" සුපෙන් සුවදක්.... "
( කෙටි කතාවක් )...
" දුව ඔයා ලෑස්ති වෙන්න එයාලා එනවා ඇති... අනෙ පැටියො.. ඇයි මේ ඇස් වල කදුලු.. ඔයා එයාව බලලා හොද නැත්තම් කියන්න... නැන්දිලත් ආවා ඔන්න...."
" අනේ මගෙ කෙල්ල.... "
" නැන්දි.... අනෙ... "
" ඇයි දූ මේ... අඩන්නෙ එපා... "
" මට බයයි නැන්දි... ආදරේ ගැන හිතන්නත් බයයි නැන්දි.... "
" අඩන් නැතිව ඉන්නකො මැනික... හැමෝම එහෙම නෑ මැනික.... "
ඒත් එක්කම කෙල්ලගෙ ඒ අදුරු අතීතෙට හිත දුවන්න ගත්තා....
සදලි තිසාරා...... අම්මා තාත්තා චූටි කාලෙම නැති උන ඒත් නැන්දගෙයි මාමාගෙයි පන උන අහින්සක ලස්සන උපරිම තිබුන හුරතලේට හැදුන කෙල්ලක්.........
ඒත් ඒ හැමදේම හම්බුනාට කෙල්ලට එක තැනක් වැරදුනා......
" ස්....ස්....ඒ....ඒ ඔයාට...ඔයාට..."
" මේ මම නෙමේ මේන් මෙයා...."
" සුදූ ඇයි ගිය සතියේ ලයිබ්‍රි ආවේ නැත්තේ........"
" බලන්නකෝ අපි දිහාත්...ඇයි අපි කලුද...."
සදලිට හිනත් ගියා ඒකටන්ම්.... කෙල්ල හැමදාම මේ ටික පයින් යන්නේ ඒ ඇහුන වචන ටික බලාපොරොත්තුවෙන්මයි......
ලයිබ්‍රියට යද්දි බස් එකේ ගිහින් බැහැලා චුට්ටක් ඇතුලට යන්න තියෙනවා......ඒ පාර අයිනේ තියෙන ග්‍රව්න්ඩ් එකේ මේ කොල්ලො රැල කවදාවත් නැති උනෙ නෑ.....මුලදිනම් සදලිට ඒක හිසරදයක් උනා...දැන්නම් ගානක් නෑ......
චුට්ටක් ඇවිදගෙන යද්දි කව්ද ඇවිත් කෙල්ලව හරස් කරල හිට ගත්තා....සදලිගෙ හිත ගැස්සුනා....කෙල්ල ඔලුව ඉස්සුවෙ නෑ...එහෙම්මම බිම බලන් හිටියා.....සදලිට පෙව්නේ හිටන් ඉන්න කෙනාගෙ කකුල් දෙක විතරයි.....ආපු කෙනා කතා කරන්නෙත් නෑ...සදලි යන්න හැදුවට යන්න දෙන්නෙත් නෑ....ඒ හින්දම කෙල්ල ඔලුව ඉස්සුවා......
උසට හරියන මහත තියෙන සුදු... කෙල්ලෙක්ට දහපාරක් විතර හැරිලා බලන්න හිතෙන කොල්ලෙක් එතන හිටියෙ... අත් කපපු කලු ටීෂට් එකකට ෂෝටක් ගහලා හිටියෙ....දගලලා මෙතනින් යන්නත් බෑ...මේ කොල්ලත් එක්ක ඔට්ටු වෙන්නත් බෑ කියලා කෙල්ලට තේරුනෙ මූනයි ඇගයි දැක්කට පස්සේ.....
එක එල්ලේ කොල්ලා ඇස් දිහා බලන් ඉන්න හින්ද සදලිගෙ ඇස් නිකම්ම ආපහු බිමට බර උනා....කෙල්ල යන්න කියලා කකුල උස්සද්දි දැන්නම් කොල්ලා පැත්තකට උනා....ඉක්මනට ඉක්මනට අඩි තියලා කෙල්ල එතනින් පැන ගත්තා.....
ලයිබ්‍රි එකට ගියත් හිතෙ ඒ කොල්ලව හොල්මන් කරා.... සදලි වෙනදට වඩා වෙලාවක් ලයිබ්‍රියේ හිටියා.... යද්දිවත් කොල්ලො එතනින් ගිහින් ඉදී කියලා හිතලා.........
" ආ සුදු නංගී....ඔයා ඇයි පරක්කු...බලනවකෝ ඔයා හින්ද කට්ට කන්නේ අපිනේ..."
" ඔව් හල්ලෝ මේ අපේ මී හරහා ඔයා එනකන් ඉදලම යන්න ඕනේ කියනවනේ...."
" ඒ ආයේනම් ඔහොම පරක්කු වෙන්න එපා සුදෝ අපි පව්...."
සදලි එතනින් යද්දි ආයෙත් ඒ වාගේ කතා ඇහුනා....තාම කොල්ලො රැල ග්‍රව්න්ඩ් එකේ.....
" ඇයි පරක්කු උනේ...."
" මම කොච්චර වෙලා බලන් හිටියද...."
" දැන් ගෙදර යද්දි රෑ වෙන් නැද්ද...."
අර කොල්ලා ග්‍රව්න්ඩ් එකේ ඉදන් ආයෙත් කෙල්ල ලගට දුවගෙන ආවා...සදලි අඩිය ඉක්මන් කරා...ඒත් කෙල්ලත් එක්කම ඔහුත් ඉස්සරහට ගියා.... ප්‍රශ්න කෝටියයි...කොල්ලා එක දිගට සදලිගෙන් අහන්න ගත්තා...ඒත් කෙල්ල එකකටවත් උත්තර දුන් නෑ..... බිම බලාගෙන කෙල්ලගෙ පාඩුවෙ කෙල්ල ගියා......
" අනේ....."
ඒ සදලිගෙන් කොල්ලා අහපු පලවෙනි වචනේ.....ග්‍රව්න්ඩ් එක අවසන් වෙන තැනදි කොල්ලා සදලි අතේ තිබුන ෆෝන් එක ගත්තා.....
" පරිස්සමින් යන්න...."
සදලිගෙ ෆෝන් එකෙන් එයාගෙ එකට මිස් එකක් ගහගෙන කෙල්ලට එහෙම කියලා ෆෝන් එකත් දීලා ග්‍රව්න්ඩ් එක මැද්දට දිව්වා....සදලි එහෙම්මම හිටියෙ අන්ද මන්ද වෙලා වාගේ....
හිමින් ඇවිදගෙන ආපු කෙල්ල ආපු බස් එකට ගොඩ උනා......
කොල්ලව මතක් වෙලා සදලිට හිනත් ගියා...... එයාගේ ඒ දඩබ්බර වැඩ වලට කෙල්ල දැම්මම ආදරේ කරන්නත් අරන් වාගෙ.... සදලිට එක පාරම මතක් වෙලා ෆෝන් එකේ ඩයල් නම්බර් බැලුවා...... ඒ උඩම තිබුන නම්බර් එක ඒ කොල්ලගෙ....චුට්ටක් වෙලා ඒක දිහා බලන් හිටපු කෙල්ල ෆෝන් එක බෑග් එකට දා ගත්තා.....
ගෙදර ගියත් සදලිට මතක් උනේ ඒ දඩබ්බර...හිතුවක් කාර ඇස්...... නාගෙන එහෙම ඇවිත් ෆෝන් එක බලද්දි මිස් කෝල් දෙකකුයි....මැසේජ් දෙකකුයි ඇවිත් තිබුනා......
ඒ විදියට දෙන්නගෙ අදරෙ පටන් ගත්තා....කොල්ලා රසික්...ප්‍රයිවට් බෑන්ක් එකක කොල්ලා වැඩ කරේ.......
" කවද්ද සුදු කෝස් එක ඉවර වෙන්නේ...."
" ලබන මාසෙ දහඅට අයියේ එක්සෑම්...."
හැමදාම දෙන්නා මීට් උනා...ගොඩක් වෙලාවට සදලිව ක්ලාස් තියෙන තැනට ගිහින් දාන්නෙත් එක්කන් එන්නෙත් කොල්ලා ....
රසික් සදලිට වඩා අවුරුදු පහක් වැඩිමල්....ඒ හින්ද කොල්ලා ලගදි කෙල්ලට ගොඩක් වෙලාවට දැනුනේ ලොකු ආරක්ෂාවක්.......
සදලි ජොබ් කරනවට නැන්දයි මාමායි කැමති උනේ නෑ... ඒ හින්දම කෙල්ල ප්‍රයි ස්කූල් කෝස් එකක් කරන්න පටන් ගත්තා..... රසික්ව කෙල්ලට හම්බෙන්නෙ ඒ කාලේ......
" දූ දැන් ඕක ඉවරවෙලා මොකද කරන්න හිතන් ඉන්නේ..."
" මාමේ මම දිල්කි එක්ක එකතුවෙලා චූටිවට මොන්ඩිසෝරියක් පටන් ගන්නද.... "
" අනේ කොච්චර දෙයක්ද.....තව මාස දෙකක් විතරනෙ අවුරුද්ද ඉවර වෙන්න තියෙන්නෙත්....දූට එතකොට ඊලග අවුරුද්දම පටන් ගන්න පුලුවන්...."
" එතකොට මගෙ කෙල්ලත් චූටී ටීච කෙනෙක්...."
නැන්දා එහෙම කියලා කෙල්ලව ආදරෙන් තුරුල් කර ගත්තා.... සදලි කොච්චර ලොකු උනත් ඒ දෙන්නට තාම සදලි පොඩි එකෙක් වාගෙ....
" සුදූ.... "
" හ්ම්ම්ම්ම්...."
" මට ආදරෙයි නේද..... මොන ප්‍රශ්න ආවත් මාත් එක්ක ඉන්නවා නේද... "
" අනේ ඇයි අයියේ මේ එක පාරම එහෙම අහන්නේ.... මගෙ මහත්තයට මම කොච්චර ආදරෙයිද.. "
" ඒත් මට බයයි නැන්දයි මාමායි චූටි ටීචව මට දෙන් නැතිවෙයි කියලා.... "
" අනේ අපේ නැන්දිලා ගොඩක් හොදයි අයියේ ... එයාලා කවදාවත් මම කැමති දේකට අකමැති වෙන්නෑ.... "
" හ්ම්ම්ම් ආදරෙයි මැනික.... "
" හ්ම්ම්ම් මොන්ඩිසෝරියෙ වැඩ චුට්ටක් විතර සෙට්ල් උනාම මම මාමිලාට කියන්නම් අයියේ ..... එතකොට ඔයා නැන්දිලා එක්ක කතා කරන්න එන්න......."
සදලි එහෙම කියලා රසික්ගෙ පපුවට තුරුල් උනා..........
දවස් මාස ගෙව්නේ ඉගිලෙනවා වාගේ..... හැමදේම ලෑස්ති.... ගොඩක් අයගෙ උදව්වෙන් සදලී, දිල්කී මොන්ඩිසෝරියක් දාන්න හැමදේම ලෑස්ති කරා....... ගොඩක් වෙලාවට ඒ හැම දේකටම ගියෙත් රසික් එක්ක........ සුබ මොහොතින් ඒ චූටි ස්කෝලෙ පටන් ගන්න තව දවස් දෙකයි තියෙන්නේ.......
" සුදූ දැන් හැමදේම හරි නේද...... "
" ඔව් අයියෙ.... ඒත් මට බයයි... පොඩි උන් ගැන ලොකු වගකීමක් ගන්න බයයි අයියෙ..... "
" බයවෙන්න එපා මගෙ මැනිකට හොදට පුලුවන්..... මෙ මාව බලා ගන්නෙ ඒ වාගේ ආදරෙන් ශොයි එකට බලා ගන්න....."
" ආ.... ඔව් ඔව් අලි බබෙකුත් බලා ගන්නවනෙ මම...."
" සුදූ මම චුටී දෙයක් කියන්න තරහ වෙනවද....."
" අනේ මට ඔයත් එක්ක තරහා වෙන්න බෑ කියලා දන්නවනෙ අයියෙ.... කියන්නකො මගෙ හිත රිදෙන දෙයක්ද....."
" මැනික පස්වෙනිද මට හෙඩ් ඔෆිස් යන්න වෙලා....."
" අනේ ඒ කියන්නෙ ඔයා බේබිරෝස් ඔපනින් එකට එන් නෑ කියන එකද සුදු අයියේ...."
පස්වෙනිද.... ඒ කෙල්ලගෙ චූටි ස්කෝලෙ පටන් ගන්න තිබුන දවස..... තවත් දෙයක්... කෙල්ල හිතන් හිටියෙ එදාට රසික්ව නැන්දලාට අදුන්වලා දෙන්න...... සදලිගෙ ඇස් දෙකේ කදුලු පිරුනෙ බලාගෙන ඉද්දි......
" ඔව් සුදූ... මට යන්නම වෙනවා... පුලුවන් කමක් තියෙනවා නම් මම ඉන්නවා කියලා දන්නවනෙ මැනික...."
" මේ හැමදේම කර ගන්න ලගින් හිටපු ඔයා එදාට... ඕනෙම දවසෙ මම ලග නැද්ද අයියෙ එතකොට...."
" අඩන්න එපා මැනික... ඔයා එදාට හොදට වැඩ ටික කර ගන්නකෝ.... එදාට නැති උනාට හැමදාම මගෙ මැනික ලග මම ඉන්නවනේ..... "
සදලිගෙ ඇස් වලින් කදුලු කැට එක දෙක බේරෙද්දි රසික් කෙල්ලව පපුවට තුරුල් කර ගත්තා.........
එදා ජනවාරි පහ හැමෝගෙම ආශිර්වාදේ මැද්දෙ " බේබිරෝස් ප්‍රයි ස්කූල් " සදලිගෙයි,දිල්කිගෙයි සතුටු කදුලු මැද්දෙන් ආරම්බ උනා.....
පොඩි එවුන් දාසයදෙනෙක්.....ඔවුන් එක්ක ඉද්දි කාලෙ නොදැනීම ගෙවිලා යනවා ...... හැමෝම දැක්කෙ සදලිගෙයි දිලිනිගෙයි හිනා පිරුනු මූන....
" අම්මෝ මෙයාට දැන් මාව එපා වෙලා වාගෙ.. මාව මතකත් නෑ... මාව ගනන් ගන්නෙත් නෑ.... "
ඒ රසික් කෙල්ලව හම්බුන දවසක සදලිව අවුස්සන්න කරන විකාර වැඩ....
" අනේ ඇත්තද මැට්ටෝ..... "
" මෙහෙම්මම උස්සන් යන්න හිතෙනවා ටීච පැටියව...."
" ආ ඇත්තද මෙහෙම හිටියට මම බරයි හරිද....."
" පුලුන් කොට්ටයක් විතර.....ආයි....රිදෙනවා බන්.....හපන්න එපා...."
" ආදරෙයි අයියෙ ගොඩක්... "
" මාත් ආදරෙයි මැනික... "
රසික් සදලිව ඇදලා අරන් නලල මත් හාදු වැස්සක් තිබ්බා....
" ටීච ටීච අපිට තව යාලුවෙක් එනවා වාගේ.... "
එක දවසක් පොඩි එකෙක් සෙල්ලම් කර කර ඉදලා දුවගෙන ඇවිත් සදලිගෙ සාරිපොටේ එල්ලිලා එහෙම කීවා...... ඇත්ත... ලස්සනම ලස්සන චූටි දූ පොඩිත්තෙක් එදා බේබිරෝස් එකට ඇතුල් උනා... පොඩි පැටියගෙ අම්මත් ඒ වාගේ... පොඩි එකී එච්චර ලස්සන අම්මා හින්දා තමා කියලා සදලිටයි දිලිනිටයි දෙන්නටම හිතුනා.....
රිෂ්මි දනීෂා.... ඒ චූටි මල් කැකුලට සදලිගෙ හිතේ ලොකු තැනක් හිමි උනා.... සදලිට දැක්ක ගමන්ම රිෂ්මිව ගොඩක් හුරු පුරුදු ගතියක් දැනුනා.... දූගෙ අම්මත් ලස්සන අහිංසක චරිතයක් කියලා කෙල්ලට තේරුනා... දූ අම්මා වාගෙ උනාට කෙල්ලගෙ ඇස් දෙක තාත්තාගෙ වාගෙ වෙන්න ඇති කියලා දිල්කිට හිතුනෙ අම්මගෙ ඇස් වලට වඩා පොඩ්ඩගෙ ඇස් ලස්සන හින්දා.... එදා ඉදන් ඒ චූටි පැටියට අනිත් අයට තේරුනෙ නැතත් සදලිගෙ විශේෂයක් තිබුනා... රිෂ්මි දකින දකින හැම වෙලාවෙම කෙල්ලට හිතුනෙ අනේ මටත් මේ වාගෙ ලස්සන චූටි දූ පැරියෙක් හම්බෙන්න කියලා......
" මගෙ කෙල්ල තවත් ලස්සන වෙලා...."
" අනේ යනවා මගෙ දූ කවදත් ලස්සනයි...."
" පොඩි උන් එක්ක ඉද්දි ලෝකෙම පිරිලා වාගෙ නැන්දි.... "
" හ්ම්ම් ඒක තමා දූ එන්න එන්න ලස්සන වෙන්නෙ.... "
" අනේ ඇයි මේ ඇස් වල කදුලු මැනික..."
" අම්මයි තාත්තයි දෙන්නම නැති මට මෙහෙම ජීවිතයක් දෙනවට නැන්දිටයි මාමිටයි ගොඩක් පිං...."
" මොනාද දූ මේ කියන්නේ.... කවදාවත් අපි ඔයාට එහෙම දෙයක් දැනෙන්නවත් දීලා තියෙනවද.... "
දින සති මාස ගෙවිලා අවුරුදුත් ලං උනා....
" දිල් අපි පොඩි එවුන්ට අවුරුදු උත්සවයක් කරමු නේද.... "
" අනේ ඔව් සදලි එහෙම දෙයක් අනිවාරෙන් ඕනෙනෙ..."
" අපි අනිත් ප්‍රයි ස්කූල් එක්ක කතා වෙලා ඔක්කොම පොඩ්ඩො ටික දාලා එකක් කරන්න ට්‍රයි එක දෙමුද දිල්.... "
" ඒකන්ම් ගොඩක් හොදයි සදලි නැත්තම් මේ පොඩි උන් ටික විතරක් මොනා තරග කරන්නද....."
ඒ විදියට ලගපාත, එයාලගෙ යාලුවන්ගෙ ප්‍රයි ස්කූල් එක්ක කතා වෙලා ස්කූල් හයක පොඩ්ඩන් එකතු කරගෙන අවුරුදු උත්සවේ හැමදේම ලෑස්ති කර ගන්න සදලිලාට පුලුවන් උනා......
" අහ ගන්නකෝ හැමෝම.... අපි ගොඩක් වෙලාවට පුතාලගෙ දැකලා තියෙන්නේ අම්මා නැත්තම් තාත්තා විතරනේ ගොඩක් වෙලාවට.... මගෙ පැටව් ටික අපේ චූටි අවුරුදු උත්සවේට එද්දි අඩලා අඩලා හරි අම්මයි තාත්තාවයි දෙන්නම එක්කන් එන්න ඕනේ.... තේරුනාද... අපිත් ආසයිනෙ එයාලව අදුන ගන්න.... "
" හා ටීච...." පොඩි උන් එක හඩට එහෙම කීවා.....
ඒ දවසත් උදා උනා.... සදලි දිල්කි එක වාගෙ තද නිල් පාට සාරි වලින් හැඩ වෙලා හිටියෙ.... කෙල්ලො දෙන්නා ගොඩක් ලස්සනයි.... පොඩි එවුන්ගෙ ඇස් වල සතුට උතුරනවා.... සදලිට එයාගෙ ආදරේ හම්බුන ඒ ග්‍රව්න්ඩ් එක පොඩ්ඩන්ගෙන් පිරිලා අද....
" ටීච ගුඩ් මෝනින්.... මේ මගෙ අම්මී තාත්තී.... "
සදලිව හොයන් ඇවිත් පොඩි එවුන් හැම වෙලාවෙම අම්මවයි තාත්තවයි කෙල්ලට හදුන්වලා දෙන්නෙ ඒ කිරි දත් ඔක්කොම පෙන්නෙලා...
" මගෙ පැටියගෙ අම්මයි තාත්තායි ගොඩක් ලස්සනයි.... "
දරුවො ටික ඇවිත් අම්මල තාත්තලා පෙන්නද්දි කෙල්ලො දෙන්නම ඒ වාගෙ දෙයක් කියලා පොඩි එවුන්ගෙ මූන ඉබිනවා.....
" ටීච ටීච... ටීච කවදාවත් මගෙ තාත්තියව දැකලා නෑ නේද.... එයාට ගොඩක් වැඩනේ... ඒත් අද මම එක්කන් ආවා..... "
අර කටකාර චූටි කෙල්ල රිෂ්මි දුවගෙන ඇවිත් එහෙම කීවෙ හැතිත් අරින ගමන්......
" කෝ මගෙ බෝනික්කිගෙ තාත්ති ඉතින්.... "
" අර අම්මිත් එක්ක එන්නෙ මගෙ තාත්ති... ලස්සනයි නේද ටීච....."
රිෂ්මි අත දිග් කරපු පැත්ත බලපු කෙල්ල දැක්කේ ඒ පැත්තට ඇවිදගෙන එන ලස්සනම ලස්සන ඒ කපල් එක.... චූටි පැටියා ගිහින් දෙන්න මැදින් හිටගෙන දෙන්නගෙ අත් අල්ල ගත්තා....
ඒත් ඒ චූටි දූ පැටියගෙ තාත්තා සදලිගේ ආදරේ කියලා සදලි කොහොම අදහා ගන්නද.... මුලු ලෝකෙම කැරකෙනවා දැනෙද්දි කෙල්ල ඒ පැත්තම බලන් හිටියෙ මේ මොනාද වෙන්නෙ කියලා හිතා ගන්න බැරිව.......
රසික්ව මේ ග්‍රව්න්ඩ් එකේම... හම්බුන තැන ඉදලා මේ වෙනකන් අවුරුදු එක හමාරක ඒ ආදර කතාව එක දිගට සදලිට ෆිල්ම් එකක් වාගෙ මැවිලා බොද වී ගියා....
" ටීච ටීච ලස්සනයි නේද මගෙ තාත්ති.... කියන්නකො..."
සදලි සද්දයක්වත් නැති හින්දා රිෂ්මි දුවගෙන ඇවිත් සරිපොටෙන් ඇද්දා.... සදලි ආපහු පියවි සිහියට ආවෙ එතකොට.......
" අනේ ඇයි ටීච ඔයාගෙ ඇස්වල කදුලු..... ඔයා අඩනවද ටීච.... අනෙ සොරි මම සාරියෙන් ඇදපු හින්දද.... "
" අනෙ නෑ මගෙ පැටියො... ටීචගෙ ඇහැට රොඩ්ඩක් ගියා..."
" ඉන්න ටීච මම පූ කියන්නම්...."
" එපා මැනික මම ඉකමනට ඇස් හොදන් එන්නම් දූගෙ තාත්තිත් එක්ක කතා කරන්න...."
සදලිට එතන තවත් ඉන්න බැරි උනා... කෙල්ලට එතනින් ඈතට දුවලා ගියා....
" කොහෙද සදලි මේ දුවන්නෙ... වැටෙයි ලමයො..."
" දිල් දිල්...."
" ඇයි මොකද උනේ.... කියන්න.. ඇයි මේ.... "
සදලිට කතා කර ගන්න බෑ ගොත ගැහෙනවා.... ඉකිය මුවින් පිට වෙන් නැතිව කෙල්ලගෙ හුස්ම හිරවෙලා වාගෙ.......
" අනේ..... ටීච් ඇහැ හෝද ගත්තද..... "
රිෂ්මි අම්මයි තාත්තායි එක්ක දිල්කි ලගටත් ඇවිත්......
" හ්ම්ම්ම්ම්ම්...... හොදන් එන්නම්...."
ගොඩක් අමාරුවෙන් වචන ගැට ගහගෙන සදලි එතනිනුත් යන්න ගියා....
රිෂ්මි එයාගෙ තාත්තව දිල්කිට පෙන්නද්දි දිල්කිගෙත් මූනෙ ඉරියව් ගොඩක් වෙනස් උනා.... දැන් සදලි කියන්නට දෙයක් නැත ඇයට සියල්ල පැහැදිලිය....
" හෙලෝ.... "
" හෙලෝ.... "
රසික්ට කිසිදු ගානක්වත් නැත.... ඒත් රිෂ්මිගෙ අම්මට නම් ටීචලා දෙන්නගෙ වෙනස්කම් හොදට තේරුනා......
" ටීච මගෙ මහත්තයව කලින් දන්නවද.... "
" හ්ම්ම් න්...න්... නෑ...නෑ..... "
" යමු හාමුදුරුවො වැඩිය වෙන්න ඇති.... "
රසික් එහෙම කියලා රිෂ්මිගෙ අතිනුත් අල්ලගෙන රිෂ්මිගෙ අම්මත් එක්කගෙන පිට්ටනියෙ ඇතට ගියා......
" සදලි අඩන්න එපා.... හරියටම දන් නෑනෙ මොනාද වෙලා තියෙන්නේ කියලා...."
" මෙච්චර හොදට හැමදේම පැහැදිලිව තියෙද්දි තව මොනා දැන ගන්නද දිල්... "
" අඩන්න එපා සදලි.... ඔයා රසික්ට ගත්තෙ නැද්ද.... "
" නෑ.... "
" කෝ ෆෝන් එක..... "
" බෑග් එකේ...... "
දිල්කි රසික්ට කෝල් ගත්තත් ඒ ෆෝන් එක වැඩ නෑ......
" ෆෝන් එක වැඩ නෑ... අපි යමු හාමුදුරුවෝ වැඩියා.... "
සදලි සාරි පොටෙන් කදුලු පිහ පිහ ඉස්සරහට ගියා.... හිතින් ඇඩුවත් ආයෙ කෙල්ල එක කදුලු බිංදුවක්වත් එලියට එන්න දුන් නැත්තෙ පොඩි එවුනුයි අම්මලයි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි හින්දා.........
එදා ගොඩක් සතුටෙන් අවුරුදු උත්සවේ කරන්න ගත්තට සදලි එක විනාඩියක්වත් සතුටින් හිටියෙ නෑ......
සදලි දැක්කා තුන් හතර පාරක්ම රසික් කෙල්ල දිහා බලන් ඉන්නවා... ඒ වෙලාවට කෙල්ලගෙ කදුලු අලුත් වෙනවා.... රිෂ්මි ගොඩක් සතුටින් අම්මයි තාත්තයි එක්ක ඉද්දි... සදලි කදුලු ගංගාවෙන් එගොඩ වෙන්න බැරිව බලන් ඉන්නවා.....
එදා දවස ගෙවිලා ගියා...
" රිෂ්මි ඇයි දූ දුකෙන් වාගෙ... "
පහුවදා මොන්ඩිසෝරි ආපු රිෂ්මිගෙ මූනේ ලොකු වේදනාවක් හැංගිලා තිබුනා....
" ටීච අද තාත්ති අම්මිට ගහන්න හැදුවා... "
" දෙයියනේ......" සදලිට කියවෙන්න ගියත් වචන පිට කරේ නෑ....
" අනේ පැටියො තාත්ති විහිලුවට වෙන්න ඇති.... "
" නෑ ටීච... ඊයේ රෑ තාත්ති දොයියන්න ආවෙත් නෑ අපි එක්ක... අම්මි මොනාද කියලා තාත්තිට බැන්නා... ඊට පස්සෙ තාත්ති ගහන්න හැදුවා.... මම අද ස්කෝලෙ ආවෙත් සීයා තාත්තා එක්ක... "
" මගෙ පැටියා ඕවා ගැන හිතන් නැතිව දැන් ඉන්නකෝ.... අම්මි දූව ගන්න එයිනෙ හවස එතකොට අම්මි එක්ක මම කතා කරන්නම්කෝ.... "
සදලි එතනින් ඉක්මනට අයින් උනේ වෙන්නෙ මොනාද කියලා හිතා ගන්න බැරිව....
" මොනාද දිල් මේ වෙන්නෙ... රසික් ඔහොම මිනිහෙක්ද.... මම මහමෙරක් තරම් ආදරේ කරේ මේ මනුස්සයටද දිල්කි.... මෙච්චර ලස්සන පැටියෙකුයි, වයිෆ් කෙනෙකුයි ඉද්දි..."
" අනේ කව්ද බලන්න දිල්කි.... මගෙ ෆෝන් එක රින් වෙනවා.... "
" සදලි රසික් ගන්නෙ...."
" මොනවා.... "
" හෙලෝ......"
" මට චුට්ටක් කතා කරන්න ඕනේ... එලියට එන්න... මට ඇතුලට එන්න බෑ දුව ඉන්නවා.... "
ෆෝන් එක කට් උනා... සදලිගෙ හදවතට පිහියෙන් අනිනවා වාගෙ...
" ඇයි සදලි... කතා කරන්න... ඔහොම ඉන්න එපා බන් අඩපන්... ඒත් ඔය හැමදේම හිතේ හිරකරන් ඉදලා උබට මොනා හරි වෙයි..... "
" මාත් එක්ක කතා කරන්න ඕනෙලු... දුව ඉන්න හින්දා ඇතුලට එන්න බෑලු.... එලියට එන්නලු මට.... "
" මොකක්..... "
" මම එලියට යනවා දිල්... පොඩි උන් ටික බලා ගන්න.... රිෂ්මි ගැන චුට්ටක් බලන්න දිල්කි.... "
සදලි එලියට යද්දිම රසික්ගෙ කාර් එක ඉස්සරහා නැවැත්තුවා... සදලි බලන් ඉද්දි අනිත් පැත්තෙ දොර ඇරුනා.... කෙල්ල කාර් එක ලගට ලං වෙලා නගින් නැතිව ඉන්නත් හදලා රිෂ්මි දැක්කොත් කියලා සදලි කාර් එකට නැග්ගා..... කාර් එක නැවතුනෙ නිදහස් රෙස්ටුවරන්ට් එකක් ලග.... එතෙන්ට එනකන් කවුරුත් කතා කරේ නෑ.. ඒත් සදලිගෙ කම්මුල් දිගේ වැටෙන කදුලු නතර උනෙත් නෑ......
" මට මගෙ පව්ල රැක ගන්න ඕනේ.... ඔයා මෙහෙන් යන්න... "
රසික් කාර් එක නවත්තපු ගමන් කෙල්ල දිහා බලාගෙන ඉදලා කීවෙ ඒක... සදලි ගැස්සුනා....
" මොකක්... මොකද්ද ඔයා කීවේ ..."
" ඔව්... ඔයාට ඇහුන දේ තමා... කුමුදු හැමදේම දැනගෙන ඒත් තාම කව්ද කියලා දන්නෑ.... එයා මේ ටිකේම රන්ඩු වෙනවා... එයා ඔයා ගැන දැන ගන්න කලින් මෙහෙම් යන්න.... "
" ඇත්තද..... දැන්ද පවුල රැක ගන්න ඕනේ කියලා තේරුනේ... අර තරම් ලස්සන දුවෙකුයි, වයිෆ් කෙනෙකුයි ඉද්දි ඔයා කොහොමද මෙහෙම උනේ මිස්ටර් රසික්.... තමුන්‍ට පුලුවන් උනාද අර චූටි කෙල්ලගෙ මූන බලන් මෙහෙම දෙයක් කරන්න.... අනික තමුසෙට මම මොකද්ද කරපු වැරැද්ද.... අහක හිටපු මාවත් මේ පව්කාර වැඩේට අල්ල ගන්න තරම්.... ඒ දෙන්නගෙ විතරක් නෙමේ තමුසෙ මගෙ ජීවිතෙත් කෑවා රසික්.... "
රසික් බයවෙලා වාගෙ බලාගෙන ඉන්නේ හිතන්න නැතිව ඇති අර තරම් අහින්සක විදියට තමුන් ලග හිටපු සදලි මෙහෙම කතා කරයි කියලා......
" දන්නවද අද රිෂ්මිට වැඩ කරන්නවත් කල්පනාවක් නෑ... වැඩක් දුන්නත් කරන්නෙ කල්පනා කරන එක... ඇයි කියලා අහපුවාම කිවා තාත්ති අම්මිට ගහන්න ගියා කියලා... තමුන්ගෙ ඔය වැඩ හින්ද විදවන්නෙ ඒ අහින්සක කෙල්ල.... තමුසෙට කවදාවත් සමාවක් නෑ රසික්.... "
" මට මගෙ පවුල ඕනේ... තවත් ප්‍රශ්න වැඩි කරන් නැතිව මෙහෙන් යනවා... ප්‍රයි ස්කූල් එකෙන් අයින් වෙනවා... "
" මොකද්ද කිව්වෙ.... ආයෙත් කියන්න බලන්න.... ප්‍රශ්න දැම්මෙ... වැඩි කරෙ මමද.... තමුසෙ මගෙ ජීවුතෙත් කෑවා රසික්.... "
රසික් හිතක් පපුවක් නෑ වාගෙ ඔහේ බලන් ඉන්නෙ සදලි කියන ඒවා ගනන්වත් ගන් නැතිව.....
" මගෙ පාඩුවෙ හිටපු මට මෙහෙම දෙයක් කරේ මොනා බලාපොරොත්තුවෙන්ද රසික්.... කියනවා.... "
කෙල්ල රසික්ගෙ කොලර් එකෙන් හොලවලා ඇහුවා...සදලි වැරදිලාවත් රසික්ට නම කියලා නෑ... ඒත් අද ඊට වාඩා ඒවා සදලිගෙ කටින් පිට උනෙ තරහටත් වඩා දුකට... ඒත් රසික් කටවත් හෙල්ලුවෙ නෑ.... තවත් අඩන්න සදලිට හයියක් නෑ... ඒ හින්දම කෙල්ල පුටුවකට වැටුනා....
" ඇයි පැත්තකම හිටපු මාව මෙහෙම... මෙච්චර රවට්ටන්න මම මොකද්ද ඔයාට කරපු වැරැද්ද අයියේ.... ඊට වාඩා හොදයි මාව මැරුවනම් .... මගෙ හීන.... මාත් මගෙ හිතේ ඔයා මවපු හීන.. ඇයි ඒ තරම්ම මාව රැවැට්ටුවෙ.... මරනවා මාව.... මරනවා.... "
සදලි කෑ ගහලා රසික්ගෙ අත් දෙක එයාගෙ බෙල්ලට ලං කරා... රසික් අත් ගසා දැම්මා....
" පුලුවන් තරම් ඉක්මනට ප්‍රයි ස්කූල් එකෙන් යනවා.... "
සදලි හැමදෙම කැරකෙනවා වාගෙ පෙනිලා පුටුවෙන් ඉද ගද්දි රසික් කාර් එකේ නැගලා යන්න ගියා...... අඩ අඩාම සදලි එතනින් එලියට ආවෙ ගෙදර එන්න.... ගෙදර ආවට කෙල්ලට ආවෙ කොහොමද කියලාවත් මතකයක් නෑ.... මොන්ඩිසෝරියට ගිහින් ඉන්න බැරි හින්දම කෙල්ල ගෙදර ආවා....
" සුදු දූ මොනා හරි ප්‍රශ්නයක්ද.... අද කලින් ඇයි..... ඔයාගෙ වැඩෙ කල්පනා කරනවා... ඇස් දෙකෙ හැමවෙලාවෙම කදුලු.... මුලු මූනම ඉදිමිලා.... ඔයාට නැන්දිට කියන්න බැරි දෙයක් නෑනෙ දූ කියන්නකෝ. මොකද්ද ප්‍රශ්නේ.... "
" අනේ නැන්දි...... "
මෙච්චර වෙලාවක් හිරකරන් හිටපු ඒ කදුලු බැමි කඩන් පිටාර ගලන්න ගත්තා.... හැමදේම කෙල්ල කියලා දැම්මේ හිතවත් නිදහස් වෙයි කියලා හිතලා .......
" දෙයියනේ සුදු දූ මෙච්චර දෙයක් වෙලත් ඔයා කොහොමද දුව මේවා හිතෙ තියන් හිටියෙ ඇයි අපිට කීවෙ නැත්තේ.... "
" අනේ නැන්දි මාමාට කියන්න එපා මම කොහොමද නැන්දි මාමාගෙ මූන බලන්නේ... "
" බය වෙන්න එපා මැනික... මාමා ඔයාට බනින්නෑ... අනික ඔයා වැරැද්දක් කරලා නෑනේ... අඩන් නැතිව ඉන්න රත්තරන්.. "
සදලි සාරිය පිටින්ම ගිහින් නැන්දිගෙ ඔඩොක්කුවෙ නිදා ගත්තා....
" මට බෑ මාමි මෙහෙ ඉන්න.... මට මේ හැමදේම අමතක කරන්න ඕනේ නැන්දි ......."
" නිර්මලා අපි සුදු දූව රොශාන්ලගෙ ගෙදර නවත්තමු... මම දැන් රොශාන්ට කතා කරා... අනික දූට ගොඩක් දවස් ඉදන්නෙ කියන්නෙත් එයාගෙ ඔෆිස් එකට එන්න කියලත්.....දූ බෑ කියන හින්දනෙ යන් නැත්තේ....මේ විදියට හිටියොත් කෙල්ල ලෙඩෙක් වෙනවා... "
" ඒත් අපි කොහොමද තේනුවර මේ කෙල්ල නැතිව ඉන්නෙ.... "
" සුදු දූ ඔයා හරිද.... කට්ටිය ආවා... මනමාලයනම් සුපෙර්...... "
පුන්නගෙ හඩත් එක්ක සදාලි පියවි සිහියට ආවා.....තවත් නැන්දගෙයි මාමාගෙයි හිත රිද්දන්න බැරි හින්දා මරන්න අරන් යන සතෙක් වාගෙ සදලි කාමරෙන් එලියට ගියෙ මනමාලයා බලන්න.... කොල්ලා ගොඩක් ලස්සනයි... ඒත් කෙතරම් ලස්සන උවත් කෙනෙක්ට ආයෙත් ආදරේ කරන්න තරම් අවුරුදු දෙකක් ගියත් හිත හැදිලා තිබිනෙ නෑ......
" දූ මනමාලයා කොහොමද... ඔයාගෙ කැමැත්තනේ ඕනේ අපිට... "
මනමාලයගෙ කට්ටිය ගිය ගමන් හැමෝම කෙල්ලව වට කරන් ඇහුවෙ ඒක.....
" මට චුට්ටක් හිතන්න ඕනේ මාමි.... "
" හරි දූ ඔයා ඕනේ තරමක් හිතන්නකෝ .... හිතලා උත්තරය්ක් දෙන්න.... "
කවුරුත් ආයේ ඒ ගැන කතා කරන්න ආවෙ නෑ...... ආයෙත් සදලි කාමරේට උනේ මොනාද කරන්නෙ කියලා හිතා ගන්න බැරිව....
රසික්ගෙ රැවටීමත් එක්ක ගෙදර ඉන්න බැරි උන කෙල්ල එහෙන් යන්න තීරනේ කරා.....
" දිල්කි මගෙ පැටව් ටික බලා ගන්න ... මම යනවා.... "
" ආයෙ ටීච එන් නෑ පැටියෝ.... මගෙ පැටිය පරිස්සමින් ඉන්න අම්මි තාත්තී එක්ක... "
යන්න ගියපු සදලි ආයෙත් දුවලා ගිහින් රිෂ්මිව තුරුල් කර ගත්තා.... එහෙම ආපු සදලි නතර උනේ සදලිත් චූටි කාලෙ ඉදන්ම දන්න මාමාගෙ යාලුවෙක් ලග.... දන්න දවසෙ ඉදන්ම හේතුවක් නැතිව සදලි එයාලට කීවෙ පුන්නයි, බාප්පයි....
එදා ආවත් හරි කෙල්ල අයේ ගමේ ගියෙ නෑ.... මාමලා කැමති උනෙත් නැත්තේ කෙල්ලගෙ ජීවිතේට කරදරයක් වෙයි කියලා....
ඒත් ටික දවසක් යද්දි සදලිට එහෙත් ගෙදර වාගෙම හුරු වුනා.... ඒ දනුජ හින්දා.... සදලි පුන්නයි බාප්පී කියන දෙන්නගෙ එකම පුතා... සහෝදරයෙක්වත් හිටපු නැති සදලි දනුජට ගොඩක් ලං උනා.... සදලිට වඩා අවුරුදු දෙකක් දනුජ වැඩිමල්.... මේ තරම්වත් සදලිගෙ හිත හැදුනෙ දනුජ හින්දා.... කදුලු ගොඩක් මැද්දෙ නොකා නොබි හිටපු කෙල්ලට බෙහෙත් කරෙ දනුජ කීවොත් හරි.....
" අඩනවා අඩනවා අඩලා මැරෙනවා එතකොට හරි හැමදේම.... උබ මෙතන මැරෙන්න හැදුවට වූ එහෙ ජොලියෙ ඇති මගෙ නංගියෙ.... "
" කියපන් උබට ඌවමද ඕනේ.... හරි මම ඌව ගෙන්නම් කොහොම හරි..... "
දනුජට සදලිගෙ ඇස් වල කදුලු පෙන්නන්න බෑ... ඒ වෙලාවට දනුජ යකෙක් වාගේ.... මේ හේතු හින්දම කෙල්ල රසික් ගැන කියවන එක අඩන එක නතර උනා......
ඒත් එහෙම ලග හිටපු... හිත ගදපු කොල්ලා කෙල්ලගෙ ජීවිතේ තීරනයක් ගන්න දවසෙ කාටවත් කියන් නැතිව කොහොදෝ ගිහින්.....
" පුන්නා අයියා තාම් ආවෙ නෑ නේද.... යන තැනක් කීවෙ නැද්ද...."
" නෑනෙ දූ බලන්න්කො... බාප්පට තරහ ගිහින් ඉන්නෙත්... ෆෝන් වැඩත් නෑ... බලන්න්කො වෙලාව කීයද කියලා.... "
" යාලුවන්ටවත් කතා කරලා බැලුවෙ නැද්ද මදාරා.... "
" අපි ලග එහෙම නම්බර් නෑනේ නර්මදා.... තියෙන අයට ගත්තා... ඒත් නෑ.... වෙනදට රෑ උනාම කෝල් එකක් හරි ගන්නවනෙ... "
" පුන්නෝ කාර් එකක් නේද... අයියගෙ එක වාගේ...... "
" දෙයියනේ මේ කොල්ලා.... "
කාර් එකෙ සද්දෙ ඇහිලා ඉස්සරහට දුවගෙන ගියපු හැමෝම දැක්කේ තවත් දෙන්නෙක්ගෙ වාරුවෙන් ගෙට ගොඩ වෙන කට ගොන්නක් බීපු දනුජ.....
" මිස් සර් ටෙස්ටුවරන්ට් එකෙ වැටිලා හිටුයෙ... මේන් මිස් කාර් එකේ යතුර..... "
" තැන්කිව්.... "
" චටාර්ස්ස්ස්ස්ස් "
" අනේ එපා බාප්පි.... අයියා යාලුවොත් එක්ක යන්න ඇත්තේ... ගහන්න එපා.... "
නැත.. එම පාරවල් නතර ඌයේ නැත..... දනුජ කරේ අඩන එක පමනි...
" ඇති රොෂාන් මගෙ කොල්ලා මැරෙයි දෙයියනේ..... "
" අහට්ට යන්න මදාරා... මූ අපෙ ලමයෙක් නෙමේ.... අපෙ එකෙක්නම් මෙහෙම ආදරේ කරද්දිත් අපිට මෙහෙම ගින්දර දෙන් නෑ..... "
" පුන්නෝ අයියට මේ දෙහි එක පොවන්න..... "
" සුදු දූ යනවා අහට්ට... ඕකට වහ එකක් ගනත් දෙන්න දෙහි නෙමේ .... "
" ඔව්... ඔ... ම්..ම්....මට වහා එකක් ඕනේ..... වහා.. .උම්බ උබ වෙන්...න එකෙක්ගෙ වෙනවා බ...ල..න්න බැරි හින්ද ම..ම... බීවේ... කොහොමද.... මම උබට ආදරෙයි.. ඒක ඒක... උබට තේරෙන්නෑ නංගියෙ... ඒ ඒ...ඒ... අර ..අර උබව රවට්ට..පු රසික්ද මොකාද එකා විතරයි උබේ හිතේ ඉන්නේ.... උබ දිහා බල... බ්...බල උබ අඩද්දි ඇඩෙන මේ කාලකන්නියා උබට ආදරෙයි යකෝ.. "
හැමෝම බලාගෙන ඉන්නේ වෙන්නෙ මොනාද කියලා හිතා ගන්න බැරිව.... කොල්ලා කරේ කොට්ටෙ බදන් සදලි ගැන කිය කිය අඩපු එක විතරයි.........
" දෙයියනේ මොනාද අයියෙ මේ ඔයා කියවන්නේ.... "
" ඔව් ය...ක්.කෝ... ම්..ම..ම බීලා හිටියට කියව්..ව..න්..නේ ඇ.ත්..ත.... ම් මම උම්..බ.ට ආදරෙ...යි.... "
හැමෝම බලන් ඉද්දි කොල්ලා කරේ අඩ අඩ කියවපු එක විතරයි.... රසික්ගෙන් තුවාල වෙලා තිබුන හිතට මොනාද දෙයක් වෙනවා සදලිටත් තේරුනා.....
" උබත් එක්ක කතා කරන්න පුලුවන් තරම් සිහියක නෙමේ පුතේ උබ ඉන්නේ.... ඔය වෙරි හිදුන වෙලාවක මම උබ එක්ක කතා කරන්නම්... "
රොෂාන් එහෙම කියලා සදලිගෙ බාප්පත් එක්කම කාමරෙන් එලියට ගියා... කෙල්ල කාමරෙ ඉද්දි අනිත් හැමෝමත් යන්න ගියා.....
" අයියේ ඇයි ඔයා ඔහොම බීවේ..... "
රසික්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැත.... රසික්ව වත්තම් කර ගත්ත කෙල්ල බාත්රුම් එකට එක්කන් ගිහින් නාවලා අර හදපු දෙහි එක පෙව්වා.... කාමරේට එන්න ආපු හැමෝම අඩ අඩ කොල්ලට බැන බැන දෙහි එක පොවන සදලිව දැක්කා....
සදලි දනුජ දැකපු හැමෝටම හිතුනත් මීට වඩා ගැලපෙන දෙන්නෙක් නෑ කියලා කව්රුත් ඒ වෙලාවෙ එ ගැන කතා කරන්න ගියෙ නෑ.....
දින සති මාස ගෙවෙද්දි රසික්ගෙන් කැඩිලා විසිරුන හිත එකතු කරලා දනුජට ආදරේ කරන්න පටන් ගෙන තිබුනා....
" අයියේ... "
" අම්මෝ.... මම තේරෙන කාලෙ ඉදන්ම හිතුවා මොන මරාලෙකට කර ගහන්න වෙයිද කියලා.... මේකන්ම් මරාලෙත් මරාලයක්... "
" ආ ඇත්තද.... ඉතින් මොකටද ඒ මරාලෙට පාඩුවෙ ඉන්න දුන් නැත්තේ.... "
" අම්මෝ නෑ නෑ මේ මගෙ කජු කෑල්ලනෙ.... "
" නෑ නෑ... මම මරාලෙ.... ඉන්නවකො පුන්නට කියන්නම් මම.... "
" හා හා පුන්නා නෙමේ නැන්දම්මා නැන්දම්මා.... තේරුනාද... "
" නෑ නෑ මගෙ අම්මා ඒ... "
" අනේ මගෙ පිස්සු කෙල්ල.... "
" ආදරෙයිද මට... "
" ම්ම්ම්ම් චුට්ටක් විතර... "
" අනේ... හා හා යන්න අහට්ට.... මම හොයා ගන්නවා අර බලන්න ආපු මනමාලයව... එයාට හා කියන්නවා.... "
" මරනවා උබව දැන ගන්... "
දනුජ එහෙම් කියලා දනුජගෙ ප්‍රතම හාදුව.... කෙල්ලගෙ දෙතොල් වලට ලං උනා....
සදලි හැමෝගෙම ආශිර්වාද මැද්දෙ පෝරුවෙ නැගලම දනුජගෙම උනා.........
කෙල්ල කොලබට ඇවිත් අවුරුදු තුනක්.... අද ගමට යන පලවෙනි දවස.... එදා කැඩිලා විසිරුන හිතත් එක්ක ගමෙන් ගිය සදලි අද ගමට යන්නෙ ආදරේ දෝරෙ ගලන හිතකුත් එක්ක....
සදලි ඉස්සරලම ගියේ එයාගෙ මොන්ඩිසෝරිය ලගට... කාර් එකෙන් බහිද්දිම පාර මාරුවෙන රුව අදුන ගන්න බැරිව සදලි බලාගෙන ගිටියා...
" රසික්... "
" සදලි...."
දෙන්නගෙ ඇස් තත්පර ගානක් මුන ගැසුනා....
" කොහොමද රසික්...."
ඒත් රසික්ගෙ කටින් වචන පිට වෙන්න කලින් ඇස් වලින් කදුලු පැන්නා.....
" ඔයාට දුන්න ගින්දර මට මේ ආත්මෙදිම පල දුන්නා සදලි...... මගෙ චුටි පැටියයි කුමුදුයි දෙන්නම මාව දාලා ගියා.... "
කදුලු කැට එක දෙක වැටෙද්දි රසික් කතා කරා......
" අපි තුන් දෙනාම කාර් එකේ යද්දි ඇක්සිඩන්ට් උනා.... ඒත් එයාලා දෙන්නා මාව දාලා ගියා කරුමක්කාර මම ඉතුරු උනා.... "
රසික්ගෙ ඒ කතාවත් එක්ක සදලිගෙත් ඇස් වල කදුලු පිරුනා.... දනුජ ඇවිත් සදලිගෙ අතින් අල්ල ගත්තා......
" අනේ... දෙයියනේ අර පොඩි එකී.. "
" මට සමාවෙන්න නංගි.. මේ ඔයාට දුන්න ගින්දර වලට විපාක... "
" දැන් ඒවා හිතන්න එපා අයියේ... මේ මගෙ මහත්තයා දනුජ... අපි යන්නම් අයියේ. . ඔයා පරිස්සමින් ඉන්න..... "
රසික් සිනාසුනා පමණි.... කහ ඉර පැනලා ඇවිදගෙන යන සදලි දනුජ දිහා රසික් බලන් හිටියෙ ඇස් දෙකෙන් තවත් කදුලු පේලි දෙකක් ගිලිහී යද්දි......
*** නිමි ***
ලියන්නේ ජනූ.....
No comments:
Post a Comment