

මලිත් සැබැවින්ම අයියාට ආදරය කල ආදරනිය චිරිතයක් වුවේය...

"අයියේ මොකද කරන්නේ...

මොකවත් නෑ නංගා ඔයා මොකද කරන්නේ "

සුපුරැදු පරිදි මලිත්ගේ හා හංසිගේ ආදර කතාව ගලා යන්නට විය...
එක්වරම ඔවුන්ගේ කතාවට බාධාවක් එල්ල වුයේ හංසට ඇසුන ගැහැනු කටහඩක් නිසාවෙනි..

"මලිත් කැවද උදේට "

නාදුනන කටහඩ හංසිට ගෙන ආවේ කුතුහලයකි..

"මලිත් කව්ද ඒ "

මලිත්ට සියල්ලටම සිටියේ අයියා පමනි..කුඩා කලම ඔහුට පියා අහිමි වු අතර මවද මෙලෙවෙ හැර ගියේ අවුරැදු දෙකකට පෙරය..

හංසි මලිත්ගෙන් ඇසුවේ තරහෙනි.ඇය බෙහෙවින්ම මලිත්ට ආදරය කලාය..ඇයට නාදුනන කාන්තාවක් මලිත් හා ගැටිම දරා ගත නොහැකි තරමේ දුකක් විය..

" ඒ අපේ නෑනා..

ඔයා කවදාවත් කිව්වේ නෑනේ නෑනා ඉන්නේ ඔයා එක්ක කියලා..
කෝ අයියා..

අයියා ආයිත් වැඩට ගියා..

අයියත් නැතුව අක්කා ඔයා එක්ක තනියම ඉන්න එකනම් අනේ මන්දා
එයාට තිබුනනේ මහ ගෙදර ඉන්න එයාගේ"

හංසි පැවසුවේ ගැහැනුන්ට තියෙන සහජ බුද්ධිය වන්නට නිසාවෙනි..
නමුත් හංසිගේ එම වචන මලිත්ට ගෙන ආවේ තරහකි..

" මේ හංසි ඒ මගේ අයියගේ පවුල තමුසෙට කොහොමද එහෙම හයියක් ආවේ අපේ අයියගේ පවුලට එයාගේ ගෙදර ඉන්න බෑ කියන්න"

මලිත් කවදාවත් හංසිට බැනලා තිබුනේම නැත..
තමුසේ යැයි කවමදාවත් කියා තිබුනේද නැත.මලිත්ගේ වෙනස සමගම හංසිට කැ ගසා හැඩිමට තරම් දුකක් පැමිනියාය...

දිනෙන් දින ගෙවි ගියේය...

"අයියේ ඇයි ෆෝන් එක ආන්සර් කරේ නැත්තේ..

මම වැඩක හිටියේ ඇයි..."

මලිත්ගේ වෙනස හංසිට දාරා ගත නොහැකි තරම් විය..

" කවදාවත් හිතුවේ නෑ මලිත් අයියා වෙනස් වෙයි කියලා"

දිනක් හංසි පැවසුවේ ඉවසා ගත නොහැකි තැනය..

"මලිත් කව්ද ඔය කතා කරන්නේ..
එන්න කාලා ඉන්න දැන් දවල් වෙලා පස්සේ කතා කරන අයට කතා කරන්න කියන්න"

හංසිට ඇසුනේ නෑනගේ කටහඩයි...
කවදාවත් හංසි කනකන් කන් නැති මලිත් කවදාවත් නැතුව එදා ෆොන් එක කට් කරලා කැමට යැමත් හංසිට ඇති කරේ තරහක්..

"හංසි තමුසෙට කොහොමද හයියක් ආවේ මගේ නෑනට මාත් එකක් බනින්න..
අනික තමුසේ නිකන් කතා කරන්නේ උඩින් පාත් වෙලා වගේනේ..
මට වඩා තමුසෙට ලොකු උනේ පාඩමනේ..
කොල් කරාම පාඩම් කරන්න කාලාස් යන්න ඕන කිය කියනේ කියන්නේ..
දැන් මොකද කොල් කරන් නැ කියල අඩන්නේ..
තියනවා නිකන් බබා නොවි දැන්..

අයියේ ඇයි මට වැරද්ද දාන්නේ ඔයා වෙනස් වුනේ අක්කා ගෙදරට ආපු දවසේ ඉදන්.

හංසි තමුසෙව මට එපා වෙලා තියෙන්නේ..
ආයිත් ඔය කටින් අක්කා ගැන පොඩි හරි වරදක් කිව්වොත් කට කඩනවා..

මලිත් මොකද්ද ඔයා කතා කරන විදිහ..
මට වඩා එයාව වටිනවද..

ඔව් ඒ මගේ නෑනා මට වටිනවා තමා අදින් පස්සේ තමුසෙගේ කටහඩවත් අහන්න ඕන නෑ මට..
අායිත් මට කතා කරල වද දෙන්න එපා.."

කාලය මෙසේ ගවි ගියේය..අවසානයේ මලිත් හංසිව අතහැර දැන්මේය...
හංසි දවස ගත කලේ හැඩු කදුලෙනි..
නමුත් ඇය මව් පියන්ට දුකක් දිමට නොහැකි නිසා දුක හිතේ තද කරන් ජිවිතයට මුන දිමට සිතා ගත්තාය..

..................................................

" මිස් හංසි අද මොකද්ද තියෙන කේස් එක කතා කරන්න..."

හංසිගෙන් ඇසුවේ සහොදර ලෝයර් මහතෙකි..

" මර්ඩර් කේස් එකක් සරත් මහත්තයා..
මාත් තාම දන් නෑ නිශාන්ත මහත්තයා බාර ගත්ත එකක් එයාට අද එන්න වෙන් නෑ කියල මට කතා කරන්න කිව්වා..
දැන් තමා නඩුව බලන්නත් යන්නේ.."

හංසි පැවසුවේ සිනාසෙමිනි..

"ඉතින් කියන්න"

හංසි පැවසුවේ අසල සිටි කාන්තාවටය...

"අනේ මැඩම් බලන්නකෝ කාලකන්නි මිනිහා බොරැවට සැක කරලා උගේ මල්ලිවයි මගේ දුවවයි මරලා දැන්මා දෙයියනේ..

හෙන හතම ගහන්න ඕන ඕකට මගේ දුවට කරපු විනාසෙට..

හරි අම්මේ අපි ඉන්නේ වැරදි කාරයන්ට දඩුවම් දෙන්න තමයි..
අද ඔයාල අල්ලපු ලෝයර්මහත්තයට ටිකක් සනිප නෑ මම තමයි බලන්නේ..
මේ ඔයාලගේ කේස් ෆයිල් එක වෙන්න ඇති..
ටිකක් ඉන්න මං කියවල බලනකන්.."

හංසි ෆයිල් එක ගෙන කියවන්නට විය..

"දෙයියනේ මලිත්..."

සහෝදරයා අතින් මිය ගිය සහෝදරයගේ ඡයාරෑපය දුටු හංසිට පැවසිය හැකි වුයේ එපමනකි...

-නිමි

ගින්දරයි පුලුන් ලං කර රැකියාවට ගිය අයියා අද සිටින්නේ සිපිරි ගෙය තුලය..
වටිනා කෙල්ලෙක් අත හැරිය මලිත් අද සිටින්නේ පොලොවේ අඩි හයක් යටය...
වරද කාගේද යන්න දන්නේ මලිත් සහ නෑනා පමනි..
නමුත් වැරදුනේ මලිත්ට මිස හංසිට නෙවේ..

අජන්ත දුශ්‍යන්ත්
උපුටා ගැනීමකි

 

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment