😱මිත්‍ර ප්‍රේමය😱
😥 කෙටි කතාව 😥
අසා තිබූ කතාවක් නිර්මානාත්මකව........
🤔🤔🤔🤔🤔
නිමල් කොලඹ රැකියාවට පැමන දැනට මාස දෙකක් ගත විය ..ඔහු නිවසට යන්නේ මාස 3ක පමන පඩියද රැගෙනය...
අද ඔහුට නිවසට යාමට නිවාඩුවක් දැමීමට සිතුවේ මවට අසනීප කියා ලියුමක් එවා තිබුන බැවිනි...
ඔහුගේ ප්‍රාන සම මිත්‍රයාටද දුරකතන ඇමතුක් දෙනු ලැබුවේ රාත්‍රි තනිවම ගමන් කල නොහැකි නිසා බසයෙන් බහින තැනට පැමින සිටින ලෙසට කීමටය
හැමදාමත් වගේ කොලබ බසයෙන් ගමට පැමිනෙන විට රාත්‍රි 10 පමන විය..
ගමන් මහන්සියත් බඩගින්නත් නිසා නිමල් පය ඉක්මන් කරන්න සිතුවේ ඔහුගෙ මිතුරු සුනිමල් ලගට යාමටය...
ඒත් ඔහු පුදුම වූයේ සුනිමල් එතන නොසිටි බැවු නිසාය.
ඔහුට අමතක වන්නට ඇතැයි සිතමින් ඔහු යලි නිවස කරා ගමන් කරන්නට විය..
යන මග සොහොනක් ඇති නිසා හිතට බයක් දැනුනත් සිත් දැඩි කරගෙන පැමිනියේ ඉවසීමෙනි..
නිමල්ට වැඩි දුරක් තනිවම ගමන් කරන්නට සිදු වූයේ නෑ..ඈත් තියාම සුනිමල් කඩිනම් ගමනින් නිමල් දෙසට ආවේ නිමල්ගේ සිතට සැනසුමක් ගෙන දෙමිනි..
"අනේ සොරි බං මට පරක්කු උනා..."
සුනිමල් එසේ කීවේ ඈත් තියාමය.
ඒකට මොකද දැන් උබ ආවනේ කියමින් නිමල් සැරසුනේ සුනිමල්ව වැලදගැනීමටයි..
😨😨😨
ඒ මොහොතේම සුනිමල් පිටුපසට උනේ නිමල්ගේ සිත පුදුමයෙන් පුරවමිනි...
"ඇ...ඇයි සුනිමල්...."
"මට මේ උන බං..උබටත් බෝවෙයි කියලා ඈතට උනේ.."
"උබට වැඩට යන්නත් බැරි වෙයි බෝවුනොත්.."
සුනිමල් දුකින් වුවත් එසේ පැවසුවේ නිමල් ගැන තිබු මිත්‍ර ප්‍රේමයෙනි..
"හා ඒකද මේ..ඒකට මොකද බං දැන් යමන්කෝ..මට යකෙක් කන්න බඩගිනි..."
ඔවුන් එලෙස කතා බහින්ම ගෙවල් දෙසට ඇවිත් තිබුනි...
සුනිමල් ගේ නිවස දෙසට යාමට නිමල්ගේ නිවසේ සිට කිලෝමීටර් භාගයක පමන දුරක් තිබේ..
"ඇයි බං මේ සුදු කොඩි..කවුද මැරුනේ.."
නිමල් ඇසුවේ පාර පුරා සුදු කොඩි එල්ලා තිබු නිසා..
"ආ ඔවු බං වයසක කෙනෙක් ...අද දවල් මැරිලා."
"ආ හෙට උදෙම එහෙනම් යමං මල ගෙදර..අද අපේ ගෙදර ඉදලා යමන් බං"
"දැන් රෑත් වෙලානේ..."😨😨
"බෑ බෑ බං හෙට උදේ උබ වරෙන්කෝ මාව බලන්න. මං මෙහෙමම යන්නම්.."
"හරී එහෙනම් මම ගෙදරට ගිහින් විසිල් එකක් ගහන්නම්.."😂😂😂
"හරි සුනිමලෝ එහෙනම් මං ගියා. හෙට එන්නම්.."
නිවසට ගිය නිමල් දොරට තට්ටු කලේ සුනිමල් ගැන සිතමිනි..ඔහුගේ මුහුනේ මොකක්දෝ වේදනාවක් දුකක් නිමල් දුටුවේ හමුවුන මොහොතේ සිට පටන්මයි.
"අම්මා..මහන්සි අම්මා..."
"පුතේ රෑ උනා නේද..මට කෝල් එකක් දෙන්න එපැයි මං මගට එනවනේ පුතේ..."
"නෑ අම්මා සුනිමල් ආවා මගට.."😨😨
"මොකක්...සුනිමල්...."😨😨😨
"ආ හරි පුතේ කාලා ඉදින්කෝ දැන්.."
මවත් බොහෝ සේ දුකෙන් ඇති බව නිමල්ට දැනුනේ ඇය කතාව මග ඇර ගිය නිසයි..
කා,බී අවසානයේ ඔහු නින්දට වැටුනේ ගමන් මහන්සිය නිසත් උදෑසනම සුනිමල් හමුවීමට යාමට සිතාගෙනය.
නිමල්ගේ මවත් එදා ඔහු ලගම නිදාගත්තේ නිමල්ට තවත් කුතුහලයක් ඉතුරු කරමින්..
පසුදා උදෑසනම නිමල් ඇද පැලද ගත්තේ මල ගෙදරත් සුනිමල් සමග යාමට සිතාගෙනය..
"අම්මේ මං යනවා සුනිමල්ගේ ගෙදර..මල ගෙදරකුත් තියේ නේද එහෙත් ගිහින් එන්නම්.."
"ඔහොම හිටින්කෝ පුතේ..."
"මේකයි මං උබට ඊයේ රෑ නොකිවුවේ උබ බය වෙයි කියලා.."
"මල ගෙදර කාගෙවත් නෙවේ පුතේ සුනිමල් දරුවගේ..."😨😨😨😨
"අම්මාට පිස්සුද මොනවද මේ කියවන්නේ.."
"ඌ ඊයේ මාව ඇරලවලා ගියපු එකා කොහොමද මැරෙන්නේ.."
"ඔවු පුතේ ඒකයි මං මුකුත් නොකිවුවේ...ඒත් ඒ දරුවා වැඩ ඇරිලා එද්දි වාහනේක හැපිලා.."
"එතනමලූ පුතේ...."😥😥😥
මේ දේවල් නිමල්ට ඇහුනේ හීනෙන් මෙනි..සුනිමල් මැරිලත් මගේ තනියට ආවා...
නිමල්ට අඩන්න වත් මතක් නොවුනේ සුනිමල් ගැන සහෝදර කැක්කුමක් හිතට දැනුන නිසයි..
උබ එහෙනම් ඒකයි අපේ ගෙදර නාවේ...උබ බලන්න හෙට උදේ එන්න කීවේ...
මට තනි නිසා උබ මැරිලත් මං එක්ක ආවා..
😥😥😥😥😥😥
උබ නම් ශේෂ්ට මිනිහෙක් සුනිමල්..උබ ජාති ජාතිත් මගේම සහෝදරයෙක් වෙයන්....
😥😥😥
එවෙලේම මවත් සමගින් නිමල් එහි ගොස් සුනිමල්ගේ මිනියට අවසන් ගෘරව දැක්කූවේ කාට කාටත් මිත්‍ර සෙනෙහස සදාකාලික කරමිනි..
💕💕💕💕💕නිමි💕💕💕💕💕
උපුටා ගැනීමකි
No comments:
Post a Comment