😍😍කදුළු කැටයම්😍😍(කෙටි කතාවක්)
මම හසීන් රන්දුල කොඩිතුවක්කු. මම මාධ්‍යවේදියක්.සාමාන්‍ය වචනයෙන් කිවුවොත් පත්තර වාර්තාකාරයෙක්.මම ඉතින් සාම්ප්‍රදායික නිකම්ම නිකං පත්තර වාර්තාකාරයෙක්නම් නෙවෙයි. රටේ වැඩිපුරම ආන්දෝලනාත්මක වාර්තා සපයන්නේ මම කිවුවොත් ගොඩක් දුරට හරි.මරණ තර්ජන එහෙමත් නැතුවම නෙවෙයි.ඒවට බයේ නම් මම මගේ වෘත්තිය පාවා දෙන්නෙ නෑ.
මම ඍජු ගමනක් යනන කැමති තනි වචනේ පුද්ගලයෙක්.වෘත්තියෙන් පරිබාහිරව මගේ සාමාන්‍ය ජීවිතේ නම් මම ගොඩක් විනෝදකාමීව ජීවත් වෙන පිස්සු කොල්ලෙක්. මට ඉන්නේ අම්මයි තාත්තයි නංගියෙකුයි විතරයි.ඒ තමයි ඉතින් මගේ මුලු ලොකේම.නිවාඩුවක් ලැබුනම යාලුවො එක්ක එකතු වෙලා පොඩි පොඩි පික්නික් යනෙක මගෙ පුරුද්දක් වෙලයි තිබුනේ.
එදාත් එහෙම දවසක්. ඒ දවස තමයි මගේ ජීවිතේ ලස්සනම දවස.මගේ යාලුවො කට්ටියත් එක්ක බීච් එකට ගියේ හොදට ජොලියක් දාලා එන්න කියල හිතාගෙන.ඩබල් දාලා බයික් වල තමයි අපි ගියේ.
"ඒ මචං අර බලපංකො"
ගලක් උඩ වාඩිවෙලා අන්නාසි අච්චාරු කෑල්ලක් කකා හිටපු මගෙ පිටට තට්ටු කරල දේශාන් මට කතා කලා.
"මොකක්ද බං?"
මම දේශාන් පෙන්වපු දිහාට දෑස් ගෙන ගියා.
"අර බලහං උඹට පේනවද අර කෙල්ලො දෙන්නෙක් ඉන්නේ. බලපංකො අරකිගේ කොණ්ඩෙ."
කෙල්ලන්ගේ දිග කොණ්ඩවලට මම කැමති බව දන්න නිසාද කොහෙද දේශාන් මට කොණ්ඩෙ දණහිසටත් වඩා පහලට ගොතල දාලා දිග ගවුමක් ඇදගෙන ඉන්න කෙල්ලෙක්ව පෙන්නුවා.
හ්ම් එදා තමයි මගේ ජීවිතේට මම දැකපු අහිංසකම මූණ තියෙන කෙල්ලව දැක්කේ.ඇය එතරම්ම සුදුම සුදු කෙල්ලෙක් නෙවෙයි. හැබැයි එකපාරක් දැක්කම දෙපාරක් බලන්න හිතෙන අමුතු ලස්සනක් ඇගේ රුවේ තිබුනා. ඒ අලු පාට හීනි ඇස්වල පුදුමාකාර ලස්සනක් තිබුනේ.මම බලාගෙන හිටියේ වශිවෙලා වගේ.තවත් ඒ වයසෙම වගේ ගෑණුළමයෙක් එක්ක මොනවදෝ කියව කියව හිනාවෙනව.. අනේ ඒ හිනාව... කෙලින්ම ගිහින් නතර වුනේ මගෙ හදවතේ ගැඹුරුම තැනක.එදා ඉදන් මම ඒ අහිංසක ඇස් දෙකට ලස්සන හිනාවට ආදරේ කරන්න ගත්තා.එදායින් පස්සේ ඒ ගෑණුළමයා ගැන විස්තර හොයාගන්න එක තමයි මගෙ එකම රාජකාරිය වුනේ. වෘත්තිමය වැඩ කටයුතු එක්ක කොයිතරම් කාර්යබහුල වුනත් මම ඇය ගැන සොයන එකනම් කිසිසේත්ම නැවැත්තුවේ නෑ.
"මේ ...... නංගි මට පොඩ්ඩක් මේ ඇඩ්‍රස් එක කොයි හරියෙද කියල කියනවද.."
රෝස පාට පිම්බුණු සාරියක් ඇදල කොණ්ඩෙ තනිකරලට ගොතල පිට දිගේ දාලා බස් හෝල්ට් එකට වෙලා හිටපු ඒ සුරංගනාවිගෙන් මම ඇහුවේ ඇය සමග කතා කරන්න අවස්ථාවක් හදාගන්න.
ඇය මගේ අතේ තිබුනු කොලයට දෑස් යොමු කලේ මම දිහා නොබලමයි.
" මෙහෙම තැනක් නම් මම හරියට දන්නෑ මිස්ටර්.වෙන කෙනෙක්ගෙන් අහන්න."
ඇය කිවුවෙ දිලිසෙන ඇස්වලින් මම දිහා බලල සිහින් සිනහකවකින් මුව සරසගෙන. මං ඈතින් බයික් එක නවත්තගෙන බලන් ඉදලා යන බස් රථය පිටුපසම ගියා.ඔය විදියට දවස් කිහිපයක්ම ගිහින් තමයි මම කෙල්ලගේ විස්තර ටික හොයාගත්තේ.
ඇය පෙර පාසල් ගුරුවරියක්.ඇගේ නම මලින්දි හංසනී.
" මේ මිස් මලින්දි මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද"
දවසක් බස් හොල්ට් එකට වෙලා ඉදපු කෙල්ල ලගට ලං වෙලා මම කතාවකට මුල පිරුවා.
" මට පොඩ්ඩක් නම් නෙවෙයි ගොඩක් කතා කරන්න පුලුවන්. ඒත් ඔයා කොහොමද මගෙ නම දන්නෙ.ඔයා කවුද?"
කෙල්ල නිකං ඇහුවෙ පොලිසියෙන් වගේ.මගේ දිහා බලාගෙනම.
" ඒක තමයි මිස් මම හැමදේටම උත්තර දෙන්නම් මට පොඩ්ඩක් කතා කරන්න දෙන්න."
මම කිවුවෙ කෙල්ලගේ වෙනස් වන ඉරියව් දිහා බලාගෙනමයි.
"හරි හරි මම ඔයාගේ කට අල්ලගත්තෙ නෑනෙ.කියන්න තියෙන දේ කියන්න."
අම්මටසිරි එකේ සද්දේ...මට එහෙම හිතුනත් මම වචන කලේ නෑ.
" මේකයි මිස් මම කෙලින්ම කියන්නම්කෝ.මම ජර්නලිස්ට් කෙනෙක්.මිස් දන්නවත් ඇති හසීන් රන්දුල කොඩ්තුවක්කු කියන්නේ මම."
ඒක කිවුවම කෙල්ලගේ ඇස් ගැස්සුනත් ඇය ඒ බව මගෙන් මග හරින්නට මුහුණ වෙනස් කරගත්තා.
"ඉතින්.."
ඇය කිවුවෙ පාරෙ යන වාහන දිහා බලාගෙන.ඇය නතර කරපු බස් රථයට ගොඩ වුනේ මගේ දිහා නොබලමයි.මමත් ඇයව අනුගමනය කරමින් බස එකට නැගලා ඇය අසලින්ම ඉදගත්තත් ඇය මාව ගනන් ගත්තෙවත් නැතිව ජනේලයෙන් එලිය බලාගෙන ගියා.
"මිස් මම ඔයාට ගොඩක් දවසක ඉදලා කියන්න හිටියේ මම මිස්ට ආදරෙයි මිස්.මිස් දැකපු පලවෙනි දවසෙ ඉදලම මම මිස්ට ආදරෙයි."
"වට්????"
අකුණක් ගැහුවා වගේ මම ද්හාවට හැරිලා ඇය අහපු සද්දෙට අපට ඉස්සරහින් වාඩි වෙලා උන්නු දෙන්නත් අපි දිහාව බැලුවා.
"යස් ඈම් ටෝකින් සීරියස්ලි. I love you miss.. මම මිස් ගැන හැමදේම දන්නව මිස්."
මම එහෙම කිවුවෙ මගෙ ඇස්වල කදුලු පුරවගෙන.ඒ බව දැකලද මන්දා කෙල්ල මුකුත්ම නොකියා ජනේලෙන් පිටත බලාගෙන ගොඩක් දුර යනකං නිහඩවම ගියා.
එහෙම කාලයක් තිස්සෙ ඇය පස්සෙ ගිහින් ගිහින් ඇයව මිතුරියක් විදියට ආශ්‍රය කලා මම කාලයක්ම.ඇයගෙන් ආදරය ගැන අහන හැම වෙලාවකම ඇගෙන් ලැබුනු පිලිතුර වුනේ ඇයව මට ගැලපෙන්නෙ නෑ කියලයි.ඒකට හේතුවක් ඇය මට කිවුවෙ නෑ.
----------------------------------------------------
"හෙලෝ....මචං හසී මම දේශාන් බං"
" ආ ඔවු කියහං මොකෝ මේ හදිස්සියෙන් වගේ."
කලබලෙන් වගේ දේශාන් කතා කරපු නිසා මම එහෙම ඇහුවා.
"හදිස්සියක් තමයි බං උඹ කලබල වෙන්නෙපා මලින්දි හොස්පිට්ල් එකේලු."
"මොකක් ඒ මොනව වෙලාද.මම දැන් එනව බං මේ දැන් එනව."
පත්තරයට ලිපියක් සකස් කරමින් හිටි මම යතුරත් අරගෙන එලියට බැස්සෙ පිස්සුවෙන් වගේ.මම හොස්පිට්ල් එකට යනවවත් මට මතකයක් තිබුනෙ නෑ.
මම යද්දි මලින්දිගෙ මවත් පියත් නැගණියත් හිටියේ අයි සී යූ එක ඉස්සරහ..
"ඇයි අම්මේ මොකද වුනේ."
මම ඇහුවේ පිස්සුවෙන් වගේ.
" අනේ පුතේ මගෙ කෙල්ලගේ පපුවෙ සිදුරක් පුතේ.අද ගොඩක් අමාරු වුනා."
ඇගේ අම්මා කිවුවෙ අඩමින්..මට උන්හිටි තැන් අමතක වුනා ඒක කිවුවම.එදා තමයි මම දැනගත්තෙ මෙච්චර දවසක් ඇය මගෙ ආදරෙ පිලිනොගත්තෙ මේ අසනීපය නිසා කියල.
.........................................................
ඔය විදියට කාලයක් ගතවුනේ මගේ ජීවිතයම මම ඇය වෙනුවෙන් කැප කරද්දි.මම නොගියපු පන්සලක් දේවාලයක් නැති තරම් මගේ මැණිකව පරිස්සම් කරල දෙන්න කියල. විශ්වයේ ආශ්ටචර්යයක්ද මන්දා මම ඇයව පිටරට අරගෙන ගිහින් මාස ගානක් තිස්සේම ප්‍රතිකාර කරා. කොහොමහරි මට ඇයව සනීප කරගන්න පුලුවන් වුනා..එතැනින් පස්සේ මගෙත් ඇයගෙත් ජීවිතය ගොඩක් ආදරෙන් සතුටින් තමයි ගෙවුනේ.
"චූටි මහත්තයො.."
ඇය මට කතා කලේ එහෙමයි.
"ඇයි මට මෙච්චර ආදරේ"
ඇය අහන්නේ මගේ උරහිසෙ ඔලුව තියාගෙන..
"ඒක මම දන්නෙත් නෑ අහිංසකී."
මම ඇයට ආදරේට කිවුවෙ අහිංසකී කියල.උරහිස සීතල වෙනව වගේ දැනිලා මම කෙල්ලගෙ මූණ ඔසවල මගෙ පැත්තට හරවගත්තා.
"ඇයි මැණික මේ"
"හ්ග්...හ්ග්...හ්..හ්.., ම...ට.. මේ..ආදරේ දරන්න බෑ චූටි මහත්තයෝ.."
කෙල්ල කිවුවෙ පුංචි එකෙක් වගේ ඇස් පොඩි කර කර අඩනගමන්. මේවගේ වෙලාවට තමයි මට මේකිව අල්ලල ගිලින්න හිතෙන්නේ. පුදුම අහිංසකකමක් තමයි ඇය ලග තිබුනේ..
"අයියෝ පිස්සියේ මේකිට ආදරේ කරන්නත් බෑ ටැප් එක ඇර ගන්නවනේ..ම්ම්.."
මම කෙල්ලගේ මූූණ දෝතට අරගෙන ඒ නලලට කිස් එකක් දිලා ඒ සුදු කම්මුලක් අතගෑවේ දරාගන්න බැරි ආදරයකින් හිත පිරිලා යද්දි.කෙල්ල තාමත් කදුලු පුරවගෙන මං දිහාම බලන් ඉන්නවා.මම කෙල්ලගේ දෙතොල්වලට බර වුනේත් කෙල්ලගේ ඇස් යාන්තමට පියවුනෙත් එකවිටයි.ඒ විදියට අපි කොතෙක් වෙලා හිටියද කියල අපි දන්නෑ..මම කෙල්ල අඩන වෙලාවට නලවගන්නේ ඔය ට්‍රික් එක දාලා තමයි..
පව් මගේ අහිංසක හා පැටික්කි.පුදුමාකාර ආදරයක් අපි දෙන්නා අතර තිබුනේ.
-------------------------------------------------
රාජකාරී වැඩ කටයුතු කරගෙන යන අතරමගදි මට නාදුනන දුරකතන ඇමතුමක් ආවා.
" මේ mr.රන්දුල වෙන්න ඇති කතා කරන්නේ"
හරි ගොරෝසු පිරිමි කටහඩකින් එහෙම ඇහුවා.
" ඔව් රන්දුල තමයි.කවුද මේ?"
" පත්තර මහත්තයෝඕඕඕඕ..... මම මේ කතා කලේ පොඩි warning එකක් දෙන්න කියල.අර ලොක්කයියගේ කුඩු කන්ටේනර් සීන් එක ගැන ලියන ආටිකල් එක වහාම නවත්තපං මහත්තයො. නැත්නම් පසුවට කරදර වෙයි. "
"මොකක් ??????උඹ කවුද මගේ වැඩ නවත්වන්න.කවුද මේ කතාකරන්නේ?"
මම එහෙම ඇහුවේ මේ වගේ දේවල් අපිට සාමාන්‍ය දේවල් නිසා.දවසට මේ වගේ ඇමතුම් කියක් නම් එනවද.
" මම කවුද කියල දැනගන්න පුලුවන් වෙයි උඹ ඔය වැඩේ නැවැත්තුවෙ නැතොත් මහත්තයෝ..මේ හොද හිතින් කියන්නෙ.ඊළග පාර මෙහෙම කියන්නෑ පත්තර මහත්තයෝ හරි?"
එහෙම කියපු ඒ නාදුනන දුරකතන ඇමතුම විසන්දි වුනා.නැවත මම ගන්න උත්සහ කලත් ඒක ෆෝන් බොක්ස් එකකින් ගනිපු දුරකතන ඇමතුමක්.
තර්ජන වලට බයේ මගේ ගමන මම නවත්වන්නෑ.මම මේ ගැන ගෙදරටවත් අහිංසකීටවත් කියන්න නොගියේ එයාල කලබල වෙන බව දන්න නිසා.ඒ දුරකතන ඇමතුමින් මම නතර වුනේ නෑ දිගටම පත්තරවලට වාර්තා සැපයුවේ වගකිවයුත්තන්ගේ නම් ගම් පවා සදහන් කරමින්.
අද මගේ කෙල්ලගෙ උපන්දිනේ මාස ගානක ඉදන් මම ඒ වෙනුවෙන් මුදල් ටික ටික ඉතුරු කලේ මගෙ කෙල්ලට ආස කරන හැම දෙයක්ම අරගෙන දෙන්න.ඉතින් මමත් මලින්දිත් ඇති තරම් ශොපින් කලා.කෙල්ලට ආස කරන හැමදේම අරගෙන දුන්නා.
"පිස්සුද මැණික ඔයාට ඕක කොහොමද අරගෙනවත් යන්නේ."
කෙල්ලගේ size එකේම විතර ලොකු ටෙඩි බෙයාර් කෙනෙක් ලග නතර වෙලා නාහෙන් අඩන කෙල්ලගෙන් මම ඇහුවේ හිනා වෙවී.
" මම කොහොමහරි ගෙනියන්නම්කෝ."
කෙල්ල කිවුවෙ දිලිසෙන ඇස්වලින් හිනාවෙමින් ටෙඩි බෙයාර්ට තුරුල් වෙන ගමන්.
" අනේ මගේ චන්ඩි කෙල්ල"
මම කෙල්ලගේ නාහේ මිරිකුවා..
ඔය විදියට එදා දවසම සන්තොසෙන් ගත කරපු අපි දෙන්නා බීච් එකට ගියේ කෙල්ලගේ පෙරැත්ත කිරීමටමයි.
අපි බීච් එකට ගිහින් නතර කරල තිබුනු බෝට්ටුවක් ලග නතර වුනා. එයට පිට දිලා හිටගනිපු මම කෙල්ල දිහා බැලුවෙ දරාගන්න බැරි ආදරේකින්.
" චූටි මහත්තයෝ"
කෙල්ල හිටියේ මගේ පපුවට තුරුලු වෙලා.
"ඇයි අනේ මහත්තයා කිවුවම වයසයි වගේ..."
මම කිවුවේ කෙල්ලගේ හිස පිරිමදින ගමන්.ඒ කතාවට ඔලුව උස්සල මගේ දිහා බලපු කෙල්ල මගේ කම්මුලක් ඒ සිනිදු අතින් පිරිමදිද්දි මගේ ඇස පියවිලා ගියේ ඉබේටමයි.
"මගේ මහත්තයට මම මහත්තයා නොකියා වෙන කොහොමද කියන්නෙ වස්තු.ම්ම්.. මගේ රත්තරං චූටි මහත්තයා මගේ විතරමයිනේ..."
කෙල්ල පොඩි එකෙක් වගේ එහෙම කිවුවම මම කෙල්ලව තදින් මගේ පපුවට තුරුලු කරගත්තේ හුගක් ආදරෙන්.
ඒ එක්කම දණහිසින් පහල මගේ කකුල්වලට යකඩයකින් වගේ පාරක් වැදෙද්දි මම එතනම ඉන්දවුනේ දරාගන්න බැරි වේදනාවක් එක්ක.
මලින්දි කෑගහන සද්දේ මට ඇහුනේ හීනෙන් වගේ.මම බොඳ වෙලා වගේ දැක්කේ මාත් මලින්දිත් වටේ දඩු මුගුරු තියාගෙන
ලොකු පිරිසක් වට වෙලා ඉන්නවා. එතනින් පස්සෙ කිසිම දෙයක් මට මතක නෑ.මගේ ඇස් නිලංකාර වෙලා පියවිලා ගියා.
---------------------------------------------------
මම නැවත ඇහෙරෙද්දි මම හිටියේ පාලු නිවසක ගැටගහල දාලා.දරාගන්න බැරි කැක්කුමකින් මගෙ ඔලුවත් කකුල් දෙකත් රිදුම් දෙද්දි මට මතක් වුනේ මගෙ මලින්දිව.
"අහිංසකී....."
මම යටි ගිරියෙන් කෑගැහුවෙ අඩ අඩමයි.මේ මොකක්ද වුනේ දෙයියනේ මට හිතාගන්නවත් බෑ.
මගේ සද්දෙට මම ඉන්න තැනට ආවේ විලුඹ ලගට වෙනකං දිගට ලොකු කබායක් ඇදගනිපු මූණ පුරා රැවුලක් වවාගෙන ඉදපු මැදි වයසේ මනුස්සයෙක්.ඒ වටේ තව හැඩි දැඩි පිරිමි පස් හය දෙනෙකුත් හිටියා.
"උඹට මම කිවුවා නේද වැඩිය දගලන්න එපා කියල"
ඒ මිනිහා මගේ කොණ්ඩෙන් ඇදලා අල්ලගෙන ඇහුවා.
"මගේ කෙල්ල කො යකෝ"
මම ඇහුවේ මගේ ඇගේ තිබුනු සියලුම ශක්තිය දාලා කෑගහල.
"හහ් හහ් හහ් හහ් හා.... තවමත් උඹගේ කටේ සද්දේ නම් අඩු නෑ නේද පත්තර මහත්තයෝ..ඉදපං උඹේ කෙල්ලව පෙන්වන්න තමයි අපි හිටියේ."
එහෙම කියපු ඒ මිනිහා අත්පුඩියක් ගැහුවා..මම දැක්කේ මිනිස්සු දෙන්නෙක් ඇදගෙන වගේ අරගෙන එන මගේ අහිංසකීව.අනේ මගේ කෙල්ලගේ කට බැදලා අත් බැදලා. ඒ ඇස්වල කදුලු පිරිලා.මම දිහා බලාගෙන හිටියේ කරකියාගන්න දෙයක් නැතුව.
"අනේ මගේ අහිංසකී....අතෑරපන් යකුනේ මගේ කෙල්ලව..උඹලට මගෙත් එක්ක නේ හතුරුකම මගෙ කෙල්ලව අතෑරපං.... අතෑරපං."
මම වියරුවෙන් වගේ කෑගසමින් ලග තිබුනු මේසයක පයින් ගැහුවේ අඩ අඩමයි..
"උඹේ කට වැඩියි හරි සද්ද නොදා ඉදපං."
මගේ කම්මුලට පහරක් ගහපු අර මිනිහා කිවුවේ මගේ නිකට යටින් මගේ කම්මුල් දෙක උගේ එක අතකින් අල්ලල තද කරල..මගේ මූණ ගස්සල අතෑරල දාපු ඒ මිනිහා මලින්දි ලගට ලං වුනේ ඇදගෙන ඉදපු කෝට් එක ගලවල පැත්තකට දාන ගමන්.
" බලාගනින් කරන දේ...."
එහෙම කියපු ඒ මිනිහා මගේ කෙල්ලව ඇදලා අරන් කෙල්ලව ඉබින්න ගත්තා.කෙල්ල දගල දගල කෑගහුවත් ඌ නතර වුනේ නෑ.
"නවත්තපං යකෝ නවත්තපං.අනේ මගෙ අහිංසකී. උඹට තරහ මගෙත් එක්කනේ මගෙ කෙල්ල අතෑරපං යකෝ."
මට කරගන්න දෙයක් තිබුනේ නෑ.
මම මගේ කකුල් වලින් පොලවට ගහමින් කෑගැහුවා.ඌ නතර වුනේ නෑ.
මගේ කෙල්ලගෙ ඇදුම් ඉරා දමමින් ඒ පව්කාරයා මගේ කෙල්ලව කෙළසුවා.මගේ ඇස් ඉස්සරහම මගේ අහිංසකී කෑ ගසමින් අඩද්දිම ඒ පාපතර මිනිහා මගේ අහිංසකීව විනාස කලා.වටේ හිටපු පව්කාර හැතිකරේ හිනහ වෙවි බලාගෙන හිටියේ මේ ලොකේ මනුස්සකම කියල දෙයක නෑ කියන එක පසක් කරමින්.
ඔව් මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ.මට මගේ කෙල්ල බේරගන්න බැරි වුනා.
මගේ ඇස් ඉස්සරහම මගේ පුංචි කෙල්ලව විනාස කරල දැම්මා.
මම ඇස් දෙක වගේ පරිස්සම් කරපු මගේ මැණික මගේ ඉස්සරහදිම වේදනාව දරාගන්න බැරුව මගෙ අහිංසකි ලේ ගොඩක් මැද අවසන් සුසුම් හෙලුවා.
මේ ලොකේ කිසිම ආදරවන්තයෙක් දකින්න කැමති නැති ඒ අවාසනාවන්ත පව්කාර සිද්ධිය මගේ පව්කාර කාලකන්නි ඇස්වලට බලන්න සිද්ධ වුනා.
දැන් මට තව මොනව නැතිවෙන්නද.මම ඇඩුවෙ නෑ.මම ඔහේ බලාගෙන හිටියා.වේදනාව දරන්න බැරි තරම්.දෙවියො බුදුන්වත් හිටියේ නෑ මගෙ කෙල්ලව බේරගන්න.
එදා අයි සී යු එක ඇතුලෙම මැරෙන්න ගියපු මගේ අහිංසකීව මම ජීවත් කෙරෙව්වේ මේ වේදනාව දෙන්නද දෙයියනේ.මේ වගේ පව්කාර මරණයක් දෙන්නද මගේ කෙල්ලව එදා බේරුවේ.මම ඔබවහන්සේලා ලග වුනු බාර හාර වලට මොනවද දෙන උත්තර.ඇයි මගෙ කෙල්ලට මෙහෙම කලේ.
මගේ ලගට ලං වුනු අර පව්කාර මිනිහා මගේ ඔලුවෙන් අල්ලගත්තා
" උඹ දැන්වත් ලියන එක නවත්තවනද , හහ් හහ් හහ් හහ් හා...."
උෟ කිවුවෙ වියරුවෙන් හිනාවෙමින්.මට කියන්න දෙයක් නෑ.ජීවිතේ මට නැති වෙන්න තියෙන වටිනම දේ මට නැත්වෙලා ඉවරයි. මම ඌ දිහාම බලාගෙන හිටියා.
ඌ මගේ ඔලුව අතෑරියේ එතන හිටපු තවත් මිනිහෙක්ට අතින් සංඥාවක් කරමින්.මම හිටියේ මගේ කෙල්ල දිහා බලාගෙන තාමත් ප්‍රාණය නිරුද්ධ වුනු මගෙ අහිංසකීගේ න්සල සිරුර මගෙ ඇස ඉදිරියේ.
ඒ එක්කම මගේ දකුණු අතට ලොකු වේදනාවක් දැනිලා හිරිවැටිලා ගියා.
"අයියා.....අයියා...."
අවු.5කට කලින් අතීතයේ අතරමං වෙලා හිටපු මම ඒ අතීතයෙන් එලියට ආවේ කලබලෙන් මගේ ලගට ආපු මගේ නංගිගේ හඩින්.
"ඇයි චූටි...මොකද මේ කලබලෙන් වගේ.."
"අද පත්තරේ බැලුවේ නැද්ද අයියා.??"
නංගි ඇහුවෙ මගේ දිහා බලාගෙන මගේ දකුණු අතේ ඉතුරු වුනු කොටස අතගාන ගමන්. මගේ දකුණු අතේ වැලමිටෙන් උඩ කොටස විතරයි අද මට ඉතුරු. මගේ අහිංසකී වගේම මගේ දකුණු අතත් මට එදා අහිමි වෙලා ගියා.
" මම දැන් පත්තර බලන් නෑ කියල ඔයා දන්නවනේ චූටි.. "
අවු.5ක ඉදන් මම පත්තර බලන්නේ නෑ.
" අර පාහරයයි උගේ හෙන්චයියො ටිකයි ඊයේ ඇක්සිඩන්ට් වෙලා කන්ටේනර් එකක හැපිල තියෙනනේ.කෑලිවත්.හොයාගන්න නෑලු.චප්පම වෙලා ගිහිල්ලලු."
නංගි කිවුවෙ මගෙ අහිංසකීවත් මගේ මුලු ජීවිතේමත් විනාස කරපු පාතාල නායකයෙක් වුනු ලොක්කයයා කුඩු කප්පිත්තා ගැන.
නෑ මට සතුටක් නෑ.ඔවුන් කෙරෙහි වෛරයකුත් නෑ. පලි ගත්තා වෛර කලා කියල මගේ අහිංසකී අයිත් එන්නෙවත් මගේ නැතුවන ජිවිතේ මට ලැබෙන්නෙවත් නෑ.
මම දිග හුස්මක් අරගෙන බුදු පිලිම වහනසේ දිහා බැලුවේ,
"සියලු සත්වයෝ දුකින් මිදී සුවපත් වේවා.."
යැයි සිතමින්...
😍😍කඳුළු කැටයම්😍😍
නිමි.
-------------------------------------------------------
❤️ මලී ශෙහංසා ❤️
උපුටා ගැනීමකි
No comments:
Post a Comment