මගේ ආදරය
කෙටි කතාව
"මහත්තයෝ, දුකයිද ආ.."
"ම්ම්ම් ගොඩාක්, එයත් අපිව දාලා ගියානේ"
මං පැවසුවේ ඇගේ නලලත සිපගනිමිනුයි. ඇය උපමාලි. අපි විවාහ වෙලා වසර තිහක් පමන වෙනවා.. කාලය ඉගිලිලා ගිහිල්ලා.. ඒත් ඇය මුණගැහුනු පලමු දිනය අද ඊයේ වගේ මට හොදට මතකයි.
එයා එදා හිටියේ ඔසරියක් ඇදලා කොන්ඩේ ගෙඩියක් ගහලා බැදලා. බෝලයක් වගේ, ටිකක් මහතයි, සුදුයි. කොන්ඩේ පාට කරලා දම් පාටින්, කනේ කරබු ජෝඩු දෙකයි. එයා මං ඉස්සරහට ආවේ හෙප්පුවක් අරන් නම් නෙවෙයි බොන්න cool බීම අරන්. ඇවිදිනකොට ඇදුම නුහුරු ගතිය හොදටම දැනෙන්න තිබුනා. එයාව දැක්ක ගමන් අපේ අම්මාගේ මූන ගොරොක් ලෙල්ලක් වෙනවා මං බලගෙන හිටියේ. අම්මලා ගමේ උදවියනේ, මට නම් දැක්ක ගමන් හිත ගියා. මං කෝමත් සෙල්ලක්කරයි තරුනකාලේ. ටිකිරිලියා කෙනෙක්ට මගේ හිතේ කැමැත්තක් තිබ්බෙ නෑ.. අපිට බීම දීලා මං දිහාවත් නොබලම එයා යන්න ගිය.
දැක්ක ගමන් හිත ගත්ත එයා එක්ක කතාකරන්න අවස්තාව එනකම්ම මං මග බලං හිටියේ.. ඉවසිල්ලක් තිබ්බෙ නෑ. ඔන්න ඉතින් අපි දෙන්නට කත කරන්න අවස්තාව හම්බුනා.. මං කොතනින් පටං ගන්නද කියලා හිතනකොට එයාම පටන් ගත්තා..
"ඔයා මාව බලන්න ආපු එකොලොස්වෙනියා"
ඇය කෙලිම මගේ ඇස් දිහා බලමින් ඒම කියනකොට මට හිනා ගියා..
"ඉතිං ඔයා මගේ දහතුන්වෙනියනේ"
මං හිනා වෙවී කියද්දී ඇය පුදුමෙං වගේ ඇස් ලොකු කරං මාං දිහා බලං හිටියා.. ඒ බැල්මට මං වශී වුනා.
"කෙලිම්ම කියන්නද ඒනම්, මං ඔයාට කැමති. "
මං ඒම කිව්වේ වටින් ගොඩින් කිව්වත් අන්තිමට ඕක මට කෝමත් කියන්න වෙන නිසා.
"කලිං ආපු සමහර අයත් මට ඕම කියලා තියේ.. ඒත්.."
ඇය බර හුස්මක් ගත්තා. ඊලගට කියන්න යනදේ මොකක් උනත් ඒක මගේ හීන මාලිගා බිදදාන්න පුලුවන් කියලා මට ඉවෙන් වගේ තේරුනා. මගේ හෘද ස්පන්දනේ දෙසීයක් විතර වෙද්දි ඇය ආයේ කතාකරන්න ගත්තා.
"මේකත් අහලම තීරණයක් ගන්න. කලිං කැමති කිවුව අයත් මේක අහලා නැගිටල ගියා. ඔයත් ඒම ගියාට මගේ හිතේ තරහක් නෑ."
මගේ හිත දාහක් දේවල් කියන්න ගත්තා.. මේකිට කොල්ලෙක් ඉන්නවා, නෑ එක්කෝ අනාත කරලා පැනලා ගිහිල්ලා, එක්කෝ ලමයෙක්වත් ඉන්නවද, ඒමත් නැත්තං වදයි ලමයි හදන්න බෑ.. සාම්ප්‍රදායික ප්‍රශ්න මාලාව ගැන හිතනකොට ඇය ආයේ කතා කරන්න ගත්තා..
"මට කලින් affair එකක් තිබ්බා.."
ඕක ඉතිං කියන්න දෙයක් ඈ මට පහක් විතරම තිබ්බේ මගේ හිත මට කිව්වේ ඒම.
"ඒත් එයා මාව දාලා ගියා"
හරියට හරි හිතුවා වගේම අනත කරලා දාලා ගිහිං. නාලා වරෙන්කෝ. ඇයි යකෝ ඒම.. එක්කො කමක් නෑ ඒවා ඉවරයිනේ. මගේ හිත ආයෙත් කියනවා.
"මං දන්නේ නෑ ඇයි මාව දාලා ගියේ කියලා. හරි හේතුවක් කිව්වේ නෑ. "
ඔව් ඉතිං එපා කියලා හිතෙන්න හේතු ඕනි නෑනේ. මං අත ඇරියෙත් හරි හමන් හේතු ඇතුවත් නෙවෙයිනේ එක කෙල්ලෙක්වත්.. උට කියන්න දේවල් නැතිව ඇති.. මට හිතුනේ ඒම....
"මං එයා ගැන දැන් හිතන්නේ නෑ.. ඒත්.."
දිගු හුස්මක් අරන් ඇය නැවතත් කතාව නැවැත්තුවා.
"ඇයි මොකෝ ප්‍රශ්නේ??"
මං ඇහුවේ කුතුහලේ වැඩි ගමන.
"මට පිස්සු නේද. මං විකාර කියෝනවදත් මන්දා"
"ඔයා කියන්න මං අහන් ඉන්නේ.. කතාව ඉවර වෙනකන් කියන්න"
මං කිව්වේ ඇයට තවත් ලං වෙමින්.
"එයා දාලා ගිය දවසේ ඉදං මං ගොඩක් දුක් වින්දා. එයාට කතා කරන්න හදපු හැම වෙලේම බැනලා එලෝ ගත්තා. එයාට මං මට ආදරේ කලාට වඩා ආදරේ කලා අයියේ.. මං තනි උණා. අන්තිමට මට මාව නැති උනා.. වෙලාවකට හේතු නැතිව අඩනවා මං. හැගීම් දැනීම අඩුයි වගේ. මට බයයි..."
හිතුවක්කාර කදුලු පෝලින් රෝසපාට උනු කම්මුල් දිගේ ගලා යද්දි ආයාසයෙන් නවත්තන්න හැදුවත් ඇයට ඉකිගැහෙන්නත් ගත්තා.
"මට බයයි කාටහරි ලංවෙන්න. මං කරන දෙයක් කරන්නේ මුලු හිතිම්ම. ආයෙත් ආදරේ කරලා දාලා ගියොත් මට දරාගන්න බැරිවෙයි. අඩුමගානේ මාව අත අරින්න හේතුවවත් කිවුවානම් වැරැද්ද මගේ නම් මට හදාගන්නවත් තිබ්බා. ඒත්.."
මගේ පපුව මැද්දෙන් හීනියට පටන් ගත්ත වේදනාව ටික ටික වැඩි වෙද්දී ඇයට කියන්න දුන්නේ එච්චරයි මම, අනවසරෙම්ම මගේ තුරුලට ඇයව ගත්තා.
මට මතක් උණේ මං අතඇරපු සමාධිව. ඒකිත් කොච්චර නම් අඩ අඩ මගේ පස්සෙන් ආවද අතඇරපු හේතුව අහ අහ. මගේ එක දිගට බැදීමක් පවත්වාගන්න තිබ්බ අකමැත්ත ඇරෙන්න ඒකිගේ වැරැද්දක් තිබ්බෙ නෑ. දෙයියනේ ඒකිත් කාලයක් පිස්සියෙක් වගෙ හිටියා. මට මතක විදියට විශාදයට පවා ප්‍රතිකාර ගත්තා. මං වගේ පව්කාරයෙක්, අඩුමගානේ මට ඒ දවස් වල දුකක් වත් තිබුනේ නෑ ඒ කෙල්ල ගැන, මං කලේ එකිව අතඇරලා වෙන කෙල්ලෙක් ලංකරගත්ත එක මට හිතුනේ එහෙම.
"අනේ අයියේ.."
කියලා යලි කතාව කියන් ගියත් මගේ හිත තිබ්බේම සමධි ගැන. කවදාවත් නැති කලකිරීමක් මට මං ගැනම ඇතිවුනා. සමහර වෙලාවට දැක්ක ගමන්ම උපමාලි ගැන උපන් ආදරේ මාව මනුස්සයෙක් කලා වෙන්න ඇති. නැත්තම් එච්චර කාලෙකට කෙල්ලෙක් ගැන නොදැනුනු දුකක් මට දැනුනේ කෝමද.
උපමලිගේ ඉකිබිදුම වැඩි වෙද්දි මං කලේ තවත් තුරුලට ගත්ත එක. මට වටපිටාව ගැන ගානක් තිබ්බෙ නෑ. අම්මාගේ හඩින් අපි පියවි ලෝකෙට එනකොට මගේ කමිසයෙන් බාගයක්ම කදුලු වලින් තෙත් වෙලා. ඇය කදුලු පිසින ගමන් අසරන බැල්මෙන් මගේ දිහා බලලා
"අනේ ශර්ට් එක!! සමවෙන්න මං හින්දානේ ඔක්කොම" කිව්වා.
"කමක් නෑ.. ඔයානේ.. මං යන්නම ඒනම්"
කියලා ඇයට සමු දුන්නා.
එතනින් එහා උන දේවල් මගේ මතකයේ නෑ. මං කලපනා කලේ සමාධි ගැන. මට ඕනි උණා සමාධිගෙන් සමාව ගන්න. මාසයක් එකහාමාරක් කරපු කැපවීමේ ප්‍රතිපලයක් විදියට මට සමාධිව හොයගන්න පුලුවන් උනා
ඒ වෙනකොටත් ඇය අම්මා කෙනෙක්. තව දරුවෙක් බලාපොරොත්තුව්න් හිටියේ. බැලු බැල්මටම ඇය සතුටින් වගක් මට පෙනුනා. මට ඇයට හොරෙන් කතා කරන්න ඕනි උන් නැති නිසා සැමියත් ඉන්න වෙලාවක් බලලම ඇගේ නිවසට ගියා. මං දුටු ගමන් ඇය පුදුමෙන් බලලා පස්සේ මූන කලුවෙලා ගියා. සමහරවිට පරන සේරම මතක් වෙන්න ඇති.
"සමධි මට සමාවෙන්න.. මට මේ ලගක් වෙනකන් කරපු වරදේ තරම තේරුනේ නෑ. පුලුවන් නම් සමාව දෙන්න. "
මට තව කියන්න දේවල් තිබ්බත් කියන ලැබුන් ඇස් වලින් වැටෙන්න ගිය කදුලු හංගන් කතාකරන්න අමරු ගතියක් දැනුන නිසා මන් ආපහු හැරිලා යන්න ආවා.
"මට සතුටුයි පස්සේ හරි ඔයාට දුකක් හිතුන එක ගැන රොශාන්. ඒ වගේම මට සතුටුයි එදා ඔයා මාව දාලා ගිය එක ගැන. එයා මට ගොඩක් ආදරෙයි. ගොඩක් ගොඩක් ආදරෙයි.. මං සමාවදීලා හුගක් කල්, ඒත් ඔයාට ඔයාටම සමාවදෙන්න තව ගොඩක් කල් යයි.. බොරු නම් බලන්නකෝ"
හිතට යම් සහනයක් ඒ වදන් වලින් ලැබුනත් වරදකාරී හැගීම තවදුරටත් හිතේ තිබුනා. මං ඊට පස්සේ කෙලිම්ම ගියේ උපමාලි හොයාගෙන ඇගේ කාර්යාලය අසලට. ඇගෙ ගෙදර ගිය දවසේ ඉදං ඒ වෙනකම්ම මං ඈට කතා කලේ නෑ. මට කතා කරන්න හිත දුන්නෙ නෑ. ඈත ඉදං ඈට නොපෙනෙන්න බලං ඉදලා යන්න ගියා.
මං ගියේ නිකම්ම නෙවෙයි ලස්සන දියමන්ති මුදුවකුයි රතු මල් කලඹකුයි අරන් තමා ගියේ.. ඇය දොරටුවෙන් එලියට එනකොටම මං ඇගේ ඉදිරියට ගියා. ඇය පුදුමෙන් මං දිහා බලනකොට මං දණ ගහගෙන මුද්දත් ඇය දෙසට දිගු කරන්
"මාව බදිනවද... " ඇහුවා..
ඇගෙන් උත්තරයක් වෙනුවට ආවේ කදුලු පෝලිමක්. වට පිටාවේ සේරම නතර වෙලා අපි දිහා බලගෙන. සමහරු ෆොටෝ ගන්නවා.. සමහරු විඩියෝ කරනවා.
"පිස්සෙක් වෙන්න එපා. මං කිවුවානේ මං බයයි කියලා. අනික ඔයාගේ අම්මත් කැමති නෑ කියලා පණිවිඩේ එවලත් තිබනනේ " පවසාගෙන ඈ යන්න හැදුවා..
"අම්මා කිවුවට මන් කැමති නෑ කිව්වේ නෑනේ. ඔයා හා කියනකන් මං මෙතනින් නැගිටින්නෙ නෑ"
මට ඕනි උනේ ඇගෙන් කෙසේහෝ කැමැත්ත ලබාගන්න. ලැජ්ජාවෙත් බෑ මිනිස්සුත් බල බල යන්වා. ඒත් මං නැගිට්‍ටේ නෑ. පහුවදා වෙනකන් හෝ ඉන්නවා කියලා හිත හදාගෙන පැය බාගයක් විතර ඉන්න ඇති. වේගෙන් මං දිහාවට එන අඩි සද්දයක් නිසා ඔලුව උස්සලා බැලුවා.. දෙවියනේ එයා... එයා ගිහිං නෑ.. ලගට එනවත් එක්කම මට අතුල් පහරකින් එයා සන්ග්‍රහ කලා.. අම්මේ තිබ්බ සනීපේ...
"හිතුකක්කාර මෝඩයා, මං කැමති මෙන්න මෙහෙ නැගිටිනවා. අපි යං. "
එයා කදුලු අතරින් අමරුවෙන් හිනාවෙලා කියනකොට මං නැගිට්ටා නෙවෙයි නැගිටුනා. බලහත්කාරයෙන්ම ඇගේ ඇගිල්ලට මුද්ද දාලා මල් කළබත් අතට දීලා ඇයව හරස් අතට ඔසවන් ඉක්මනින් එතනින් ආවේ ප්‍රසිද්ධියේ ලැජ්ජා උණා ඇති කියලා දැනුන නිසා.
ඇයවත් කාර් එකට නංවාගෙන නිදහස් තැනකට ආවා.. මග දිගට තිබ්බේ නිහැඩියාවක්.. මට ඕනි උණේ මගේ හිත නිදහස් කරගන්න. ඒත් ඇගේ දෑසින් තාම කදුලු ගලනවා.
"මට කියන්න දෙයක් තියනවා ඔයාට"
"ම්ම් අහන් ඉන්නේ" ඇය උත්තර දුන්නේ මා දිහාවත් නොබලමයි.
"මං පව්කාරයෙක්... " දිග හුස්මක් අරං මං කතාව පටන් ගත්තා.
"මට කෙල්ලො පහක් හයක් විතරම හිටියා. ඇත්තටම ආදරේ කරපු එකී දාලා ගියාට පස්සේ ඉතුරුවා සේරම කලේ ජොලියට. ඒත් එක කෙල්ලෙක් හිටියා මට ඇත්තටම ආදරේ කරපු, මං ඒකිවත් අත ඇරියා මට ඇති කියලා හිතුනාම. එකිගේ ආදරේ සෙල්ලක්කර හිතට බර වැඩි උණා. "
"මාං අත ඇරියම අඩ අඩ පස්සෙන් ආවා. අන්තිමට බේත් ගන්නත් ගියා ලෙඩ වෙලා. ඒත් මට දුකක් හිතුන් නෑ. වැරැද්දක් දැනුනේ නෑ. ඒත් ඔයා හම්බුනාට පස්සේ...."
"ඇයි මං මුකුත් කලෙ නෑනේ"
"ඔයා විස්වාස කරයිද නැද්ද දන්නේ නෑ... ඔයා දැක්ක ගමන්ම මං ඔයාට ආදරේ කරන්න ගත්තා. මං දන්නේ නෑ ඒක උනේ කෝමද කියලා.. ඔයා අඩද්දී මට මාත් එක්කම තරහක් ආවේ, ඒකයි මුකුත් නොකියම ගියේ. "
"මං අර කෙල්ලව හොයන් ගියා අඩුමගානේ සමාව වත් ගන්න, මගේ හිතට වදයක් නිසා ඒක. දැන් බැදලා හුගක් සතුටින් ඉන්නවා.."
"හ්ම්ම්"
"ඔයාට පුලුවන්ද මට සමාවදෙන්න, මං මහ හුගක් ඔයාට ආදරෙයි කෙල්ලේ."
ඈත බලං කතාකරපු මං ඒ වෙලේ එයාගේ මූන බලනකොට තාමත් ඈ අඩනවා.. මං ලාවට ඇගේ අත මත මගෙ අත තිබ්බා..
"ඕකට කියන්නේ ආදරේ නෙවෙයි අනුකම්පාව "
කදුලු පිහින ගමන් ඈ කිව්වේ සමච්වලයට හිනාවෙමින්.
"නෑ ආදරේ, මං පිස්සෙක් වගේ ආදරෙයි."
"ඒත් මට තාම බයයි. බැන්දට පස්සේ දාලා ගියොත්.. ඔයාට යන්න හිතුනොත්.. මං මැරෙයි"
"මාව විස්වාස නොකරන්න ඔයාට හේතු ගොඩක් තියනවා. ඒත්, ඔයාව ඇර මං වෙන කාවවත් බදින්නේ නං නෑ. ඔයාට මාව හොදයි කියලා හිතෙනකම්ම මං මේම පස්සෙන් එනවා..."
ඒම කිව්ව මට සෑහෙන කැපකිරීම කරලා ඇගේ ආදරේ දිනාගන්න හැකි උණා. අපි අපේම උණා. දරුවන් හතරක් වැදුවා. ඒත් සමාධි කිව්ව කතාව ඇත්තක් උණා, මට මගේ වැරදි වලට සමාව දෙන්න අවුරුදු ගානක් ගත උනා. හැල හැප්පීම් මැද්දේ නොගෙලපීම ගැලපීම් කරගනිමින් අපි අද වෙනකන් ආවා, නොවෙනස් උණ ආදරේ එක්කම.
අද අපේ චූටි දෝණිගේ විවාහේ. මේ ලෝකේ මං වැඩිපුරම ආදරේ මගේ බිරිද එක්ක අද මං තනිවෙලා ඔවුන් නැති ගෙදර. දැන් මගේ එකම බලාපොරොත්තුව ඇයත් එකක එකටම වයසට ගියා වගේ එකටම අවසන් ගමන් යන් එක. ජීවිතේ මං ලබපු ලොකුම ත්‍යාගය තමා ඇය.. මං ගත්ත වැදගත්ම තීරනේ ඈව මගේ කරගන්න හිතපු එක. සැදෑසමයත් ගෙවිලා යයි ඇගේ ආදරනීය හිනාබර මුවත් එක්කම.... නිවන තව බෝ දුර නිසා ලබන සෑම භවයකම ඈ මගේම වෙනවානම්.......
-චාමරී
උපුටා ගැනීමකි
No comments:
Post a Comment