අම්මා


💕🌹අම්මා 🌹💕

දෝනී…..ම්ම්ම්.නැගිටින්න දූ දැන් හොඳටම පරක්කු වෙලා නේද ඉස්කෝලේ යන්න.අනේ මේම ඉන්න දෙන්නකෝ අම්මා.කෝ කෝ නැගිටලා මේ තේ එක බොන්නළමයෝ.”මම සකුණි අප්පච්චි නැති වුන දවසේ ඉඳන් මගේ ලෝකේ ඒ අඩුවත් පිරිව්වේ අම්මා අම්මා මගෙ ජීවිතේම උනත් මං පණටත් වඩා ආදරේ කරන තව කෙනෙක් ඉඳියා එයා තමයි පවන් අයියා. අපි ගැන ගෙවල් වල කව්රැත් දැනන් හිටියේ නෑ. දවසක් රෑ”

සකූ….ම්ම්.ඔයාට මාව විශ්වාසයි ද???ඔව් බබා ඇයි.මට ඔයාව ඉක්මනටම මගේ ලඟට ගන්න ඕනි.ඒ මොකෝ එකපාරටම.
මට ඕනි නේ.ඉතින් එනවද????
අනේ පවන් අයියේ.ඇයි.අපේ අම්මාගේ පපුව පැලිලා මැරෙයි මං නැතිව.සකූ.හැමදාම අම්මා එක්ක ඉන්න බෑ නේ ගෑනු ළමෙක්ට. ඔයා හිතලා බලලා තීරණයක් ගන්න. එක්කෝ අම්මා එක්කෝ මම.

“ජීවිතේ ගිණි ගොඩක් මැද අළු වෙනවා වගේ දැනුනා. එහෙට මෙහෙට එක දිගට කල්පනා කර කර ඉඳියේ මේ හැම දෙයක් ගැනම මං විභාගෙට මාස දෙකක් තියලා. ඒත් මට අම්මාව අමතක කරන්න බෑ. මං හොඳට හිතලා පවන් අයියා ගැන ⁣අම්මා ට කිව්වා. ඒත් අම්මා කවදාවත් කැමති උනේ නෑ මං එක්සෑම් කරන්න කලින් එයාට දෙන්න. මං එදා ඉඳන් අම්මා එක්කත් කතා කලේ නෑ”පුතේ උඹට මං කිසිම අඩුවක් නොකර බැලුවා. ඉස්සෙල්ලා හොඳට ඉගෙන ගනින් මගේ මැණික ඊට පස්සේ උඹ ඉල්ලන ඕනි දෙයක් දෙන්නම්.

“අම්මාගේ වචනත් මට කරදරයක් උනා මං තනියම හුඟක් හිතලා හිතලාම. අනතිමට පවන් අයියා එක්ක පැනලා එන්න තීරණේ කලා”සකූ…අයියේ…අම්මා නිදිද ??
ඔව් අයියේ.එහෙනම් හෙමීට එළියට එන්න කිසිම දෙයක් ගේන්න එපා මං මේ වැ⁣ට ලඟ ඉන්නේ බයික් එකේ…හා අයියේ.

“තිබුණ කලබලේට සාලේට එනකොට පුටුව පැටලිලා මං ඇදගෙනත් වැටෙන්න ගියා. පුටුව දඩාස් ගාලා වැදුන සද්දෙට”සකුණි…”අම්මා කාමරේ ඉඳන් එන සද්දෙට මං ඉක්මනට දොර ඇරගෙන එළියට පැනලා වැට ලඟට දිව්වා. මං ඉක්මනට පවන් අයියාගේ බයික් එකට නගිනකොටත් අම්මා කෑ ගහගෙන දුවගෙන ආවේ ඔළුවේ අත් දෙකත් ගහගෙන”

පුතේ මගේ දරැවා ගෙනියන්න එපා පුතේ දෙයියනේ දුවේ..මගේ දුවේ දෝනී…. මාව දාලා යනවද මගේ පුතේ..”වැට කඩුල්ල ලඟ වැටිලා අම්මා කෑ ගහනකොට පවන් අයියා ඉගිල්ලිලා ආවේ එයාලාගේ ගෙදරට. එදා ඉඳන් මං අම්මා දිහා බැලුවේ වත් කතා කලේ වත් නෑ. ඒත් මං පවන් අයියාගේ අම්මා එයාගේ නංගි එක්ක සතුටින් එයා⁣ලගේ ගෙදර ජීවිත් වුනා. අව්රැද්දකින් අපිට ලස්සන දූ කුමාරියෙක් හම්බ වුනා”

සකූ….. මේ තමයි ඔයා මට දුන්නු ලොකුම තෑග්ග මගේ පණ ආදරෙයි රත්තරං.”ඇත්තටම හුඟක් සතුටින් අව්රැදු එක හමාරක් විතර ගෙවිලා ගියත් මගේ දූ පැටියා කතා කරන්න පරක්කු නිසා අපි කරපු නැති දෙයක් නෑ. දේවාල ගානෙයි ඩොක්ටර්ස් ලා ලඟයි අව්රැදු තුනක් අපි රස්තියාදු උනා ඒත් කිසිම ප්‍රතිඵලයක් නෑ දරැවා ගේ ඒ අඩුපාඩුව විතරයි තිබුණේ අන්තිමටම අපි මනෝ වෛද්‍යවරයක් හම්බ වෙන්න ගියා”

ඩොක්ට මට මගේ දරැවා සනීප කරලා දෙන්න මං ඕනි ගානක් දෙන්නම්.”⁣ඩොක්ටර් ළමයාව පරික්ෂා කලා”මේ දරැවා කතා නොකර ඉන්න තරම් කිසි ප්‍රශ්නයක් නෑ මිස්ටර් පවන්. මට දැනගන්න පුළුවන් ද මේ දරැවා ලැබෙන්න කලින් ඔය දෙන්නා මුනගැහුනු විදිහ ඒ අතීත කතාව

පුළුවන් ඩොක්ටර් “පවන් කියලා ඉවර කරාට පස්සේ”අපි පැනලා ආවා ඩොක්ටර් එදා අම්මා වැට ලඟ වැටිලා හොඳටම ඇඬුවා මට අද වගේ මතකයි එදා ඉඳන් මං මගේ අම්මාව දැක්කෙත් නෑ කතා කලෙත් නෑ.හරි මිසිස් රනතුංග නැන්ක් යූ.

මිස්ටර් පවන් මං මේ දරැවා සනීප කරන වගකීම බාර ගන්නම්. හැබැයි ඔයාලා පොඩි දෙයක් කරන්න ඕනි.කියන්න ඩොක්ටර් කියන්න දුව වෙනුවෙන් මං ඕනි දෙයක් කරන්නම්.

මිසිස් රනතුංග ගේ අම්මා එක්ක ගිහින් ඔය තුන්දෙනාම කතා කරන්න. හම්බ වෙන්න දුක සැප බෙදා ගන්න.ඩොක්ටර්.
මිස්ටර් පවන් වෛද්‍ය විද්‍යාවට එහා ගිය දේවල් හුඟක් තියනවා. එකක් අම්මා ගේ සෙනෙහස අපි ට්‍රයි කරමු ඉතින් පරක්කු වෙන්නේ නැතිව මං කියපු දේ කරන්න.

හරි ඩොක්ටර්.” අපි කෙලින්ම ආවේ ගෙදරට ඒ කියන්නේ මං අව්රැදු ගානක් හැදුන වැඩුනු තැන. මේක නම් තවත් පුදුමයි. අම්මා වැට අල්ලගෙන බලාගෙන ඉන්නවා පවන් අයියාගේ බයික් එක වැට ලඟින් නවත්තනකොට අම්මා චීත්ත පොටෙන් ඇස් පිහිදලා බැලුවේ ම⁣ගේ දූ පැටියා දියා අව්රැදු තුනකට පස්සේ.

මං අම්මාවා දැක්කේ මගෙත් අම්මාගෙත් පවන් අයියාගෙත් ඇස් වල කඳළු එක පාර කඩා හැලෙනකොට මං අම්මාව බදාගෙන ඇඩුවා අත්තමට මං පව් කාරියක් මං අම්මාගේ කකුල් දෙක අල්ලලා වැඳලා සමාව ගන්නකොට මගේ පුංචි දෝනි මගේ උරි⁣ස්සෙන් අත තියලා”

අම්…ම් ඇ..යි අඬ.න්නේ….
“ම⁣ට අදහගන්නත් අමාරැයි පවන් අයියා දෝනිව වඩාගෙන පුදුම වෙලා වගේ බලාගෙන”දූ….දූ…. පැටියෝ ආයෙත් කතා කරන්න පුතේ….තාත්තා කියන්න…..තාත්තා……අම්මා…….

මව් සෙනෙහසට පරදින සෙනෙහසක් තවත් නැත.හදවතින් දැක්කා නම් වචනෙකින් ලියාගෙන යන්න.කර්මය නොව ජීවිතයයි………..

~~~~නිමි~~~~~~

Pubudu jeewantha

 

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment