කළු සිතක්


🌹💕(කළු)සිතක්🌷💕

පුංචි කාලේ ඉඳන්ම කන්නාඩියට මම වෛර කළා.ඒ මේ මගේ කළු හිත නිසාම වෙන්න ඇති. කළු කීවට මම දන්නව මගේ හිත වෙන කාටත් වඩා සුදුයි.හ්ම්ම් මම ඕන තරම් කොන් වෙලා ඇති තේරෙන කාලේ ඉඳන්ම.ඒ මම ඇත්තටම කළුයි සහ කැතයි.. ඒකයි ඇත්ත..

මම හිතින් කොන් නොවී ඉන්න පුරුදු වුනේ සමාජේ ලෝකෙ කියවද්දි හම්බ වුණ චරිත එක්ක.මයිකල් ජැක්සන්, ඒබ්‍රහම් ලින්කන් ලස්සන එක්ක මේ ලෝකේ ප්‍රසිද්ධ වුණ අය නෙමෙයි.. ඒත් එයාල ලෝකෙන් ගියේ මේ ලෝකෙම අය අඳුරගෙන දෙයක් කරලා අමරණීය නමක් තියලා…

ඉතිං මේ මගේ කතාව.ම්ම්ම් නෑ නෑ කළුයි,මහතයි,කෙට්ටුයි,කැතයි කියල මම වගේම කන්නාඩියට වෛර කරන අපේ කතාව…දවසක් වෙඩින් එකක කළු කෙල්ලෙක්..නෙත් යුග රන් තරු යුවල සමයි
තොල් පෙති නාදලු වලට සමයි
මගෙ හද ඔබේ සුව යහන තමයි
ඔබ සොයනා කලු කෙල්ල මමයි..
ඉන්ද්‍රාණි පෙරේරා ගේ සිංදුව මම කැමතිම.. කිව්වේ ඉතින් මම තමයි.මගේ ජීවිතෙ මට ලැබුණ ලොකුම සම්පත මගේ කටහඬ..

මගේ රූපෙට කවුරුත් අකමැති වුණත්, කටහඬ ට ආදරේ ඇති කියල හිතෙන්නේ මොන පාටියට ගියත් සිංදු කිව්වම ලැබෙන පිළිගැනීම එක්ක..සතියක් දෙකක්ගි යා…කෝල් එකක් පිරිමි කටහඬක්හෙලෝ මේ කළු කෙල්ලද? මට හොඳට හුරුයි විහිළුවලට මූණ දීල, ඉතිං මම කතා කළා.

ම්ම් කවුද මේ කතා කරන්නේ?මම විරාජ්, විරාජ් හතරසිංහ මම කතා කලේ ඇත්තටම දෙයක් කියන්න. මම ඔයාගේ වොයිස් එකට ගොඩාක් කැමති.එදා වෙඩින් එකේදි ඇහුවේ කටහඬ ඔයාගේ.මම මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක්. ඔයා එක්ක සින්දුවක් කරන්න අදහසක් තියෙනව..

එහෙම කියලා කියලා අන්තිමට කිව් දේට මාව ශොක් වුණා.මිස් මට ඔයාව මීට් වෙන්න ඕන..මගේ හුස්ම නැවතුණා වගේ හදවත වේගෙන් ගැහෙන්න පටන් ගත්තා.. කවදාවත් නොදැණුනු අමුත්තක් බයකුත් එක්ක.. හ්ම්ම් මම එක්ක කවුරුවත් විහිළු කරනව වත්ද.. කමක් නෑ බලමුකො.. මම මටම කියා ගත්ත.

මේකයි මිස්ට විරාජ්. ඔයාට පුළුවන් නම් මෙහෙට එන්න ඒ කිව්වේ අපේ ගෙදරට..හරි, මම හෙටම එන්නම්. ගෙදර නම් වඩාත් හොඳයි.මට කළු කෙල්ලගේ නමත් එක්ක ගෙදරට එන පාර කියනවද?අහ්.. මම හර්ශි ඇඩ්‍රස් එක..ෆෝන් එක කට් වුණා.. මගේ හිතත් කට් වුණා වගේ. මට ප්‍රශ්නාර්ථයක් එක්ක. මේ කළු කෙල්ල හම්බ වෙන්න කොල්ලෙක්.. හ්ම්ම්ම් කටහඬ නිසානේ ඇවිත් යන්නෙ නැතෑ..

අම්මේ හෙට මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක් එනව කිව්ව මාව හම්බ වෙන්න. සින්දුවක් කරන්න කියන්නේ..කීයටද පුතේ එන්නේ?උදේ 10 ට වගේ එනව කිව්වෙ..පහුවදා උදේ දහය පහු වුණා. කවුරුත් ආවේ නෑ.. මම හිතුව හරි. කවුරු හරි ආයේ මාව විහිළුවට අරගෙන.. ඒ වගේ දේවල් මට හුරු නිසා පසු තැවෙන්නෙ නෑ මම.. හ්ම්ම්

දවල් වෙන්න කිට්ටුයි. 11.00යි. වාහනයක් ආව. නිකමට ඉස්සරහට ගිහින් බැලුව. වචනාර්ථයෙන්ම පට්ට හැන්ඩ්සම් කොල්ලෙක් බැස්ස වාහනෙන් තනියෙම නෙමේ තව අම්ම කෙනෙක් සහ තාත්ත කෙනෙක් එක්ක.මම ඉන්න දිහාවට ආව එයාල.

හායි මම විරාජ්. මේ මගේ අම්මයි අප්පච්චියි..එන්න වාඩි වෙන්න.හරි තෑන්ක් යූ.මේ ඉන්නේ මගේ අම්මා. මගේ අප්පච්චි නම් නැති වෙලා අවුරුදු පහකටත් කිට්ටුයි දැන්..ඊට පස්සේ මම හීනෙකට ගියා කවදාවත් නොහිතපු.අපෙ අම්ම පැත්තට හැරුණ විරාජ් ඒ හීනේ ලියන්න ගත්ත..

මෙහෙමයි අම්මේ,මම මේ කළු කෙල්ලට ගොඩාක් කැමති. එදා වෙඩින් එකේ මෙයා දැකපු පළවෙනි දවසෙමයි ඒක දැණුනේ මට.. එදා ඉඳන්ම මෙයා ගැන හෙව්ව මම.ජීවිතේ මම අපේ අම්මට පස්සේ දැකපු සොඳුරුම කෙනා මෙයා…ඉතින් මම අම්මටයි අප්පච්චිටයි කියල එයාලගේ කැමැත්ත එක්කම ආවේ ඔයාගෙ මේ කළු කෙල්ලව මගේ කරගන්න අවසර ඉල්ල ගන්න..

හිතාන හිටපු දේට හාත්පසින්ම විරුද්ධ දෙයක් මේ වෙන්නේ. අනේ දෙවියනේ මට හිතා ගන්නත් බෑ.මොකක්ද මේ වෙන්නේ, මේක හීනයක්ද? පොඩි කාලේ ඉඳන්ම හීනෙන් පවා කොණ් වුන,ලැජ්ජා වුන, කළු කෙල්ලව අරන් යන්න කුමාරයෙක් ඇවිත්…
මම මාවම කොනිත්ත ගත්තා.. ඌයි රිදුණා
හීනයක් නෙමෙයි මේ…මේ ලෝකේ අවාසනාවන්තම කියල හිතපු මම.
කවදාවත් ආදරයක් ගැන නොහිතපු මම.මේ කළු කෙල්ල.. හ්ම්ම් බලාපොරොත්තුවෙන් ජීවිතේ ගෙනියපු මගේ අඳුරු ජීවිතේට රිදී රේඛාවක් ඇවිත්….දිලිසෙනවා..

එයා මගේ පැත්තට හැරුණා…
මගේ ඇස් අග වැටෙන්න ඔන්න මෙන්න කඳුළු බිඳු දෙකක්..මට ඔයාගේ අදහස දැනගන්න ඕන හර්ශි..මම නිරුත්තරයි. ඒ තරම්.හිත නැවතිලා වගේ මම මොනවා කියන්නදජීවන ගීතය ගයන්නට මිහිරි තනුවක් ඇවිත්හ්ම්ම්ම් හරි පුදුමාකාර දෙයක්..ම්ම්ම් මම කැමතියි විරාජ්..

මම එහෙම කියද්දි අපේ අම්මගෙ ඇස් දෙකෙන් කඳුළු බිංදු දෙකක් කඩාන බිමට වැටුනා.. අම්මත් හීනෙන්වත් නොහිතපු දෙයක්.. ඒත් හැම අම්මා කෙනෙක්ගෙම ලොකූ හීනයක්. බලාපොරොත්තුවක්.

අවුරුදු දෙකක් ඉක්මණට ගිහින්..
නොදැනිම අද මගේ ජීවිතේ නෑ නෑ අපේ ජීවිතේ ලස්සනම දවස… මගෙන් එයාගේ වෙනවද අහපු එදා වගේම අදටත් විරාජ් ගේ ආදරේ වෙනසක් නෑ.. හ්ම්ම් අද මම මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙල්ල….
මේක ආත්මීය බැඳීමක්.. සංසාරගත මොකද මමයි විරාජ් වයි ගත්තම අහසයි පොළොවයි වගේ… ඒත් ඒ දේ වුණා කොහොම හරි..පාරේ යද්දි අර කෙල්ල වගේ මමත් ලස්සන වුණා නම් කියල හිතුණ වාර අප්‍රමානයි. ඔයාලටත් එහෙම වෙන්න ඇති..

ඒත් ලස්සන උස මිටි මහත කෙට්ටු කළු සුදු ඔක්කොම එක මොහොතකදි වෙනස් වෙන්න පුළුවන්..හ්ම්ම් ජීවිතේ වෙනස් වෙන එක,වාසනාව, ලැබීම නොහිතන මොහොතක එන්නේ..බලාපොරොත්තුව ජීවිතේ ඉලක්කය කරගෙන ජීවත් වෙන්න මේ මම වගේ..

ඔයාලගේ ජීවිතේ දවසක් තියෙනව ඒක හෙට වෙන්න පුළුවන් අද වෙන්න පුළුවන් ඊළඟ..නිමේශයේ..වෙන්න..පුළුවන්…මතකයිනේද ? බලාපොරොත්තුව තියා ගන්න..

කළු සිතක් සිනාසෙයි
ආත්මීයව බැඳුණු
කැඩපතක් අභියස..

~~~~නිමි~~~~~

Shalika madhushali

 

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment