ආදර වස්සාබේ

උදේ පාන්දර කවුද යකෝ මේ වද දෙන්නෙ නිදහසෙ නිදාගන්න දෙන්නෙත් නෑ. අපෝ සුපුනය මොකො මේ උදේ පාන්දර වද දෙන්නෙ . උබලට නින්ද යන්නැත්නම් අපිටවත් නිදාගන්න දීපන්..

Supun - අඩෝ මේ අහපන් අද පොඩි උදවුවක් ඕන
Me - මොකක්ද බන් කියපන් උබලට නොකරන උදවු නෑනෙ බන්
Supun - අද අරකිගෙන් අහල දීපන්කො
Me - හම්ම්ම් මන් අහන්නම් දැන්වත් නිදියන්න දිපන් පවු නොදි
.......................................
මන් ලක්ශාන් 12 වසරෙ ඉගෙන ගන්නෙ Art කරන්නෙ ඔය කතා කරෙ මගෙ බොක්ක සුපුන්. ඌ දැන් මාස ගානක් පස්සෙන් යන කෙල්ලගෙන් කැමැත්ත අහල දෙන්න කියන්නෙ. අපි දෙන්න තමයි ස්කූල් එකෙ අපතයො දෙන්න. ඒ නිසා අපිව මුලු ස්කූල් එකම දන්නවා. දැන් ඉස්කෝලෙ යන්නත් ඕන.
.........................................
අඩෝ සුපුන් වරෙන් 11 වසරට ගිහින් අරකිගෙන් අහන්න

අඩෝ එපා උදෙ පාන්දර අහන්න ඕකිි බෑ කිවුවොත් මගෙ දවසම අවුල් යකෝ.

හම්ම් එහෙනම් interval එකේ යමන්.
අඩො ලක්ශාන් උබ සිංහල විචාර ලිවුවද බන්...

අඩො සරිදු සිංහල විචාර දුන්නද බන්

අනේ උබෙන් අහපු මගෙ කට උබ පල යන්න

අඩො නිම්සාරි සිංහල විචාර ටික දීපන්
ආ මෙන්න ලක්ශාන් උබ දැන්වත් හැදියන් බන් මේ O/L නෙවෙයි බන්..

අනේ උබෙ බණ ඔන්න ඕක දීපන්
අඩෝ ඇටේ මෙක ලියලා දීපන්...

කෝ දියන්

සිංහල එකේ බේරුනෙ නිම්සාරිට පින්සිද්ද වෙන්න. අම්මො interval එක... මිස් ගිය ගමන් බත් එකකට පැනලා කෑව නෙවෙයි නෑවා බත් Clz එකෙ වපුරලා
අඩො සුපුන් වරෙන් යන්න 11ට
යමන්
......................................
ආ ලක්ශාන් අයිය මොකො මේ පැත්තෙ මොකක් හරි වලියක්ද

නෑ බන් මල්ලි වෙන වැඩක් මෙන්න මේ සුපුන්ගෙ ගෑනිගෙන් කැමැත්ත අහන්න බන්

සමාධි නංගි පොඩි දෙයක් අහන්න ඕන..

මොකක්ද ලක්ශාන් අයියෙ අහන්න

නංගි ඔයා දන්නවනෙ සුපුන් දැන් කාලයක් තිස්සෙ ඔයාගෙ පස්සෙන් එනව කියලා ඔයාගෙ තිරණේ කියන්කො නංගි

මගෙ අකමැත්තක් නෑ අයියෙ එත්

ඇයි එත් කියල නැවැත්තුවෙ

මගෙ පළවෙනි දේ ඉගෙනීම අයියෙ එකයි අවුල

සුපුන් පොඩ්ඩක් වරෙන්

මොකො බන්

උබට ඇහුනනෙ නංගි කිවුව දේ උබලා දෙන්නගෙ සම්බන්දෙ මෙයාගෙ ඉගෙනීමට ප්රශ්නයක් වෙන්න බෑ
ඒක හරි බන් මගෙ සුදු ඉගෙන ගන්නවට මාත් කැමති

දැන් මට පාටි දියන්
................................................
මන් ස්කූල් එකට ටිකක් එහයින් තියන කඩේට ගියෙ සිගරට් එකක් ගන්න. ඒකත් අරන් එද්දි රුචිරය ඉන්නො තාප්පෙ ගාව...

අඩෝ බලු වැඩ නොකර අපිටත් දීලා බීපන් බන්

වරෙන් ඉතින්

අඩෝ ලක්ශාන් උබ මොකො ඔය කරන්නේ බන් උබට ඕක නවත්තන්න බැරිද බන්

මොකක්ද සිකරට් එකක් බිවුවම අවුල මට එච්චරයි කියන්න ලැබුනේ
කොහෙන්ද මන්ද කනේ පාරක් වැදුනෙ මාවත් කැරකිලා යන්න කවුද කියලා බලද්දී මන් කාටත් හොරා හැමදාම ආදරෙ කරපු නිම්සාරි..

නිම්සාරි ඔයා

ඔව් ලක්ශාන් මන් තමයි මොකක්ද ඔය කරන්නෙ ඕක නවත්තන්න ලක්ශාන් දැන්වත් හැදෙන්නකෝ

ඇයි නිම්සාරි ඒ මන් විතරක් නෙවෙයි මේ තව ඉන්නව එකෙක් මුන්ට මේකට ගහන්නැද්ද.

මට වෙන අයගෙ වැරදි වලින් වැඩක් නෑ ඔයා කරන දේවල් විතරයි වැදගත්

ඒ ඇයි නිම්සාරි ඒ

මෙච්චර කාලයක් ඔයා කියයි කියලා හිටියා ඒත් ඔයා කියන්නෑ ඒ නිසා මන් කියන්නම් I LOVE YOU ලක්ශාන්..

නිම්සාරි ඔයා
ඔව් ලක්ශාන් මන් 11 වසරෙ ඉදලා ඔයාට ආදරෙ කරා ...ඒත් ඔයා තෙරුම්ගත්තෙ නෑ..

මාත් ඔයාට ආදරෙ කරා නිම්සාරි තාමත් ආදරෙයි

ඇයි ලක්ශාන් ඒක මට නොකිවුවෙ...

ඔයා මන් වගෙ කෙනෙක්ට කැමති නැතිවෙයි කියලා හිතුව ඒකයි

ඇයි ලක්ශාන් ඔයාගෙ මොකක්ද අඩුව පොඩ්ඩක් දගයි ඒ දගකාර කොල්ලට තමයි මන් ආදරෙ

මාත් ගොඩක් ආදරෙයි සුදු

මාත් ...හැබැයි එක පොරොන්දුවක් මත

මොකක්ද පන ඕනම දෙයක්..

ඔයා සිකරට් අරක්කු බීම නවත්තන්න ඕන

මන් කැමති මට ඔයාගෙන් උදවු ඕන ඒකට

මන් හැම දේකටම ඉන්නවා

ආදරෙයි නිම්සාරි

මාත් ආදරෙයි මැට්ටො
......................................
ඉස්සර පිස්සු නටපු මන් දැන් හොද කොල්ලෙක්. ස්කූල් එකේදිත් සතුටින් මත් ද්රව්ය පාවිච්චි කරලා පිස්සු නටපු එක නෙවෙයි ජීවිතේ.... ආදරේ එක්ක ඉගෙනීම ,ස්පෝර්ට්ස් කරන එක විනෝද වෙන එක ඒ හැමදේම තමයි ජීවිතේ.... ඒක තේරුම් කරෙ මගෙ පන... මන් ආදරෙයි ගොඩාක් නිම්සාරි..

-කවී-

පින්තුරේ : අන්තර්ජාලයෙන්

උපුටා ගැනීමකි.

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment