#බලාපොරොත්තුව
සුදු නංගී..මොකද මැණික කරන්නේ..?
මොකුත් නෑ ..
එහෙනම් මැසේජ් එකක්වත් නැත්තේ. මං මැසේජ් කීයක් නම් දැම්මද?..
ම්ම්..
ඔයා වෙනස් නංගි.
එහෙම දෙයක් නෑ.
මට ඔයාව තේරෙනවා නංගි😔 . ප්‍රශ්නයක් නම් කියන්න.
අනේ මොනා කියන්නද. මට මගේ පාඩුවේ ඉන්න දෙනවා හලෝ. මේ හිගන්නගෙන් පුදුම වදයක්නේ
ඇයි නංගි මේ. මගෙ අතින් වරදක්වත් උනාද.
අනේ මේ එක පාරක් කිව්වනේ. මට වදයක් නොවී ඉන්න. සැරෙන් සැරේට මැසේජ් දාලා කරදර කරන්න එපා..
කවදාවත්ම.
ම්ම්.. සොරි නංගි.ඒත් මට ඇත්ත කියන්න. ඔයාට මාව එපා වෙන්න මගෙන් උන වැරැද්ද මොකක්ද .
වැරැද්ද . ඒවා වැරදි නෙවෙයි ඒවා පව් හලෝ.. හිගන පවුලක් ඉපදිලා හිගන විදියට ජීවත් වෙන ඔයා කරුමයක් හලෝ. මමත් ඒ කරුමෙට අහු වෙලා. මට නම් ඇති වෙලා මේ පව්කාර ජීවිතේ.. තවත් ඔනේ නෑ. මගෙන් ඈත් වෙලා යනවා..
ඔයා ඔයාගේ සතුට හොයා ගත්තද නංගි. මට ඔය විදියට කතා කරන්නේ.
ඔය තේරුනේ හොදට. ඔව් මං මගේ සතුට හොයාගෙන එයත් එක්ක ගොඩක් සතුටින් ඉන්නේ..
ම්ම්. මං කරදර කරන් නෑ නංගි . සතුටින් ඉන්න.. ඒත් මේ හිගන කොල්ලා ඔයාට ආදරේ කරේ අවංකවමයි.
අනුහස් මොකද බං උබ ඔය ෆෝන් එක දිහා බලාගෙන කරන්නේ..
එතකොටයි මං පියවි සිහියට ආවේ.. එදා මං පන වගේ ආදරේ කරපු සුදු නංගි මේ හිගන කොල්ලට එවපු අවසාන මැසේජ් එක දිහා බලාගෙන මං අදටත් දුක් වෙනවා.
ඒ මාව අත් ඇරපු එකට නෙවෙයි එයාට මං වගේ කොල්ලෙක් එක්ක ඉන්න පින නැති උනාට.
එදා හිගන කොල්ලයි කියලා මාව දාල ගියපු නංගි අද මගේ ඔෆිස් එකේ පියන් වැඩ කරනවා..
අඩේ අනුහස් උබ මොන ලෝකෙද බං ඉන්නේ. මං උබට කී පාරක් කතා කරාද?
ආ චේතිය. අර ඇවිත් ගියපු සර්වන්ට් කවද්ද බං මෙහෙ වැඩට ආවේ..
ම්ම්.... මට නම් මතක හැටියට දැන් මාස තුන හතරක් බං. උබ ඒ දවස් වල ඉදියේ යුකේ වලනේ..
මොකටද බං උබ ඒ සර්වන්ට් ගැන හොයන්නේ..
හේතුවක් ඇතුව බං..
හේතුවක්?? ඒ මොකක්ද . උබට ඒ සර්වන්ට් ගැන අදහසක්වත් ආවද ..
අදහසක් තිබ්බා බං. ඒත් අද නෙවෙයි. මීට කලින්..
මොකක්ද බං ඒ හරුපේ .
උබට මතකද මං කිව්වා හිගන්නේක් වගේ ඉදපු මං මෙහෙම පෝසතෙක් වෙන්න හේතුවක් තියෙනවා කියලා..අන්න ඒ හේතුව තමයි බං ඒ කෙල්ල.
මොකක්. ඒ හේතුවයි මේ කෙල්ලයි අතර තියෙන සම්බන්දේ මොකක්ද බං. තේරෙන්න කියපන්කෝ..
මං හිගන්නෙක් කියලා සතුට හොයාගෙන මාව දාලා ගියේ ඒ කෙල්ල තමයි බං.
නියමයි..!!
මොකද්ද බං ඒකේ තියන නියමේ..
ඇයි බොල ගොන් වහන්සේ, දැන් බලපන් සතුට හොයන් ගියපු ඒකි දැන් උබ ලගට ටී අරන් එනවා සර් ර් කියාගෙන.. කොහොමද එතකොට එන කික් එක නෙහ්..
කිසිම කික් එකක් නෑ බං. මං අද මේ තත්වේ ඉන්නේ ඒකි නිසයි බං.
අනේ උබ කොයි තරම් ඉහලට ගියත් උබ මහ අමු ගොනෙක් බං අනුහස්.
නැත්තම් ඉතින් අර දාලා ගියපු කෙල්ල නිසා උබ මේ තත්වෙට ආවා කියලා කියයිද..?
ඒක තමා බං ඇත්ත. මේ හිගන කොල්ලට #බලාපොරොත්තුවක්_දුන්නේ_එයයි
මොකද එයා මගේ හිත නොරිද්දවන්න, මාව අත් නොහරින්න, මාව නොවට්ටවන්න මට මේ තැනට එන්න ශක්තිය ලැබෙන් නෑ..
රිද්වීම, වැට්ටීම, අත් හැරීම තමා බං උත්සහාය, කැපවීම කියන එක අපිට අවශ්‍යයි කියලා ඒත්තු ගන්නන්නේ.. අපිව ඉහලට ගෙනියන්නේ ඒ දේවල්. ඒකෙන් අපි තවත් ශක්තිමත් වෙනවා බං..
එස්කියුස් මී සර්. මේ අයි කමින්..
යස් කමින්..
සර් ඔයාගේ ටී එක..
අනුහස්...ඔයා..😮😮
ඔව් නිසදි.. මම.. මේ අනුහස්. හැබැයි හිගන අනුහස් නෙවෙයි..
නිසදි ..
ඇයි සර්..
දැන් ඔයා සතුටින්ද..??
😊😊😊😊😊😊😊😊😊😊😊
👍 මාශි
උපුටා ගැනීමකි
No comments:
Post a Comment