බැදීම

කවී ,අපිට හැමදාම මෙහෙම කරන්නත් බෑනෙ ..ඔෆිස් යනකොට චූටි පුතාව බලාගන්න කවුරුහරි හොයන්නත් ඕනෙ ..

ඔව් ඉතින් බලාගන්නනම් කෙනෙක් ඕනෙ තමා ..ඒත් පිටින් වැඩට කෙනෙක් හොයනවට වඩා අපේ අම්මව එක්ක ආවොත් චූටි පුතාට පාලුවක් නෑනෙ ..අම්මා කොහොමත් අපේ ගෙදර ඉන්න කැමතිනෙ..නංගිලාගේ ගෙදර ඉන්නෙ වැඩි කැමැත්තකිනුත් නෙමෙයි ..අනික වැඩට කෙනෙක් ගත්තම දරුවට ආදරේ කරන්නෙ නෑනෙ චාරු..

අපෝ මේ ඒක හරියන්නේ නෑ ..අම්මලාට ඉතින් තියෙන්නෙ ගමේ ගොඩේ පුරුදු නෙ ..පොඩි ලමයෙක් එහෙම කෙනෙක් ගැලපෙන්නේ නෑ ..මම ඉන්ග්ලිස් එහෙම පුලුවන් ටිකක් තරුණ ගෑණු කෙනෙක් හොයලා පත්තරේට ඇඩ්වටීස්මන්ට් එකක් දැම්මා ..බලමුකෝ ..

එහෙම කියන්න එපා චාරු ..මේ අවුරුදු හතරෙ ලමයට මොනාද උගන්නන්න තියෙන්නෙ ..ස්කෝලෙ ගියපු දවසෙ ඉදන් අකුරු උගන්නනවනෙ..ඕක ඉතින් කලින් ඉගෙනගත්තා කියලා මොනා කරන්නද .ස්කෝලෙ ගිහින් නෑ තමා අපේ අම්මා ..ඒ වුනාට චූටි පුතාට කතන්දරයක් කවියක් ලස්සනට කියලා දෙන්න අත්තම්මා කෙනෙක්ගෙ අඩුව හොදටම දැනෙනවා ..

ඇති ඇති කවී ඔය බණ ..අද කාලෙ පොඩි වුන්ට ඔය කතන්දර ගැලපෙන්නේ නෑ ..

ඔයාගෙ කැමැත්තක් ..ඔයාට ඊට වඩා පැහැදිලි කරන්නත් බෑනෙ ..ඒක කොහොමවුනත් හෙට ගමේ ගිහින් අම්මව එක්ක එන්න ඕනෙ කොලඹ ..දැන් මාසෙකට වැඩිය අම්මා නංගිලාගේ ගෙදර ..අම්මව බලාගන්න ඕනෙ අපිනෙ.බෙහෙත් ටිකක්වත් අරන් දෙන්න පුලුවන් එක්කරගෙන ආවොත් ..

ඇයි ඉතින් නංගිටත් පුලුවන්නෙ අම්මව බලාගන්න .අපිට තියෙන වැඩත් එක්ක ආය ඕවට වෙලාවක් නෑනෙ .

බලාගන්න පුලුවන් හින්දනෙ චාරු නංගි අම්මව මෙච්චර දවසක් බලාගත්තෙ .අම්මා කැමති මෙහෙ ඉන්නනෙ..මස්සිනා අම්මට සලකනවා තමා..ඒත් ඒක අම්මට පිට තැනක්නෙ.

පුතෙක්ගෙ ගෙදර වගේ දුවෙක්ගෙ ගෙදර ගිහින් ඉන්න බෑනෙ අම්මට.ඔක්කොටම වඩා වටින්නෙ හිතේ සතුටනෙ.

ඔයාගෙ කැමැත්තක් කරගන්න කවී .අම්මා මෙහෙ එක්කගෙන ආපුවහම ලොකු පුතාගෙ ස්කෝලෙ වැඩ වලටත් කරදරයි.ගමේ පල්හෑලි කියව කියව ඉදී .

ඒක මාර කතාවක්නෙ චාරු .මේ ලමයි කුඹුරක් ගහක් කොලක් දැකලත් නෑ .අඩුම තරමෙ ඒ දේවල් ගැන අහලාවත් දැනගත්තනම් මොනව වෙනවද ?

හරි හරි ඔයාගෙ කැමැත්තක් කරගන්න .

මොනවද අම්මේ මෙච්චර මේ පාරට වෙලා කල්පනා කරන්නෙ ?

දුවේ අයියා කතා කලේ නැද්ද මාව එක්කගෙන යන්න එනවා කියලා .

අයියට වැඩ ඇතිනෙ අම්මෙ .හවස් වෙලා පුලුවන් වුනොත් එයි .අම්මට තියෙන්නෙ කාලා බීලා ඉන්නනෙ .අපි වෙනසක් කරන්නෙ නෑනෙ අම්මට .

ඒ වුනාට මට අයියගෙ පොඩි එවුන් දෙන්නා මතක් වෙනවා දුවේ .පුතා මට එයාගෙම අම්මට වගේ සලකනවා තමා ඒත් දුවගෙ මහත්තයගෙ අම්මත් අසනීපෙන් ඉන්නකොට මාත් ඇවිත් තව කරදරයිනෙ.

හරි හරි අයියා එයි අම්මෙ .අපි බලමුකෝ .

වේලක් ඇර වේලක් කාලා හරි පුතාලගෙ තාත්තත් නැතුව මම කරපු දේවල් අපතෙ ගිහින් නෑනෙ .අද මගෙ කොල්ලා හොද තැනක ඉන්නවනෙ .දැන් ඉතින් මට මැරිලා ගියත් කමක් නෑ .

ආහ් අර එන්නෙ අයියා කියනකොටම .

*****************

මල්ලී අන්න ආච්චි එනවා .

කොහොමද මගෙ පුතාලට

ආච්චි නැතුව පාලුවෙන් හිටියේ ..මමයි අයියයි දෙන්නම ආච්චි ලග නිදියන්නෙ අද .රෑට අපිට කතන්දරයක් කියලා ඕනෙ

මගෙ පැටවු දෙන්නා නැතුව මාත් පාලුවෙන් හිටියෙ .මම කොලඹ ආවෙත් මගෙ පුතාලා දෙන්නා බලන්නමයි.

ලොකූ,පොඩී මොකද මේ දෙන්නා ආච්චිගෙ කාමරේට වෙලා කරන්නෙ ?ගිහින් හෝම් වර්ක් කරන්න .එක්සෑම් එකට කතන්දර එන්නෙ නෑනෙ ..

මොකද චාරු මේ කෑගහන්නෙ ඔයා.
ඔයාලා තව ටිකක් වෙලා ඉදලා ගිහින් නිදාගන්න පුතේ .චාරු පොඩ්ඩක් මෙහාට එන්නකො .මොකද්ද ඔයා දරුවො දෙන්නා අම්මගෙන් ඈත් කරන්න හදන්නෙ ?

මම ඈත් කරන්නම් හැදුවෙ නෑ .දරුවො තාම පොඩි හින්දා ඔය ගොඩේ ගති පුරුද්දට යනවා .අම්මා කියන දේවල් තමා මෙයාලත් කරන්නෙ .ලමයි ඉගනගන්න පොඩි කාලෙ බුද්ධිමත් කෙනෙක් ආශ්‍රය කරන්න ඕනැ නෙ .

දැන් මොකද්ද ඔයා කියන්න හදන්නෙ චාරු .අකුරු දන්නෙ නැති මගෙ අම්මා විතරයි පොඩි කාලෙ ඉදලා මට හිටියෙ .නංගියි මමයි ජීවිතේ ඉගෙන ගත්තෙ අම්මගෙන් .අකුරු දන්නෙ නැති මගේ අම්මා ලග ඉදලා මම එකවුන්ටන් කෙනෙක් වුනානම් මගෙ ලමයින්ට මොකද්ද මගෙ අම්මගෙන් වෙන වැරැද්ද..ජීවිතේඅන්තිම කාලෙ ඒ මනුස්සයට සැනසීමෙ ඉන්න දෙන්න .අපේ එක බැල්මකින් වචනෙකින් වයසක කෙනෙක් හිත රිදවා
ගන්නවා .එයාලගෙ හිතත් පොඩි ලමයිගෙ වගේ .

*****************
අනේ කවී ඔයා කොහෙද ඉන්නෙ ?

මොකද චාරු මේ අඩන්නෙ ?මොකද්ද වුනේ කියන්නකො

අපේ අම්මා අසනීප වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරලලු .මට දැන්ම යන්න ඕනෙ .

හරි මම ඉක්මනට එන්නම් .ඔෆිස් එකේ ඉන්නෙ .

එතකොට බබාලා

අපේ අම්මා ඉන්නවනෙ චාරු .එයා ඒ දෙන්නව බලාගනී

*****************
මොකද අක්කෙ අම්මට උනේ ..?

අනේ නංගි ..මල්ලිගෙ නෝනත් එක්ක හිතේ කරදරෙන් ඉදලා තියෙන්නෙ .අම්මා අපි කාටවත් මොකුත් කීවෙ නෑනෙ .ඒක ගැනම හිතලා අසනීප වෙලා .කෑමක්වත් හරියට කාලා නෑ මේ ටිකේ .අපේ ගෙදර ඉන්න එන්න කීවට කැමතිත් නෑනෙ අම්මා .

දැන් මොකද කරන්නෙ අක්කෙ ?අම්මට අමාරුද කියන්නෙ ගොඩක් .?

ඩොක්ටර්ස්ලනම් කීවෙ ඉක්මනට අඩුවෙයි කියලා .බලමුකො නංගි .මල්ලි ඇවිත් අම්මව ඇඩ්මිට් කරලා ගිහින් .නෑනා බලන්නවත් ආවෙ නෑ .හොස්පිට්ල් බිල් එක පේ කරන්න විදිහක්වත් නෑ .

ඒවා ගැන කලබල වෙන්න එපා අක්කෙ .චාරුගෙ අම්මනෙ.මම බිල් එක පේ කරන්නම් .

ගොඩක් පින් කවී .

ඒක මගෙ යුතුකමක්නෙ චාරු.ඔයාගෙ අම්මා කියන්නෙ මගෙත් අම්මා.දැන් යමුකො අම්මට සිහිය එයි කීවා ටිකකින් .

පුතේ පුතේ ..

ඩොක්ටර් අම්මට සිහිය ඇවිත් ..

ඉක්මනට අඩුවෙයි ලෙඩාට .මේක හිතේ ලෙඩක් වගේ .පොඩ්ඩක් රෙස්ට් කලාම හරියයි .හිතේ සතුටින් තියන්න හැමවෙලාවෙම .

දැන් කොහොමද අම්මේ ..

කෝ දුවේ මල්ලි ..මගෙ පුතා ආවෙ නැද්ද මාව බලන්න .

මල්ලි ඇවිත් ගියේ අමමෙ.අම්මා වැඩිය ඕවා හිතන්න එපා

මගෙ පුතාව බලන්න ඕනෙ මට .පොඩි ලේලිට වුනත් මගෙ දුවට වගේම මම ආදරෙයි .

මල්ලි තව ටිකකින් එයිනෙ අම්මේ .හෙට ඩිස්චාර්ජ් කලාම අපේ ගෙදර යමු අම්මා .

අනේ දුවේ මම ඒ ගෙදර එන එක හරිනෑනෙ .මගෙ තැන දාලා .මල්ලි පොඩි කාලෙ ඉදලා එක රැයක්වත් ඉදලා නෑ මම නැතුව .

අපි අම්මව අපේ ගෙදර එක්කගෙන යමු චාරු .මට මල්ලි වගේම බැරිවුනත් අම්මට පොඩ්ඩක් හරි ඒ අඩුව පුරවන්න පුලුවන් වෙයි .බෑනෙක්ට කවදාවත් පුතෙක්ගෙ අඩුව පුරවන්න බෑ තමා .

ඔයාට පින් කවී අම්මා වෙනුවෙන් කරන හැමදේකටම.මම ඔයාගෙ අම්මට සලකපු විදිහ වැරදී ..මගෙ අම්ම මල්ලි ගැන හිතනවා වගේම ඔයාගෙ අම්මත් ඔයා ගැන හිතනවා කියන්න මට අමතක වුනා.

අපිට අතීතය වෙනස් කරන්න බෑ චාරු .අපිට මේ දේ වුනානම් කියලා හිතලා වැඩ කරනවනම් මෙහෙම වැරදි වෙන්නෙ නෑ .අපිට දෙයක් වෙලා විදිනකොටම තමා ඒක අපිට තේරෙන්නෙ .අදින් පස්සෙ ඔයාගෙ අම්මට වගේම මගෙ අම්මටත් හොද දුවෙක් වෙන්න පුලුවන් වෙයි ලේලි නොවී.

#හැම-දුවෙක්ම තමන්ගේ අම්මට සලකන නෑනෙක් හොයනවා වගේම හැම දුවෙක්ටම හොද නෑනා කෙනෙක් වෙන්න පුලුවන්නම් ලේලි කෙනෙක් දුවෙක් වෙන්න පුලුවන්නම්

-අවසානයි-
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment